විවිධ

Powered by Blogger.

Wednesday, May 16, 2012

෴ සොඳුරු සිතක් / ‘A Beautiful Mind’෴


මා අදරය කළ පිරිමින් අතර ඔහු ඉතා සුවිශේෂි කෙනෙකි. එයට හේතුව හේ ඉතාම අඩුවෙන් කතා කිරීමත් කතා කරන වචන කිහිපයේ පවා ගැබ්වී ඇති අමුතුම පැටලිලි සහගත බව නිසා මා මියෙන තෙක් මතකයේ රැඳීමත්ය.පිරිමින්ගේ අමුතුම ලොව හේ මට විවිර කළේ කිසිවකුත් කිසිදිනක නොගොසින් ඇති මහා කළුවර ගුහාවකට පරිස්සමෙන් එක්කන් යන්නා සේය.

පටන් ගැන්මම සිතට දැඩි බියක් ගෙන ආවාත් හේ මට ඉතාම සමීපව සිටිමින් දිරි දෙමින් මා ආරක්ෂා කළ යුතු බැව් කිවයුතුමය.කිසිදා නෑසු භයංකාර හඩවල් ද , කෑලි කැපිය හැකි සන අඳුර  ද නිසා මට දැනුනේ ඔහු මා ළඟින්ම මට රැකවරණය දෙමින් යන බැව් පමණි.

මා ඔහුගේ වත මවා ගත්තෙමි. සුදුත් නැති තළුත් නැති තළෙලුත් නැති ඒ මුහුණට කිසිම හැඩයක් නැත.හිනාවක් නැති බැරූරැම් බවක් නැති ඒ මුහුණ සිප ගැනීමට සිතුනු වාර අපමණය.විශේෂයෙන්ම කියනවා නම් ඔහුගෙන් හැමූ සුවඳ මා විඳඇති කිසිම සුවඳකට සම නොවූ අතර , අදද දෑස් පියන් , ගැඹුරින් ගන්නා හුසුමක අන්තිම කෙළවරේ ඒ සුවඳ ඇති බැව් දැනේ.

මදින් මද , ක්‍රමයෙන් ආලෝකමත් වන්නට වු අඳුරු ගුහා ගර්භයේ අභ්‍යන්තරයට යද්දී.ඔහු දෙස බැලීමට තිබූ ආසාව පසෙක ලා...වර්ණවත් වූ ගුහා ගැබ පිරික්සන්නට වූයෙමි.ඇතැම් නොපැහැදිලි තැන් ඔහු ඉතාම ආකර්ශණීය ලෙස විස්තර කළා අද පවා මයෙ මතකයේ ඇත. කිසිදු වෙහෙසක් හෝ බියක් නොදැනුනු කුතුහලය පිරි අඳුරු ගුහාව , දිව්‍ය සිරි අසිරි ගනිද්දි , මා සමඟ ආ ඔහු සහමුලින්ම මට අමතකව ගොස් තිබුනි.

විශේෂයෙන්ම කිව යුතු දෙයකි.අඳුරේ දි මට ඔහු සිපගැනීමේ අසාව දැඩිව දැනුන ද ආලෝකයේ දී එය සම්පූර්ණයෙන්ම කණපිට ගැසී තිබුනි. අවසන් වතාවට ඔහුගේ මුහුණ බලද්දි එහි තිබූ කාන්තියත් දැඩි ආසාවත් රාගය යැයි මා වරදවා වටහා ගත් බැව් දැනෙන්නේ දැන් ය.

දිනක් දැනුනේ දැඩි පිපාසයකි. ගුහාවේ කොතනකවත් දිය සීරාවක් තබා තෙත් බවක් වත් නොවීය.මා ළඟින්ම සිටි ඔහුද නොවීය.අසීරුවෙන් නමුත් මතකට නඟා ගත් ඔහුගේ නම කියා ඇමතුව ද, පිළිතුරු ලෙස ලැබුනේ මගේ ඇමතීමම පමණි.( හේ මට පවසා තිබුනේ ආරූඪ නමක් විත්තිය දැන ගත්තේ පසු කලකදීය )

ගුහාව සිසාරා මා ඔහුව සොයන්නය වීමි. ගුහාවේ දැඩි අඳුරු කොනක කිසිවකු සෙමින් හඩන හඩ ඇසුනි.අදුරුට දෑස් හුරුකර ගැනීම අපහසු වූව ද හඬමින් සිටියේ වෙනකෙකු නොව ඔහුම බැව් හඳුනා ගන්නට වැඩි වේලාවක් ගත නොවීය.

සැමදා මා , ඔහුව හඳුනා ගත්තේ අඳුරේ දී පමණක් බැව් මට සිතෙන්නේ දැනුදු අඳුරට වැටුනු පළමු තප්පරයේම ඔහු මගේ මතකයට එන ප්‍රථම චරිතය නිසාය.

ඔහු නිසා මා අඳුරෙන් මිදුනෙමි.ඔහු මට ආලෝකය පෙන්වා අඳුරට වී හඩමින් සිටිද්දී නැවතත් අඳුරටම යා නොහැකි ලෙස ඔහු මා ආලෝකයට හුරු කොට ඇත.

මා අද ආලෝකයේ තනි වී ඇත.රැගෙන විත් හැර ගියේ යම් සේ ද, “ පිරිමි සිත නම් සොඳුරු ගුහාවෙන් “ එහා මා සිටි තැනට මා හැරලවන්නට නුඹ නොඑන්නේ මන් ද.............

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය