විවිධ

Powered by Blogger.

Friday, December 30, 2011

තොපි වෙනුවෙන් අපි




අගාධය පෙනි පෙනි..
විනාශය දැනි දැනී..
අපි
මරණයට..
අතවනමු...

අපි මහා බොරැවක පැටලී සිටිමු..
ලෝකය රඟ මඩලකි
අපි එහි නළුවන් වෙමු
විටක දුකද
විටෙක සතුටද
විඳිමු
එහි නිමක් නැත..

දුක හංගගෙන 
හිනාවෙන අපි
සතුටට අඬමු
වෛරය පිරිමහන්නට
අතට අතදෙන
මිත්‍රත්වය වෛර කරන
මුනට හිනා වී
පිටට පිහියෙන් අනින
අරැම පුදුම 
සත්වයන් පිරිසකි...

සම්පූර්ණයෙන් කියවන්න  මෙතනින් ජීවිතය දකින්න.. විඳවන්න නොව...විඳගන්න බ්ලොගයට යන්න.


ප.ලි. බ්ලොගයේ කතුතුමන් වන "බස්සා" ගෙන්නිසි අවසරයකින් තොරව උපුට ගන්නා ලදි. ඒ ගැන එතුමන් අමනාප නොවනු ඇතැයි සිතමි.

Tuesday, December 6, 2011

මෙහෙමත් කුහක කමක්..??



                අතම දික් කරන් ඉන්නෙ
                උඹලනම් කුහකයො
                නැගිටල සූට් එකක් දාගෙන
                ගෑණු දරුවොත් එක්ක
                පලයල්ලකො රවුමක්..
                
                ගිහින් බලපල්ල රටතොට
                දියුණු වෙන හැටි
                කාර් එහෙමත් දැන් ලාභයි
                එකක් අරන් පලයල්ල
                අඵත් වරායට නැව් එනව බලන්න..

                ඒව නොදැක්ක වගේ 
                ඔහොම ඉන්නෙ උඹලගෙ
                කැවුතු කුණුවෙලාද බොලව්
                ඉරිසියාකාර කුහකයෝ..
  
පිටස්තරයාගේ ලෝකය කතුතුමා දෙදහස් දහයේ අගෝස්තු තිස් එක (2010-08-31) අඟහරුවාදා ලියන ලද පෝස්ටයක් උපුටා පළකරන ලදි.

Sunday, November 20, 2011

චතුස්කෝටික ගැරඬියා සහ අවජාතික ගෙම්බා

ඒයි... 
මේ දැන් තඩි කහ ගැරඬියෙක් මෙතෙන්ට ආව. කෙලින්ම කොම්පියුටර් (දේශීය/ මාවිසින් නිෂ්පාදිත) ටේබල් එක යටට.

මීටර් දෙකක් විතර දිගයි. 

මම නයෙක් කියලා බයවෙලා පැන්න පාරට මොනිටරේ නොවැටුනෙත් යන්තමිං.

මේකයි වැඩේ. ඔය ටේබලේ යට තඩි ගෙම්බෙක් ලගා ගහනවා. මම ඌට ඉන්ඩ දීල තියෙන්නෙ. ඌව පැටලෙනවට පිටේ රතු තීන්ත පැල්ලමකුත් තියලා. මූ එන්ඩ ඇත්තෙ ගෙම්බට ගේම දෙන්ඩ.


ගැරඬින්ට අනුව ගෙම්බො අවජාතකයන්නෙ. (කියන්නෙ උංගෙ ජාතිය... නෙමෙයිනෙ). මට පේන්නෙ ගැරඬියා දේශප්‍රේමී ගැරඬියෙක්. ඉතිං මෙතන වෙන්ඩ ගියේ අවජාතකයන්ට එරෙහි මෙහෙයුමක්.


මෙහෙයුම අසාර්ථකයි. කාමරේ භූමිතෙල් ගඳයි.

කෙලින්ම මහ දවල් කිසි බයක් නැතුව මගෙ කාමරේට බැහැල ගෙම්බට ගේම දෙන්ඩ ගිය ඒ අබීත ගැරඬියත් එක්ක බලද්දි, මේකෙ ඉන්න දේසප්‍රේමියො මොක්කුද කියල හිතෙනවා. 

නැද්ද මං අහන්නෙ?

ප.ලි: චාමී විසින් එවන ලද ඊ ලිපියකින් උපුටා පළකරන ලදි. 

ප.ප.ලි: මේකා වහෙන් ඔරෝ ගෙම්බා කිව්වේ මටද..? 

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය