විවිධ

Powered by Blogger.

Wednesday, September 28, 2011

අබූත

මොන දේ කළත් වරදින උපාලි කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."

"අම්මට සිරි!" උපාලිට කියවිණි.

"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.

"සිරි කියන්නෙ ශ්රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.

"බොරු නේද?

"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"

"භූතයෙක්- මහප්රාණ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන් ඕනෙ."
ඉතිරිය සහ තවත් කතා කියවන්න යන්න "කෙටිකතා තරඟයට"

Tuesday, September 27, 2011

පුංචිත්තා


දූලා පුතාලාට කතන්දර කියන්න නැන්දලා මාමලා එකතුවෙලා,,,


එන්න මිතුරු සෙවණට  පුංචිත්තා මඟ බලාන ඉන්නෙ




හොඳම දේ ළමයින්ටයි   

Monday, September 12, 2011

ලෝකයේ විනාශය ඇරඹේ .








නාථ දෙවියන් වහන්සේ පයින්ඩයක් එවල ඔන්න.


මේ මාසේ අන්තිමට විනාස වෙන්නට කාලේ හරි ගොහින් තියන බටහිර අධිරාජ්‍යවාදයට කඩේ යන ඇත්තෝ ඉන්නවානම් හරි පාරට එනවා හොඳයි ආයිබෝන්.
ඔන්න නොකිව්වා කියන්න එපා ආයේ.


ඡන්දෙකුත් ලඟයි හොඳේ .

Sunday, September 11, 2011

ජාතික රූපවාහිනියෙ වඳුරෝ.......

අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා දන්නවද? අන්න උගෙ පරම්පරාව දැං ඉන්නෙ ජාතික රූපවාහිනියෙ. අර කඩුව තාම මුංගාව තියෙනවා. කොටපං කියන ඕනෙ එකකට කොටනවා. කොටන්ඩම උපං ජාතිය.

ඊයෙ මුං ඕකෙං
පාතර් පංචාලි කියන විශ්ව සම්භාවනීය ෆිල්ම් එකට කෙටුවා. අපේ අසහාය දේශප්‍රේමී වීරයංගෙ ඕඩර්ස් එක්ක රායි මොන කැස්වටුවෙක්ද නේද?

අපරාදෙ කියන්ඩ බෑ
අපූගෙ තාත්තා පිට්ටු බම්බුවක් වගේ මොකද්ද අටමගලයක් මූණට ලං කොරනකොටම රොයිලියත් ඇඹරිලා යන ජාතියෙ පෂ්ට සබ්ටයිටල් ටිකක් තමා ගියේ.

"අවුරුද්දකට දෙපාරක් දුම්බිමෙන් ලිංගික අප්‍රාණිකතාව ඇතිවේ..."
"මං මාසයක් තිස්සෙ දුම්බීමේ දර්ශන දැකීමෙන් ඔබේ දරුවා ඊට ඇබ්බැහි විය හැක...."

මුංට පුදුම ආසාවක් තිබුනේ අර එල්ලා වැටිච්ච සිගරට් එක පෙන්නගන්ඩ... (කවුද අප්පා ඒ බැනර් එක හදපු වැඩකාරයො?)
යන්තං ඕකෙං මේකෙං රෑ දහයකුත් ගානට නැගිටගෙන එක විතර වෙනකං
පාතර් පංචාලි බලපු පොඩි දරුපැටව් නං ආයෙ අරවගේ පිට්ටු බම්බු කටේ තියෙන එකක් නෑ.

තොපිට සුබ අනාගතයක්....!

Wednesday, September 7, 2011

කේන්දර කතාවක් - Short කතා











"නැන්දා ඇයි මැරී කලේ නැත්තේ?"
"මගේ කේන්දරේ අඟහරු හතේ"
"ඉතින්..."
"එහෙම අයට බඳින්න බැහැ"
"බැන්දොත්?"
"බඳින්න වෙන්නේ නැහැ ළමයෝ. මොකක් හරි වෙලා වලකිනවා"
"ඉතින් නැන්දා ට්‍රයි කළේවත් නැද්ද?"
"ඒ මොකටද? කොහොමත් බැරි එකේ නිකම් මහන්සි වෙන්නේ"
"මනස්ගාත"
"මනස්ගාත වෙන්නේ කොහෙද? සහතික ඇත්ත"
"කිසි පදනමක් නැහැනේ. හා කියන්න බලන්න මොන හේතුවක් උඩද විශ්වාස කරන්නේ?"
"ඉතින් මේ මං ම ගන්නකො. මගේ අඟහරු හතේ. මං බැන්දේ නැහැනේ"
"නැන්දා බැන්දේ නැත්තේ එහෙම කියල තියෙන හන්දා නේ"

"ඔව්. කොහොම හරි බැන්දේ නැහැනේ"



දිග Short කතාවක පොඩි කෑල්ලකි. දිගටම කියවන්න යන්න......
Short කතා
http://short-katha.blogspot.com/2011/08/blog-post_23.html

Tuesday, September 6, 2011



ගෝල් ෆේස් එකේ
කෝ නෑනෙ මිනිස්සු
කිසි ෆන් එකක් නැති
මේ රටේ යක්කු
අනේ මන්දා....

Friday, September 2, 2011

පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
බඳිනවදෝ කිරිපුස්සා

[රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුනයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
බඳිනවදෝ අපෙ පැඟිරා

[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]//

මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
බිම් හෙව්වා නොවැ රාළේ

කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ

'රාළේ! රාළේ!!'
මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ


[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]///
අපෙ පැඟිරා..කිරිපුස්සා///

නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව (පරාක්‍රම නිරිඇල්ල)
ගායනය - එඩ්වඩ් ජයකොඩි / ජයශ්‍රී චන්ද්‍රජිත්

සින්දුව බාගත කර ගන්න සහ වේදිකා නාට්‍ය ගීත අහන්න "නූර්ති සහ වේදිකා නාට්‍ය ගී"

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය