විවිධ

Powered by Blogger.

Sunday, October 31, 2010

මුවා මැරූ සලමන් - සංවාද කතිකාව


නිශ්ශංක විජේමාන්නගේ

මුවා මැරූ සලමන්

කෙටි කතා සංග්‍රහය පිළිබඳ
පාඨක-විචාරක සංවාදයක්


නොවැම්බර් 3 වැනිදා
ප.ව.6.30 ට

ලඬකා අක්ෂයේ දී
පැවැත්වේ.

සාහිත්‍ය විචාරක ජනක ඉනිමංකඩ එම සංවාද කතිකාව මෙහෙයවනු ඇත.


සැමට ආරාධනා!
ලඞකා අක්ෂය
187, කැටවලමුල්ල පටුමග, කොළඹ 09.
(කුප්පියාවත්ත පන්සල පිටුපස පටුමගේ 3 වන නිවස)
විස්තර සඳහා - 0112685725 අමතන්න.

Thursday, October 28, 2010

ආනන්ද වර්ධන රසකතා

ආනන්ද වර්ධන දැන් රසකතා ලියන එක නවත්තලද කොහෙද. ඒකෙ අඩුපාඩුවක් මටනම් දැනෙනවා. පහුගිය දවසක ආනන්ද වර්ධනගේ "වෙබ් ආලෝචනා" අඩවියේ සාරවත් ලිපි ගොනුව අවුස්සගෙන යද්දි ෂෝක් කතා ටිකක් අහුවුනා. මේ මාර රොමෑන්ටික් කතාවට තමා මම කැමතිම. ඒ පෝස්ට් එකේ තව කතා දෙකක්ම තියෙනවා. (වෙලාවක් හොයාගෙන මේ අඩවිය ආපහු අවුස්සලා බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ)

තව දවසක්

මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්රය අසල. හදිසියේ මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.

"
හෙල්ලෙන්න එපා!"
මට මරණ භය මඳ පමණ දැනී නොදැනී ගියා.

දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට.

"
හෙල්ලෙන්නැතුව ඉන්න" ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා" කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.

එතකොට පිඹගෙන ගිගුම් දීගෙන වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.

"
හරි දැන් යන්ඩ"
මට නිදහස ලැබුණා.

http://webalochana.blogspot.com/

මේ අම්මාටත් දරුවෝ සිටීද?




මේ ඔබේම පුතා නොවේද
මේ ඔබේම සහෝදරයා නොවේද
හෙට දවසේ ඔබේ ලේ නෑකම කකියනතුරු
හෙට දවසේ මේ හස්තය ඔබේ ලේ නෑකමට දිගු වෙන තුරු
අපි නොදැක්ක වගේ ඉමුද?
හෙට දිගු වෙන ඒ හස්තය
අද නවත්වාගන්නට
දැන්වත් දෙපයින් හිටගමුද?

Monday, October 25, 2010

මංජු, එහෙම කළේ නෑ නේද?



මංජු එදා තුනේ කනිසටම බොක්සිං ගහංට වළල්ලට  ගොඩවෙනවා කියලා ටී වී එකේ කියාපු වෙලාවෙම මම දළදා හාමුදුරුවංට කිව්ව,

“ දළදා හාමුදුරුවනේ මේ කොල්ලට රං පදක්කම ගංට හයිය හක්තිය වෙංට ”

කියලා. මට ඒ අවස්තාව බලංට බැරි උනා. ඒත් මංජු රං පදක්කම දිනා ගත්තයි කියලා ඇහුන වෙලාවේ මං තරං මංජුවත් සතුටු උනාද කියලා මට හිතා ගංට බෑ. ඒකට තමා
තමංගේකම කියංනේ.

මංජු වෙනුවෙං රාජ්ජ මට්ටමේ උත්සවයක් නුවර තියංට මංජු පෙරටුකරගෙන විද්දියාර්තේ  ඉස්කොලෙට ජන ගංගාවක් ගලද්දී මුලු නඟරෙම තදබද ඇතිවුනත් නුවර උං ඉවසං බලාන හිටියා. ඒ මංජු අපට, රටට වීරයෙක් හිංදා.

ඒත් ඇත්තමයි ,

හැබෑවටම,  මගේ හිතේ මහා සංවේගයකුත් ඒ තේජාංවිත උත්සවේ පස්සෙං පහු ටී වී එකේ දැකලා ඇතිවුනා. අර මොකද දන්නවද? ගියපාර ඔය කිරිඩා උත්සවේදිම රං පදක්කම් අරං මේ පාරත් පදක්කම් ගත්ත චින්තන විතානගේටයි තවත් පදක්කමක් ගත්ත සුරේශ් පීරිස්ටයි මංජු ළගම පුටු දෙකක් වෙං කරලා තිබ්බනම් මොකදෑ වෙංනේ කියලා. අනිවාරියෙං ඒ දෙංනටත් මේ දුක දැනෙන්ට ඇති. මොකද මෙහෙම කියන මම මංජුගේ සතුට දැණුන එකෙක් හිංදා එයාලගේ දුකත් මට ඉවෙං වගේ දැනෙනවා. ගිය පාර චින්තන විතරක් ගත්තු එකම පදක්කම, ඒකත් රනිං දිණුව වෙලාවේ කවුදො පත්තරේක ලියලා තිබුණා,

“චින්තන ඉස්සුවේ මුළු රටේම බර”



කියලා. හරියටම මතක නෑ කියපු කෙනා. එහෙව් එවුං ආයෙත් රට වෙනුවෙං බර උස්සංට ගියේ නිසි අනුග්ගරහයක් නැතුව වගයි දැන ගංට ලැබුනේ. චින්තනගේ බයිසිකලෙත් විකුනුවලු නෙව මේ කිරිඩාව වෙනුවෙං. පව්, මුං අපි වෙනුවෙං ලෝකෙට පෙනී හිටිය රත්තරං කොල්ලො.

ආදරණීය මංජු,

ඔය රත්තරං අත් දෙකෙං බිම දැම්මෙ බොක්සිං කිරීඩාවේ ගලිවරයෝ. ඒ හිංදා උං අපිත් එක්ක තරහද මංදා. උංගෙ රටේ පරපුරේ අතීතේ ඈයෝ අපේ රට යටත් කරගෙන හිටියා විතරක් නෙවෙයි උංට හිතූ හිතූ වෙලාවට උංගේ බයිනෙත්තු කට වලිං අපේ පරපුරේ මුතුං මිත්තෝ බිම දැම්මා. උං රොත්ත පිටිං අපේ ගංවලට අපේ මුතුං මිත්තං මරංට එද්දි අපේ මහ වාසලේ රණ බෙර ගහනවලු. ඒ වෙලාවට අතට අහුවෙන කැත්ත, පොරොව, දුනු ඊතල, කෙටේරිය, කඩුව අරං  හයිය හක්තිය තියෙන හැම පිරිමියෙක්ම යුද්දෙට දුවනවලු. ඒ රණ බෙර හඩ ඇහුන අපේ ඒ පරංපරාවේ බතක් උයපු හැම කාන්තාවක්ම අසුරු සැනිං බත් මුලක් ඔතලා ගෙදර  ඉස්සරහා කඩුල්ලෙ එල්ලනවලු. අර අතට අහුවෙන ආයුදෙ අරං රට වෙනුවෙං යුද්දෙට දුවන පිරිමි කාගෙ හරි කඩුල්ලක තමං වෙනුවෙං එල්ලලා තියෙන, අර බත් මුලත් අරගෙනලු රණ බිමට දුවංනේ. මංජු බිම දාපු ප්‍රතිවාදියාගේ රටේ පරපුරේ කිත්තලා කිරිකිත්තලා එක්ක
අපේ කිත්තලා කිරිකිත්තලා යුද්ද කරලා තියෙංනේ
ඔංන ඔය වගේ කෑම කාලා.

ඒ හිංදා මං විස්වහ ‍කරනවා, මංජුලා කෑවේ ඒ මුතුං මිත්තං කෑව මේ රටේ පොළොවේ උපංන බත. ඒ බත කාපු එකෙක්ගෙං පරාදවෙන එක  ඒ ඇත්තංට  වාවංනේ නැතිව වෙංට ඇති.

ඒ හංදා
මූණ දෙමු නොබියව, ඔය හැම පරීක්සනේකටම. ඒකෙං තමයි ඔප්පු කරංට පුළුවං ඒ බත කාපු එකෙකුට අමුතුවෙං තහනං උත්තේජක ඕනේ වෙංනේ නැති වග.

රත්තරං මංජු ,

මුලිං කියපු විදිහට මේ රටේ නොතේරෙන නොදරුවෝ හැරෙංට, මං වගේම කෝටි එක හමාරක්වත් මිනිසු මේ රත්තරං පොළොවේ පය ගහගෙන මංජුගේ රත්තරං බලාපොරොත්තුවට හයිය හක්තිය දෙංට බුදුංගෙං, දෙවියංගෙං ඉල්ලා හිටිය වග අමතක කරංට එපා.

ඒ හංදා
මූණ දෙමු නොබියව, ඔය හැම පරීක්සනේකටම. ඒකෙං තමයි ඔප්පු කරංට පුළුවං ඒ හැගීම්බර අහිංසක මිනිසුංගේ ආශීර්වාද ලැබුන  එකෙකුට අමුතුවෙං තහනං උත්තේජක ඕනේ වෙංනේ නැති වග.

මම නුඹව විස්වහ කරන එක්කෝටි අනූලස්සෙං එකෙක්

.................. ගැමියා .................

Sunday, October 24, 2010

කොතැනක ද එය සොයමි- සොයා යමි




අලුයමට පෙර පැමිණ, 
දවස දෙස හොරුහින් බලන
දැනෙන කුසගිනි නියා ,
තැනින් තැන වැද බුදින
ඇති දෙයකි නැති නමුදු,
 නිතර බ්ලොග් වෙත ඇදෙන
නුඔ ද සම වෙත මෙමට,
ඇති වැඩක් නැති බැවින


රූපය gemiya & කවිය hithuwakkaraya

නොරිකෝ...දෙවොන්දොරා සං...සමග සනත් නන්දසිරි....

නොරිකෝ සං ඔබ
මම දෙවෙන්දොරා සං ලූ
ගතයුතු තීරණ තීන්දු මගහැර
ඔහේ අයාලේ යන දෙන්නෙක්ලු
ඔබ මා ඇත්තද නිලන්තියේ

ඔබ වෙනුවෙන් මා - මා වෙනුවෙන් ඔබ
දෙන්නට දෙන්න සපථ වුනා
එයින් එහා ලොවකට යන්න බෑ
ගතද සිතද සලිතව එනවා

එකම කාසියෙ දෙපැත්ත වෙමු අප
රින සිතුවිලි ඇත දෙහද වෙලා
එකට කූඩුවක තනිවෙන සිහිනය
බොද වී යනයුරු බලාසිටින්නේ


බලන්න මේ අමරනීය කටහඩ හා තනුව,ඔබව මිදෝරිය වෙත නැවත ගෙන යනවද කියලා....!

ඔබේ අදහස දැන ගන්නට කැමතියි මේ ගීතය සම්බන්දයෙන්.....

ගැහැණිය කොයි වගේද කියන්න දන්නවාද?


ගැහැණිය කොයි වගේද කියන්න දන්නවාද?
හොදට හිතලා බලන්න.
මට නම් හිතෙන්නේ මේ වගේ වෙන්න ඇති
කොයි වගේ ද?


Saturday, October 23, 2010

ගහනවනං මෙන්න - බූරු...!

බූරු..
ගහල තියෙනවද?
නැත්තං අහල තියෙනවද?
බූරු ගැන සහසුද්දෙං දැනගන්ට.
නියම බූරු කප්පිත්තෙක් ලියාපු මේක කියවංට.
මෙන්න මෙතනිං යන්ට.

http://gemiya.blogspot.com/

Tuesday, October 12, 2010

නුඹ වෙතටයි

බිම වැටී මහ පොළව සිප නොනිදා
ඇයි හිතන්නේ දුහුවිල්ල ගැන පෙනහලු පුරන
පුපුරා වැනසුන මස් වැදැල්ලක් යළි පුබුදා
සොල්දාදුවෙක් වී යළි දිනා මව් බිම
ඇයි කියන්නේ ළය පුරා ඇති යකඩ ගුළි ගැන


වෙඩි තියාපන් කී හඬට අවනත වූ දැඩි හිතක්
ඇයි සැලෙන්නේ දක්වා - නොකළ වරදට දඬුවම් බව
නිල ඇඳුම ගලවා තබා නොබියව ගියා නම් පෙරට
දිනන්නට මහා ජනතා හදවත් හැඳ සුදෝ සුදු ඇඳුම
පැකිලෙන්නේ මන්ද ගලවා පදක්කම් අඳින්නට ජම්පර

දැසි දසුන් පිරිවරා බල විකුමන් පෑ හැන්දෑවකට පසු
උදා වී ඇත කහට කෝප්පය බී යැපෙන උදෑසන
ආ ගමන් මග යබොර මැඩ - ලෙය ට ලෙය වගුරා උදාකළමුත්
දවස නික්මෙන බව පෙනි පෙනී - සැලෙන්නේ මන්ද
නෙත පියා වැළලෙන්න මිස යමක් ඉතිරිව නැති කළෙක

-හිතුවක්කාරයා විසිනි

ඒකි මහ සක්කරවට්ටමක්

ගළන ගඟකට වැටී පාවෙන්න
හමන සුළඟක වෙළී සැනහෙන්න
මුහුද අද්දරට විත් ඇවිදින්න
ඉඩ දෙන්න හිතේ දුක නැතිවෙන්න

පූජාසනය සේ සිතා බැතිබරව
දෙදණ ඇන නෙත් පියා නිරතුරුව
එක හිතින් පැතූ පැතුමන් ගොලුව
සුසුම ඉතිරිව පැතිර යයි කලුව

අහස සේ පැතිරෙන්න අත විදාහල නමුත්
තාරකා නැත පැතූ - නිවී ගිලිහෙන උණු කඳුල මිස
දෙනෝදාහක් දෙනා අතර පෙනී නොපෙනීයන
නොසිතා නුඹ ගැනම - සිතමි පය පැකිලී වැටුණ වග





හිතුවක්කාරයා විසිනි

Saturday, October 9, 2010

ලංකාවේ හොදම ගායිකාව ....?

ලංකාවේ හොදම ගායිකාව කව්ද?
 ගීතයක සාර්ථකත්වයට පද රචනය,සංගීතය හා ගායනය යන මේ තුන් පෙලම සාර්ථක විය යුතුවේ.නමුත් ඔබ දන්නවාද ඉතා අනර්ග ගායන හැකියාවක් නැතත් හොද ගීත රචනා හා තනු මාලා යොදා ගනිමින් පමනක් සාර්ථක වුනු ගායිකාවන් සිටින බව.එසේම තම අනර්ග ගායන පරාසයට හා හැකියාවට, රසයෙන් අඩු පද රචනා හා තනු හේතුවෙන් නිසිතැන නොලැබී ගිය ගායිකාවන්ද සිටින බව මගේ හැගීමයි.

මගේ නිගමනය බොහේ දෙනෙකුගේ දෝශ දර්ශනයට හේතු විය හැකි නමුත් මගේ අදහස අනුව නන්දා මාලිනියන් හා දීපිකා ප්‍රියදර්ශනී වැටෙන්නේ එම පලමු කොටසටය.නන්දා මාලිනිය සුනිල් ආරියරත්නයන්ගේ ආනුභාවයෙන් හෙල අඹරේ කාන්තා හඩ ලෙස සලකුනු වූ බව මාගේ හැගීමය.දීපිකා ප්‍රියදර්ශනත් රෝහන වීරසිංහගේ මධුර තනුවල උදව්වෙන් මිස තම පරම හැකියාවෙන් ලකුනක් තැබීමට නොහැකි වූ ගායිකාවකි.

එසේම ඉහත පැවසූ දෙවන කොටසට වැටෙන අය ලෙස මා දකින්නේ ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක වැන්නවුන්ය.ගායන පරාසය සිතා ගැනීමටත් අපහසු තරමට ඇති ඔවුන්,තම කටහඩින් නිසි ප්‍රයෝජන නොගත් බව මගේ හැගීමයි.නිරොශා විරාජිනියත් යමින් සිටින්නේ මේ පෙරමුනට බව මගේ හැගීමයි.උරේශා රවිහාරිත් ඉතා විශාල පරාසයක් හෙබි ගායිකාවත් වුවද චිත්‍රපටි ගායනයටම ඇය කොටු වී ඇතයි මට සිතේ.

කෙසේ නමුත් හොදම ගායිකාවට අවශ්‍ය හොද කටහඩක් පමනක්මද යන්න ප්‍රශ්නයකි.
-මද්දු
( 'වැට නැති කට' බ්ලොග් අඩවියේ පළවූ ලිපියක සංක්ෂිප්තයකි. සම්පූර්ණ ලිපිය සඳහා මෙතන බලන්න. )

නංගියේ.... පොඩි වැඩියි නුඹ එය නොදත්තත්!


දකින්නේ අවට
අතිනත් බැඳ
තුරුල් වු
පෙම්වතුන්ගේ
පෙම් රැඟුම් නම්…

පෙනෙන්නේ දසත
පොඩිවුන් හොවාගත්
ලබැඳි
පියවරුන්
මව්වරුන් නම්….

පතන්නේ නුඹත්
ඇහැකි නම්
එවන් වු
පෙම් කවක් හෝ
ඉන් ඇබිත්තක්…

හඬන්නේ මසිත
කෙලෙසදැයි
නුඹ නොදන්නේ
නංගියේ ….පොඩි වැඩිය
ඔබ එය නොදත්තත්……..

(ජීවිතයේ 41 වැනි කලට ලංවෙන මන්දමානසික නංගීගෙන් ලොකු අයියා අයදින සමාව.)

-Aru

(Aru ගේ අඩවියේ 'අහිංසකාවියේ...!' නමින් පළවූවකි)

Friday, October 8, 2010

මෙහෙව් රටක politics....

Reality of our country:

Most of the 1st class passed students get Technical Seats, Some Become Doctors & Some Engineers.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍:::::::::::::
The 2nd class passed pass MBA Become Administrator & Control the 1st Class..
:::::::::
The 3rd class passed Enter politics And become Ministers & Control Both..
::::::
Last But Not Least...
&

The Failure Join Underworld And Control all the above...
:::
How'z That....?
වාසල විසින් Buzz එකට පටවන ලද්දකි.

Tuesday, October 5, 2010

එස්.බී. ගෙන් විශ්මිත ගණිත ගැටළුවක්

අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමා ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබූ හා නොලැබූ සියළු ජනතාවගේ ගණිත දැනුම සහ තර්ක බුද්ධිය විමසනු වස් අසීරු ගණිත ගැටළුවක් අද දිනයේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලැබීය. එම ගැටළුවට අදාල උපන්‍යාසයන් පහත පරිදිය.

1. සම්මත තත්වයන් යටතේ ලංකාව නමැති පද්ධතිය තුල සේනාධිනායකයා සහ ජනාධිපතිතුමා යනුවෙන් ප්‍රධාන තනතුරු දෙකක් ඇත.

2. මෙම පද්ධතියේ සිටින සරත් ෆොන්සේකා නමැති අයෙකුට සිර දඬුවම් ලබාදීම උදෙසා නිර්දේශ වී නම් ඒ සඳහා සේනාධිනායකයාට අත්සන් නොකර සිටිය නොහැකිය.

3. එම අයට f නම් බලයක් යොදා සමාව දීමේ හැකියාව ජනාධිපතිතුමාට ඇත.

4. එහෙත් සේනාධිනායකයාට එම f නම් බලය නැති අතර එවන් සමාව දීමක් සඳහා කිසිසේත්ම දායක නොවිය යුතුය.

5. එමෙන්ම සරත් ෆොන්සේකා නමැති අය විසින් සමාව ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අවංකවමය.

ගැටළුව මෙයයි.

සේනාධිනායකයා සහ ජනාධිපතිතුමා යන දෙදෙනාම එක් අයෙකු වනවා මෙන්ම සැමවිටම එකවර පෙනී සිටින්නේ නම්,
සරත් ෆොන්සේකා නිදහස් වන දිනෙන් වසර විස්සක් අඩුකොට එය හඟුරන්කෙත ඡන්දදායක සංඛ්‍යාවෙන් බෙදා කේ.පී ගේ දත් සංඛ්‍යාවෙන් වැඩිකල විට ඇමතිතුමා ඇඳසිටි ජම්පරයේ මසා තිබූ මල්වල අඩංගුවූ පෙති ගණනේ සාමාන්‍යය කීයද?


(ඉහත ගැටළුවට පිළිතුරු සැපයීමේදී ගංජා භාවිත කල නොහැකි අතර ඉහත උපන්‍යාස අපැහැදිලි නම් ජිම් කැ* නමැති පර සුද්දෙකු රඟපාන The Mask නමැති සිනමා පටය නරඹන්න)

වසන් කල සත්‍ය


බොදු ගොවි
අගනුවරට ආසන්න
සුරා සූදුවෙන් තොර
චරිතවත්
පරිගණක ඉංජිනේරු පුතුට
චරිතවත් දුවණියක් දෙමාපියෝ සොයයි...

වුවද සත්‍ය මෙසේ විය නොහැකිද...?

බොදු ගොවි
අගනුවරට ආසන්න
චරිතවත්   (ගැහැණු ළමයි 3 හෝ 4 සමග සබදකම් පවත්වූ)
සුරා සූදුවෙන් තොර (නිතරම ක්ලබ් යන)
පරිගණක ඉංජිනේරු පුතුට
චරිතවත් දුවණියක් දෙමාපියෝ සොයයි... (මෝඩ දියණියක්)

දැක්ම : පොජ්ජෙ

Monday, October 4, 2010

කුණුහරුප බයිස්කෝප් ලෝලියාගේ අවනඩුව

 
ඉරිදාට දහම් පාසලේ උගන්වන
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නොවෙයි මම.

නාන තොටුපළේ කල් මරන
දියරෙදි යටින් අනන්තය සොයන
ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
නිදන කාමරවලට එබිකම් කර දුවන
ග්‍රීස් යකා නොවයි මම.

කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන
ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
රාත්‍රීයට යට ඇඳුම් දඩයමේ යන‍
උදෑසන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දකින
ස්ත්‍රීවාදියා නොවෙයි මම.

ගෙදර ඔක්කෝටම හොරෙන්
යතුරු හිලටත් කොකා පෙන්නා
කොම්පියුටරයේ තිරය ළඟ
මොහොතකට බුදුවෙන
කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම.

මාර සේනා තිරය හරස් කොට ඇත
දුෂ්කර ක්‍රියා කලද පල නැත
කමටහන් උදුරාගෙන ඇත
අසිත තාපස නුඹ කොහේවත් නැත.

උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගේම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මතුව අපට ලෝකයක් නෑ.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර-

Saturday, October 2, 2010

එකම ප්‍රශ්ණය සියවරක් අහන 'පැරා' ට,

LinkW3Lanka ලියන පැරා විසින් පහත එකම ප්‍රශ්ණය අති සාර්ථක සියවන වතාවටත් මෙවර අසා ඇත.
මෙම එකම ප්‍රශ්ණයට ඇනෝලා දහසක් විසින්ම මෙතෙක් ලබාදී ඇති නිවැරදි පිළිතුර මෙයයි.
"ඔව්..!"
ඉතිං පැරා,
තවදුරටත් මෙම ප්‍රශ්ණය නොඅසන්න. මේ සිදුකෙරෙන්නේ ඔබ කියා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවක් නොවේ. ලාංකීය ඊනියා ජනතාවගේ ලිට්මස් පරීක්ෂාවයි. කරුණාකර පරීක්ෂණ වලට බාධා නොකරන්න.
එන්න..! අපි පබළු බලමු...!!

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය