විවිධ

Powered by Blogger.

Sunday, August 28, 2011

අයිරේන්ගේ දේව කන්නලව්ව

පහත දේව කන්නලව්ව [or what ever it is] "ලංකා සී නිවුස්" වෙබ් අඩවියේ කමෙන්ටුවකින්  උපුටා ගන්නා ලදි.
----------------------------------------------------
දේව කන්නලව්වකි…!

2011 අගෝස්තු 27 වැනි දින වූ අද දින …..
ඇමෙරිකාවේ වේලාවෙන් සවස 9ට
බලපැවැත්වීමට නියමිත අයිරේන් සුළි කුණාටුව සම්බන්ධවයි…..

සමස්ත ලෝක ජනතාව වෙත…,
බලෙන් පටවමින් සිටින්න වූ..,
මහත් විනාශකාරී වූ බටහිර ජීවන රටාව..,
පැරදිවීම සඳහා අත්‍යවශ්‍යව පවත්නා…… වූ..,
ඇමෙරිකානුවන්ගේ මාන්නය බිඳිම…,
ප්‍රධාන සාධකය ලෙස සළකා..,
මෙම අයිරේන් නම්…. සුළි කුණාටුව මඟින් ඇමෙරිකානු ජාතියට…,
අති විශාල වූ අලාභ හානියක් සිදුකර…. මැනව……,

සිදුකර…. මැනව……,
සිදුකර…. මැනව……,
සිදුකර…. මැනව……,

ඔවුන්ගේ මාන්නය… පැරදවීමට නම් ඇති එකම ක්‍රමවේදය වන්නේ ද එයයි…,
ඒ පිළිබඳ ගැඹුරින් සිතා සමස්ථ ලෝක වාසී අසරණ ජනයාගේ සිත සුව පිණිස….,
මෙම මොහොතේ දී ක්‍රියා කරනු මැනව…,

ක්‍රියා කරනු මැනව…,
ක්‍රියා කරනු මැනව…,
ක්‍රියා කරනු මැනව…,

අතලොස්සක් වූ ඇමෙරිකානුවන්ගේ සුඛවිහරනය සඳහා…,
සමස්ථ ලෝක වාසී ජනයා වෙත සිදුකරන්නා වූ….,
විනාශය නතර කර දැමීම අද දවසේ විශ්වයේම අවශ්‍යතාවයක්ව පවතින සේක..,
එබැවින්…, මෙම අයිරේන් නම් සුළි කුණාටුව මඟින් මහත් වූ විපාකයන් ඔවුන් වෙත අත්කර දුන මැනව..,
සමස්ථ ලෝකය ඉදිරියෙහි ඔවුන්ව දණගස්වනු මැනව…,

ඔවුන්ව දණ ගස්සවනු මැනව..,
ඔවුන්ව දණ ගස්සවනු මැනව..,
ඔවුන්ව දණ ගස්සවනු මැනව..,

Friday, August 26, 2011

ඔෆිස් එකේ සුන්දර වරද



අත පත ගාන දහසක් ලිපි ගොනු අතරේ
මැවෙන්නී ඇගේ නෙතු නිති හිත පතුලේ
ඇවිලෙන්නට නොදී හිත හිනැහෙන මොහොතේ
ගෙදර තනිව ඇති මයෙ බිරි`ද ව මට සිහිවේ

ගෙදර යන කලට හිත තනිවම මෙහි නොතියා
ගෙදරින් එන කලට අලුතින් පතන නියා
දෙහිතක් ඇතිව දෙතැනක ඉන්නටම කියා
අලුතෙන් ඔවා දෙන කෙනෙකුව සොයමි වහා


හිතුවක්කාරයා

Tuesday, August 23, 2011

පිස්තෝල චන්දන නොමල වගයි..

පිස්තෝල චන්දන 
පිස්තෝල හදන...
පාතාලයින්ට
උතුම් දේශපාලක උත්තමයින්ට 
වෙඩි තියන්නට..
ටී පනස්හයේ ඉඳන් නයින් මිලිමීටරේට
ගලවලා බලයි පැත්ත පෙරලයි
එක දෙක බවට
පත් නොවුනොත් පුදුමයක්..
දිනක් මාට්ටු විය චන්දන..
ගියා පත්තරේ රූපවාහිනියේ.. 
හිරකලා චන්දන..
දැනට අවුරුදුම හයක්..
කූරු ගනියි තාමත් ඌ..
තාමත් අපි ගෙන්වයි ආයුධ 
පිටරටෙන්....

අඹ ගහට අවුරුද්දයි......!

අඹ ගහ හිටවලා
අවුරුද්දයි.

අ පි ට ස තු ටු යි.

අඹ ගහට වටිනාකමක්
එක්කල
ඔබට ස්තුතියි !

Wednesday, August 17, 2011

වෙ රෝ නි කා අඳුනනවද?

න්න සීනුව නාද වුණා, ඒ බෙහෙත් බොන වෙලාව. එත් මං කැමති තව හෝරාවක් විතර මෙතැන ඉන්න. හදිසියේවත් ඔයා මෙතැනින් ගියොත්.... එත් අපිට පිස්සු නැහැ කියලා මෙකේ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ වෙරෝනිකා. මං යන්න ඔනේ දැං නැත්නම් මාව හොයාගෙන මෙතැනට ඒගොල්ලෝ ආවොත්, මට මෙතැන තහනම් කළාපයක් වෙනවා. එතකොට අඩුතරමින් ඈතින් පේන කොළඹවත් මට දැක ගන්න හම්බවෙන්නේ නැහැ.

මම සෙමෙන් සෙමෙ‍න් ප්‍රධාන ශාලාව දෙසට පියවර
මනින්ට පටන් ගතිමි. එහෙත් මගේ සිත තාම තාප්පේ ගැට්ටේ එල්ලීගෙන දුර ඈත බලාගෙනය.

'
වෙරෝනිකා........ සමාව දෙන්න බැරි වැරැදි මිනිස්සු කරන්නේ නැහැ'



වෙරෝනිකා ජීවත්වෙන්න තීරණේ කරයි..... හමුවෙන්න කැමතිනම් යන්න.......

Sunday, August 14, 2011

හැන්දෑව™ බ්ලොගයේ පාඨකයින් වෙත කෙරෙන නිවේදනයයි.

හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?™ නමැති බ්ලොගයක් ලියනවායයි කියන මාලන් සමරවික්‍රම™ නමැත්තෙක් පහත සඳහන් තැපැල්පත අප වෙත එවා ඇත.
හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?
බ්ලොග් අඩවිය ලියන
මාලන් සමරවික්‍රම වන මම
... යථාවාදී තථාකාරී
යථාකාරී තථාවාදී
බ්ලොග් ලියන්නෙක්මි.

මා තරම් සත්‍යවාදී™, අතිමානූෂීය™, පෝස්ට් මොඩර්න්™, රැඩිකල්™, මධ්‍යස්ථ™, කරුණා භරිත™, සංවේදී™
බ්ලොග් ලියන්නෙක් ලොවෙත් නැත.
:)

ස්තූතියි..!



ප/ලි -
සියළු පාඨක ඥාති හිතමිත්‍රාදීහු මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා.

Wednesday, August 3, 2011

ප්‍රියය, නින්ද නො එයි...!!


ප්‍රියය
නින්ද නොඑයි.
මටසිළිටි ඇතිරිලිය
සුවඳ පැන් ඉස ඇත
ඔබ හිස තැබූ තැන
ලකුණකි වළගැසුණු .

ප්‍රියය
නින්ද නො එයි.
සඳ පහන මායාකාරීය.
මඳ නළද සීතය
ඔබ වැතිර හුන් තැන
සුවඳකි පිරිමි.

ප්‍රියය
නින්ද නො එයි.
ඉක්කා ගසයි වවුලෙක්
සර සර හඬකි අතු පතර.
ඔබ ස්පර්ශ කල තැන්හි
රිදුමකි මිහිරි.

ප්‍රියය
නින්ද නොඑයි.
දොරක් වැසෙන හඬ ඇසෙයි
පියවර හඬක් වියැකෙයි
යලි හෙට දිනක් ඇත්දැයි
නොසිතා හිඳිමි.

ප්‍රියය
නින්ද නො එයි!!!!

-

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය