විවිධ

Powered by Blogger.

Thursday, September 30, 2010

කමෝන් සෝමෙ........! (思 春来)

ධනවාදය උග්‍ර අර්බුදයකට මුහුණදී සිටිද්දී චීනය විශාල වර්ධනයක් ලබමින් සිටිනවා - සෝමවංශ අමරසිංහ
'සියලූ ජයග‍්‍රහණ ලබා ගන්න පුළුවන් යැයි කියූ ධනවාදය මෙතෙක් මුහුණ දුන් උග‍්‍රම අර්බුදයට මුහුණ දෙමින් සිටින නමුත් ඒ අර්බුදය අතරේ චීනය විශාල වර්ධනයක් ලබා ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.' (lanka truth)
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
'红豆生南春来发几枝,此物最相思。? 愿君多采撷 LTTE 春来发几枝,此物最相思 春来发几 SLBC 枝,此物最相思. 相思。? 愿君 DDT 多采撷 春来发几枝,此物最相 AIDS 相思。? 愿君多采撷 春来发几枝,JVP 此物最相 相思。? 愿君多采撷 CTB 春来发几枝,此物最 TVP 相 相思。? 愿君多采撷 春来 BBC 发几枝,此物最相 ! 相思。? 愿君多采撷 ADSL 春来发 VD 几枝,此物最相 相思。? 愿君多采撷 CID 春来发几枝,此物最相..............!'

Wednesday, September 29, 2010

ඉරිසියාව

දේදුන්නක් පායනතුරු අහස දිහා බලා ඉන්න
හීතල වැහි බිංදු වැටෙන උදෑසනක එය දකින්න
පාට පාට අහස පුරා විහිදෙන ලස්සන බලන්න
අපි ආයෙත් පෙරුම් පුරමු ඒ හීනෙට තුරුල් වෙන්න

වියැකී ගිය දේදුන්නට යටින් විජිතයක් නගන්න
අත්වැල් බැඳ ගෙන හිනා වුනා හිත පිරෙන්න
සිත පුබුදා - ඇගිලි බැඳුන ඒ ලස්සන දා නොවෙන්න
අපි තාමත් ඇගිලි ගනියි එක වහලක් යටට එන්න

දේදුනු මැකිලා අහසේ අඳුරු කෝඩ ඉතිරි වෙන්න
දවස් ගෙවී ගියේ හිනා මල වියැකී කඳුල නගන
අතැගිලි අස්සෙන් ගිලිහෙන කාසි නියා හිත රිදෙන්න
පටන් ගත්ත දා හිතුනා අතැගිලි හැර වෙන්ව යන්න

එක වහලක් යට ඉඳ ගෙන ඇල් බත් මුල් දෙකක් හැදෙන
එකම බස් එකේ දෙතැනක වාඩි වෙලා අහස බැලෙන
හීන් සීරුවේ එක හිත දෙකට බෙදී ඇති බව දැන
නොරිස්සුමක් හිත මතුවෙයි ජෝඩු දකින පාරෙ සරන

හිතුවක්කාරයා

Tuesday, September 28, 2010

තලාගමයා ගිය අතක් නැත.

"දැන් මූකලං ඉරිඟු වැවෙන්නේ නැත.
මූකලං ඉරිඟු වැවෙන්නට පුළුවන.
එහෙත් මූකලානේ හේන් කොටන්ට අවසර දෙන්නේ නැත.
එහෙම උනත් හේනක් කොටාගන්ටත් පුළුවන.
ඒත් හේන් කොටන්ටත්, මූකලං ඉරිඟු හිටවන්ටත්, පැල්මැහි බැඳ රෑ තිස්සේ ඒවා රැකබලා ගන්ටත් ඉතිරිවුණු මිනිහෙක් නැත.
එහෙව් මිනිහෙක් වුණු තලාගමයා ගිය අතක් හොයාගන්ට නැත.
"
* * *
ගුණපාල මහත්තයා තලාගමයාට [කියලා/හොරෙන්] නොමුහුන් මූකලං ඉරිඟු කරලක් හදන්ට ගියපු පට්ටන්දරේ කියන
නිශ්ශංක විජේමාන්නගේ
මුවා මැරූ සලමන්
නං හැමතැනම ඇත.
ඒක නොකියවූ එකෙක්ගෙං වැඩක්ම නැත.

Sunday, September 26, 2010

දූවිලි.......

මේ අනන්ත විශ්වයේ,
නොගිණිය හැකි තරම්
පුංචි තිතක් තියෙනවා පෘථිවිය කියලා.
ඒකෙ ඉන්න කෝටිම පන්සීයක්ද කොහෙද වෙන
මිනිස් ප්‍රාණීන්ගෙන්
එක්කෙනෙක් මම.

තව විදිහකට කියන්නද?

මිනිසා පරිණාමය ඇරඹූ දා පටන්,
මේ මිහිමත ජීවත් වූ
මිනිස් ජීවීන් ට්‍රිලියන ගණනකින්
එක්කෙනෙක් විතරයි මම.

මම හොඳටම දන්නවා
මං දූවිලි අංශුවක්.
ඒ කියන්නෙ... ඔයා කියලත් වෙනසක් නෑ.
මට ඔයාව අහිමිවීම...
දූවිලි අංශුවකට, තවත් දූවිලි අංශුවක්
නැතිවුනාට වඩා දෙයක් නෙමේ.

මහ කාලයක් නෙමේ.
තව අවුරුදු සීයකින්.......
ඔයා කවුද?
මම කවුද?
ඒ වෙනකොට අපි කොහේවත් නෑ.
කාටවත් අපිව මතක තියෙන එකකුත් නෑ.
අඩුමගානේ අපිටවත්....

ඉතින් මොකටද
ඔයා මාව අමතක කලා කියලා
මම පොල්කටුවකින්
මහ මුහුද හිඳින්න යන්නේ...?

ඔයාට ස්තුතියි.....
එක දෙයකට.
ලෝකය කියන්නේ
අපි දෙන්නා විතරක් බව
හිතන් උන්නු මට,
මම කවුද කියලා කියා දුන්නට.

ඇත්තටම අපි දූවිලි.

-රේණු.

Thursday, September 23, 2010

අතිනත යන කුසුම

කලුවර ඇවිදින් හිත ගිලගන්නී
හදවත නොදනී සුසුම් හෙලන්නී
පුරුදු සුව`ද වෙනුවට දැවටෙන්නී
නොකල්හි ඇවිලී ගිනි ලියලන්නී

හදවත වෙනුවට ගත සිප ගන්නී
නිය පහරින් ලැම රිදෙනු දැනෙන්නී
කුස දැනෙනා ගිනි නොවඩා ඉන්නී
ගිනියම් ගත වෙර - දාහය උහුලන්නී

මල්බර සමය සෙමෙන් පසු වන්නී
ගත දැඩි වෙන්නී බිය පහ වෙන්නී
වත දක්වා හිත හකුලා ගන්නී
දුක් බර දිවිය ගෙවා සැනහෙන්නී

අසෙනිය සේ සැඩ වදන් නැගෙන්නී
දළ රළ සේ අපහාස වි`දින්නී
ගින්න නිවා ගින්දර ද නිවන්නී
හෙටත් අද මෙන් ම මගදී හමුවන්නී



http://hithuwakkaraya.blogspot.com/

Wednesday, September 22, 2010

නිමක් නැති හිස්බව වෙනුවට....

අඩුමගානේ,
නිමක් නැති හිස්බව වෙනුවට
මොකක් හරි දෙයක්.......!
 
අලුත් ඇරඹුමක්.
http://sanuwa.blogspot.com/

හාල් දේශප්‍රේමීනි, එක්වව්!

මේ පුංචි කොදෙව්වට එල්ලවන ත්‍රස්තවාදී තර්ජන නිමක් නැත. එලිපිට ගේම ඉල්ලූ මෝඩ LTTE ත්‍රස්තවාදය මෙන් නොව, ඇතැම් ත්‍රස්තවාදී තර්ජන අප වැනි දුහුනන් ගේ මනැසට ගෝචර නොවන වේශයන්ගෙන් පැමිණෙමින් පවතී. එවන් නවතම ත්‍රස්තවාදයක් අප අසහාය දේශප්‍රේමී බුද්ධිමතෙකු විසින් හඳුනාගෙන ඇති අතර සියලු හාල් දේශප්‍රේමීන්ගේ අවධානය පිණීස එය නැවත මෙසේ ප්‍රසිද්ධ කරමු.

උපුටා ගැනීම - lanka e news

'පාන්පිටි ත්‍රස්තවාදයක් පියසිරි සොයාගනී
ත්‍රස්තවාදීන් ලවා අප රට යටත් කර ගැනීමට උත්සාහ කල බටහිර රටවල් එය ඉටුකරගත නොහැකි වීමෙන් පසු අප රටේ ආර්ථිකය යටත් කර ගැනීමට පාන්පිටි ත්‍රස්තවාදය හරහා ගන්නා උත්සාහය, පරාජය කිරීමේ සටනේ ආරම්භය ලෙස බටහිරින් ශ්‍රී ලංකාවට එන පාන්පිටි සඳහා වැඩි බද්දක් අය කර පාන් පාරිභෝජනය අඩු කිරීමට රජය ක්‍රියා කල යුතු බව හිටපු සංස්කෘතික නියෝජ්‍ය ඇමති පියසිරි විජේනායක මහතා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී විජේනායක මහතා එසේ පැවසීය. ශ්‍රී ලංකාවේ වී ගොවියාගේ ප්‍රධාන සතුරා බවට පත් වී ඇත්තේ බටහිරින් පාන් පිටි මේ රටට ගෙන්වන බහුජාතික සමාගම් බවත්, ඒ නිසා රජය පාන් පිටි සඳහා අධික බදු අය කර පාන් පිටි මිල හාල් පිටි මිලට වඩා ඉහල දැමිය යුතු යැයි පවසන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජේනායක මහතා තමන් ඉදිරි දින කීපයේදී පාන් පිටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළීවෙල පිළිබඳ සවිස්තර වාර්තාවක් රජයට ලබාදෙන බවද පැවසුවේය.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට නම් ත්‍රස්තවාදය වැනසුවා සේම මේ පාන්පිටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කල යුතු බව ඔහු තව දුරටත් පැවසීය.

සියලු ‍හාල් දේශප්‍රේමීනි, එක්වව්!
අතිගරු ජනාධිපතිතුමා බේරා ගනිව් !

Sunday, September 19, 2010

සුබපැතුම්....!

'සොඳුරු සිත' ට අවුරුද්දයි !
එයා දැන් ලොකු ළමයෙක්.

Saturday, September 18, 2010

දැකල පුරුදුද?

'මා යා යුතුව තිබෙන්නේ දාන්තේවාද නගරයටයි. එය උඩ සිට පහලට හැරවුනු නගරයකි.ඇතුලත සිට පිටතට දිග හැරුනු නගරයකි. '
'දාන්තේවාදහි පොලිසිය සාමාන්‍ය ඇදුම් අදිද්දී කැරලිකරුවෝ නිල ඇදුම් පලදිති.බන්ධනාගාර නිලධාරීහු සිරගෙවල් තුල පසුවෙද්දී සිරකරුවෝ නිදහසේ දවසරිති.'
'දූෂනයට ලක්වූ ස්ත්‍රීහු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.දූෂකයෝ කඩමන්ඩියේ කතා පවත්වති.'
'අලංකාර වනාන්තරබද ගම්මාන වල කොන්ක්‍රීට් පාසල් ගොඩනැගිලි පුපුරුවනු ලැබ ඇත නැතිනම් පොලිස් නිලධාරීන්ගෙන් පුරවා ඇත.වනාන්තර තුල දිග හැරෙන මාරාන්තික සංග්‍රාමය වනාහි............'

සහෝදරවරුන් සමග
යන හිසින් ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් Walking with the comrades යන නමින් 2010 මාර්තු මස ඉන්දීය Outlook සගරාවට ලියන ලද දීර්ඝ ලිපියේ අනුවර්තනයකි.


මෙතනින් යන්න.....
The vacuum රික්තකය

සිවුරට යටින්..


වටා පතෙන්
අමු සිවුරෙන්
වැහිලා – “මිනිහෙක්..!”

හිනාවෙන්ඩ බෑ
ඒ කියන්නෙ හදවතකුත් නෑ..!

අඩා වැටෙන්නෑ
එතකොට කඳුලු වැටෙන් නෑ..!

හයියෙන් ඇවිදින්නට බෑ
එතකොට කකුල් දෙකක් නෑ..!

මොනවා කලත් පිනට නොකා බෑ
එහෙම නැතුව නිවන් යන්ඩ බෑ..!

මේ ඔක්කොම නැතුවුනාම
පංචස්කන්දෙම නෑ..!

එහෙම එකක් නැති උනාම
සිවුරක් – ඇදලා වැඩක් නෑ..!

වටා පතෙන් කහ සිවුරෙන්
වහලා වැඩක් නෑ..!

“මිනිහෙක්” නැත්නම් -ඊට යටින්
වැදලා වැඩක් නෑ……


By 47
('මට හිතෙන හැටි' බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තකි)

සුදිල් නිලුපුල් පුතුනි..


පුතුනි මින් මතු
තිරිසනුන් අවි නොගත්
දේශයක ඉපදියන්..
නිල ඇඳුම් මිනිසුන්ට
පමණක්ම වෙන් කෙරුණ
දීපයක ඉපදියන්..

Friday, September 17, 2010

හිතුවක්කාරයාගේ  සිව්රියන් .............. කවියට ගැමියාගෙන්

ගෝනා  මුවා කෝකත් ඉද එක              පිලක
දානා      කස්තිරං තරුපටි පැළඳ            නෙක
ඕනා      තරං රිදවති මනු කුලේ                එක
වැන්නා    රැඟුම් මොනරිඳු හෙළුව  නොමදැක

hithuwakkaraya: සිව්රියන් හාරන්නෝ හෙවත් පොලීසිය

hithuwakkaraya: සිව්රියන් හාරන්නෝ හෙවත් පොලීසිය

Thursday, September 16, 2010

සී සහ ඩී ගිනියම


හිකි හිකිස් ගාන කෙල්ලන්ට
උන් පස්සෙ යන කොල්ලන්ට
ඒ විතරක්ද කොල්ලන් දිහා බල බල
උන් අවදි කරවන ඳගකාර කෙල්ලන්ට
පිහිටවන අතිරේක පන්තිය

ඉස්කෝලෙ උගන්නනවා මදි
පන්තියේ කියා දෙනවා හොඳට
ඒ විතරක් ද මගේ යාලුවොත් යනවා
කියා ගෙදරට - ඇවිටිල්ලකින් පසු
උදා කරගන්නා අපේ අතිරේක පන්තිය

ටියුට් විතරක් ද - නැහැ තවත් පොත් එහෙම විකිණෙන
අපි විතරක් ද - අපේ ගුරුතුමාණෝ ද සැනහෙන
එක ම තැනකට වෙලා කච කච මැද
පුංචියට හිත රිදෙන කවි ලියා අතිනත යවන
අන්තිම දවසෙ සාදයක් දා සැනසෙන

ඒ වසන්තයට පසු විභාගය ඇවිදින්ය
හිත දලු දැම්මාට විතරක් ලකුණු නොලැබෙන
අහිංසක විදියට හොරෙන් බලලා සමුගන්න
විභාගය ඉවර වී හීන අතරෙ සැරිසරන
හැම මොහොතකම හිත දවන සී සහ ඩී ගිනියම

- හිතුවක්කාරයා විසින් 'ගැමියා' හි දමා තිබූ කොමෙන්තුවකි.

Tuesday, September 14, 2010

බැනර් බාස්ලා ඕනෑ කර තිබේ.


පැය දෙකක් මහන්සි වී සෑදූ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඉහත මගුල වෙනුවට හොඳ බැනරයක් සෑදිමට හැකි බැනර් බාස්ලා ඕනෑ.
ඔහුට තෑග්ගක් වශයෙන් ලබාදිමට කැමැත්තෙන් සිටින මයික්‍රොසොෆ්ට් හි මෙතෙක් කල හොඳම නිෂ්පාදනය පහත දක්වා ඇත.

ඉස්සර දවසක් ආයෙ ඇවිත්

වැට කෙළවෙර් අන්දර පැලේ මල් නොපිපෙනා
දෙපැත්තට සෙලවුණේ හිත අද්දරින් ගිය සුව`දක් නිසා
ගිනි මද්දහන තැවුලක් වුණේ නෑ
කිසි විඩාවක් නම් නොවෙයි - සැර දූවිලි වලා

ලෙන්ගතු කමක් හොරකමට විත් හිත ල`ග නැවතුනා
සත්තකයි ඒකාලෙ ගෙවුණා - ආයෙ හමුවුණේ පහුගිය දිනේ
හීනයක් සේ මැවී පෙනුණා හීනියට හිත පොපියනා
පුසුඹ ඉව අල්ලා තාම දැවටෙමි ඒ අන්දර පැලේ දැන් මහ ගහක්


හිතුවක්කාරයා

ශ්වේත රාත්‍රීය


ඈ විලාසිනියකමැයි අප නොදන්නා වග දන්නා
නොවී ගොදුරක් වී කරනු කෙලෙසක යැයි දන්නා දඩයම්

මහ රාත්තිරියක් උදා වෙන බව පෙනෙන මොහොතේ
අවුලවන ගිනි වැට අතරින් බලන්නී ආලෝකයක්

හමන පවනට නොදා පාවෙන්ට වියලි තණ පත්
සුලං හමනා දිසාවට ඉව අල්ලන්නී ලත් සහජයෙන්

නැන නුවණ වැඩී ඇති මුත් අප ද ලපටි තණ ගිරවුන්ය
පනින්නී දැක දැකත් ඇවිලෙන සොඳුරු ගිනි දැල් වෙත


විටෙක ඇය වැඩී ආ ගොර බිරම් දේශයක වීරවරියයි
මාරාවේශයෙන් සිටින මැරයන් හමුවේ සුදුවත හැඳසිටි

රට ම ආවේශයක හෙලුවේ මන්ද - දැන දැන එ මැරයන් හමුවේ
දස දහස් තරුණන් ජීවිතය විඳින්නට පෙර මිය යන බව

එයින් පසු පැරණි කවි වැල් ගෙන ගොතා මාලා පළඳවා ගත්තී
අනුන් එය කරනා විට දොස් පරොස් නැගෙන ලෝකයකම

කැඳවා රට පුරා දුහුනන් ඔවුන් අත ලියැවුන මල් නෙලා
තමන් මල් කළඹක්ව වී පිදුනාය පූජාසනයක නොදන්නා

විරෝධය? ජාතිවාදය පමණක් ද දරුවන්ට ඉගැන්වී අකුරු ද
සත්‍යය ය මෙයැම වේ යැයි කල්පනාවේ ගැලී සිටි දුහුනන්ට

තැන තැන වෙඩි පුපුරවමින් දිවි නසා ගන්නා සොයුරු කැළ
මළ ගෙදරක් කළේ රට එවිට නොපෙණුනි ඈ සිහිනයෙන් වත්

දැන් ඉතින් කාලයයි - යළි විඳින්නට විදා අත් මේ ආහ්ලාදය
තුච්ජ යැයි උන් කියූ මණ්ඩපයකට වී
ගිනියම් රටක
ශ්වේත රාත‍්‍රිය...!

Posted by hithuwakkaraya
(Pic. from හැන්දෑව )

Monday, September 13, 2010

බුමුතුරුණු......

Welcome!

හොරකම් කල කවියක්...

එක් පාලු සැඳෑවක්

මිදුලට බැස
කැටි ගැසුනු
වලා පිරි
අහස පිරික්සමි.

ඇය
එහි
නැහැ

(ජනක මහබෙල්ලන - දෙසැම්බර් කාලකන්නියා සමඟ මගේ රුබයියාට් - 2005 )

Thursday, September 9, 2010

හීන 700 ක්.......?

එක්කෝ,
සිහින 7 ඒවා 100 ක්
නොහොත්
සිහින 700 ක්!

නැතිනම්,
යහපත් සිහින
1 ඒවා 100 ක්!
'සත් සිහින' සෙන්චරියට 
සුබපැතුම්!

Tuesday, September 7, 2010

කැතද ?

08 වෙනිදයින් පස්සෙ අපිත් ටිකක් පිළිවෙලට ඉන්න ඕනෙ හින්දා අලුත් ඇඳුමක් ඇන්දුවා. ගුණාගුණ කොහොමද? දැනට ඉන්න authors ලගේ අඩවි ටික වම් පැත්තෙ තීරුවෙ දාමු කියල යෝජනාවක් තියෙනවා. මොකද කියන්නෙ?

නොදැවෙන ඉනිම....



නොට්අවුට් බැට් කරනව
මමනම් ගොඩක් කල්
දැන් මේක අපේ
ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකයි..

අපේ ගෘහ‍යට ඇවිත්
බැට් කරන්නට ඕනිද..?
උත්තරේ දෙන්නම් කෙටි‍යෙන්
"ඒව හ‍ඳේ" හරිද

Monday, September 6, 2010

ව්‍යවස්ථා සංශෝධන

මොනවද වෙන්නේ භයානක දෙයක් - ගැන හැමතැන බස් දොඩවනවා
ඇයිදෝ දන්නෑ එහෙම කරන්නේ - තැන තැන කසු කුසු පැතිරෙනවා

පුතා දන්නෙ නෑ දේශපාලනය ගැන - ඒවා සිදුවන්නේ එහෙමයි
බලයට ආවොත් එයින් ඉවත් වී - ආපහු යනු බැරි ලෙඩක් හැදෙයි

නිදහස ලබලා හැට අවුරුද්දක් - ගෙවුනත්අපි තාමත් එතැනයි
බලය ඇති කෙනා ඉන් පවතිනවා - එහෙම මිසක් අපි ගැන නොතැවෙයි

චන්දය කාලෙට එක එක පාටින් - නොයෙක් මුසා බස් දොඩවනවා
ඒවට අහුවෙන අපි වාගේ අය - මනාප දී රජ කරවනවා

ඉර පායන විට ස`ද බැස යන විට - ලෝකය පවතින බව පෙනෙතෙයි
සුදු මුදු නිකසල මෙතරමට ඇයි- බලයට තන්හා නොම දනිතෙයි

හැඩ වැඩ තිබුණත් ඔප රුළි නැගුනත් - මුහුදත් අපෙ ජීවිතය වගේ
පවතිනත් හැකි නැතිවෙන්නත් හැකි - එක රුල්ලයි වරකට එන්නේ

යුද ගිනි නිවුවා රට ගොඩ නැගුවා - රුහුණෙන් මතු වුන වීර ගති
එහෙම හිතනවද හැම දෙනෙක්ම අද - එහෙම වගක් පෙනුමට නොමැති

එක එක යුගයේ නායකයන් හට පැවරුණ - තෙද යුතුකම් තිබුණා
ඒවා ඉටුකර ජනමතයට නැමි - විරුවන් නිසි මොහොතේ නික්ම ගියා


හිතුවක්කාරයා

Sunday, September 5, 2010

සුහද ආරාධනා....



වසර ගණනක් පුරා
අන්සබාගය හැදී
ලෙඩ ඇඳේ පණ ඇදපු
පරජාතන්තරවාදය
එල්ලා මරණ සුබ මොහොත
එනවා ලබන අට දා
ඔබටයි මේ ඇරයුම්
අරගෙන එනවාද
කට ඇරීමේ නිදහස....
අකුරු ලිවීමේ අයිතිය....
එදාට
ගිනි දෙයියන්ට පූජා කරන්න...

උස්සපු එකක්....

දමනය

හීලෑ කරනු සියලුම බුද්ධිමතුන්
නැතහොත් මරාදමනු
අණකලා උතුමාණෝ
තහනම් කරව්
සියලුම න්‍යායන් මතවාද හා සංකල්ප
වාද විවාද
වෘත්ත චතුරශ්‍ර හා ත්‍රිකෝණ
මතු නොව
තුනට ඉහලින් ඇති සියලුම සංඛ්‍යා
දැන් සර්ව බලධාරී උතුමාණෝ
දුර බැහැර රටකින් මිල දී ගත්
ආචාර්ය උපාධිය වෙනුවෙන්
පමා වූ තිසීසය ලියයි
නිදහසේ
එක දෙක
එක දෙක
එක දෙක


- By Gadfly on මාර්තු 30, 2010
http://gadflyzone.wordpress.com/

ආයිබෝං විකී.

Saturday, September 4, 2010

The end of democracy

"අපගේ විශ්වාසය වන්නේ පවතින සමාජ දේශපාලන යථාර්තයට සාපේක්ෂව මෙම සියඵම අරගලයන් එකම පෙරමුණකට ගෙන එමේ නිශ්ඵල උත්සහයන්හි නිරත වීම වෙනුවට මෙම විවිධ ක‍්‍රියාමාර්ගයන් අතර පොදු අවබෝධයක් වර්ධනය කරගනිමින් මේ සඳහා වන විරෝධය බහුවිද මුහුණුවරයන්ගෙන් සමාජය තුළ ඉතා ගැඹුරු අන්දමින් සටහන් කිරීමේ වැදගත්කමයි."

ගැමියා.

අලුත් තාලෙ පරණ කතන්දර අහුරක් අරන් 
විකී ගෙ
ගැමියා
අඹ ගහ යට ඇණතියාගත්තා.

Thursday, September 2, 2010

ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ කලර් ලයිට්.


ලේසි වෙන්නෑ ගොයියො......

අහිමි දේදුන්නක වරුණ

එක පන්තියේ එකට හිටි හිතවතී
අනේ ගෙදරින් බනී කියලා ගියා
හිත නොරිදවා ක`දුලක් තියා
පාවෙලා යන මීදුමක් වාගේ

ආයෙ දවසක හමුවුණාමත් මුවෙන් නොදොඩා
ගොලුවෙලා හිටියේ දුකෙන්
අහිමිවූ හදවතක දුක ගැන
දැනුනෙ සමුගෙන හැරි හැරී යද්දී

අපි වෙන්වුනා - ඈ දුරගියා
පාට දේදුන්නක් හිතේ තනි කරලා
මෙන්න දවසක පුංචි සමනලියෙක් එක්ක
ඇගේ ලෙන්ගතු හිනා පිරි වත හමුවුණා

අපේ දරුවන් එක්ක යන්නට අපි දෙන්නාම ඇවිදින්
එදා පාසල් කාලයට යන්නට බැහැ
හිතේ තනියට සුව`ද වි`ද ගන්නනම් තහනම්
එත් කොහොමද හැරී නොබලන්නේ

-හිතුවක්කාරයා

අඹ ගහ යට: හිතුවක්කාරයා...

අඹ ගහ යට: හිතුවක්කාරයා...: " එකතු වුනා "

Wednesday, September 1, 2010

පුතා ඇවිත්.

වල්මත් වී තරුවක් දුටුවෙමි.....

ජීවිතේ හිරවෙලා
බිත්ති හතරකට,
මූනු පොතට,
පරණ ඇඳට...
හෙව්වා බොන්ඩ දෙයක්
සැර...
තිබුනේ එක බියර් එකයි
පරණ...
ඒකත් කඩලා
බාගයක් බීලා
රැස් ගිහින් තිබුනෙ
හොඳටම...
අතට අරන් ඒක
අනිත් අතේ
සිගරට් පැකට් එක.
ගියේ එලියට
හුලං පොදක් එක්ක
ඉවරයක් කරලා දාන්ඩ
බියර් බාගය...
කිලිපොලන සීතල
පරණ කඩමාලු කලිසම
පසාකරගෙන
වදිනවා දනිස් පොල්කටු වලට..
කැරකෙන හුලඟේ
පස් පාරක් විතර
ලයිටරේ පත්තුකරා
දල්වන්න සිගරට් එක...
"අම්මපා..
ගෑනු කියන්නෙ පුදුම ජාතියක්..
මුන්ව තේරුම් ගන්න
ඉපදුනත් මදි
ආත්ම 550ක්..."
බියර් එක හිස් කරන ගමන්
දවස තිස්සෙම හිතපු ප්‍රශ්නය
මැක්ක වගේ ආවා ඔලුවට...
නිකමට බැලුවා අහස...
එතකොටයි දැක්කෙ!!!
ගෙවල් වල වහලට මැදිවූ
වලා පිරුන අහස් තීරයේ
හරි මැද...
එකම එක
එකම එක
තරුවක්...!!!
දිලිසෙනවා
වලාකුලු පාවෙනව
ඒක වසාගෙන
ඒත් යලි යලිත් ඒක
දිලිසෙනව
දිගටම...දිගටම....


ප.ලි. : කාලයකට පෙර සිදු වී, පසුව වචන බවට පෙරලී, මාස ගනනාවක් කොල අතර සැඟවී තිබී, හමුවූ සටහනකි. අඹ ගහ යට දමායමි.....

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය