විවිධ

Powered by Blogger.

Saturday, October 13, 2012

ඇවිදින විටත් නිදියන පුතුන් ලද... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට..!

ලොකෙයේ කීකරුම ජනතාව සිටින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේය.

මොවුනට අධ්‍යාපනයට වැයකරන මුදල අඩුකිරීම ප්‍රශ්නයක් නොවේ, පඩි වැඩි නොකිරීමද ප්‍රශ්නයක් නොවේ.


අධිකරණ ලේකම්ගේ පිට කැපීමද, 

අගවිනිසුරුවරිය සේවයෙන් පහ කිරීමද ප්‍රශ්නයක් නොවේ.

බස්වල හිරවීමද, මහමඟ දහඩිය පෙරාගෙන රස්තියාදු වීමද, 

මහමඟ ටිපර් රථයක හැපි මිය යාමද, මිය ගිය මවගේ හිස අතේ තියාගෙන අඩා වැටීමද, ඒ හිස අතේ තබා ගත් තරුණිය වීඩියෝ ගත කර සයිබරයේ බෙදා හැරීමද ප්‍රශ්න නොවේ.

රස්තියාදුකාර ඇමතියෙකුගේ නොහොබිනා පුත්‍රයකු බුද්ධි අංශ මේජර්වරයකුගේ කණ පැළීමද, ඒ මේජරයාම වැරදි කරු කර සේවයෙන් පහත හෙළීමද, ඇමතියාගේ කාළකණ්නි පුත්‍රයා රටේ අධ්‍යාපන ඇමතියාවීමද ප්‍රශ්න නොවේ.


දෙදහස් පන්සියකින් ජීවත් වීම ප්‍රශ්නයක් නොවේ.

ඒ පන්සීයට වඩා ටිකක් වැඩියෙන් ජීවත් වීමට හැකි බව ඔප්පු කර පෙන්නිමද ප්‍රශනයක් නොවේ.

ලෝක වෙළඳ පොළේ ඇතිවි ඇති අවපාතයන් ගැන කලබලයට පත්වී සිටින බුද්ධිමත් සිරි ලාංකිකයන් පිරිසක්












ඇග ඇති මොළේ නැති තඩි දුමියාගේ අයියා ගෙනෙන කුඩු සල්ලි සුදු කරන ජාතික මනි ලොන්ඩරිය බවට ස්ටොක් මකට් එක පත් කිරීමද, 
එය හදන්නට ගිය තිලක් කරුණාරත්න ඉල්ලා අස්වීම
දිලිත්ගේ මිතුරු නාලක එහි කොමසාරිස් වීමද ප්‍රශ්න නොවේ

ඇත්තටම මේ වගේ කීකරු ප්‍රශ්න නැති ජනතාවක් ලැබීමට අප පාලකයන් කෙතරම් වාසනාවන්ත විය යුතුද..? 

ඒ අතින් බලනා කල්හි අපි ආසියාවේම නොව ලොවේම ඈස්චර්යය නොවන්නේද..?

ප.ලි: හැබැයි පුතේ, අපේ දෙදහස් පන්සියක මහඟු අතීතයටයි, අපේ සිංහලබෞද්ධ සංස්කෘතියටයි කෙළින්න  බහුජාතික, විදේශික, කුමණ්ත්‍රණ, අරාබි නිශාන්ත, ඩොලර් කාක්කෝ ආවොත් නම් උන්ගේ රෙදිත් ගලවලයි යන්නේ. මුන් දන්නේ නෑ තාම මේ කළු සිංහලයන්ගේ තරම..!


10 comments:

සාතන් said...

උඹට හිතෙන්නෙ නැද්ද ඔය කියල තියෙන මොකක් හරි එක ප්‍රශ්නයක්, කොයි විදිහටද විසඳෙන්න ඕන කියල උඹට හිතෙන විදිහ ගැන ලිව්ව නම් ඒක මීට වඩා වැදගත් කියල...

උඹ කියල තියෙන කාරණා ටික කෑගහන්න බලන් ඉන්න උන්ට ටෝක් දෙන්න පාර කැපීමක් විතරයි කියන එකයි මගේ අදහස...

සිතුවිලි මණ්ඩිය said...

සාතන්,ප්‍රශ්නයක් මතුකරන උන්ටම,ඒ ප්‍රශ්නයටම මූලික වෙච්චි ඈයොම,කෑ නොගහා මේවාට විසඳුම් තියනවානම් බොලාම ප්‍රශ්නේ විසඳපල්ලා කියලා ආරාධනා කිරීමත් සම්ප්‍රදායක් වෙච්චි ආශ්චර්‍යයක් මේක.

Anonymous said...

සාතන් උඹත් මහ ඉළ ඇදෙන කතානේ බන් කියන්නේ.

මචන් රටේ බහුතරක් ජහ මනතාවට ප්‍රශ්නයක් විදිහට නොපෙනෙන දෙයක් ප්‍රශන්යක් විදිහට පේන්නේ සුලුතරයකට නම් ඒ සුලුතරය කොහොමෙයි බන් ඒ ප්‍රශ්නවලට විසදුම් දෙන්නේ..? මුලින්ම බහුතරයක් ප්‍රශ්න ප්‍රශ්න විදිහට අදුනගන්න එපැයි.

මඩෙන් ගොඩ එන්න තමන් ඉන්නේ මඩේ කියලා තෙරෙන්න එපැයි බන්. තමන් ඉන්නේ මඩේ කියලා නොතේරෙනවානම් ගොඩ ඉන්න එකා හරි, තමන් එරිලා ඉන්නේ මඩේ කියලා තේරුම් ගත්තු එකා කොයි තරම් කෑගැහුවත් වැඩක් නෑ.

උඹ අහන්නේ ප්‍රශ්න වලට විසදුමක්නේ. පළමු පියවර ජහ මනතාව තමන් සිටින්නේ මඩේ බව තේරුම් ගැනීම.

මචන් චතුරාර්යය සත්‍යය ගනින් උදාහරණයකට,
1. දුක
2. දුකට හේතුව
3. දුක නැති කිරීමේ මාර්ගය
4. නිවන

එක පාරම නිවන් දකින්න බෑ මචන්. මුලින්ම දුක සහ දුකට හේතුව අදුනගෙන ඉමු :)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@සාතන් - මේවාට විසඳුම් සෙවීම මහා දැවැන්ත කාර්යයන් නොවේ ,අවැසි වන්නේ ඒ සඳහා වුවමනාව පමණි , නමුත් මාලන් කියන්නා සේ බහුතරයකට ඒ සඳහා වුවමනාවක් නැත්නම් , කිසි දෙනෙක මේවාට විසඳුම් නොලැබේ

සාතන් said...

@සිතුවිලි මණ්ඩිය: ආශ්චර්යට උදව් කරන්න එපැයි බන්...

@මාලන්: උදේ පාන්දර මිනිහෙක්ව හිනාගස්සන්න ලැබුන එකත් වාසනාව :)

මට උඹේ උත්තරේ නම් පටලැවිල්ලක් මචන්... සමහර විට මගේ කමෙන්ට් එකෙනුත් ආවෙ වැරදි අදහසක් වෙන්න ඇති... මගේ අදහස මේකයි.. උඹ කියනව වගේ බහුතරයක් ප්‍රශ්නය අදුනගන්න දවස එනකම් බලන් ඉන්න එක හීනයක් සැබෑ වෙනකං අතපය අකුලං ඉන්නව වගේ එකක්...

සිදුහත් කුමාරය සතර පෙර නිමිති දැකල කළකිරුණට පස්සෙ තමන්ගෙ යටත් වැසියන්ට මේ ජීවිතේ දුකක්. ඔක්කොම වරෙල්ලා මේකෙන් මිදෙන්න මඟක් හොයන්න කියල නෑනෙ බන්.. තමන් ඒක කරන්න ගියා මිසක්... බහුතරේකට ඕක තේරෙනකම් ඉඳල උන් එක්කම අභිණිෂ්ක්‍රමණය කරනව කියල හිටියනම් බුදු කෙනෙක් පහල වෙයි කියල හිතනවද?... ඒ වගේම උඹ ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තෙ තනියම... ඊට පස්සෙ වුනත් බහුතරයකට ජීවිතේ දුකයි කියල තේරුනහම තමන් අවබෝධ කරගත්තු එක දේ දේශනා කරනව කියල හිටියෙත් නෑනෙ...

එකපාර නිවන් දකින්න බෑ කියන උඹ දන්නව... ඒත් ඒක අවබෝධ වෙලාද කියන එක හිතල බලපන්... මොකද අපි චතුරාර්්‍ය සත්‍යත් දන්නව වුනාට නිවන් දැකල නැත්තෙ ඒක අවබෝධ වෙලා නැති හින්ද...

උඔ කියල තියෙන දේවල් ගැන වචනෙකින්වත් තමන්ගෙ අදහස බෙදාගන්න දී දෙනෙක්ට උවමනාවක් වෙලා තියෙනවද, කී දෙනෙක් මේ පෝස්ට් එක කියවල තියෙනවද කියන එක හිතල බලපන්...


@බුවා: බහුතරයකට උවමනාව එනකම් තේරුමක් නැතුව අරක අරෙහෙමයි මේක මෙහෙමයි කිය කිය ප්‍රශ්නෙ උඩුදුවන්න දෙනවද කියන එකයි මම මතුකලේ...





මාතලන් said...

මුලින්ම මාව මරාගෙන කෑවත් අපි පිලිගන්න ඕන මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් නොවෙයි කියන එක. එතන ඉඳගෙන ප්‍රශ්නේ බැලුවම උඹලා කතා කරන දේවල් හීන වලට පමණක් සීමා වෙනවා. කෙල්ලෙකුට එකසිය ගානට ට්‍රයි කරලා දා ගන්න බැරි උනාට ඒකිත් ඒකිව යට ලීයෙන් කැන්දලා වැඩක් දෙන්න පුළුවන්නේ. ඒක් අකමැති උනත් අපි කැමති හැමදේම එතකොට කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි. උඹගේ බලා පොරොත්තු කඩා වැටීම. ඒකයි උඹ කියන්නේ අධ්‍යාපනයේ වටිනාකම ගැන හරි කතා වෙච්ච එක ලොකු දෙයක් කියන්නේ. ඔච්චර දුක් වෙන්න ඕන නෑ. ගමටම යන්න ඕන නෑ නගරේ ඉන්න මිනිස්සු එක්කත් බොඩ්ඩක් කතා කරපන්. එතකොට තේරෙනවා මේ රටේ තත්වේ. අපි හිතන පතන විදියට නෙමෙයි බන් උන් හිතන්නේ පතන්නේ. උන්ගේ බ්‍රේන් වොෂ් කරන්න, ෆෝන්සේකා මහත්තයටවත් එයා වටේ ඉන්න කාල් පාරුවන්ටත් බෑ. නමුත් වි වි ආචාර්යවරුන් බැස්සම උනුත් ටිකක් ෆෝම් උනා. ඒත් බලපන්කෝ කරපු දේ.

අපො කුමක් කරමුද...?

එන්න මාලන්, අපි නටමු ගයමු, ගී ගයා විනෝද වෙමු. එනකොට උඹේ බාගෙත් අරගෙන වරෙන්. ඒකටත් රුපියල් 40 කින් කෙලියා. බයිට් එකට කඩල ඇති.

cjdrox said...

මේක කියවල ඉවර වුණා විතරයි මෙන්න යකෝ කවුද මට දාගෙන පලුයන්න බනිනවා. බැලින්නම් මගේ කලිසම. "මේ වගේ රටක තවත් ඉන්න තොට ලජ්ජා නැතිවුණාට උඹ වගේ කාලකන්නියෙක්ගේ ඇඟේ එතිල ඉන්න මට ලැජ්ජයි යකෝ.." කිය කියා බණිනවා. මම කලිසම ගලවල විසික් කරල දැම්ම. මෙහෙම හොඳා. අපරාදෙ අලුත් කලිසම. අයියෝ සල්ලි.

Unknown said...

ඕව ප්‍රශ්න වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ඨසම්පන්න කම, සාධාරනත්වය, නීතියේ ආධිපත්‍යය වගේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කරගහගත්තු උඹල වගේ ඇන්කරයන්ට.
සිංහල බෙෘද්ධයන්ට ඕව ප්‍රශ්න නෙවේ.
බොරැනම් කැලේකට ගිහිල්ල බලපං. ඒකෙ තියෙන එකම නීතිය ප්‍රලුවන් එකා බැරි එකා ගිලල දාන එක.

Anonymous said...

මේ රටේ ඉන්නේ පොන්නයෝ. නැත්නම් පොන්නයෝ කරපු උන්. තොට හෙනගහුවත් කමක් නැ මම හොඳින් නම් කියල හිතන්න අපේ එවුන්ව පුරුදු කරලා ඉවරයි. මම හිතන්නේ නැ ආය මුන්ව හදන්න පුළුවන් වෙයි කියලා.

``` Outsider``` said...

බහුතරයක් ඉන්නෙ ඉතා සාමාන්‍ය මිනිස්සුනෙ බං මේ රටේ. කුඹුරට වතුර ටික හරව ගන්නත් දේශපාලනය මැදිහත් වෙන තත්වයක් තුළ සාමාන්‍ය ජනතාව අසරණ වෙනව. ඒකටත් කාට හරි සහයෝගය දීල කතිරෙ ගහන්න සිද්ධ වෙනව. දේශපාලකයො ප්‍රමුඛ පාලකයන්ට සහ වරප්‍රසාදලාභි‍ කොට්ඨාශ වලට අවශ්‍ය ජනතාවක් නෙවෙයි. උන්ට අවශ්‍ය එඵවො, බැටඵවො . එතකොට විතරයි උන්ගෙ පැවැත්ම හැමදාටම තහවුරු වෙන්නෙ.
සාමාන්‍ය මිනිස්සුන්ට කවුරුත් විශ්වාසවන්ත නායකත්වයක් දීල නෑ එදා ඉඳන්ම. ඉහළින් එන හැම එකාම උඹලව මේ සැරේ ගොඩ දානව කියල උන්ව රවට්ටනව. ජනතාව වෙනුවෙන් යම් යම් දේවල් දිනාගන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනව කියන හැම පාර්ශ්වයක්ම අන්තිමට ජනතාවට පස්ස පෙන්නල මාරු වෙනව. එහෙම ජීවිත පරිත්‍යාග කරපු එකෙක් මේ රටේ ඇත්තෙත් නෑ. උන්ගෙ ලණු කාල අහිංසකයො නම් ජීවිත නැති කරගන්නව.
සාමාන්‍ය මිනිස්සුන්ට විශ්වාසවන්ත මග පෙන්වීමක්, නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනව. ඒත් මොකාද විශ්වාස කරන්නෙ. දේශපාලකයගෙ හිට හැම එකාම කරන්නෙ බොරුව, වංචාව. ඒක නිසා සාමාන්‍ය මිනිස්සු ඕනි මගුලක් වෙච්චදෙන් මේක තොපිටම ගිය රටනෙ කියන අර්ථයෙන් නොදැක්ක, නොඇසුණු විදියට ඉන්නව බහුතරයක්ම ටීවී එකේ ටෙලියක් බලාගෙන,මැච් එකකට හුරේ දමාගෙන.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය