විවිධ

Powered by Blogger.

Monday, August 23, 2010

අඹ ගහ යට සෙවනේ.......

දැං කාලෙ තියෙන ගස් කොළනුත් කපලා ඒ තැන්වල ඊ ලයිබ්‍රෙරි හදන්න මහන්සි වෙන කාලෙක අපි සයිබර් අඹ ගහක් හැදුවා. කාරණා කීපෙකට.

1. හැමදාම කියවන බ්ලොග් ටික මග ඇරෙන්නෙ නැතුව කියවගන්න සරළ විදිහක් හැටියට
2. අළුතින් සයිබර් අවකාශයට එන අයට කරදරයක් නැතුව සිංහල බ්ලොග් කලාව හඳුන්වා දෙන්න
3. බ්ලොග් ලියන ඇත්තන්ගෙ හිත් පොජ්ජට මෝදුවෙන (තමන්ගෙ බ්ලොග් එකේ තීම් එකට පෑහෙන්නෙ නැති) පුංචි අදහස් පොදුවේ බෙදාගන්න
4.බ්ලොග් අවකාශයේ පළවෙන වැදගත් සටහන්/සිදුවීම්/අලුත් බ්ලොග් අඩවි වගේම රටේ ඇතිවෙන සාහිත්‍ය/සමාජ/දේශපාලනික විශේෂ සිදුවීම් පිළිබඳව තොරතුරු බෙදාගැනීම

ඉතිං අපේ අරමුණ මෙතන පොජාචන්චරවාදය වෙනුවට නියම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සීයට සීයක් බලය බෙදාහරින්න. ඒ කියන්නෙ නියම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (අඹ) පුරවැසියන් පිරිසක් බිහි කරන්න. ඒකට මූලිකම සුදුසුකම තමා ඔබේ ඊමේල් ලිපිනය එවලා අඹ ගහ යට Contribute වෙන එක. (කතුවරයෙක් වෙන එක)

 මේ දාල තියෙන බ්ලොග් ලැයිස්තුව ආරම්භයක් වශයෙන් අහඹු ලෙස තෝරා ගැණුනක්. තව මගහැරුණු ඒවාත් මහ ගොඩක් ඇති. මතක් කලොත් පින්.

අඹ ගහ යට ගැන්සියට සෙට් වෙන්න හැමෝටම ඇරයුම්...!

 (ඉල්ලා අඹ ගැනීමේ පහසුකම් තාවකාලිකව අත් හිටුවා ඇත)

15 comments:

samantha said...

Im da 1st commenter.

අඹ ගහ යට said...

මදැයි දෙයියනේ කියලා මුලිච්චි වෙච්චි එකා. දැං ඉතිං ඉවරයිනේ. අපරාදේ මහන්සිය.

``` Outsider``` said...

නියමයි වැඩේ...
සියල්ලම එකම වහලක් යටින්..

පුතා said...

ඔක්කම හොඳයි.. ඇයි ඉල්ලල අඹ ගන්ට දෙන්නේ නැත්තේ....

charmi said...

තාවකාලිව පුතා තාවකාලිකව.
නැත්තං පුදපු ගමං කාපි යකා වගේ වෙනවනේ.

මාලන් said...

ජය වේවා...!

charmi said...

ඒයි මාලන්.....
Contribute වෙමුද?

ජයශ්‍රී said...

ඉතාම ප්‍රශංසනීය වෑයමක්.බ්ලොග් රෝල් එක ඉදිරිපත් කරන විදියත් ආකර්ශනීයයි.

මගේ බ්ලොගය ඇතුලත් කිරීම ගැනත් ස්තුතියි!
- ජයශ්‍රී

Anonymous said...

මාවත් එකතු කරාට ගොඩක් ස්තූතියි..

සාරිකා විචාරනී said...

ඉක්මණින් අපවත් එක් කරගන්න හැකිවේවා.

සජ්ජා (පඩංගුව) said...

ස්තුතියි මාවත් එකතුකරගත්තට. ඔබේ සින්ඩිය දිස් වන බැජ් එකක්, ජාවා ස්ක්‍රිප්ට් එකක් තියනවද?

රසුදැල් said...

https://rasudal.blogspot.com


kalamediri@gmail.com

Buddhini Ruhunuhewa

මගේ බ්ලොග් එකත් ඔබේ සින්ඩියට ඇතුලත් කරලා දෙනවාද ,,,ස්තුතියි

රසුදැල්

Asitha Yomal said...

මේං තව අඹ ගෙඩ්ඩක්..
https://takabung.blogspot.com/

Unknown said...

A group of police officers who had gone to raid a gambling center in the Bombuwala area in Dodangoda, Kalutara have been attacked.
When the police went there to raid the gambling market
The crowd had fled first..for more updates visit:https://gosiplanka.net/kalutara-police-gambling-man/

Ajith Dharma. said...

මගේ බ්ලොගයේ මෙසේජ් එකක විත් දානවා මම හිතන්නේ මාතලන් වෙන්න ඕනේ. එයාගේ බ්ලොගයෙන් සහ අඹගහ බ්ලොගයෙන් මාව අයින් කළා කියල. අවුලක් නැහැ. නමුත් ෆ්‍රී ස්පිච් හැටියට ඉතින් අවුල්. 😀 අරගලයට මම ලන්ඩන් ඉඳන් සහයෝගය දුන් නිසා මේක අරගලයට සම්බන්ධ නැත පෞද්ගලික වෛරයක් බවයි මගේ අදහස ඉතින්.

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය