විවිධ

Powered by Blogger.

Saturday, October 20, 2012

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී - ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි

ශ්‍රී ලංකාවත් ලෝකයේ දියුණු අනෙකුත් රටවල් සමඟ කරට කර සිටිමින් නුදුරු අනාගතයේ [නොවැම්බර් මස] චන්ද්‍රිකාවක් අහසට යවන්නට නියමිතයි. ලංකාදීප වෙබ් අඩවිය මේ ගැන වාර්තා කර තිබුණු අන්දමත් එයට ලැබුනු ප්‍රතිචාරත් පහතින් දැක් වෙනවා.


-----
ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි
2012 ඔක්තෝබර් මස 19 22:43:08 | සජිව විජේවීර

ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධයස්ථානයෛන් උඩුගුවනට යැවීමට නියමිතය. චීන රොකට්ටුවක් ආධාරයෙන් යවන මේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහලින් කක්ෂගත කිරීමට නියමිතය. චීනයෙ ‘ චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන් ‘ හා ‘ චයිනා ගෙට් වෝල් ඉන්ඩස්ට්‍රිස් කෝපරේෂන් ‘ නම් සමාගම් හා එක්ව මෙරට ‘ සුප්‍රිම් සැට් ‘ සමාගම මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කැර තිබේ.

පල්ලෙකැලේ චන්ද්‍රිකා මෙහෙයුම් මධයස්ථාන හා අභ්‍යාවකාශ ගාමීන් පුහුණු නිකේතනය ඉදිකිරීමේ කටයුතු වලටත් 2015 යැවීමට නියමිත චන්ද්‍රිකාව ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වෙන්කැර ඇති මුදල ඇමරිකන් ඩොලර් ලක්ෂ 3200 කි.

මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමග දකුණු ආසියා කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණය සහිත තෙවැනි රට බවටත් ලෝකයේ 45 වැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්වනු ඇත.

අදහස්(32) බැලූවෝ (4613)

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
තිලක් 2012-10-19 23:25:15

පිං කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට.. හේතුවාසනනා වේවා හේතු වාසනා..!(නු)
අජිත් අමරවීර 2012-10-19 23:32:11

නියමයි... රට දියුණු වෙනවා තමයි... කොහොම උනත් වැඩක් කරනවා... වැරදි අඩුකරගන්න.. ජය වේවා..!(නු)
අනුර 2012-10-20 00:32:09

ඉතාම හොද වෙනසක්..!(නු)
ගයානි 2012-10-20 02:21:36

හරිම සතුටුයි සියළුම දේවල් සාර්ථක වේවා..!(නු)
මධුෂානි 2012-10-20 02:33:57

මෙහෙ මිනිස්සු කන්නවත් නැතිව ඉන්නවා.. ඒ අස්සෙ රොකට් යවනවා අහසට..(නු)
සිල්වා එෆ් 2012-10-20 02:32:26

චීනය අපේ රට බටහිරයෙන් ගලවා මෙවැනි දෙයක් කිරීමට උපකාර කිරීම වසර සිය ගානක් බටහිර රටවල ගැති වෙලා හිටපු අපේ අයටත් සුද්දන්ටත් හොද පාඩමක්. චීනය ඔබට අපේ ප්‍රනාමය..!(නු)
සනත් ඉන්දික ඉතාලිය 2012-10-20 02:42:20

ප්‍රභාකරන් නොවෙන්න අපි ඉන්න ඕනේ කොතනද කියල දැන් හිතෙනවා. 30 අවුරුදු සාපෙ නොවෙන්න අපිටත් අබිමානවත් ජාතියක් විදියට ලෝකෙට මුහුණ දෙන්න තිබුණා. කමක් නැහැ ඔහොම යන්න .අපිට නැතිඋන ලෝකය අනාගත පරපුරට ලබාදෙන්න ලැබීම සතුටක්(නු)
අශාන් 2012-10-20 02:45:11

ලොවට චන්ද්‍රිකා තාක්ෂණය හදුන්වාදුන් ආතර් සී ක්ලාක් මහත්තයාට කරන උපහාරයකි..!(නු)
සිල්වා එෆ් 2012-10-20 02:37:17

අපේ මිනිසුන්ගේ තුල ඇති සුදු මානසිතත්වය ඉවත් වේවා...!(නු)
ඉර්ෆාන් ධර්මා 2012-10-20 03:06:49

දැන්වත් පිටරට ඇමතුම්වල මිල අඩු වේවා...(නු)
කුමුදු 2012-10-20 03:24:56

සල්ලි නොකා වැඩක් කරනවානම් නියමයි..!(නු)
ප්‍රදීප් 2012-10-20 04:03:08

අපි 1994 චන්ද්‍රිකාවක් ගුවන් ගත කළා.. පළවෙනි දවසෙත් පරක්කුවෙලා තමයි උඩ ගියේ... අවුරුදු එකොළහක්ම පරක්කුඋනා.. අන්තිමට කරපු දෙයක් නැහැ... ඔක්කොටම බැන බැන ඉදලා හුලන් බැහැලා බිමට වැටුනා.. මතක් වෙනකෙටත් දුකේ බැහැ... රටම පරක්කු කළානෙ...!(නු)
පූර්ණ 2012-10-20 04:09:05

උණුසුම් සුභ පැතුම්..!(නු)
ආනන්ද 2012-10-20 07:16:23

නියමයි.. ලංකාව ගැන ආඩම්බරයි...!(නු)
ශාන්ත ලාල් 2012-10-20 07:08:11

රට පෙරට.. සෞදියේ ඉන්න අපිට ගොඩක් ආඩම්බරයි... අපිට පුළුවං වෙයි ළගදීම අපේ චැනල් එකෙන්ම සජීවී තරග නරඹණ්න.. (නු)
මාලක 2012-10-20 07:13:12

ලංකාවට ඔච්චරනෙ අඩුවට තිබුණේ.. අඩු තරමේ පාපැදියක්වත් හදන්නේ නැහැ මේ රටේ.. (නු)
සුමතිපාල 2012-10-20 07:23:16

නියමයි ශ්‍රී ලංකා...(ස)
සුමතිපාල 2012-10-20 07:14:24

නියමයි ශ්‍රී ලංකා...!(නු)
සිරිල් 2012-10-20 07:14:33

ඉදිරියටම යමු ළංකා..!(නු)
ටී. තිලකරත්න 2012-10-20 07:16:55

නුවනැති ක්‍රියාවක්... විද්වතුන් ලක් මව බිහි කිරීමට බලවතුන් යොමු වේවා..!(නු)
චාමික රත්නායක 2012-10-20 07:17:11

මම නැවතත් ලංකාවට ගැන ආඩම්බර වෙමි.. මේකත් තවත් දේශපාලන ව්‍යාපාරයක් වීම නම් සුදුදසු නැහැ.. මේකට සම්බන්ධවුණු සියළුම දෙනාට ස්තුතියි..!(නු)
චාලුක 2012-10-20 07:17:29

මේකටත් දේශපාලනය ගාවගන්නෙ නැතිව ක්‍රියාත්මක කිරීමට සුභ පැතුම්...!(නු)
හේමන්ත 2012-10-20 07:32:53

සෙල්ලම්ද කොල්ලෝ .ඔහොමතමයි වෙන්න ඕනි (ස)
රුක්සලා 2012-10-20 07:25:47

ලෝකේ ඉන්න දක්ෂතම මිනිස්සු ,විද්‍යාඥයෝ ඉන්නේ ලංකාවෙනේ .පසු නොබසින උත්සාහයට අපේ සුබ පැතුම් !!!!! (ස)
අමිල කටුනායක 2012-10-20 07:37:34

චන්ද්‍රිකාවෙ නම මොකද්ද?(නු)
ලාල් මිල්ටන් 2012-10-20 07:33:31

මේවට ප්‍රතිචාර දන්වන්න කවුරුත් නැ . හොද දෙයක් අගයකිරිම ඔවුන්කරන්නේ නැහැ නොවැ (ස)
නොයෙල් පුෂ්පකුමාර 2012-10-20 07:45:40

මිනිසුන් කන්නෙ නැතිව දුක් විදිනවා.. ආණ්ඩුවට සේවකයන්ට පඩි ගෙවාගන්න විදියක් නැහැ.. මේවා කාගෙ මුදල්ද? කේ.පීගෙද හොයලා බලන්න...(නු)
රුක්මන් ප්‍රේමචන්ද්‍ර 2012-10-20 07:38:29

හොදයි හොදයි පුතා අභ්‍යාවකාශසෙ ගැන උපාධිය අරගෙන එනකොට එයාට රස්සාවකුත් හදලා දෙන්න එපායැ..!(නු)
චන්දිමා 2012-10-20 07:51:40

ඇත්තටම ඔය ගොල්ලො දන්නෙ නැද්ද අපේ රටේ හාමුදුරුනමක් හදල තිබුන අභිධර්ම චන්ද්‍රිකාව ගැන?ඒ හින්ඳා මේක මට හිතෙන්නෙ මේක දෙවෙනි චන්ද්‍රිකාව කියල.(නු)
මොහොමඩ් රිස්වාන්, සෞදි 2012-10-20 07:52:37

පිටරටවල ඉන්න අපිට ඒක ලොකු උදව්වක් වේවි . අපගේ දුරකථන ගාස්තු අඩු වේවි (ස)
හිමාල් 2012-10-20 08:32:00

ලාංකිකයන්ට හොඳ පුවතක් (ස)
නිශාන්ත 2012-10-20 08:41:47

ඒ සමඟ අන්තර්ජාල පහසුකම් පහසු මිල‍ට ලබා දෙනවානම් හොඳයි (ස)  


ප.ලි: 
පෑන තවත් දේ ලියන්න කීවත්...
මොනවා ලියන්නද මීට වඩා..?

     

Sunday, October 14, 2012

ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!

W3 ලංකා කමෙන්ට් එකකින් උපුටා ගැනේ.

-----
මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.

දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය.

මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන බලන ලංකාවේ කොන්දක් නැති සෙවල මිනිස්සු මේකේ ඇද කුද අඩු පාඩු හොයල තවත් ටිකක් ආතල් ගනීවි.

යම් කිසි දවසක අපේ දරුවන්ට හරි නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබුනොත්, රටක අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ව ලජ්ජා නැතිව තනිකරලා දාල ගෙවල් වලට වෙලා නිවුස් වලින් විප්ලව කරපු අපි ගෙන ප්‍රශ්න කරනකොට, හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි.

ඔවුන් උතුරට ගියෝය - 
අපි උතුරේ නොවුයෙමු

ඔවුන් මාද්‍යවේදීන් කරා ගියෝය - 

අපි මාද්‍යවේදීන් නොවීමු

ඔවුන් පෞද්ගලික අංශයේ සේවකයන් කරා ගියෝය - අපි පෞද්ගලික අංශයේ සේවකයන් නොවීමු

ඔවුන් ධීවරයන් සොයා ගියෝය - 

අපි ධීවරයෝද නොවීමු

ඔවුන් ශිෂ්‍යන් සොයා ගියෝය - 

අපි ශිෂ්‍යයෝද නොවීමු

ඔවුන් ආචාර්යවරුන් කරා ගියෝය - 

අපි අචාරයවරුද නොවීමු

ඔවුන් විනිසුරන් කරා ගියෝය - 

අපි විනිසුරෝද නොවීමු

එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.
-----

පසුව එක් කිරීම:

ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!

Saturday, October 13, 2012

ඇවිදින විටත් නිදියන පුතුන් ලද... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට..!

ලොකෙයේ කීකරුම ජනතාව සිටින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේය.

මොවුනට අධ්‍යාපනයට වැයකරන මුදල අඩුකිරීම ප්‍රශ්නයක් නොවේ, පඩි වැඩි නොකිරීමද ප්‍රශ්නයක් නොවේ.


අධිකරණ ලේකම්ගේ පිට කැපීමද, 

අගවිනිසුරුවරිය සේවයෙන් පහ කිරීමද ප්‍රශ්නයක් නොවේ.

බස්වල හිරවීමද, මහමඟ දහඩිය පෙරාගෙන රස්තියාදු වීමද, 

මහමඟ ටිපර් රථයක හැපි මිය යාමද, මිය ගිය මවගේ හිස අතේ තියාගෙන අඩා වැටීමද, ඒ හිස අතේ තබා ගත් තරුණිය වීඩියෝ ගත කර සයිබරයේ බෙදා හැරීමද ප්‍රශ්න නොවේ.

රස්තියාදුකාර ඇමතියෙකුගේ නොහොබිනා පුත්‍රයකු බුද්ධි අංශ මේජර්වරයකුගේ කණ පැළීමද, ඒ මේජරයාම වැරදි කරු කර සේවයෙන් පහත හෙළීමද, ඇමතියාගේ කාළකණ්නි පුත්‍රයා රටේ අධ්‍යාපන ඇමතියාවීමද ප්‍රශ්න නොවේ.


දෙදහස් පන්සියකින් ජීවත් වීම ප්‍රශ්නයක් නොවේ.

ඒ පන්සීයට වඩා ටිකක් වැඩියෙන් ජීවත් වීමට හැකි බව ඔප්පු කර පෙන්නිමද ප්‍රශනයක් නොවේ.

ලෝක වෙළඳ පොළේ ඇතිවි ඇති අවපාතයන් ගැන කලබලයට පත්වී සිටින බුද්ධිමත් සිරි ලාංකිකයන් පිරිසක්












ඇග ඇති මොළේ නැති තඩි දුමියාගේ අයියා ගෙනෙන කුඩු සල්ලි සුදු කරන ජාතික මනි ලොන්ඩරිය බවට ස්ටොක් මකට් එක පත් කිරීමද, 
එය හදන්නට ගිය තිලක් කරුණාරත්න ඉල්ලා අස්වීම
දිලිත්ගේ මිතුරු නාලක එහි කොමසාරිස් වීමද ප්‍රශ්න නොවේ

ඇත්තටම මේ වගේ කීකරු ප්‍රශ්න නැති ජනතාවක් ලැබීමට අප පාලකයන් කෙතරම් වාසනාවන්ත විය යුතුද..? 

ඒ අතින් බලනා කල්හි අපි ආසියාවේම නොව ලොවේම ඈස්චර්යය නොවන්නේද..?

ප.ලි: හැබැයි පුතේ, අපේ දෙදහස් පන්සියක මහඟු අතීතයටයි, අපේ සිංහලබෞද්ධ සංස්කෘතියටයි කෙළින්න  බහුජාතික, විදේශික, කුමණ්ත්‍රණ, අරාබි නිශාන්ත, ඩොලර් කාක්කෝ ආවොත් නම් උන්ගේ රෙදිත් ගලවලයි යන්නේ. මුන් දන්නේ නෑ තාම මේ කළු සිංහලයන්ගේ තරම..!


Thursday, October 11, 2012

කන්නන්ගරයට එන්න කියාපිය... මේවට උත්තර දෙන්න කියාපිය...

අපි මේ ඉන්නේ ෆුටා දියත් කරණ ලද අරගලයේ අවසාන භාගයේ.



බොහෝ දුරට ෆුටා එකේ ඇත්තෝ අද මේ සම්බන්ධව තීරණයක් ගනීවි. මේ ගැන අපහාසයෙන් කතා කරන බොහොමයක් දෙනා, ෆුටා එකේ ඇත්තෝ පඩි වැඩි කරගැනීම සඳහා 6% ඉදිරියට දැමූවා කියූවත්; තවත් අය  ෆුටා එකේ ඇත්තෝ අරගලය පාවා දුන්නා කියූවත් ෆුටා අයට අන්තිමේ සිද්ධවුනේ අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම නැති වුනා වගේ වැඩක්.

ඒ කියන්නේ ඒ අයගේ ප්‍රමුඛ ඉල්ලීම් වුන වැටුප් වැඩි කීරීම් සහ 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීම යන දෙකම ඉටු නොවීම සහ බලාපොරොත්තු නොවූ මොහොතක පරාජිත ලෙසින් වර්ජනයත් අවසන් කිරීමට සිදුවීම. [කවුරුන් හරි කියනවනම් ඒ අය ආයෙත් විශ්ව විද්‍යාල වලට එන්නේ පඩි වැඩි කරගෙන කියලා, ඒ අයට මට කියන්න තියෙන්නේ කරුණාකරලා මුදල් අමාත්‍යංශ ලේඛම් ආචාර්‍යය පි.බී ජයසුන්දර මහත්තය නිකුත් කරණ ලද නිවේදනය කියවන්න කියලා. එහි කොතනවත් පඩි වැඩි කරනවා කියලා නිශ්චිතව සඳහනක් නැහැ. තියෙන්නේ පඩි වැඩි කිරීම සඳා කෙටි සහ මධ්‍යකාලීන සැළැස්මවල් සාදන්න එකග වෙනවා කියලා විතරයි].



If you do not know how to solve a problem, confuse them. It works..!

එතකොට ඔබට එන ප්‍රශ්නය තමයි, "එහෙනම් මොන එහෙකටද මේ වර්ජනය නවත්වන්නේ කියලා..?" ඔය ප්‍රශ්නය මටත් එළෙසින්ම තියෙනවා.

"ඇයි මේ වර්ජනය නවත්වන්නේ..?"

පිටස්තරයෙක් ලෙස මේ අරගලය දෙස බලා සිටියෙකු විලසට මටනම් හිතෙන්නේ මේ අය ඒ අයගේ ත්‍රෙශොල්ඩ් ලිමිට් [threshold limit] එක එනම් දරා සිටීමේ සීමාව ඉක්මවුනා කියලයි. මාස තුනක් මාසික වේතන නොගෙන පවුලක් නඩත්තු කිරීමේදි ඇතිවන ආර්ථික පීඩනය, සිසුන්ගෙන් සහ දෙමවුපියන්ගෙන් ඇතිවන පීඩනය සහ ඒ සියල්ල ඉක්මවමින් රජයේ ජඩ මාධ්‍ය සහ ඔඩොක්කු කුක්කන් විසින් උදේ හවා කරන "අරාබි නිශාන්ත සමාවෙන්න වසන්ත" සහ N.G.O ඩොලර් ප්‍රචාර, රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණ ආදී නින්දා සහගත චෝදනා සහ අවලාද මේ අයට දරා සිටීමේ සීමාව ඉක්මවීමට හේතුවූවා නිසැකයි.


කෙසේ හෝ අවසානයේ මේ සටනින් දිනුවේ කවුරුන්ද..?

ආචාර්යයවරුද..?
රජයද..?
නැතිනම් බුද්ධිමත් ජහ මනතාව වන අපිද..?

"කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ"


විනී හෙට්ටිගොඩ මහතාගේ අදහසක්
ප.ලි: ඇත්තටම රටේ දැන් තියෙන නිදහස් අධ්‍යාපනයෙන් රටට වැඩක් තියෙනවද..? 

වත්මන් නිදහස් අධ්‍යාපනය යනු කෙනෙකුට පහළ සමාජ පන්තියක සිට ඉහළ සමාජ පන්තියකට නගින්න තියෙන ඉණිමඟක් පමණක්ම නේද..? එහෙම ඉහළ සමාජ පන්තියට නැඟ ගත්තු එකෙක් ආයේ තමන් හිටපු පන්තිය ගැන සානුකම්පිතව බලලා තියෙනවද..?

එහෙම තියෙනවනම්, "ආචාර්යය වරුන්ට වැටුප් වැඩි වුනොතින් රාජ්‍ය සේවයේ ඉහළම තලයේ සිටින වෛද්‍යවරුන් වන අපි වුරුතීය සමිති ක්‍රියාමාර්ගයකට අනිවාර්යෙන්ම යනවා" කියලා කියන්න වෛද්‍යවරුන්ට පුළුවන්ද..? රටේ සමාන්‍යය මිනිසුන්ගේ බදු මුදලින් ඉගනුම ලබා පසුව රෝගීන්ගේ මළමිනී මතින් හෝ ගොස් සාමජයේ ඉහළ ස්ථරයක රැදෙන්නට, තමන් සමාජයේ අනිත් මිනිසුන්ට වඩා ඉහළින් සිටිය යුතුයි කියා සිතන උගත්යැයි කියන මිනිසුන්ගේ උගත්කම කුමකටද..?


ලංකාවේ ඉන්ජිනේරූ පීඨවලින් පිටවුන කීදෙනෙක් මේ වන විට වෙනත් දියුණු රටවල පුරවැසි භාවය ලබා පිටව ගොසින්ද..? කී දෙනෙක් මේ වනවිටත් පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත් පුරවමින් සිටිනවාද..? එසේනම් නිදහස් අධ්‍යාපනයෙන් ඔවුන් ලබාගෙන ඇත්තේ දියුණුරටකට යාමට වන්වේ ටිකක් පතක්ද..?



එසේම කලා පීඨ වලින් උපාධිය ලබා "අපිට රස්සාවල් දියවු..!" කියමින් ලිප්ටන් වට රවුම වටලීමට රැකියා විරහිත උපාධිධාරීන්ට ඇති අයිතිය කුමක්ද..? රැකියා විරහිත නුසුදුස්සන්ට රජයේ රැකියා දියයුත්තේ ඇයි..? නොමිළේ ලබාදුන් අධ්‍යාපනය ඔවුන්ට රැකියා ලබාදීමේ සුවිශේෂ වරප්‍රාසදයක් වන්නේ ඇයි..?



නිදහස් අධ්‍යාපනය කියලා අන්තිමේ ලංකාවට ඉතිරිව තිබෙන්නේ මෙවන් "උගත්" පරපුරක්ද..?

කන්නන්ගර මහතා අධ්‍යාපනය නිදහස් කිරීමෙන් බලාපොරොත්තු වුයේ මෙයද..?



කන්නන්ගරයට එන්න කියාපිය...
මේවට උත්තර දෙන්න කියාපිය...
කන්නන්ගරයට එන්න කියාපිය... 

මේවට උත්තර දෙන්න කියාපිය...


වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය