පැරඩි නිර්මාණකරුවන්ගේ හැකියාව වන්නේ සත්‍යයය සහ හාස්‍යය ඉතා සියුම් ඉරකින් වෙන් කිරීමයි.
ලංකාවේ ජහඃ මනයාට සමාව දිය හැක්කේ සියල්ල දත් යැංකි මැඩම් ඇදගෙන සිටිනු දකින විටය.
""Ordain කියන වචනේ එක තේරුමක් නම් Order or decree (something) officially: "equal punishment was ordained for the two crimes". නිව්ස් එක එයා බුදු දහමේ පැවිදි වෙනවා නෙමෙයි රොබට් පැටින්සන් නළුවා සහ රූපට් සෑන්ඩර්ස් අධ්‍යක්ෂකවරයා සමඟ ආදර/ලිංගික පලහිලව්ව ගැනයි ... හපොයි මෙහෙමත් අවුල් කරගන්න මිනිස්සු!!!!"
ලංකාවේ සියලුම මිනිස්සුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, ලොකු මාළු ටැංකියක කුඩා මාළුවකු වීම නිසා, පොඩි මාළු ටැංකියක ලොකු මාළුවෙකු වීමට දගලන,
සියල්ල දත් යැංකි මැඩම්;
ඇනගත්තා නේද..?

ප.ලි: පෙට්ටියෙන් බැහරවී සිතුවානම් ඔහොම වෙන්නේ නෑ නෙව..!
ප.ප.ලි: ලංකාවේ ඉතා විශිෂ්ට සිංහල පැරඩි නිර්මාණකරුවන් සිටීම අපගේ භාග්‍යයකි. ඔවුන් මේ විකාර බලා ඉතා හොඳ වින්දනයක් ලබනවා නියතය.
19 comments:
මේ අන්තිම ඉහල පැරඩිය කරන එකා ගේ ඇත්ත profile එකට මාලන්ලා පලු යන්න බනිනවා. අනේ මාලන්! උඹෙයි මගෙයි පැරඩිය. මේක කරන එකා දන්නව නම් උඹ පුක හපා ගෙන මැරෙනවා.
උඹ කතා කරන්නේ "සිහ සැරිය" ගැනද..?
මචන් උඹ ඉන්නේ ඇනෝ, මම ඉන්නේ මගේ ප්‍රොෆයිල් එකෙන්. මචන් ඇනෝ ඉන්න එකේ ලියපන්කෝ නම් ගම් ඇතුව සුද්ද සිංහලෙන් :)
ඇනෝ කතා කරන්නේ "සිහසැරිය" ගැනනම්, ඒ ගැන උඹ දන්නවට වඩා දෙයක් මම දන්නවා කියලා ලියලා තියෙන්නම් ;)
එක අතකට මේක වර්ගපූර්ණිකාව කරන එකා ඉන්නෙත් ෆේක්. ජංජාලේ ඇතුලත පලු යන්න බනින චරිතයක්. හැබැයි පලු යන්න බැන්නට තමන්ගේ වාසියට කතා ලියවෙද්දී මාලන්ට පැරඩිය.
අනේ මගෙ පුක!
ප.ලි. මේ ඇනෝ වර්ගපූර්ණිකාව ලියන එකා නං නොවේ!
මචන් ඇනෝ, වටේ නොගිහින් අපි කෙලින් කතා කරමුද..?
"වර්ගපූර්ණිකාව" ලියන්නේ අහවලා. ඌත් එක්ක මගේ මතවාදී අවුලක් තියෙනවා. ඒත් උගේ ක්‍රියේටිවිටි එකට මම හැමදාම සැලියුට් කළා. උඹට ඔප්පු කරන්න ඕනේ නම් කියපන්. මට ඔප්පු කරන්න පුළුවන්.
හූහු හුහ් හු!
සභාවේ සිනා සාගරයයි සෑර්!
කෝ ඒක දාපු තැන දැන් නැද්ද?
තියෙනවා තියෙනවා, තවම බඩු හෑවු..! කොයිකටත් කියලා පොඩි ස්ක්‍රීන් කැපචරින් පාරක් දාගත්තා :D
අන්දෝ සංසාරයක් තේරුණේ නැත.
කොමෙන්ට් කියෙව්වහම තේරුණ ටිකත් අඤ්ඤකොරොස් වී නන්නස්තාර වී ගියෙමි.
ජයශ්‍රී, සමාවෙන්න. ඒක කළේ උවමනාවෙන්මයි. මේක තෙරෙන්නනම් සිංහල සයිබර් අවකාශය ගැන පොඩි අවබෝධයක් අවශ්‍යයයි.
මොකක්ද මේ කියන පැරඩි අඩවිය? වර්ගපුර්ණිකාවද? වෙන එකක්ද?
@කතන්දර කාරයා:
මෙතන කොටන්න
මෙන්න මේ ලින්ක් එක තමයි මේ පෝස්ට් එකට අදාල වෙන්නේ
දැනුයි තේරුණේ! අරුණි කියන්නෙ මෝඩියක් නෙවෙයි. ඒත් මේ වගේ කමෙන්ට් එකක් දාන්ඩ හේතුව එයා හැම වෙලාවෙම බල බලා ඉන්නේ ලංකාවේ මෝඩ මිනිස්සු(සහ අනෙක් වාමාංශික මෝඩ රටවල මිනිස්සු ) කරන අප්සට් දේවල් වලට කින්ඩියක් දාන්නෙ කොහොමද කියල. ඊට පස්සෙ තමන්ගෙ මහා දැනුම පෙන්නල පුලුවන්නම් පුද්ගල නිදහස තියන ලෝකේ එකම සුරපුර ගැන කියල ඇමරිකන් ඔපීනියන් එකක් දෙන්නෙ කොහොමද කියල.ඉතින් එහෙම චාන්ස් එකක් ලාවට හරි දැක්ක ගමන්ම පැනලා දෙනවා නැව් ටෝක්ස්! එයාගේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් වලට දෙන උත්තර දැක්කහම මේක හොඳටම බලාගන්ඩ පුලුවන්. අනිත් එකා මොනවද කියන්නෙ, ඇයි මූ එහෙම කියන්නෙ කියන එක එයාට අදාලම නෑ.
අපරාදේ එයාගේ දැනුම!
චමිල: හරියට හරි..!
යැංකි මැඩම්ගේ දැනුම සම්බන්ධවවත් බුද්ධිය සම්බන්ධවවත් මට කිසිම ගැටළුවක් නෑ. අවුල මචන් ඒ දැනුම එයා පවිච්චි කරන්නේ කොහොමද කියන එක. එයා ඒක භාවිතා කරන්නේ ඉතිරි සියලුම මිනිසුන් පහත් කරන්නනම්, දියුණු රටක ඉදගෙන දියුණුවෙමින් පවතින රටක් පහත් කරන්නනම් උඹ කිව්වාවගේ ඒ දැනුම අපතේ ගිය දැනුමක්.
යැංකි මැඩම්ගේ දැනුම ගැන කතා කරනවානම් මට කියන්න තියෙන්නේ මේකයි: යම් කිසි දෙයක් විකිපීඩියාවේ ඇත්ද, යැංකි මැඩම් ඒ ගැන දනී; විකිපීඩියාවේ යමක් නැත්ද, යැංකි මැඩම් ඒ ගැන නොදනී.
උදාහරණයක් ගනිමු. ෆොන්ටෙරා වෙබ් පිටුවේ තියෙනවා ඒ ගොල්ලෝ නවසීලන්තයේ කිරි ගොවියන් 13,000 ක් අයිතිය කියන බහුජාතික සමාගමක් කියලා. ඒ වුණත් විකිපීඩියා ලිපියේ තියෙන්නේ සමාගම අයිති නවසීලන්ත කිරි ගොවියන් 10,600 කට කියලයි. යැංකි මැඩම් විකිපීඩියාව කොපි කරපු නිසා එයාගේ බ්ලොග් ලිපියේ තියෙන්නෙත් ගොවීන් සංඛ්‍යාව 10,600 යි කියලා.
අනේ අනිච්චං!
සිහ සැරිය කරන්නේ චමීර දෙද්දූවගේ තනියම. වර්ගපූර්ණිකාව කරන්නේ දමිත් කේතක සහ චාමි සෑම්.
සිහ සැරිය කරන්නෙ මං? යකෝ මංවත් දන්නෙ නෑ නෙ!
شركة تنظيف بالقطيف
بسم الله الرحمن الرحيم تقدم لكم شركة الكمال جميع خدمات رش المبيد يجميع انحاء المملكة بافضل انواع
المبيدات للقضاء على جميع الحشرات الطائرة والزاحفه كالصراصير والفائران والنمل الابيض والبق
والذباب والناموس
شركة رش مبيدات بالطائف
شركة رش مبيدات بجازان
شركة رش مبيدات بحائل
والسلامه عليكم ورحمة الله وبركاته
Post a Comment