විවිධ

Powered by Blogger.

Sunday, May 19, 2013

අනුරුද්ධ; එන්න ජයග්‍රහණයේ කොකිස් කන්න..!

චාමි සෑම්නම් දේශද්‍රෝහියා හරියටම මීට වසර දෙකකට කලින් මෙසේ ලිවේය. 

නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි.
කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක.....
ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..?
කුජීත නිර්මාල් - ඈහ්.....?
ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද?
කුජීත නිර්මාල් - නැත්තං ඉතිං මේ රාජ්‍යය පවත්වගෙන යන්ඩ.....?
ජයග්‍රාහී අනුරුද්ධ - මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!

"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
 
සියළු අනුරුද්ධ ප්‍රදීප්ලා ජයග්‍රහණය කොට අවසන්ය. මේ කාහල නාදය ඒ වෙනුවෙනි. 

උපුටා ගැනීම අවසන්.

මේ සටහනින් හරියටම වසර දෙකකට පසුව, 
ඒ ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්, කුජීත නිර්මාල් සමඟ එකට සිටගැනීමේ වරදට රැකියාවෙන් දොට්ට දමා තිබේ.

හඳගම සින්ත්ටික් සිහින ටෙලියේ මෙසේ කිවේය,


'අපි යන්නේ රවුමක, එතකොට කලින් පහුවුන දේවල්, ආයේ ආයේ අපිට මුණ ගැහෙනවා'

අනුරුද්ධ ප්‍රදීප්ගේ ඒ ජයග්‍රාහී හඬ මට නැවත නැවත ඇසේ,
 

"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."

Monday, April 29, 2013

ලංකාවාසී ලොකු කුඩා සියළුම හොරු අපෙන් මෙසේ අසති..!

ලෝකල් මට්ටමේ හොරෙක් අපෙන් මෙහෙම අහනවා.
කෝ... දැන් උඹලා මට කලාද?

වැඩේ කියන්නේ දුමින්ද සිල්වා කියන ලෝක හොරත් නවලෝක දේවාලෙන් එළියට ඇවිත් අපෙන් ඇහුවේ ඕකමනේ.





කෝ... දැන් උඹලා මට කලාද?


Sunday, March 24, 2013

"පිස්සු ලාබයි "

 episode 6 : Facebook Marketing    (ගත්තේ මෙතනින්)

ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි අවුල්වූ ලෝකෙක නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් .  අද අපි කතාකරන්නේ අලෙවිකරණය අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත නැත්නම්  facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency  ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක් 


නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන


අලෙවි විශේෂඥ  

මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව  මිනිස්සු ..දැන් තේක බොන ගමන් ,  ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා   බයිබල් පාඨ කුරාන් පාඨ  .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ  නිකන් හදලා  වගේ දාන්න   පුළුවන් .  මේ  ක්‍රමය යටතේ  sales agents ලා  ඕනේ නෑ . ඔබ පලවූ දෙයට  එකඟ වුනත් විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න                 

මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?

 දුක ජාති ආලයදේශ ප්‍රේමය ආගම් වගේ දේවල් තමයි වැඩිපුර


 පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය


ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් පුංචි ළමයෙක් ගේ.  ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ                  බට  ටිකක් ඔබල නහයේ  .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට  ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු. 

තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක්  ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status  update  එකක් "ලොකු මාමා මළා මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ  "සාතිශය සංවේගය  " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
 .එච්චරයි .
 

ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක
 campaigns එහෙම 

මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු    ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද  නංවමු දේශප්‍රේමය"  කියලා . අපි කෙටි  videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .
          

තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා දුටුවාද  අපේ හීන් බාප්පා සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට  දුවන්න ඕනේ නෑ.  . දැම්ම status update එකක්  " අපේ ගෙදරට හොරු පැන්නා එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන්  ඔබට  ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව   කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ  

දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න  දුෂ්ටයෙක්නැති වීම.  ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign  එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද ,  නේ යනවා මනුස්සයෝ යන්න .."  කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ


අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට          

බෙහෙවින්ම ස්තුතියි .  නැවතත් වාරයක හමුවෙමු අවුල්වූ ලොවක වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න 
"පිස්සු ලාබයි " සමගින්

 

Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි..

බාලචන්ද්‍රන්
ලලිත් කූගන්
මේ කවුද ඕයි... 

වර්ජිනිටි,
සංස්කෘතිය, 
මල කරුමයක්නෙ ඕයි.. 

පන්සල්, පල්ලි,
කෝවිල්,
මොකට හැදුවද ඕයි.. 

හලාල් 
බොදු බල සේනා 
මුන් මොක්කුද ඕයි.. 

ඇමති පුත්තු 
එස් අයි පුත්තු
තවත් එවුන් ඉන්නවද ඕයි.. 

මිනිහා, 
හරකා, ඌරා,
මුනුත් සත්තුද ඕයි.. 

මාත්
ඡන්දෙ ඉල්ලනවා ඕයි... 

මට තාමත් මේ රටේ 
ජීවත් වෙන්න 
හිතෙනවා ඕයි.. 

මට පිස්සු වගේ ඕයි... 
වගේ නෙමෙයි ඕයි.. 
හොඳටම පිස්සු ඕයි..

Friday, February 22, 2013

බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ


රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි.....

හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අසුවූයේ නැත.
බිස්කට් කෑමට දී පසුව වෙඩි තබා මැරුවේද නැත.
හමුදාව එතරම් අමානුෂික නැත.
ඇත්තටම බාලචන්ද්‍රන් අසු වුවත් හමුදාව විසින් ඔහුව මරා නොදමනු ඇත.

එහෙනන් යකෝ මේ සංවේදි බ්ලොග්කාරයෝ කියන්නෙ බාලචන්ද්‍රන් මැරුව එක සාධාරණයි කියල. ඒ උන්ගෙ ප්‍රාර්ථනාව නේද? බලන් යද්දි මුන් හමුදාවට වඩා අන්තයිනෙ...

ප.ලි:
මාලන් විසින් ලියූ හැන්දෑව බ්ලොග් අඩවිය වසා දැමූ අවස්ථාවේ ඔහු කීවේ "මුන්ට ලියල වැඩක් නෑ බන්" කියල. උගේ ඒ තීරණය වැරදි බව එදා සිතුවෙමි. මාලන්, උඹ හරි! මුන්ට බ්ලොග් ලියල වැඩක් නෑ...

Monday, January 21, 2013

අඹ ගහ යට අඩවි පරිපාලනයෙන් ඉවත් වීම

"අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වීම.

පෞද්ගලික හේතූන් මත "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වන බව "අඹ ගහ යට" සින්ඩිය හා සබැඳි ඔබ සියලු දෙනාට මෙයින් දැන් දී සිටිමි.


මින් මතුව "අඹ ගහ යට" පරිපාලනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද මෙයින් දැනුම් දෙමි.

මෙතෙක් කලක් "අඹ ගහ යට" [මගේ වගේ] රැඳි සිටීමට අවස්ථාව දුන් චාමිට ස්තූතියි..!


මාලන්.


“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.

නිකන්……
නිකන්ම.. නිකන්..
හුළං වගේ නිකන්”
- මේ මඟේ සඳයි


Friday, December 21, 2012

ටැබූ සබ්ජෙක්ට්ස් ලියූ අවසන් ලිපිය

ටැබූ සබ්ජෙක්ට්ස් යනු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සින්හල බ්ලොග්කරුවා බවට අවිවාදිතය. මේ උපුටා දැක් වෙන්නේ ඔහු ලියූ අවසන් ලිපියයි.

ආගම්වාදය සහ ජාතිවාදය ඔඩු දුවා අති මෙවන් මොහොතක ඔබේ අගය වඩාත් දැනේ..!  

------------------

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.
ගංගොඩවිල සෝමගේ ධර්මය හා ඔහුගේ භූමිකාව ගැන සුළු ගැටළු තිබුණද ලේඛකයා පොදුවේ සෝම දකින්නේද මේ ශිෂ්ට හැසිරීමෙන් විපථ නොවූ ආගමික නායකයකු ලෙසිනි. සෝම හැම විටම අවධාරණය කළේ තමන් ධර්මය දේශනා කරන්නේ බෞද්ධයින්ට පමණක් බවය. අහක ඉන්නා ‘මිථ්‍යා දෘෂ්ටිකයින්’ සිවිල් බලය යොදා ‘සම්‍යක් දෘෂ්ටිකයින්’ කිරීමේ වියරු, අප්‍රායෝගික සිහිනයක් සෝමට නොවීය. තමන් ඇදහූ ධර්මයට අනුව බෞද්ධයින් ‘වඩා හොඳ බෞද්ධයින්’ බවට පත් කිරීමෙන් ඔහු සෑහීමට පත් විය. මේ ශිෂ්ට ආගමික හැසිරීමට හොඳ නිදර්ශනයකි.
මෙයින් අදහස් කෙරෙන්නේ ශිෂ්ට සමාජය ආගමික නිදහස මුවාවෙන් ඕනෑම අටමගලකට ඉඩ දෙන බව නොවේ. ශිෂ්ට සමාජය ආගමට වඩා මානව සංවර්ධනයට හා පැවැත්මට වටිනා දේ ආරක්ෂා කරයි. එනිසා අවශ්‍ය තන්හීදී පොදුවේ මානවයාට අහිතකර ආගමික ක්‍රියාකාරකම් වලට වැට බඳියි. එය ආගමික නිදහස අවම කිරීමක් සේ අර්ථ දැක්විය යුතු නොවේ.
උදාහරණයක් හැටියට මේ ලේඛකයා වරෙක කටුනායක ගුවන් තොටුපළෙහි උල්පැන් ගෙයකදී (toilet) දුටුවේ මක්කම වන්දනා කිරීමට හැරහෙන ඉස්ලාම් බැතිමතකු අමාරුවෙන් පය සින්කයට ඔසවා එය සේදීමට තැත් කරන අයුරුය. එහි සින්ක ඇත්තේ පය සෝදන්නට නොවන බැව් පෙන්නා දුන් විට ඔහු කෝපයෙන් කීවේ පය සේදීම (ablution) මක්කම වන්දනාවට සැරැහෙන කෙනකු අනිවාර්යයෙන්ම කළ යුතු ආගමික කටයුත්තක් බවත් ගුවන් තොටුපළෙහි ඊට නිසි පහසුකම් නැති හෙයින් මෙසේ කිරීමට සිදුව ඇති බවත්ය. (මුස්ලිම් රටවල ගුවන් තොටුපළ වල මේ සඳහා බිම් මට්ටමේ සවිකළ පයිප්පද පිඨිකාද වේ. අනෙක් රටවලද එසේ වී නම් හොඳ වුවත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. මේ සිරිත ගුවන් තොටෙහිදීම කළ යුතු යැයි කුරාණයේ කොතැනක වත් ලියැවී නැති නිසාය.) පැමිණිලි කොට ලබන ප්‍රතිචාරය කවරේද නොදන්නා නිසා ලේඛකයා නිහඬ විය. නමුත් බටහිර රටක මේ සිදුවීම වූයේ නම් ඔහු අනිවාර්යයෙන්ම පැමිණිලි කරනු ඇති අතර, එහිදී ගනු ලබන ක්‍රියා මාර්ගයද පැහැදිළිය. ශිෂ්ටයෝ, පිරිසකගේ ශරීර සුවතාවය එකකුගේ මුග්ධ ආගමික වතාවතකට වඩා වැදගත්ය සිතති.
අශිෂ්ට සමාජයක් ආගමට සලකනු ලබන ආකාරය මීට ඉඳුරා වෙනස්ය. මේ සමාජයක ආගම පුද්ගලික නොව ගෝත්‍රික කටයුත්තක් බවට පත් වේ. ගෝත්‍රික කියනුයේ මෙවන් සමාජයක ආගම කෙනකුගේ ජාතිය, ඇසෙහි පැහැය, ශරීර වර්ණය සේම උපතින්ම තීරණය වන දෙයක් නිසාය. ඉතාම කලාතුරෙකින් කෙනෙක් මෙසේ තමන්ට ජන්මයෙන් උරුම වන ආගම අත් හැර එක්කෝ නිර් ආගමික වෙති; නැතොත් වෙනත් ආගමක් සරණ යති. ඉතිරිය දිවිය මුළුල්ලෙහි තම ජන්ම උරුමය වූ ඉඩ කඩම් සුරකිනවාටද වඩා ස්නේහයෙන් ආගම සුරැකීමේ නියැළී හිඳ ආගම මිනී වළට හෝ සොහොනටද ගෙන යති. තමන් හරිය අනෙකුන් වැරදිය කියා ඔප්පු කිරීමට මිනී මැරීම හැර අන් සියල්ල කරන්ට නොපැකිළෙති. තමන්ගේ මෙලොව පැවැත්මේ හරය අන් සියළු ආගම් මැඬ තමන්ගේ ආගම පැතිරවීමය මෝඩ ලෙස විශ්වාස කරති. (මෙරට නම් මෙය ආගම සම්බන්ධව සේම දේශපාලන පක්ෂ සම්බන්ධවද සත්‍යය. දෙමාපියන් යූ ඇන් පී කාරයින් වූ හෙයින් තවමත් යූ ඇන් පියට ඡන්දය ප්‍රකාශ කරන විශාල පිරිසක් අප අතර වෙති.)
මේ දීර්ඝ අටුවාව පසුගිය දිනෙක සිංහල බ්ලොගවකාශය පුරා දුර්ගන්ධය පතුරවමින් පැතිර ගිය ගෝත්‍රවාදී ආගමික මඩ සටන ගැන අපේ ස්ථාවරය පැහැදිළි කරනු පිණිසය.
ආගම සම්බන්ධයෙන් අපට ගැටළු රාශියක් ඇත. ඒ තනි තනි ආගම් වශයෙන් නොව ඒවා පොදුවේ සමාජයේ ප්‍රවර්ධනයට මං ඇහිරීම සම්බන්ධවය. ආගම පක්ෂ-දේශපාලනයෙන් වියුක්ත විය යුතු බව අපි සිතමු. (මෙහි විලෝමය – ස්වාර්ථය උදෙසා ආගම පක්ෂ දේශපාලනයට වැද්ද ගැනීම අනුමත කරන්නන් විසින් විරුද්ධවාදීන් එවන් ආගම්වලට පහර ගැසීමද විඳ දරා ගත යුතුය.) සුන්නත් කිරීම, හලාල් යන මිථ්‍යා විශ්වාසයට මුවා වී කරන කෲර සත්ත්ව ඝාතනය, බිලි පූජා උදෙසා සතුන් මැරීමඇතුළු සකල විධ ආගමික හිංසනයන්ටද, ගෞතම බුද්ධ වචනයට පටහැනි ලෙස කුඩා දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි කෙරෙමින්ද, ඔවුන් විවිධාකාරයේ ලිංගික හිංසනයන්ට ලක් වන සුළු ලෙසද කෙරෙන අඩු වයස් මහණකිරීම්වලටද අපි විරුද්ධ වී ඇත්තෙමු. (පුදුමයකට මෙන් ලංකාවේ සිදුවන්නේ යැයි කිසිම සාක්ෂ්‍යයක් නැති බාලිකා සුන්නත් කිරීම් ගැන පවා ලොමු ඩැහැ ගැන්වෙන සුළු පින්තූර පළ කරමින් කතා කරන සිංහලබෞද්ධ යැයි කියා ගන්නා ගෝත්‍රවාදීන් ළමා මහණ කිරීම් ගැනද, පන්සල් වල සුලබ ළමා ලිංගික අපයෝජන ගැනද සම්පූර්ණයෙන් නිහඬය
මේ අප විසින් ආගම මානව සමාජයේ උන්නතියට එරෙහිව ක්‍රියා කෙරෙන ආකාරය ගැන සේම තක්කඩියන් විසින් ආගම ස්වාර්ථය උදෙසා වැරදි ලෙස අර්ථ දැක්වීම ගැනද ලියන ලද සටහන් වල දීර්ඝ එකතුවයි. මේ එක් ආගමක් ආරක්ෂා කොට අනෙක්වාට දුවන්ට පහර දීමක් නොව ආගමය කුමක් වුවද අයුත්තට දුටු තැන එරෙහි වීමක් බව බුද්ධිමත් පාඨකයා වටහා ගනු ඇතැයි සිතමු. (එය තමන්ට පමණක් එල්ල කළ ප්‍රහාරයක් සේ ගෝත්‍රවාදීන් වටහා ගන්නේ නම් එහිද පුදුමයක් නොවේ. ඔවුන් ගෝත්‍රවාදීන් නිසාය.)
1. හලාල් කළ කෲරත්වය | Halaalised Cruelty (පෙබරවාරි, 2009)
2. දළදා වතුර මිථ්‍යාව | The myth of ‘Dalada Vathura’ (මාර්තු, 2009)
3. අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination (මාර්තු, 2009)
4. අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah? (මාර්තු, 2009)
5. පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms (අප්‍රේල්, 2009)
6. දේවදත්ත | Devadatta (සැප්තැම්බර්, 2009)
7. හිනැහෙන බුදුන්ට හිනැහීම | Laughing at Laughing Buddha (සැප්තැම්බර්, 2009)
8. Sex in robes | සිවුරට හා ලෝගුවට මුවා වූ ලිංගිකත්වය (අප්‍රේල්, 2010)
9. Anandasangaree’s eye sore | ආනන්දසංගරීට ඇස් රුදාවක් වූ බුදු පිළිම (අප්‍රේල්, 2010)
10. Do good Buddhists eat more meat? | ගෙරි මස් කන්නා යහපත් සිංහල බෞද්ධයාද? (අප්‍රේල්, 2010)
11. Kiribathgoda Gnanananda’s Somawathi magic explained | කිරිබත්ගොඩ ඤාණානන්ද නම් මායාකරුවාගේ සෝමාවතී විජ්ජාව පැහැදිළි කිරීම (මැයි, 2010)
12. “කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa” (මැයි, 2010)
13. සිංහල ඉස්ලාමයෙහි අභියෝගය | The challenge of Sinhalese-Islam (මැයි, 2010)
14. මගේ පුංචි මිතුරා | My Little Friend (අගෝස්තු, 2010)
15. ධර්ම දේශනය – කැසිනෝ සරණං ගච්ඡාමි | Casinos – the short cut to Dharma Rajya (නොවැම්බර්, 2010)
16. නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus of Nazareth through a naked eye (දෙසැම්බර්, 2010)
17. දෙවියන් වහන්සේටද සීසර්ටද එකට කඩේ යාම | Serving two masters – the best survival tactic? (දෙසැම්බර්, 2010)
18. බුදුරැස් විහිදෙන සෝමාවතියේ ගං වතුර ආශ්චර්යය | The miracle of Somawathie (ජනවාරි, 2011)
අප ඒ සටනට ඇද ගන්ට කළ නේක විධ උත්හාස අබිමුවෙහි පවා, පසුගිය කාලයේ වූ ගෝත්‍රික ආගමික සටනට මැදහත් වන්ට අපට ඕනෑකමක් නොවූයේ මේ පෝස්ට හා ඒවාට සබැඳි කමෙන්ටු වලින් කී දේට අමතරව අපට අළුතින් එක් කරන්ට දෙයක් නොවූ නිසාය. ඉස්ලාම් ආගම ලෝකයේ ප්‍රාථමිකම, නොදියුණුම පමණක් නොව අතිශයින් පිළිකුල් සහගත ආගමික වතාවත් වලින්ද පළමු තැනට තේරෙන ආගම වුවද ඊට විශේෂයෙන් පහර දීමට අපට අවශ්‍යතාවයක් නොවූයේ ලංකාව තුළ මේ ආගමික වතාවත් දරුණුතම ප්‍රශ්නයක් නොවන හෙයිනුත් (උදා: බාලිකා සුන්නත් කිරීම් ලංකාව තුළ සිදුවන බවට සාක්ෂ්‍ය නැත. පර්දාව පැලැඳීම හෝ දිගු රැවුල පවා ලංකාවේ හැම ඉස්ලාම් භක්තිකයකුම අනුදත් සිරිත් නොවේ.) මේ ආගමික වතාවත් වලට පහර දීම තුළ ගෝත්‍රවාදීන්ට ඇත්තේ ඒවා නිවැරදි කිරීමේ අවශ්‍යතාවය නොව ජාතියක් ලෙස මුස්ලිමුන්ට පහර දීම බව අපට රහසක් නොවූ නිසාය. නිවැරදි කිරීමට අවශ්‍යම නම් ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව බෞද්ධ භික්ෂූන් බුලත්විට කෑම, හින්දූන් කාලි මෑණියන් නමින් කර ගන්නා දරුණු ස්වහිංසා, කතෝලික පල්ලිය ඒඩ්ස් වැනි දරුණු ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළක්වීම පිණිසවත් කොන්ඩෝම භාවිතයට ඉඩ නොදීම වැනි තවත් කාරණා රාශියක් වේ. මේවා ගැන වචනයක් හෝ නොදොඩා එකම ආගමකට තනිකර පහර දීමේ යටි අරමුණ වටහා ගැන්ම අසීරු නොවේ

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers