දේදුන්නක් පායනතුරු අහස දිහා බලා ඉන්න
හීතල වැහි බිංදු වැටෙන උදෑසනක එය දකින්න
පාට පාට අහස පුරා විහිදෙන ලස්සන බලන්න
අපි ආයෙත් පෙරුම් පුරමු ඒ හීනෙට තුරුල් වෙන්න
වියැකී ගිය දේදුන්නට යටින් විජිතයක් නගන්න
අත්වැල් බැඳ ගෙන හිනා වුනා හිත පිරෙන්න
සිත පුබුදා - ඇගිලි බැඳුන ඒ ලස්සන දා නොවෙන්න
අපි තාමත් ඇගිලි ගනියි එක වහලක් යටට එන්න
දේදුනු මැකිලා අහසේ අඳුරු කෝඩ ඉතිරි වෙන්න
දවස් ගෙවී ගියේ හිනා මල වියැකී කඳුල නගන
අතැගිලි අස්සෙන් ගිලිහෙන කාසි නියා හිත රිදෙන්න
පටන් ගත්ත දා හිතුනා අතැගිලි හැර වෙන්ව යන්න
එක වහලක් යට ඉඳ ගෙන ඇල් බත් මුල් දෙකක් හැදෙන
එකම බස් එකේ දෙතැනක වාඩි වෙලා අහස බැලෙන
හීන් සීරුවේ එක හිත දෙකට බෙදී ඇති බව දැන
නොරිස්සුමක් හිත මතුවෙයි ජෝඩු දකින පාරෙ සරන
හිතුවක්කාරයා
ආයු
17 hours ago


1 comment:
මේ ලියලා තියෙන්නේ පට්ට ඇත්තක්. අපි ආදරේ කරන්නේ ඇත්ත මනුස්සයට නෙමේ. ඒ මනුස්සයා අනුසාරයෙන් අපේ ඔලුවේ හදාගත්තු කෙනෙකුට.
කසාද බැන්දට පස්සෙ මුණ ගැහෙන්නෙ අර ෆැන්ටසිය වෙනුවට ඇත්ත මනුස්සයා. එතකොට කියනවා මෙහෙම.
'පෙම් ලොවදී දුටු ඔහුමද මේ....
ඔහුටද මා.... අන්ධ උනේ.. ඉහි.. ඉහි...
Post a Comment