පිස්තෝල චන්දන
පිස්තෝල හදන...
පාතාලයින්ට
උතුම් දේශපාලක උත්තමයින්ට
වෙඩි තියන්නට..
ටී පනස්හයේ ඉඳන් නයින් මිලිමීටරේට
ගලවලා බලයි පැත්ත පෙරලයි
එක දෙක බවට
පත් නොවුනොත් පුදුමයක්..
දිනක් මාට්ටු විය චන්දන..
ගියා පත්තරේ රූපවාහිනියේ..
හිරකලා චන්දන..
දැනට අවුරුදුම හයක්..
කූරු ගනියි තාමත් ඌ..
තාමත් අපි ගෙන්වයි ආයුධ
පිටරටෙන්....

