විවිධ

Powered by Blogger.

Friday, December 21, 2012

ටැබූ සබ්ජෙක්ට්ස් ලියූ අවසන් ලිපිය

ටැබූ සබ්ජෙක්ට්ස් යනු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සින්හල බ්ලොග්කරුවා බවට අවිවාදිතය. මේ උපුටා දැක් වෙන්නේ ඔහු ලියූ අවසන් ලිපියයි.

ආගම්වාදය සහ ජාතිවාදය ඔඩු දුවා අති මෙවන් මොහොතක ඔබේ අගය වඩාත් දැනේ..!  

------------------

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.
ගංගොඩවිල සෝමගේ ධර්මය හා ඔහුගේ භූමිකාව ගැන සුළු ගැටළු තිබුණද ලේඛකයා පොදුවේ සෝම දකින්නේද මේ ශිෂ්ට හැසිරීමෙන් විපථ නොවූ ආගමික නායකයකු ලෙසිනි. සෝම හැම විටම අවධාරණය කළේ තමන් ධර්මය දේශනා කරන්නේ බෞද්ධයින්ට පමණක් බවය. අහක ඉන්නා ‘මිථ්‍යා දෘෂ්ටිකයින්’ සිවිල් බලය යොදා ‘සම්‍යක් දෘෂ්ටිකයින්’ කිරීමේ වියරු, අප්‍රායෝගික සිහිනයක් සෝමට නොවීය. තමන් ඇදහූ ධර්මයට අනුව බෞද්ධයින් ‘වඩා හොඳ බෞද්ධයින්’ බවට පත් කිරීමෙන් ඔහු සෑහීමට පත් විය. මේ ශිෂ්ට ආගමික හැසිරීමට හොඳ නිදර්ශනයකි.
මෙයින් අදහස් කෙරෙන්නේ ශිෂ්ට සමාජය ආගමික නිදහස මුවාවෙන් ඕනෑම අටමගලකට ඉඩ දෙන බව නොවේ. ශිෂ්ට සමාජය ආගමට වඩා මානව සංවර්ධනයට හා පැවැත්මට වටිනා දේ ආරක්ෂා කරයි. එනිසා අවශ්‍ය තන්හීදී පොදුවේ මානවයාට අහිතකර ආගමික ක්‍රියාකාරකම් වලට වැට බඳියි. එය ආගමික නිදහස අවම කිරීමක් සේ අර්ථ දැක්විය යුතු නොවේ.
උදාහරණයක් හැටියට මේ ලේඛකයා වරෙක කටුනායක ගුවන් තොටුපළෙහි උල්පැන් ගෙයකදී (toilet) දුටුවේ මක්කම වන්දනා කිරීමට හැරහෙන ඉස්ලාම් බැතිමතකු අමාරුවෙන් පය සින්කයට ඔසවා එය සේදීමට තැත් කරන අයුරුය. එහි සින්ක ඇත්තේ පය සෝදන්නට නොවන බැව් පෙන්නා දුන් විට ඔහු කෝපයෙන් කීවේ පය සේදීම (ablution) මක්කම වන්දනාවට සැරැහෙන කෙනකු අනිවාර්යයෙන්ම කළ යුතු ආගමික කටයුත්තක් බවත් ගුවන් තොටුපළෙහි ඊට නිසි පහසුකම් නැති හෙයින් මෙසේ කිරීමට සිදුව ඇති බවත්ය. (මුස්ලිම් රටවල ගුවන් තොටුපළ වල මේ සඳහා බිම් මට්ටමේ සවිකළ පයිප්පද පිඨිකාද වේ. අනෙක් රටවලද එසේ වී නම් හොඳ වුවත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. මේ සිරිත ගුවන් තොටෙහිදීම කළ යුතු යැයි කුරාණයේ කොතැනක වත් ලියැවී නැති නිසාය.) පැමිණිලි කොට ලබන ප්‍රතිචාරය කවරේද නොදන්නා නිසා ලේඛකයා නිහඬ විය. නමුත් බටහිර රටක මේ සිදුවීම වූයේ නම් ඔහු අනිවාර්යයෙන්ම පැමිණිලි කරනු ඇති අතර, එහිදී ගනු ලබන ක්‍රියා මාර්ගයද පැහැදිළිය. ශිෂ්ටයෝ, පිරිසකගේ ශරීර සුවතාවය එකකුගේ මුග්ධ ආගමික වතාවතකට වඩා වැදගත්ය සිතති.
අශිෂ්ට සමාජයක් ආගමට සලකනු ලබන ආකාරය මීට ඉඳුරා වෙනස්ය. මේ සමාජයක ආගම පුද්ගලික නොව ගෝත්‍රික කටයුත්තක් බවට පත් වේ. ගෝත්‍රික කියනුයේ මෙවන් සමාජයක ආගම කෙනකුගේ ජාතිය, ඇසෙහි පැහැය, ශරීර වර්ණය සේම උපතින්ම තීරණය වන දෙයක් නිසාය. ඉතාම කලාතුරෙකින් කෙනෙක් මෙසේ තමන්ට ජන්මයෙන් උරුම වන ආගම අත් හැර එක්කෝ නිර් ආගමික වෙති; නැතොත් වෙනත් ආගමක් සරණ යති. ඉතිරිය දිවිය මුළුල්ලෙහි තම ජන්ම උරුමය වූ ඉඩ කඩම් සුරකිනවාටද වඩා ස්නේහයෙන් ආගම සුරැකීමේ නියැළී හිඳ ආගම මිනී වළට හෝ සොහොනටද ගෙන යති. තමන් හරිය අනෙකුන් වැරදිය කියා ඔප්පු කිරීමට මිනී මැරීම හැර අන් සියල්ල කරන්ට නොපැකිළෙති. තමන්ගේ මෙලොව පැවැත්මේ හරය අන් සියළු ආගම් මැඬ තමන්ගේ ආගම පැතිරවීමය මෝඩ ලෙස විශ්වාස කරති. (මෙරට නම් මෙය ආගම සම්බන්ධව සේම දේශපාලන පක්ෂ සම්බන්ධවද සත්‍යය. දෙමාපියන් යූ ඇන් පී කාරයින් වූ හෙයින් තවමත් යූ ඇන් පියට ඡන්දය ප්‍රකාශ කරන විශාල පිරිසක් අප අතර වෙති.)
මේ දීර්ඝ අටුවාව පසුගිය දිනෙක සිංහල බ්ලොගවකාශය පුරා දුර්ගන්ධය පතුරවමින් පැතිර ගිය ගෝත්‍රවාදී ආගමික මඩ සටන ගැන අපේ ස්ථාවරය පැහැදිළි කරනු පිණිසය.
ආගම සම්බන්ධයෙන් අපට ගැටළු රාශියක් ඇත. ඒ තනි තනි ආගම් වශයෙන් නොව ඒවා පොදුවේ සමාජයේ ප්‍රවර්ධනයට මං ඇහිරීම සම්බන්ධවය. ආගම පක්ෂ-දේශපාලනයෙන් වියුක්ත විය යුතු බව අපි සිතමු. (මෙහි විලෝමය – ස්වාර්ථය උදෙසා ආගම පක්ෂ දේශපාලනයට වැද්ද ගැනීම අනුමත කරන්නන් විසින් විරුද්ධවාදීන් එවන් ආගම්වලට පහර ගැසීමද විඳ දරා ගත යුතුය.) සුන්නත් කිරීම, හලාල් යන මිථ්‍යා විශ්වාසයට මුවා වී කරන කෲර සත්ත්ව ඝාතනය, බිලි පූජා උදෙසා සතුන් මැරීමඇතුළු සකල විධ ආගමික හිංසනයන්ටද, ගෞතම බුද්ධ වචනයට පටහැනි ලෙස කුඩා දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි කෙරෙමින්ද, ඔවුන් විවිධාකාරයේ ලිංගික හිංසනයන්ට ලක් වන සුළු ලෙසද කෙරෙන අඩු වයස් මහණකිරීම්වලටද අපි විරුද්ධ වී ඇත්තෙමු. (පුදුමයකට මෙන් ලංකාවේ සිදුවන්නේ යැයි කිසිම සාක්ෂ්‍යයක් නැති බාලිකා සුන්නත් කිරීම් ගැන පවා ලොමු ඩැහැ ගැන්වෙන සුළු පින්තූර පළ කරමින් කතා කරන සිංහලබෞද්ධ යැයි කියා ගන්නා ගෝත්‍රවාදීන් ළමා මහණ කිරීම් ගැනද, පන්සල් වල සුලබ ළමා ලිංගික අපයෝජන ගැනද සම්පූර්ණයෙන් නිහඬය
මේ අප විසින් ආගම මානව සමාජයේ උන්නතියට එරෙහිව ක්‍රියා කෙරෙන ආකාරය ගැන සේම තක්කඩියන් විසින් ආගම ස්වාර්ථය උදෙසා වැරදි ලෙස අර්ථ දැක්වීම ගැනද ලියන ලද සටහන් වල දීර්ඝ එකතුවයි. මේ එක් ආගමක් ආරක්ෂා කොට අනෙක්වාට දුවන්ට පහර දීමක් නොව ආගමය කුමක් වුවද අයුත්තට දුටු තැන එරෙහි වීමක් බව බුද්ධිමත් පාඨකයා වටහා ගනු ඇතැයි සිතමු. (එය තමන්ට පමණක් එල්ල කළ ප්‍රහාරයක් සේ ගෝත්‍රවාදීන් වටහා ගන්නේ නම් එහිද පුදුමයක් නොවේ. ඔවුන් ගෝත්‍රවාදීන් නිසාය.)
1. හලාල් කළ කෲරත්වය | Halaalised Cruelty (පෙබරවාරි, 2009)
2. දළදා වතුර මිථ්‍යාව | The myth of ‘Dalada Vathura’ (මාර්තු, 2009)
3. අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination (මාර්තු, 2009)
4. අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah? (මාර්තු, 2009)
5. පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms (අප්‍රේල්, 2009)
6. දේවදත්ත | Devadatta (සැප්තැම්බර්, 2009)
7. හිනැහෙන බුදුන්ට හිනැහීම | Laughing at Laughing Buddha (සැප්තැම්බර්, 2009)
8. Sex in robes | සිවුරට හා ලෝගුවට මුවා වූ ලිංගිකත්වය (අප්‍රේල්, 2010)
9. Anandasangaree’s eye sore | ආනන්දසංගරීට ඇස් රුදාවක් වූ බුදු පිළිම (අප්‍රේල්, 2010)
10. Do good Buddhists eat more meat? | ගෙරි මස් කන්නා යහපත් සිංහල බෞද්ධයාද? (අප්‍රේල්, 2010)
11. Kiribathgoda Gnanananda’s Somawathi magic explained | කිරිබත්ගොඩ ඤාණානන්ද නම් මායාකරුවාගේ සෝමාවතී විජ්ජාව පැහැදිළි කිරීම (මැයි, 2010)
12. “කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa” (මැයි, 2010)
13. සිංහල ඉස්ලාමයෙහි අභියෝගය | The challenge of Sinhalese-Islam (මැයි, 2010)
14. මගේ පුංචි මිතුරා | My Little Friend (අගෝස්තු, 2010)
15. ධර්ම දේශනය – කැසිනෝ සරණං ගච්ඡාමි | Casinos – the short cut to Dharma Rajya (නොවැම්බර්, 2010)
16. නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus of Nazareth through a naked eye (දෙසැම්බර්, 2010)
17. දෙවියන් වහන්සේටද සීසර්ටද එකට කඩේ යාම | Serving two masters – the best survival tactic? (දෙසැම්බර්, 2010)
18. බුදුරැස් විහිදෙන සෝමාවතියේ ගං වතුර ආශ්චර්යය | The miracle of Somawathie (ජනවාරි, 2011)
අප ඒ සටනට ඇද ගන්ට කළ නේක විධ උත්හාස අබිමුවෙහි පවා, පසුගිය කාලයේ වූ ගෝත්‍රික ආගමික සටනට මැදහත් වන්ට අපට ඕනෑකමක් නොවූයේ මේ පෝස්ට හා ඒවාට සබැඳි කමෙන්ටු වලින් කී දේට අමතරව අපට අළුතින් එක් කරන්ට දෙයක් නොවූ නිසාය. ඉස්ලාම් ආගම ලෝකයේ ප්‍රාථමිකම, නොදියුණුම පමණක් නොව අතිශයින් පිළිකුල් සහගත ආගමික වතාවත් වලින්ද පළමු තැනට තේරෙන ආගම වුවද ඊට විශේෂයෙන් පහර දීමට අපට අවශ්‍යතාවයක් නොවූයේ ලංකාව තුළ මේ ආගමික වතාවත් දරුණුතම ප්‍රශ්නයක් නොවන හෙයිනුත් (උදා: බාලිකා සුන්නත් කිරීම් ලංකාව තුළ සිදුවන බවට සාක්ෂ්‍ය නැත. පර්දාව පැලැඳීම හෝ දිගු රැවුල පවා ලංකාවේ හැම ඉස්ලාම් භක්තිකයකුම අනුදත් සිරිත් නොවේ.) මේ ආගමික වතාවත් වලට පහර දීම තුළ ගෝත්‍රවාදීන්ට ඇත්තේ ඒවා නිවැරදි කිරීමේ අවශ්‍යතාවය නොව ජාතියක් ලෙස මුස්ලිමුන්ට පහර දීම බව අපට රහසක් නොවූ නිසාය. නිවැරදි කිරීමට අවශ්‍යම නම් ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව බෞද්ධ භික්ෂූන් බුලත්විට කෑම, හින්දූන් කාලි මෑණියන් නමින් කර ගන්නා දරුණු ස්වහිංසා, කතෝලික පල්ලිය ඒඩ්ස් වැනි දරුණු ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළක්වීම පිණිසවත් කොන්ඩෝම භාවිතයට ඉඩ නොදීම වැනි තවත් කාරණා රාශියක් වේ. මේවා ගැන වචනයක් හෝ නොදොඩා එකම ආගමකට තනිකර පහර දීමේ යටි අරමුණ වටහා ගැන්ම අසීරු නොවේ

Monday, November 26, 2012

තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ..!

ලංකාවේ දැන් දැන් සිදුවන දේ ගැන කල්පනා කරමින් ලේ කෝප කර ගන්නට ගියොතින් වන්නේ අපේ ආයුෂ කොට කර ගන්නටය. එනිසා මහ එකාලට පොඩි එකාලට සහ ඒකලාට කඹුරන එකාලට ඕන කුදයක් ගහ ගන්නට හැර කට සහ පු* වසා දන්නේ නෑ දැක්කේ නෑ මෙන් සිටීම දැන් මගේ සිරිතය. ඇරත් ඒවා ගැන ලේ කෝප කර ගත්තා කියා අපිට කරන්නට පුළුවන් ලබ්බක්ද නැත. යම් හෙයකින් මොනයම් හෝ එහෙයියන් මාරුවකින් මේ යකා ගියත් එන්නේම මේ වගේම යක්කු බව දන්නා නිසා නිහඬව සිටිනු ඇරෙන්නට වෙන කරන්නට ඇති දෙයක්ද නැත.

ලංකාව චන්ද්‍රිකාවක් යවන්නට යන බව ලංකාදීපය වාර්තා කොළේ මීට මාසයකට පමණ පෙරය. එය කියවා කමෙන්ට් දැමු පිටරට සිටින ඈයෝ ලාබෙට ලංකාවට කෝල් ගැනීමටත් ලංකාවේ සිටින ඈයෝ ලාබෙට පිටරට චැනල් බැලීමටත් සිහින දකිමින් සිටියා මට මතකය.

අනේ සාදු..! අපිටම කියලා චන්ද්‍රිකාවක්..!

ලංකාවේ සිදුවන සියළුම නාඩගම් අතරේ "චන්ද්‍රිකා" නාඩගම [කලින් පෙන්නු විජය-චන්ද්‍රිකා නාඩගම නොවේ වෙන නාඩගමක්] බලාගෙන, ආතල් එකේ චන්ද්‍රිකා උඩ යන හැටිද බලා සිටින අතරේ, අපහට ඇස ගැසුනේ අපූරු විඩියෝවක්. ඒ අභ්‍යවකාශ ඉන්ජිනේරු [වෙන්ට අචාර්යය] රොහිත කුමරු "අද දෙරණට දීලා තිබුණු ඉන්ටර්විවු එකක් [ඒක බලන්න මෙතන කොටන්න]

ඒකට අනුව, මේ චන්ද්‍රිකාව ලංකාවට අයිති වුවක් නෙමෙයි, එය අයිති චීනෙට. ඒක තියෙන්නේ ලංකාව උඩ අහසෙත් නෙමෙයි.  [වෙන්ට අචාර්යය] රොහිත කුමරුට අනුව අපේම අපේම අපේම කියලා චන්ද්‍රිකාවක් යවන්නේ 2015.

අන්තිමේ අපි කරලා තියෙන්නේ චීනෙට චන්ද්‍රිකාවක් යවන්න සල්ලි වියදම් කරපු එක විතරයි. මේ ගැන හරි අපුරූ සටහනක් දාලා තිබ්බා කණාමැදිරියා, කියවන්න "සිහින දකින කුමාරයා-CHINA SAT 12"


චීන කොඩිය අමාරුවෙන් වහලා, ලංකාවේ කොඩිය විතරක් පේන්න ගනිපු චන්ද්‍රිකාවේ ෆොටෝ එකක්, මෙන්න අපේ චන්ද්‍රිකාව "Proud to be a Sri Lankan" කියලා කට්ටිය ඒක ෆේස් බුක් එකේ ශෙයාර් කරද්දි ඇත්තටම මට මන් ගැනම දුක හිතුනා [ඒ බත් හරකුනුත් මගේ ෆ්‍රේන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක ගැන].

මට මතකයි මීට මාස කීපයකට කලින් ෆුටා 6% ස්ට්‍රයික් එක වෙලාවේ අධ්‍යාපනයට වෙන්කරන්න මුදල් නෑයි කියලා කට්ටිය නූලට තිතට ගණන් හදලා ඉරි ගහලා කොටු ගහලා ඔප්පු කරලා පෙන්නපු හැටි. ඒ අය මේ ගැන නම් සද්දයක් නෑ.

ඒ අතරේ මේ චන්ද්‍රිකාව ගැන හදලා තිබ්බ සින්දුව දැක්කම මට සන්සාරේ කියලා හිතුනා. ආච්චිලා, සියලා, නැන්දල මහප්පලා පුන්චි අම්මලා පුතාලා දුවලා හැමෝම මහ දවල් කට ඇරන් චන්ද්‍රිකා යන හැටි බලනවා.




"අපිට මොටෝ අජින මොටෝ" කියලා මේවට කට වහගෙන ඉන්න නම් ඇහැකි. ඒත් මේ බබාලගේ හීන වලට කවදහරි වන්දි ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ට කියලා හිතෙන කොට තමයි හිත කිරී ගැහෙන්නේ.


මේ ගෑන; ඕන දෙයක් ආතල් එකෙන් ගන්න චාමි සෑමා අපූරු ස්ටේටස් එකක් දාලා තිබ්බා. ඔය පහතින් උපුටා දක්වා තිබෙන්නේ ඒක.
---------------------
මගේ පොඩි උන් දෙන්නාගේ වගේම අනෙක් අයගේ දරුවන්ගේද සතුට ගැන මම හැකි පමණ සැලකිලිමත් වෙමි. තමා ප්‍රිය දෙයක් ලද විට දරුවෙකුගේ මුහුණේ ඇ‍ඳෙන තෘප්තිමත් සිනහව කාලාන්තරයක වෙහෙස අමතක කරවයි.

ගරු ජනාධිපතිතුමනි,
ඔබේ දරුවාගේ මුහුණේ තෘප්තිමත් සිනා පොදක් නංවන්නට මට හැකි දෙයක් මමද කරමි. ඔබේ දරුවාගේ සෙල්ලම් සැටලයිට් සිහිනය මල්ඵල ගැන්වීම සඳහා එක් ලාංකීය පුරවැසියෙකුට රුපියල් 2300 බැගින් මා, මගේ බිරිඳ සහ දරුපැටවුන් දෙදෙනා සඳහා වැටෙන රුපියල් 9200/- ක මුළු චීන ණය මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව නියමිත කාලය තුලදී කෙසේ හෝ ගෙවා දැමීමට මා පියවර ගන්නා බව සතුටින් දන්වා සිටිමි.

(ප/ලි - තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ...)

----------------------

ප.ලි: මමනම් දැන් හිත හදාගෙන ඉවරයි. අපේ අනාගත ජනපති කඩවසම් නාමල් කුමරු, ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ඇමති යෝශිත රාජපක්ශ, වරාය, සිවිල් ගුවන් සේවා, අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ඇමති ආචාර්යය රෝහිත රාජපක්ශ. අධ්‍යාපන ආමාත්‍ය මාලක සිල්වා [මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යංශයක් නැති බව සැළකිය යුතුය]. රජයේ මාධ්‍ය ප්‍රකාශක රංග ජයවර්ධන හෝ - [ඇමති උපදේශක චතූෂ තුෂර කුමාර. කාටද ආඩම්බර..? අපිටනේ]

මෙහෙම වෙනවට අකමැතිනම් කරන්න ඕන පොල්පිති විප්ලව කරන්න යන එක නෙමෙයි [දැක්කනේ බොරැල්ල හන්දියේ ඔපරේශන් වැලිකඩ..?]
1. හැකි ඉක්මනින් ලංකාවෙන් බටහිර අධිරාජ්‍යවාදි යුදෙවු ක්‍රිස්තියානි රටකට තොලොන්චි වීම [අහසින් හෝ බෝට්ටුවෙන්]
2. එය නොහැකිනම් රජයේ මොකෙක්ට හෝ කොක්ක ගසා රජයේ හිතෛශීවන්තයෙක් වීම [මෙය අතුරේ යන්නාක් මෙන් කළ යුතු දෙයකි, ශිරාණි බන්ඩාරනායකද ලංකා බැංකු සභාපතිද කළකට පෙර මෙලෙසම රජයේ=පවුලේ හිතෛශීවන්තයන් වූ බව සිහිකටයුතුය]
3. එයත් නොහැකිනම් කට සහ පු* වසාගෙන, දන්නේ නෑ දැක්කේ නෑ මෙන් වාසය කිරිම [ඔවු මම මේ කියන්නේ දැන් ජීවත් වෙනවා වගේම ජීවත් වෙන්න කියලා]

Wednesday, November 7, 2012

ෆේස් බුක් ස්ටේටස් එකක් කියවා පු*න් හිනා යාම

මුලින්ම කිව යුතු කාරණයක් වන්නේ "පු*" යනු කුණුහරුපයක් නොවන බවයි. මෙය අප වෙත සැකයකින් තොරව ඔප්පු කර පෙන්වූයේ කලා ශූරී, කලාකීර්ති, කවීශ්වර ප්‍රවීණ බ්ලොග් කරු "කතාන්දර" මහතා විසිනි [කාකා සෑම තනටම තමන්ව ලින්ක් කරගන්න නිසා ලින්ක් කළේ නැත]. කෙසේ හෝ මේ අග්‍රගණ්‍යය පු* ගැන නැවතත් අපට මතක් වන්නේ වෙන්ට-පුකේශ්වර තිසර මහතා විසින් ලියා තිබුණු යාන් හෑල්ලක් නිසාය.

ඒ යාන් හෑල්ල අපට වඩා හොඳින්, ඉතා හොඳින් වෙන්ට-පුකේශ්වර තිසරයාගෙන්ම කියවීම ඔබිනා නිසා කොටසක් පමණක් උපුටා ගනිමින් එයට ලින්කුවක් තබමි.


"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ"

සම්පූර්ණ සටහනට මෙතන ඔබන්න [තවත් පුකේශ්වරයෙක් වන මාතලන් ගොයියා කිව්වාක් මෙන් මේ සටහන කියවීමේදි ඔබට හිනාවී පණ යන්නට හැකි නිසා ප්‍රවේසමින් කියවන්න]

කෙසේ හෝ, තිසරයා ලියා තිබුණේ දොස්තර කෙනෙකු දෙස බැළු පු*ක් ගැනය. අප ලියන්නට යන්නේ පු*න් හිනා යාමක් ගැනය. 

පු* පැළී මිය යන්නට ආසන්න සිනාවක් ගැනය.

ෆේස් බුකියට ගොඩ වදින සෑම දිනකම මා ගොඩ වැදී බලන ප්‍රොෆයිල් කීපයක් තිබේ. මේ ගොඩට විවිද විවිද දේශපාලන මතවාද දරන්නන් අයත්ය. තමන්ගේ දේශපාලන මතවාදය එළිපිට කතා කරන ඔවුහු දිනපතා තමන්ගේ ස්ටේටස් අප්ඩේට් කරන අතර ඔවුන් වටා එකතුවී එයට ඌණ පූරණ එකතු කරන පිරිසක්ද සිටිති.  


මේ නිසා මේ ස්ටේටස් අප්ඩේට් සහ එයට ලැබෙන ප්‍රතිචාර කියවීම බ්ලොග් පෝස්ටයක් කියවීම හා සමවන අතර එවැනි සංවාද වලින් අපහට වත්මන් ලාංකීය සමාජය ගැන ගත හැකි මිනුම් බොහෝය. [මෙය "මයික්‍රො බ්ලොගින්" යන නමකින් හැදින්වීම නිවැරිදි යැයි මට සිතේ].

කිසිම දින කමෙන්ට් කර නැතත්, මිතුරු ලිස්ට් එකක නැතත් අප මෙලෙස මොවුන්ගේ දේශපාලන මතවාද කියවන්නේ බොහෝ කලක සිටය. එනිසාම ස්ටේටස් අප්ඩේට්කරුවන් මෙන්ම එහි කමෙන්ට් කරන්නන්ගේ දේශපාලන මතවාදයන් ගැනද අපිට ඉතා හොඳ අවබෝධයක් ඇත.

මා කියන්නට යන්නේ අයියා මල්ලි එසේත් නැතිනම් ගුරා ගෝලයා වැනි ස්ටේටස් අප්ඩේට් කරුවන් දෙදෙනෙක් ගැනය. ඔවුන්ගේ මෑත අතීතය ගෙන බැළුවහොත් ඔවුනොවුන් පෑහුනේ කිරට මිරිස මෙනි, ජාඩියට මූඩිය මෙනි, මෙහාරට නේනක මෙනි [මේ දෙදෙනා ගැන අප කලින් ලියා ඇති සටහනක් මෙතනින් කියවන්න]. 




පෙනුමේ හැටියට එකෙක් අධිරාජ්‍යවාදයට එරෙහිව විජය දද නංවන්නෙකි අනෙකා සිංහලබෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එකෙක් කොයිතරම් වැරදි තිබුණත් අවසානයට ඔන්න ඔහේ මහින්ද මාමා හොඳයි කියන්නෙකි අනෙකා මහින්ද මාමාගෙන් තොරව පැවත්මක් නැතෙයි කියන්නෙකි. දෙදෙනාම රාවණා විරොධියෝය [ඔන්න වර්ගපුර්ණිකාව ලියන්නේ මේ අය කියලනම් නෙමෙයි මම කිව්වේ ;-)], දෙදෙනාම රනිල් සහ යූ.න.පී විරෝධියෝය. මෙසේ ලිවිය හැකි සමානකම් බොහෝය. 

හම්බාවන් නමති සත්තව විශේෂය ව්‍යාප්තිවාදයට එරෙහිව මේ දෙදෙනා පෙනී සිටියේ එකටය. මල්ලි බොහෝ විට උපදෙස් ගත්තේ අයියාගෙනි. අද අප දකින මුස්ලිම් විරෝධයේ මූලීකයන් වන්නේ පෙරමුණේරාළ සහ මොවුන්ය [මේවා අමතක වන්න නම් අපි මැරී නැවත ඉපදෙන්නට ඕනෑය]. 

බට කැළයට ගිනි තැබීමට ගිනි පුපුර මතු කරගන්නට කෝටු ඇතිල්ලුවුයේ මොවුන් එකටය. ගිනි පුපුර දැන් මහ ගින්නක් වෙමින් බට කැලය ගිනි ගමින් ඇවිලේ. මෙය අප ගම් දන්වු පවා තව නොබෝ දිනකින් දවාලනු නොනුමානය.
 

මම නැවතත් පු*ට එමි.

මා සිටියේ අයියාගේ ස්ටේටස් අප්ඩේට් කියවමිනි. මට එක විටම හිනාවෙන හඩක් ඇසුනි. ඒ මහ හයියෙනි. අනපේක්ශිත ලෙස අසුනු ඒ සිනා හඬින් මා වික්ශිප්ත වන අතර කිසිවෙකුත් ලඟ පාතක නොහිටි නිසා එය මනෝ විකාරයැකැයි සිතා නැවතත් ස්ටේටස් එකට සිත යොමු කෙරුවෙමි. "බුහාහහහහා" නැවතත් ඒ සිනා හඩමය. කරුණු නිසි ලෙස සොයා බැළු විට මට පෙනුනේ ඒ සිනා සෙන්නේ මගේ පු* බවයි.
ස්ටේටස් එක කියවන සෑම විටම මේ සිනාහඬ ඇසුනු අතර එය නවත්වන විට සිනා හඩ නැවතී යයි.

පු*න් සිනා ගිය අයියාගේ ස්ටේටස් අප්ඩේට් එක:

මේ දිනවල මුස්ලිම් ජනයාට එරෙහිව මාරාන්තික වෛරයක් දේශනා කරමින් අන්තර් ජාලයේ පෝස්ටර් සාදන, සහ තැන, තැන රැස්වීම් තබා, මහා වීර ක්‍රියා සේ ඒවා පෙන්වන කල්ලි සහ කණ්ඩායම් හතු පිපෙන්නා සේ බිහිවේ...මොවුන්ගේ ක්‍රියා කාරකම් බලා සිටීමෙන් අපට මෙබඳු ගැටළු කිහිපයක් පැණ නැගී ඇත....

1. මේ කණ්ඩායම් මුළු දවස පුරාම පෝස්ටර් සාදමින් ප්‍රචාරය කරති...ඒවා ඉතාම හොඳ "ෆොටෝ ෂොප්" දැනුමක් සහිත අය විසින් කරන අතර, සෑහෙන වෙලාවක් ග...

ෙන, වර්ණ සහ රූප ආදිය සම්මිශ්‍රණය කර නිර්මාණය කරනු ලබති...එම නිසා, මුළු දවස පුරාම මේවාට කැපවී, මේ කණ්ඩායම් අන්තර් ජාලයේ මෙහෙයවන පිරිස් සිටිනවා විය යුතුය...වෙනත් රක්ෂාවක් කරන්නට වෙලාවක් නැතුවම මෙලෙස කටයුතු කරන මොවුන්ට ජීවත් වන්නට මුදල් ලැබෙන්නේ කොහෙන්ද...?




2. මාතෘ භූමියට අප්‍රමාණ සෙනෙහසක් පාන බව කියා මුර ගාමින්, තමන්ගේ මහන්සියෙන් බිස්නස් එකක්, රක්ෂාවක් කරගෙන ඉන්නා රටේම ජන කොටසකට අතොරක් නැතුව බැණ වදින මොවුහු, එළිපිටම අපට ගොරවන ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ගෙරවිලි වලට එරෙහිව වචනයක් නොකියන්නේ ඇයි...?...රට තුළ පාඩුවේ සිටින ජන වර්ගයකට එරෙහිව පාන ප්‍රතිරෝධය සහ පෙරට ගෙනෙන කකියන ලේ, එවැනි සැබෑ තර්ජනයකදී "මීක්" සද්දයක් නොපා සඟවන්නේ ඇයි..?...මුස්ලිම් ජනයාට එරෙහිව දමන පෝස්ට් වල, තබන රැස්වීම් වල, අලවන පෝස්ටර් වල තිබෙන වෛරයෙන් එක අංශු මාත්‍රයක් ඇමරිකාවට නොපාන්නේ ඇයි...?...මහා විමසිලි මත් කමකින් මුස්ලිම් වරුන්ගේ සෑම ඉරියව්වක්ම, හැසිරීමක්ම නිරීක්ෂණය කර ඵල කරන මොවුහු, ජිනීවා අර්බුදය සහ එහි ඉදිරියට සිදුවන දේ ගැන නොසොයන්නේත්, දැනුවත් නොකරන්නේත් ඇයි...?...නොදන්නවා, නෑසුනා සේ ඉන්නේ ඇයි...?



3. මේ කල්ලි වල ඉදිරියෙන්ම ඉන්නා "වීර භික්ෂූන්" මින් පෙර කිසිදු දවසක බණක් දහමක් ප්‍රසිද්ධියේ දෙසනවා හෝ ගැඹුරු ධර්ම සාකච්ඡාවක් පවත්වනවා අප දැක නැත්තේ ඇයි...?...මේ භික්ෂූන් මුස්ලිම් වෛරය පෑමට හැර වෙනත් කිසිදු දේකට පෙරමුණ ගන්නවා අප දැක නැත්තේ ඇයි...?...මේ භික්ෂූන්ගේ නම් එක රැයකින් ප්‍රසිද්ධ වෙන්නේ ඇයි...?...


4. කොටි සංවිධානය සමග තිස් අවුරුද්දක් යුද වැදුණු සමයේත්, එම යුද්දයේ අවසාන කාළයේත්, සාම රංගන අතර තුර කොටි ශක්තිමත් වූ කාළයේත්, මේ අද පඳුරට දුසිම බැගින් පහළවන "වීර හෙළය රැකීමේ සංවිධාන" බිහි නොවුනේ ඇයි...?...වෙනකක් තබා, ඒ යුද්දයේ අවසාන සමයේදී සයිබරයේ වත් අද අප මේ දකින වීර මුහුණු දැක නැත්තේ ඇයි...?...


5. මේ වෛර ප්‍රචාරයට සහ මේ සියළු "වීර ව්‍යාපාර" වලට මුස්ලිම් ජනයා පමණක් ඉලක්ක වන්නේ ඇයි..?..ඔවුන් විසින් කළ සුළු හෝ වරදක් කියන විට ඔවුන්ගේ ආගමට, සංස්කෘතියට සිටම නිර්දය ලෙස පහර දුන්නත්, වෙනත් කිසිදු පාර්ශවයකට එවැනි චෝදනා එල්ල නොකරන්නේ ඇයි...?...


6. කොටි ඩයස්පෝරාව තවමත් රටට එරෙහිව එල්ල කරන ජාත්‍යන්තර මඩ ප්‍රචාරයන්ට සයිබරයේවත් උත්තරයක් සැපයීමට මොවුන් කිසිදාක වෙර යොදනවා අප දැක නැත්තේ ඇයි...?


7. දිනකට එක බැගින් විතර පන්සල් සහ නටබුන් ඩෝසර් කෙරෙනවා යැයි කීවත්, එවැනි ඩෝසර් කරන ලද එක විහාර භූමියක වත් ඡායාරූපයක් වත් ඒ අය ඵල නොකරන්නේ ඇයි...?...මෙතරම් වීරත්වයක් ඇත්නම්, ඒවාට ගොස්, ඡායාරූප ඇල්බම් පිටින් මෙහි ගෙනවුත් ඵල නොකරන්නේ ඇයි...?


8. මේ වීරයන්ගෙන් අති බහුතරය "ෆේක් ප්‍රොෆයිල්" වලින් නිර්ණාමිකව පෙනී සිටින්නේ ඇයි...?...සයිබරයේවත් නමක් ගමක් ඵල කරන්නට බය උන්, රටක් ජාතියක් රකින්නට ඉදිරියට එන්නේ කොහොමදැයි උන් පස්සේ යන අය නොසිතන්නේ ඇයි...?


9. වඩාත්ම වැදගත් ප්‍රශ්ණය -පෙර කවර කළකවත් නොමැති තරමේ මුස්ලිම් විරෝධයක් "මේ හදිස්සියේ" මෙලෙස පැණ නැගෙන්නේ ඇයි...?....


අයියාගේ ස්ටේටස් කියවීම නවතා දැමූ මම මල්ලීගේ ප්‍රොෆයිලය ක්ලික් කර බැළුවෙමි. මල්ලිනම් සුපුරුදු ලෙසම හම්බයන් නම්වූ සත්ත්ව විශේෂයේ ව්‍යාප්තියට එරෙහිව තවමත් සුපුරුදු පරිදි හඬ නගමින් උන්නේය.

හම්බයන් නම්වූ සත්ත්ව විශේෂය තුරන් කිරීමට තමන් ෆේස් බුකියෙන් කළ මෙහෙවර ගැන උදම් අනන මල්ලිගේ ස්ටේටස් එක:

මුස්ලීම් අන්තවාදය ගැන පැහැදිළි කරමින් මෙතෙක් කාලයක් බුකියේ ගෙන ගිය වැඩපිළිවෙළ 90% ක් පමණම සාර්ථක වී ඇත. එනම් අවජාතිකවාදීන් සුලු පිරිසක් හැරුණු විට ෆේස්බුක් භාවිතා කරන අති බහුතරයක් සිංහලයින් මුස්ලීම් ව්‍යාප්තවාදයේ භයානකත්වය ගැන දැනුවත් බැවිනි.




එම වැඩපිළිවෙළ ෆේස්බුක් එකට සීමා නොකොට රටටම ගෙන යාමේ අවශ්‍යතාවය අප බොහෝ දෙනා මෑතකදී මතු කළෙමු. එහි ආරම්භක ලිපිය දිවයින පුවත්පතෙන් පටන් ගෙන තිබේ. මෙම ලිපිය ලියූ මහත්මාට මාගේ ආචාරය පුදකරමි.



හම්බයින්ට කඩේ යන සිංහලයින් දැන් ෆේස්බුක් එකේ න...
ැති තරම් වන්නා සේම නුදුරදීම හම්බ කඩ වලට යන සිංහලයිනුත් නැති වෙන තැනටම රට ගෙන ඒම, සිංහලයින්ගේ මුදල් වලින්ම තර වෙන මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් සිංහල ජාතිය ‍රැක ගැනීමේ එකම ක්‍රමයයි. එය කරා යාම ලේසි පහසු නොවේ. ෆේස්බුක් එකේදී ඔබ අපට එල්ල වූ මඩ මෙන් නොව, පිටත ලෝකයේදී හම්බයින්ගෙන් මරණ තර්ජන වල සිට නඩු හබ දක්වාම කටයුතු වලට මුහුණ දීමට සිදුවේවි.


මෙය සංධාන ආණ්ඩුවට විරුද්ධ වැඩපිළිවෙළක් හෝ සුළු ජාතීන් මත යැපෙන කසිකබල් විපක්ෂයට කිසි සේත්ම වාසි ගත හැකි වැඩපිළිවෙළක් නොවේ. එනිසා ආණ්ඩුව මේ ගැන කලබල විය යුතු නැත. ඔවුන්ට තිබෙන්නේ මෙමගින් ලැබෙන ජන ‍රැල්ල යොදා ගනිමින් අවශ්‍ය දේ අවශ්‍ය විදියට ඉ‍ටු කිරීමයි. යුද්ධය දිනීමේ ගෞරවය ලැබූයේ සංධානය වූවා සේම හම්බ ත්‍රස්තවාදයෙන් සිංහල ජාතිය බේරා ගැනීමේ ගෞරවයත් සංධානයටම ලැබෙනු ඇත. එසේම අපගේ සිංහල ජාතිය බේරා ගැනීම ගැන අනාගතයේ ඉපදෙන දරුවන් මේ වෙනුවෙන් කැප වූ සෑම දෙනාටම පින් දෙනු ඇත.
මල්ලි අයියා මෙන් ස්ටේටස් අප්ඩේට් කර නොතුබුනේ මගේ වෙලාවටය. නැතිනම් මගේ පු*ට දෙවියන්ගේම පිහිටය.
ප.ලි: මේ ගැන අප මීට වසර එකහාමාරකට පමණ ප්‍රථම ලියූ සටහනක් අවසනට එක් කරන්නේ අප මෙම අනතුර දැක්කේ ඔවුන් ගිනි පුපුර ගන්නට කෝටු මදිනා අවදියේම බව නැවතත් මතක් කර දෙන්නටය. පොත් පුස්තකාල මෙන් වෙබ් ලින්ක් ගිනිතබා විනාශ කළ නොහැක්කේ අපේ වෙලාවටය.

පෙබරවාරි 23, 2011 at 9:47 පෙ.ව.

දෙමළ ජාතිවාදීන් ලොවපුරා විකිණූ පින්තූරය

පහත ඡයාරූපය කවුරුන් විසින් ගන්නා ලද්දැක්දැයි මම නොදනිමි,
නමුත් එය ගන්නා ලද්දේ 1983 ජූලි මස 23 වැනිදා බව දනිමි.
සිංහලෙන් කළු ජූලීය ලෙස හැදින්වෙන්නේ මෙදිනය,
ඉන්ග්‍රිසියෙන් නම් “Black July”ය.

දෙමළ වර්ගවාදී අරගලයට පෙට්‍රෝල් වැක් කෙරෙන්නේද,
බහුතරයක් වූ සමාන්‍ය දෙමළුන් LTTE යට සහය දීම ඇරඹුනේද මෙදායින් පසුවය. 




නිරුවතින් ඔළුවට අත ගසා ගෙන ඉන්නේ පර දෙමළෙකි
(උන්ගේ ආච්ච්ලට හාල් ගරන්න),

සිනා වෙමින් ඉන්නේ දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලාය
(අන්න නියම පොරවල්).

සිංහලයන්ට විමුක්තිය උදාකරදීම මහප්පලාගේ උදාරතර අරමුණ විය යුතුය.
“අපි දුන්නා අද පර දෙමළුන්ට දුවන්ට”
මහප්පලා ගෙවල් වල ගොස් දොඩන්නට ඇත.

නමුත් මහප්පලා උදාකළ විමුක්තියේ තරම දන්නේ අපය,
ලොවෙත් නැත
ලොවි ගහෙත් නැත.

කෙසේ හෝ වේවා පහුගිය විසිඅට අවුරුද්දක් පුරාවට මේ පින්තූරයට තිබුණේ පුදුම මාකට් එකකි,
අදද ඉල්ලුම අඩු නැත.

ප.ලි: මේ දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලාට ජාතකව (අවජාතක නොවේ) උපන් දේශහිතෛශී™ දේශමාමක™ සිංහලබෞද්ධ™ (තනි වචනයකි) පුතුන් සමහරක් සිංහලෙන් බ්ලොග්ද ලියති,
දන්නෝ දනිති.
දන්නේ නෑ දැක්කේ නෑ වගේ සිටිති

 



Saturday, November 3, 2012

Bye bye CJ madam..!



Apolitical Intellectuals
By Otto Rene Castillo


One day
the apolitical
intellectuals
of my country
will be interrogated
by the simplest
of our people.

They will be asked
what they did
when their nation died out
slowly,
like a sweet fire
small and alone.

No one will ask them
about their dress,
their long siestas after lunch,
no one will want to know
about their sterile combats
with “the idea of the nothing”
no one will care about
their higher financial learning.

They won’t be questioned
on Greek mythology,
or regarding their self-disgust
when someone within them
begins to die
the coward’s death.

They’ll be asked nothing
about their absurd
justifications,
born in the shadow
of the total lie.

On that day
the simple men will come.
Those who had no place
in the books and poems
of the apolitical intellectuals,
but daily delivered
their bread and milk,
their tortillas and eggs,
those who drove their cars,
who cared for their dogs and gardens
and worked for them,
and they’ll ask:

“What did you do when the poor
suffered, when tenderness
and life
burned out of them?”

Apolitical intellectuals
of my sweet country,
you will not be able to answer.
A vulture of silence
will eat your gut.
Your own misery
will pick at your soul.

And you will be mute in your shame.

Saturday, October 20, 2012

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී - ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි

ශ්‍රී ලංකාවත් ලෝකයේ දියුණු අනෙකුත් රටවල් සමඟ කරට කර සිටිමින් නුදුරු අනාගතයේ [නොවැම්බර් මස] චන්ද්‍රිකාවක් අහසට යවන්නට නියමිතයි. ලංකාදීප වෙබ් අඩවිය මේ ගැන වාර්තා කර තිබුණු අන්දමත් එයට ලැබුනු ප්‍රතිචාරත් පහතින් දැක් වෙනවා.


-----
ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි
2012 ඔක්තෝබර් මස 19 22:43:08 | සජිව විජේවීර

ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධයස්ථානයෛන් උඩුගුවනට යැවීමට නියමිතය. චීන රොකට්ටුවක් ආධාරයෙන් යවන මේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහලින් කක්ෂගත කිරීමට නියමිතය. චීනයෙ ‘ චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් ‘ හා ‘ චයිනා ගෙට් වෝල් ඉන්ඩස්ට්‍රිස් කෝපරේෂන් ‘ නම් සමාගම් හා එක්ව මෙරට ‘ සුප්‍රිම් සැට් ‘ සමාගම මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කැර තිබේ.

පල්ලෙකැලේ චන්ද්‍රිකා මෙහෙයුම් මධයස්ථාන හා අභ්‍යාවකාශ ගාමීන් පුහුණු නිකේතනය ඉදිකිරීමේ කටයුතු වලටත් 2015 යැවීමට නියමිත චන්ද්‍රිකාව ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වෙන්කැර ඇති මුදල ඇමරිකන් ඩොලර් ලක්ෂ 3200 කි.

මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමග දකුණු ආසියා කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණය සහිත තෙවැනි රට බවටත් ලෝකයේ 45 වැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්වනු ඇත.

අදහස්(32) බැලූවෝ (4613)

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
තිලක් 2012-10-19 23:25:15

පිං කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට.. හේතුවාසනනා වේවා හේතු වාසනා..!(නු)
අජිත් අමරවීර 2012-10-19 23:32:11

නියමයි... රට දියුණු වෙනවා තමයි... කොහොම උනත් වැඩක් කරනවා... වැරදි අඩුකරගන්න.. ජය වේවා..!(නු)
අනුර 2012-10-20 00:32:09

ඉතාම හොද වෙනසක්..!(නු)
ගයානි 2012-10-20 02:21:36

හරිම සතුටුයි සියළුම දේවල් සාර්ථක වේවා..!(නු)
මධුෂානි 2012-10-20 02:33:57

මෙහෙ මිනිස්සු කන්නවත් නැතිව ඉන්නවා.. ඒ අස්සෙ රොකට් යවනවා අහසට..(නු)
සිල්වා එෆ් 2012-10-20 02:32:26

චීනය අපේ රට බටහිරයෙන් ගලවා මෙවැනි දෙයක් කිරීමට උපකාර කිරීම වසර සිය ගානක් බටහිර රටවල ගැති වෙලා හිටපු අපේ අයටත් සුද්දන්ටත් හොද පාඩමක්. චීනය ඔබට අපේ ප්‍රනාමය..!(නු)
සනත් ඉන්දික ඉතාලිය 2012-10-20 02:42:20

ප්‍රභාකරන් නොවෙන්න අපි ඉන්න ඕනේ කොතනද කියල දැන් හිතෙනවා. 30 අවුරුදු සාපෙ නොවෙන්න අපිටත් අබිමානවත් ජාතියක් විදියට ලෝකෙට මුහුණ දෙන්න තිබුණා. කමක් නැහැ ඔහොම යන්න .අපිට නැතිඋන ලෝකය අනාගත පරපුරට ලබාදෙන්න ලැබීම සතුටක්(නු)
අශාන් 2012-10-20 02:45:11

ලොවට චන්ද්‍රිකා තාක්ෂණය හදුන්වාදුන් ආතර් සී ක්ලාක් මහත්තයාට කරන උපහාරයකි..!(නු)
සිල්වා එෆ් 2012-10-20 02:37:17

අපේ මිනිසුන්ගේ තුල ඇති සුදු මානසිතත්වය ඉවත් වේවා...!(නු)
ඉර්ෆාන් ධර්මා 2012-10-20 03:06:49

දැන්වත් පිටරට ඇමතුම්වල මිල අඩු වේවා...(නු)
කුමුදු 2012-10-20 03:24:56

සල්ලි නොකා වැඩක් කරනවානම් නියමයි..!(නු)
ප්‍රදීප් 2012-10-20 04:03:08

අපි 1994 චන්ද්‍රිකාවක් ගුවන් ගත කළා.. පළවෙනි දවසෙත් පරක්කුවෙලා තමයි උඩ ගියේ... අවුරුදු එකොළහක්ම පරක්කුඋනා.. අන්තිමට කරපු දෙයක් නැහැ... ඔක්කොටම බැන බැන ඉදලා හුලන් බැහැලා බිමට වැටුනා.. මතක් වෙනකෙටත් දුකේ බැහැ... රටම පරක්කු කළානෙ...!(නු)
පූර්ණ 2012-10-20 04:09:05

උණුසුම් සුභ පැතුම්..!(නු)
ආනන්ද 2012-10-20 07:16:23

නියමයි.. ලංකාව ගැන ආඩම්බරයි...!(නු)
ශාන්ත ලාල් 2012-10-20 07:08:11

රට පෙරට.. සෞදියේ ඉන්න අපිට ගොඩක් ආඩම්බරයි... අපිට පුළුවං වෙයි ළගදීම අපේ චැනල් එකෙන්ම සජීවී තරග නරඹණ්න.. (නු)
මාලක 2012-10-20 07:13:12

ලංකාවට ඔච්චරනෙ අඩුවට තිබුණේ.. අඩු තරමේ පාපැදියක්වත් හදන්නේ නැහැ මේ රටේ.. (නු)
සුමතිපාල 2012-10-20 07:23:16

නියමයි ශ්‍රී ලංකා...(ස)
සුමතිපාල 2012-10-20 07:14:24

නියමයි ශ්‍රී ලංකා...!(නු)
සිරිල් 2012-10-20 07:14:33

ඉදිරියටම යමු ළංකා..!(නු)
ටී. තිලකරත්න 2012-10-20 07:16:55

නුවනැති ක්‍රියාවක්... විද්වතුන් ලක් මව බිහි කිරීමට බලවතුන් යොමු වේවා..!(නු)
චාමික රත්නායක 2012-10-20 07:17:11

මම නැවතත් ලංකාවට ගැන ආඩම්බර වෙමි.. මේකත් තවත් දේශපාලන ව්‍යාපාරයක් වීම නම් සුදුදසු නැහැ.. මේකට සම්බන්ධවුණු සියළුම දෙනාට ස්තුතියි..!(නු)
චාලුක 2012-10-20 07:17:29

මේකටත් දේශපාලනය ගාවගන්නෙ නැතිව ක්‍රියාත්මක කිරීමට සුභ පැතුම්...!(නු)
හේමන්ත 2012-10-20 07:32:53

සෙල්ලම්ද කොල්ලෝ .ඔහොමතමයි වෙන්න ඕනි (ස)
රුක්සලා 2012-10-20 07:25:47

ලෝකේ ඉන්න දක්ෂතම මිනිස්සු ,විද්‍යාඥයෝ ඉන්නේ ලංකාවෙනේ .පසු නොබසින උත්සාහයට අපේ සුබ පැතුම් !!!!! (ස)
අමිල කටුනායක 2012-10-20 07:37:34

චන්ද්‍රිකාවෙ නම මොකද්ද?(නු)
ලාල් මිල්ටන් 2012-10-20 07:33:31

මේවට ප්‍රතිචාර දන්වන්න කවුරුත් නැ . හොද දෙයක් අගයකිරිම ඔවුන්කරන්නේ නැහැ නොවැ (ස)
නොයෙල් පුෂ්පකුමාර 2012-10-20 07:45:40

මිනිසුන් කන්නෙ නැතිව දුක් විදිනවා.. ආණ්ඩුවට සේවකයන්ට පඩි ගෙවාගන්න විදියක් නැහැ.. මේවා කාගෙ මුදල්ද? කේ.පීගෙද හොයලා බලන්න...(නු)
රුක්මන් ප්‍රේමචන්ද්‍ර 2012-10-20 07:38:29

හොදයි හොදයි පුතා අභ්‍යාවකාශසෙ ගැන උපාධිය අරගෙන එනකොට එයාට රස්සාවකුත් හදලා දෙන්න එපායැ..!(නු)
චන්දිමා 2012-10-20 07:51:40

ඇත්තටම ඔය ගොල්ලො දන්නෙ නැද්ද අපේ රටේ හාමුදුරුනමක් හදල තිබුන අභිධර්ම චන්ද්‍රිකාව ගැන?ඒ හින්ඳා මේක මට හිතෙන්නෙ මේක දෙවෙනි චන්ද්‍රිකාව කියල.(නු)
මොහොමඩ් රිස්වාන්, සෞදි 2012-10-20 07:52:37

පිටරටවල ඉන්න අපිට ඒක ලොකු උදව්වක් වේවි . අපගේ දුරකථන ගාස්තු අඩු වේවි (ස)
හිමාල් 2012-10-20 08:32:00

ලාංකිකයන්ට හොඳ පුවතක් (ස)
නිශාන්ත 2012-10-20 08:41:47

ඒ සමඟ අන්තර්ජාල පහසුකම් පහසු මිල‍ට ලබා දෙනවානම් හොඳයි (ස)  


ප.ලි: 
පෑන තවත් දේ ලියන්න කීවත්...
මොනවා ලියන්නද මීට වඩා..?

     

Sunday, October 14, 2012

ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!

W3 ලංකා කමෙන්ට් එකකින් උපුටා ගැනේ.

-----
මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.

දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය.

මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන බලන ලංකාවේ කොන්දක් නැති සෙවල මිනිස්සු මේකේ ඇද කුද අඩු පාඩු හොයල තවත් ටිකක් ආතල් ගනීවි.

යම් කිසි දවසක අපේ දරුවන්ට හරි නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබුනොත්, රටක අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ව ලජ්ජා නැතිව තනිකරලා දාල ගෙවල් වලට වෙලා නිවුස් වලින් විප්ලව කරපු අපි ගෙන ප්‍රශ්න කරනකොට, හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි.

ඔවුන් උතුරට ගියෝය - 
අපි උතුරේ නොවුයෙමු

ඔවුන් මාද්‍යවේදීන් කරා ගියෝය - 

අපි මාද්‍යවේදීන් නොවීමු

ඔවුන් පෞද්ගලික අංශයේ සේවකයන් කරා ගියෝය - අපි පෞද්ගලික අංශයේ සේවකයන් නොවීමු

ඔවුන් ධීවරයන් සොයා ගියෝය - 

අපි ධීවරයෝද නොවීමු

ඔවුන් ශිෂ්‍යන් සොයා ගියෝය - 

අපි ශිෂ්‍යයෝද නොවීමු

ඔවුන් ආචාර්යවරුන් කරා ගියෝය - 

අපි අචාරයවරුද නොවීමු

ඔවුන් විනිසුරන් කරා ගියෝය - 

අපි විනිසුරෝද නොවීමු

එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.
-----

පසුව එක් කිරීම:

ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!

Saturday, October 13, 2012

ඇවිදින විටත් නිදියන පුතුන් ලද... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට..!

ලොකෙයේ කීකරුම ජනතාව සිටින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේය.

මොවුනට අධ්‍යාපනයට වැයකරන මුදල අඩුකිරීම ප්‍රශ්නයක් නොවේ, පඩි වැඩි නොකිරීමද ප්‍රශ්නයක් නොවේ.


අධිකරණ ලේකම්ගේ පිට කැපීමද, 

අගවිනිසුරුවරිය සේවයෙන් පහ කිරීමද ප්‍රශ්නයක් නොවේ.

බස්වල හිරවීමද, මහමඟ දහඩිය පෙරාගෙන රස්තියාදු වීමද, 

මහමඟ ටිපර් රථයක හැපි මිය යාමද, මිය ගිය මවගේ හිස අතේ තියාගෙන අඩා වැටීමද, ඒ හිස අතේ තබා ගත් තරුණිය වීඩියෝ ගත කර සයිබරයේ බෙදා හැරීමද ප්‍රශ්න නොවේ.

රස්තියාදුකාර ඇමතියෙකුගේ නොහොබිනා පුත්‍රයකු බුද්ධි අංශ මේජර්වරයකුගේ කණ පැළීමද, ඒ මේජරයාම වැරදි කරු කර සේවයෙන් පහත හෙළීමද, ඇමතියාගේ කාළකණ්නි පුත්‍රයා රටේ අධ්‍යාපන ඇමතියාවීමද ප්‍රශ්න නොවේ.


දෙදහස් පන්සියකින් ජීවත් වීම ප්‍රශ්නයක් නොවේ.

ඒ පන්සීයට වඩා ටිකක් වැඩියෙන් ජීවත් වීමට හැකි බව ඔප්පු කර පෙන්නිමද ප්‍රශනයක් නොවේ.

ලෝක වෙළඳ පොළේ ඇතිවි ඇති අවපාතයන් ගැන කලබලයට පත්වී සිටින බුද්ධිමත් සිරි ලාංකිකයන් පිරිසක්












ඇග ඇති මොළේ නැති තඩි දුමියාගේ අයියා ගෙනෙන කුඩු සල්ලි සුදු කරන ජාතික මනි ලොන්ඩරිය බවට ස්ටොක් මකට් එක පත් කිරීමද, 
එය හදන්නට ගිය තිලක් කරුණාරත්න ඉල්ලා අස්වීම
දිලිත්ගේ මිතුරු නාලක එහි කොමසාරිස් වීමද ප්‍රශ්න නොවේ

ඇත්තටම මේ වගේ කීකරු ප්‍රශ්න නැති ජනතාවක් ලැබීමට අප පාලකයන් කෙතරම් වාසනාවන්ත විය යුතුද..? 

ඒ අතින් බලනා කල්හි අපි ආසියාවේම නොව ලොවේම ඈස්චර්යය නොවන්නේද..?

ප.ලි: හැබැයි පුතේ, අපේ දෙදහස් පන්සියක මහඟු අතීතයටයි, අපේ සිංහලබෞද්ධ සංස්කෘතියටයි කෙළින්න  බහුජාතික, විදේශික, කුමණ්ත්‍රණ, අරාබි නිශාන්ත, ඩොලර් කාක්කෝ ආවොත් නම් උන්ගේ රෙදිත් ගලවලයි යන්නේ. මුන් දන්නේ නෑ තාම මේ කළු සිංහලයන්ගේ තරම..!


Thursday, October 11, 2012

කන්නන්ගරයට එන්න කියාපිය... මේවට උත්තර දෙන්න කියාපිය...

අපි මේ ඉන්නේ ෆුටා දියත් කරණ ලද අරගලයේ අවසාන භාගයේ.



බොහෝ දුරට ෆුටා එකේ ඇත්තෝ අද මේ සම්බන්ධව තීරණයක් ගනීවි. මේ ගැන අපහාසයෙන් කතා කරන බොහොමයක් දෙනා, ෆුටා එකේ ඇත්තෝ පඩි වැඩි කරගැනීම සඳහා 6% ඉදිරියට දැමූවා කියූවත්; තවත් අය  ෆුටා එකේ ඇත්තෝ අරගලය පාවා දුන්නා කියූවත් ෆුටා අයට අන්තිමේ සිද්ධවුනේ අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම නැති වුනා වගේ වැඩක්.

ඒ කියන්නේ ඒ අයගේ ප්‍රමුඛ ඉල්ලීම් වුන වැටුප් වැඩි කීරීම් සහ 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීම යන දෙකම ඉටු නොවීම සහ බලාපොරොත්තු නොවූ මොහොතක පරාජිත ලෙසින් වර්ජනයත් අවසන් කිරීමට සිදුවීම. [කවුරුන් හරි කියනවනම් ඒ අය ආයෙත් විශ්ව විද්‍යාල වලට එන්නේ පඩි වැඩි කරගෙන කියලා, ඒ අයට මට කියන්න තියෙන්නේ කරුණාකරලා මුදල් අමාත්‍යංශ ලේඛම් ආචාර්‍යය පි.බී ජයසුන්දර මහත්තය නිකුත් කරණ ලද නිවේදනය කියවන්න කියලා. එහි කොතනවත් පඩි වැඩි කරනවා කියලා නිශ්චිතව සඳහනක් නැහැ. තියෙන්නේ පඩි වැඩි කිරීම සඳා කෙටි සහ මධ්‍යකාලීන සැළැස්මවල් සාදන්න එකග වෙනවා කියලා විතරයි].



If you do not know how to solve a problem, confuse them. It works..!

එතකොට ඔබට එන ප්‍රශ්නය තමයි, "එහෙනම් මොන එහෙකටද මේ වර්ජනය නවත්වන්නේ කියලා..?" ඔය ප්‍රශ්නය මටත් එළෙසින්ම තියෙනවා.

"ඇයි මේ වර්ජනය නවත්වන්නේ..?"

පිටස්තරයෙක් ලෙස මේ අරගලය දෙස බලා සිටියෙකු විලසට මටනම් හිතෙන්නේ මේ අය ඒ අයගේ ත්‍රෙශොල්ඩ් ලිමිට් [threshold limit] එක එනම් දරා සිටීමේ සීමාව ඉක්මවුනා කියලයි. මාස තුනක් මාසික වේතන නොගෙන පවුලක් නඩත්තු කිරීමේදි ඇතිවන ආර්ථික පීඩනය, සිසුන්ගෙන් සහ දෙමවුපියන්ගෙන් ඇතිවන පීඩනය සහ ඒ සියල්ල ඉක්මවමින් රජයේ ජඩ මාධ්‍ය සහ ඔඩොක්කු කුක්කන් විසින් උදේ හවා කරන "අරාබි නිශාන්ත සමාවෙන්න වසන්ත" සහ N.G.O ඩොලර් ප්‍රචාර, රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණ ආදී නින්දා සහගත චෝදනා සහ අවලාද මේ අයට දරා සිටීමේ සීමාව ඉක්මවීමට හේතුවූවා නිසැකයි.


කෙසේ හෝ අවසානයේ මේ සටනින් දිනුවේ කවුරුන්ද..?

ආචාර්යයවරුද..?
රජයද..?
නැතිනම් බුද්ධිමත් ජහ මනතාව වන අපිද..?

"කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ"


විනී හෙට්ටිගොඩ මහතාගේ අදහසක්
ප.ලි: ඇත්තටම රටේ දැන් තියෙන නිදහස් අධ්‍යාපනයෙන් රටට වැඩක් තියෙනවද..? 

වත්මන් නිදහස් අධ්‍යාපනය යනු කෙනෙකුට පහළ සමාජ පන්තියක සිට ඉහළ සමාජ පන්තියකට නගින්න තියෙන ඉණිමඟක් පමණක්ම නේද..? එහෙම ඉහළ සමාජ පන්තියට නැඟ ගත්තු එකෙක් ආයේ තමන් හිටපු පන්තිය ගැන සානුකම්පිතව බලලා තියෙනවද..?

එහෙම තියෙනවනම්, "ආචාර්යය වරුන්ට වැටුප් වැඩි වුනොතින් රාජ්‍ය සේවයේ ඉහළම තලයේ සිටින වෛද්‍යවරුන් වන අපි වුරුතීය සමිති ක්‍රියාමාර්ගයකට අනිවාර්යෙන්ම යනවා" කියලා කියන්න වෛද්‍යවරුන්ට පුළුවන්ද..? රටේ සමාන්‍යය මිනිසුන්ගේ බදු මුදලින් ඉගනුම ලබා පසුව රෝගීන්ගේ මළමිනී මතින් හෝ ගොස් සාමජයේ ඉහළ ස්ථරයක රැදෙන්නට, තමන් සමාජයේ අනිත් මිනිසුන්ට වඩා ඉහළින් සිටිය යුතුයි කියා සිතන උගත්යැයි කියන මිනිසුන්ගේ උගත්කම කුමකටද..?


ලංකාවේ ඉන්ජිනේරූ පීඨවලින් පිටවුන කීදෙනෙක් මේ වන විට වෙනත් දියුණු රටවල පුරවැසි භාවය ලබා පිටව ගොසින්ද..? කී දෙනෙක් මේ වනවිටත් පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත් පුරවමින් සිටිනවාද..? එසේනම් නිදහස් අධ්‍යාපනයෙන් ඔවුන් ලබාගෙන ඇත්තේ දියුණුරටකට යාමට වන්වේ ටිකක් පතක්ද..?



එසේම කලා පීඨ වලින් උපාධිය ලබා "අපිට රස්සාවල් දියවු..!" කියමින් ලිප්ටන් වට රවුම වටලීමට රැකියා විරහිත උපාධිධාරීන්ට ඇති අයිතිය කුමක්ද..? රැකියා විරහිත නුසුදුස්සන්ට රජයේ රැකියා දියයුත්තේ ඇයි..? නොමිළේ ලබාදුන් අධ්‍යාපනය ඔවුන්ට රැකියා ලබාදීමේ සුවිශේෂ වරප්‍රාසදයක් වන්නේ ඇයි..?



නිදහස් අධ්‍යාපනය කියලා අන්තිමේ ලංකාවට ඉතිරිව තිබෙන්නේ මෙවන් "උගත්" පරපුරක්ද..?

කන්නන්ගර මහතා අධ්‍යාපනය නිදහස් කිරීමෙන් බලාපොරොත්තු වුයේ මෙයද..?



කන්නන්ගරයට එන්න කියාපිය...
මේවට උත්තර දෙන්න කියාපිය...
කන්නන්ගරයට එන්න කියාපිය... 

මේවට උත්තර දෙන්න කියාපිය...


Saturday, September 29, 2012

දමිත් කේතකට උම්මා එකක්

දමිත් කේතක, මචන් 
මම උඹත් එක්ක එකඟ නොවෙන තැන් තියෙනවා [එකඟ වෙන තැනුත් තියෙනවා]. 
මෙතනදි නම් කිසිම තර්කයක් නෑ උඹ එක්ක 100%ක් එකඟයි.

කෝ කම්මුල, උඹට උම්මා එකක් දෙන්න... 

දමිත් කේතකගේ අදහසක් උපුටා පළ කෙරේ
---------------------------------------------
 
මෙය ලියන යතුරු පුවරුව හිමිකරුට යහමින් නිදහස් අධ්‍යාපනය සහ මිළ අධික විදෙස් අධ්‍යාපනය ලැබී ඇත.. තවමත් ලැබෙමින් පවතී.. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් තවත් ලැබෙන්නට ඇති දෙයක් නැත.. අපට ඇවැසි නම් විදෙස් රටවල පදිංචිව දිගටම සිටීමේ වරමද ඇත.. එසේ හෙයින් තවත් "ධනිය ගෝපාලයෙකු" වී සිටීමේ පූර්ණ හැකියාව තිබියදීත්, මෙවැනි සීතල මහ රෑක මේ කොටන්නේ වෙන යම් කිසි අමාරුවක් නිසා නොවෙයි.. ලද්දෝ, නොලද්දෝ, ලද්දෝ නොකරත් නම් උන්...
වැද්දෝ බැවිනි...

නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතිහාස කථා, උප්පත්ති කථා සහ විපත්ති කථා ඇද ගන්නා විට, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ගේ සියළු පාක්ෂිකයන්ට උනුන්ගේ මුහුණු වලට කෙළ ගැසීමට සිතෙන තත්වයක් උදා වේ.. ඒ ඊනියා නිදහසෙන් පසුව ගතවූ දශක හය තුල, සිසු දරු, දැරියන්ගේ හිස් ගෙඩි මත අප කාගේ, කාගේත් වැරදි පුපුරා ගොස් ඇති හෙයිනි.. එහෙත් අප එවැනි බහින් බස්වීම් මේ පරිචින්නයෙහි ඇති කර නොගත යුතුය.. සාමාන්‍යයෙන් මහජනතාවගේ බඩවතට සහ හදවතට තදින් දැනෙන මෙවැනි මාතෘකා අරඹයා අරගල ඇතිවූ විට, සාපේක්ෂව පසුබැස සිටින දේශපාලනික ප්‍රවාහයන් ඊට එක්ව කටයුතු කිරීම සාමාන්‍ය දේශපාලන සංසිද්ධියකි.. ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් වරක් පැවසූ පරිදි "වීදියෙහි හටගන්නා කවර මුහුණුවරක හෝ අරගලයක් දේශපාලනයෙන් තොර නොවන බැවින්" මහජන විෂයෙහි ඕනෑම අරගලයක දේශපාලන වාසි ලබන්නෝ සිටිය හැකි අතර, එහිත් එක අතකට ඇති වරදක් නැත.. එහෙත් අධ්‍යාපනය සියල්ලන්ට සමසේ ලැබීම තහවුරු කරනු වස්, සියළු මතධාරීන් වාසි ප්‍රයෝජන ලබන චේතනා කැටිව වුවද එක පෙරමුණක් බැලීම ශුභ නිමිත්තක් වග නොකියාම බැරිය..

පරඬැලක් සේ දුර්වලව, හුළඟක් සේ වෙර බලෙන් පිරිහී වුව, පණ නළ යාන්තමින් රැඳී වුව ගෙදරක අම්මා ඉන්නවා නම්, ඒ නිවහනේ නිවැසියන්ට මහා රැකවරණයක් ඇත... "අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ" කියන්නේ එහෙයිනි.. නිදහස් අධ්‍යාපනයද ඒ අම්මා වැනිය...සර්ව සම්පූර්ණ නොවූවත්, යාන්තම් හුළං රැල්ලක් සේ හෝ රැකී තිබෙන තාක් රැකවරණයක් පවතී.. "මේ කුරුවල් වී ගිය නිදහස් අධ්‍යාපනයෙන් රටට මෙතෙක් ලැබී තිබෙන්නේ කුමක්ද? මෙය වෙනුවෙන් මෙතරම් දඟලන්නේ මක් නිසාද?" යැයි අසන අය මේ දිනවල විරල නොවෙති.. ඒ අයට අප පැවසිය යුත්තේ "මේක මෙච්චරක් හෝ තිබිලාත් තත්වය මෙහෙම නම්, මේක නොතිබුණා නම් තත්වය කොහොම වන්නට තිබුණාද?" යන්න පමණි.. "මේ ඇදුරන් රටට කළේ මොන හොඳක්දැයි? " අසන අයට දිය යුතු පිළිතුර වන්නේත් "මේ අය ඉඳලාත් මෙහෙම නම්, මේ අයවත් නොහිටියේ නම් තත්වය කෙබඳු විය හැකිද?" යන්නය.. මේ අධ්‍යාපනය, මේ උගතුන්, මේ සාක්ෂරතාවය තිබිලාත් මේ සමාජයේ තත්වය මෙය නම්, මේවා නොතිබුණා නම් යන්න සිතා බැලිය යුතු දෙයක්ම නොවේද..? ..

Education is a right..!
අනෙක් අතට ඔබට, ඔබෙ වෙනුවෙන් හෝ ඔබේ දරුවා වෙනුවෙන් මුදළට අධ්‍යාපනය ලබා ගන්නට සැළකිය යුතු පිරිවැයක් දැරිය හැකි පසුබිමක සිටින්නෙකු නම්, ඔබ අන් අයටත් වඩා හොඳින් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සහ එය වඩාත් ශක්තිමත් කිරීමේ සටනට උර දිය යුතුය.. මක් නිසාද යත්, මේ මොහොතේ ඔබ එසේ නොකරන්නේ නම්, එයින් අධ්‍යාපන වරම් අහිමිවී නූගතුන් සහ සදාචාරයෙන් පිරිහී ගියවුන් ලෙස සමාජගත වන අති බහුතරය, හෙට දිනයේදී සිප් වරම් ලැබූ ඔබේ හෝ ඔබේ දරුවාගේ "ගහලයන්" බවට පත්විය හැකිවීම අනිවාර්ය නිසාය.. එවැනි භයානක සමාජ පසුබිමක් නිර්මාණය නොවීම පිණිස, අද ඔබ වීදියෙහි දකින දරුවාටත් අකුරු සතර කියා දීමට හැකි නම් උත්සුක විය යුතුය.. යම් දිනක ඒ උත්සාය ඔබේ පණ නළ රැකදෙනු ඇතැයි සිතිය හැක..  
 
අන්ත ප්‍රතිගාමී "වනාන්තරවාදී" අතළොස්සක් හැර, ප්‍රඥාවන්ත අති බහුතරය මේ අරගලයට සහාය දෙනු දැකීම සතුටට කරුණකි.. ඔවුන් අතර ආණ්ඩුවේම පක්ෂ වල සාමාජිකයන් සහ නියෝජිතයන්ද සිටිති.. ඒ නිසාම මෙය ඊනියා අරාබි වසන්තයක් කියා වත්, "විප්ලවයක්" කියාවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියාවත් කිසිවෙකු අනීවාරත තිගැස්මක් ඇති කරගත යුතු නොවේ.. මෙය හරි හතරැස් හිස්වැස්ම සහ ලෝගුව වරක් හෝ කිහිප වරක් පැළඳ හුරුව ඇති පිරිස් නන් දෙසින් එක්ව, කිසිම ඊර්ෂ්‍යාවකින් තොරව, තවත් බොහෝ අයට වඩා අභිමානයෙන් යුතුව එසේ පළඳින්නට වරම් ලබා දෙවන පරිශ්‍රමයක්මය.. එය එසේම වේවායි අප ඉත සිතින් පතමු..!..

FUTA වෑයමට ජයවේවා...!
 
ප.ලි: නිදහස් අධ්‍යාපනය තව බොහෝ කලක් රැකේවා..!

Thursday, September 27, 2012

හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?

කොච්චර සල්ලි හම්බ කළත් ඉතිරියක් නෑ වගේද..?
හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?
ඒකට කොටස් වෙළඳ පොළ සුදුසුයි කියලා හිතනවද..?

පොඩ්ඩක් ඉන්න...

ඔබ මුදල් ඉපයුවේ අමාරුවෙන්.
එහෙමනම් ඇයි ආයෝජනයට කලබල වෙන්නේ.

සල්ලි ආයෝජනය කරන්න කලින් හොඳින් දැනුවත් වෙන්

කොටස් වෙළඳපොළේ ආයෝජන එකස්පර්ට් කෙනෙක් වන අපේ සාතන්ගේ එක්ස්පර්ට් ඔපීනියන්ස්

කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1

අපේ ප්‍රවීණ දේශපාලන විචාරක "මාතලන්" ගේ අදහස්

කොටස් වෙළද පොළ මාෆීයාව - CSE Manipulators


"විමසුම" මුල්‍ය සඟරාවේ [අයි.ටී.න් විමසුම නෙමෙයි] මේ ගැන ගිය ලිපි



රජයේ අවවාදය: ඔබේ අමාරුවෙන් ඉපයූ මුදල් බුද්ධිමත්ව ආයෝජනය කරන්න.

සල්ලි දාන්න කලින් කියවලා ඉන්න..!
 

Tuesday, September 25, 2012

ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..?

1. "ජනසේනා" ලියන්නේ කවුද..?

2. ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..?


3. "
ජනසේනා" මීවන පලානේ ජයරත්න සමඟ වලි දාගත්තේ ඇයි..? 

ලඟදීම....
මෙය කවුරුන් විසින් කාහට කොතනක කියන ලද්දක්ද..?

කමින් සූන් ටු අ සින්ඩිකේටර් නියර් යූ

- විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය