බොහෝ දුරට ෆුටා එකේ ඇත්තෝ අද මේ සම්බන්ධව තීරණයක් ගනීවි. මේ ගැන අපහාසයෙන් කතා කරන බොහොමයක් දෙනා, ෆුටා එකේ ඇත්තෝ පඩි වැඩි කරගැනීම සඳහා 6% ඉදිරියට දැමූවා කියූවත්; තවත් අය ෆුටා එකේ ඇත්තෝ අරගලය පාවා දුන්නා කියූවත් ෆුටා අයට අන්තිමේ සිද්ධවුනේ අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම නැති වුනා වගේ වැඩක්.
ඒ කියන්නේ ඒ අයගේ ප්‍රමුඛ ඉල්ලීම් වුන වැටුප් වැඩි කීරීම් සහ 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීම යන දෙකම ඉටු නොවීම සහ බලාපොරොත්තු නොවූ මොහොතක පරාජිත ලෙසින් වර්ජනයත් අවසන් කිරීමට සිදුවීම. [කවුරුන් හරි කියනවනම් ඒ අය ආයෙත් විශ්ව විද්‍යාල වලට එන්නේ පඩි වැඩි කරගෙන කියලා, ඒ අයට මට කියන්න තියෙන්නේ කරුණාකරලා මුදල් අමාත්‍යංශ ලේඛම් ආචාර්‍යය පි.බී ජයසුන්දර මහත්තය නිකුත් කරණ ලද නිවේදනය කියවන්න කියලා. එහි කොතනවත් පඩි වැඩි කරනවා කියලා නිශ්චිතව සඳහනක් නැහැ. තියෙන්නේ පඩි වැඩි කිරීම සඳා කෙටි සහ මධ්‍යකාලීන සැළැස්මවල් සාදන්න එකග වෙනවා කියලා විතරයි].
If you do not know how to solve a problem, confuse them. It works..! |
එතකොට ඔබට එන ප්‍රශ්නය තමයි, "එහෙනම් මොන එහෙකටද මේ වර්ජනය නවත්වන්නේ කියලා..?" ඔය ප්‍රශ්නය මටත් එළෙසින්ම තියෙනවා.
"ඇයි මේ වර්ජනය නවත්වන්නේ..?"
පිටස්තරයෙක් ලෙස මේ අරගලය දෙස බලා සිටියෙකු විලසට මටනම් හිතෙන්නේ මේ අය ඒ අයගේ ත්‍රෙශොල්ඩ් ලිමිට් [threshold limit] එක එනම් දරා සිටීමේ සීමාව ඉක්මවුනා කියලයි. මාස තුනක් මාසික වේතන නොගෙන පවුලක් නඩත්තු කිරීමේදි ඇතිවන ආර්ථික පීඩනය, සිසුන්ගෙන් සහ දෙමවුපියන්ගෙන් ඇතිවන පීඩනය සහ ඒ සියල්ල ඉක්මවමින් රජයේ ජඩ මාධ්‍ය සහ ඔඩොක්කු කුක්කන් විසින් උදේ හවා කරන "අරාබි නිශාන්ත සමාවෙන්න වසන්ත" සහ N.G.O ඩොලර් ප්‍රචාර, රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණ ආදී නින්දා සහගත චෝදනා සහ අවලාද මේ අයට දරා සිටීමේ සීමාව ඉක්මවීමට හේතුවූවා නිසැකයි.
කෙසේ හෝ අවසානයේ මේ සටනින් දිනුවේ කවුරුන්ද..?
ආචාර්යයවරුද..?
රජයද..?
නැතිනම් බුද්ධිමත් ජහ මනතාව වන අපිද..?
"කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ"
විනී හෙට්ටිගොඩ මහතාගේ අදහසක් |
වත්මන් නිදහස් අධ්‍යාපනය යනු කෙනෙකුට පහළ සමාජ පන්තියක සිට ඉහළ සමාජ පන්තියකට නගින්න තියෙන ඉණිමඟක් පමණක්ම නේද..? එහෙම ඉහළ සමාජ පන්තියට නැඟ ගත්තු එකෙක් ආයේ තමන් හිටපු පන්තිය ගැන සානුකම්පිතව බලලා තියෙනවද..?
එහෙම තියෙනවනම්, "ආචාර්යය වරුන්ට වැටුප් වැඩි වුනොතින් රාජ්‍ය සේවයේ ඉහළම තලයේ සිටින වෛද්‍යවරුන් වන අපි වුරුතීය සමිති ක්‍රියාමාර්ගයකට අනිවාර්යෙන්ම යනවා" කියලා කියන්න වෛද්‍යවරුන්ට පුළුවන්ද..? රටේ සමාන්‍යය මිනිසුන්ගේ බදු මුදලින් ඉගනුම ලබා පසුව රෝගීන්ගේ මළමිනී මතින් හෝ ගොස් සාමජයේ ඉහළ ස්ථරයක රැදෙන්නට, තමන් සමාජයේ අනිත් මිනිසුන්ට වඩා ඉහළින් සිටිය යුතුයි කියා සිතන උගත්යැයි කියන මිනිසුන්ගේ උගත්කම කුමකටද..?
ලංකාවේ ඉන්ජිනේරූ පීඨවලින් පිටවුන කීදෙනෙක් මේ වන විට වෙනත් දියුණු රටවල පුරවැසි භාවය ලබා පිටව ගොසින්ද..? කී දෙනෙක් මේ වනවිටත් පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත් පුරවමින් සිටිනවාද..? එසේනම් නිදහස් අධ්‍යාපනයෙන් ඔවුන් ලබාගෙන ඇත්තේ දියුණුරටකට යාමට වන්වේ ටිකක් පතක්ද..?
එසේම කලා පීඨ වලින් උපාධිය ලබා "අපිට රස්සාවල් දියවු..!" කියමින් ලිප්ටන් වට රවුම වටලීමට රැකියා විරහිත උපාධිධාරීන්ට ඇති අයිතිය කුමක්ද..? රැකියා විරහිත නුසුදුස්සන්ට රජයේ රැකියා දියයුත්තේ ඇයි..? නොමිළේ ලබාදුන් අධ්‍යාපනය ඔවුන්ට රැකියා ලබාදීමේ සුවිශේෂ වරප්‍රාසදයක් වන්නේ ඇයි..?
නිදහස් අධ්‍යාපනය කියලා අන්තිමේ ලංකාවට ඉතිරිව තිබෙන්නේ මෙවන් "උගත්" පරපුරක්ද..?
කන්නන්ගර මහතා අධ්‍යාපනය නිදහස් කිරීමෙන් බලාපොරොත්තු වුයේ මෙයද..?
කන්නන්ගරයට එන්න කියාපිය...
මේවට උත්තර දෙන්න කියාපිය...
කන්නන්ගරයට එන්න කියාපිය...
මේවට උත්තර දෙන්න කියාපිය...
16 comments:
කන්නග්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ එදා තිබුන සමාජයට , රදලයින් විතරක් අධ්‍යාපනය ලබන එක වලක්වන්න , නමුත් කාලානුරුපව ඒක සකසා ගන්න එක පස්සෙ කාලේ හිටපු අයගේ වගකීමක් , එහෙම නොකල නිසා වර්ථමානයේ ලංකාවේ තියෙන්නේ විකෘති තත්වයක් , කැම්පස් යන එකා හිතන්නේ තමන් මහා ලොකු වීරයෙක් අනික් කිසි එකෙක් ඉගෙන ගත යුතු නෑ කියල , එහෙම හිතල කැම්පස් එකේ ඉන්න කන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ය කියල අරගල කරන මේ අයගෙන් එක් පිරිසක් රස්සාවත් ආණ්ඩුවෙන්ම හොයල දියව් කියන තැනට පත්වෙත්චි ඉතිරි කට්ටිය හොඳ හොඳ රැකියා අවස්ථා ගන්නවා , මේ රැකියා ගන්න පිරිසෙන් දොස්තර මහත්තුරු ටික පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා අරගලය ජීවිත කාලයේම ගෙනියන ගමන් තමන්ගේ දරුවන්ව යුරෝපෙ හරි රුසියාවේ හරි යවනවා වෙදකම ඉගෙන ගන්න ඌට කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි උනොත් , ඉතුරු මහත්තැන්ලගෙන් පිරිසක් (විශේෂයෙන්ම ඉංජිනේරු ) අවුරුදු කිහිපයක අත්දැකීම් වලින් පස්සේ ලංකාවටම ටටා බායි කියල මාරු , මෙහෙ ඉතුරු වෙන පිරිසකුත් ඉන්නවා , කැම්පස් ඉන්නකන් පද්ධතිය රැකගන්න දේශන දීපු මෙයින් සමහරක් ඉන්ටව්වලදි පද්ධතියෙන් එන එකාවම කපනවා ඉංග්‍රිසි බැරි කැරලි කාරයො කියල . සමානාත්මතාවය හදන්න කියල තියන ක්‍රමයෙන් උපරිම විශතාවයක් හදාගෙන තියනවා . ෆුටා එක 6% ඉස්සරහට දාලා පඩි වැඩි කරගත්තා නම් ටිකක් චාටර් , හැබැයි පඩිත් නැතුව 6% නැතුව අකුල ගත්තා කියන්නේ අමු චාටර් !
anthima kawiya ain kara gaththoth hondai.
@Ano,
""anthima kawiya ain kara gaththoth hondai.""
කිසිදු කොටසක්, කුමන හේතුවක් මත ඉවත් නොකෙරේ.
මාලන්, මම උඹට කලින්ම කිව්වා මේ දේ වෙන බව. නිදහස් අධ්‍යාපනය දීලා විතරක් වැඩක් නෑ එහින් බිහිවන උගතුන්ට (බුද්ධිමතුන් නොවේ) රැකියා තියෙන්නත් ඕන. මැද පන්තියේ එක්තරා පිරිසක් ඉන්නවා ඉගෙනීමේ අගය වටහා ගත් විශේෂයෙන් ඉංග්‍රීසී භාෂාව. ඒ අය කරේ බන්ඩා ඉංග්‍රීසි නැවත්තුවත් දිගටම තම දරුවන්ට ඉංග්‍රීසී උගන්වපු එක. ඒ අය දිණුම් මොකද එයාලට ඉල්ලුමක් පිට රටවල තියෙනවා. මතක තියාගන්න ගියපු ගමන් මේ කිසි කෙනෙකුට රැකියා දෙන්නෙ නෑ. මුදල් වියදම් කරලා ඒ රටේදි කොලිෆයි වෙන්න ඕන. තව පිරිසක් ඉන්නවා සීයගේ දරුවෝ. ඒ දරුවන්ගේ දෘවොත් ජාත්‍යන්තර පාසල් වලට ගිහින් නිවන් යන මාර්ගය සලසා ගන්නවා. ඉතුරුවෙන්නේ බිස්නස් එක ගෙනියන එකා විතරයි. තව පන්තියක් ඉන්නවා උගත් සාධාරන සමාජේ බ්ලාපොරොත්තුවෙන් ඉන්න පීස. මේ තමයි නියම ගිරවු. උන් එලියට ආවම් ජොබ් නෑ. මොකෝ කඩු ශිල්ප බෑ. ඉතින් ආන්ඩුවෙන් දෙන දේ අරගෙන ගස් යටට වෙලා ඈනුම් ඇර ඇර ඉන්නවා. මම හිතන්නේ මේ රට අගාදයකට වේගයෙන් ගමන් කරනවා. දුටුගැමුනුත් යුද්දේ දින්නට ටික කලකින් අනුරාධපුරේ පැත්තෙවත් යන්න බැරි වෙනවා. පොලොන්නරු යුගෙන් පස්සේ ආයෙත් ගල් යුගයටම යනවා.. මේ වෙන්නේ ඉතිහාසය නැවත කියවීමද කියලා වෙලාවකට මට හිතෙනවා. කැම්පස් වල ඉතුරුවෙලා ඉන්නේ පොරවල් වෙන්න කැමති පිරිසකුයි, දේපල දාලා ගිහින් තුන්වන පන්තියේ එකෙක් ලෙස ජීවත් වෙන්න අකමැති පිරිසකුයි. මම කියපු අර කඩු ශිල්ප බැරි පිරිසයි පමණයි. වෛද්‍යවරුන්ගේ තත්වයත් එසේමයි.
බලන් ඉන්න එක ඇර දැන් කරන්න වෙන දෙයක් ඉතිරි වෙලා නෑ. මෙච්චර කල් බලන් ඉන්නේ නැතිව වැඩ කලා. කරපු සේරම ගගට කැපුවා වගේ. ඒක නිසා බලන් ඉන්න එක හොදයි කියලා හිතුනා. එතකොට හිතට දුකවත් නෑනේ
හොඳ ලිපියක්... ඊට වඩා දෙයක් කියන්න වෙලාවක් නෑ...
පරාජයවීමක් කියලා නම් මම හිතන්නේ නැහැ. සාර්ථක ලෙස මෙහෙයවපු අරගලයක්. විනිසුරුවරුන් නැවත වැඩට ගියේ, ඔවුන් ඉල්ලන දේ දිනාගන්න තියන හොඳම ක්‍රමය තමයි නීතිය ක්‍රියාත්මකවීම කියන එක තේරුම් ගැනීමෙන්. ඒ වගේම, ෆුටා අරගලයෙන් ආණ්ඩුවේ කිසිම දේශපාලඥයෙකුට කිසිම පාඩුවක් නැහැ. කිසිම කෙනෙක්ගේ දරුවෙක් කැම්පස් එකක ඉන්න බවක් මම නම් දන්නේ නැහැ. මාස තුනක් ගෙනියපු අරගලය නිමා කලේ යම් යම් පොරොන්දු අරගෙනයි.... ඊට වඩා දුර ගිය විසඳුමක් කෙටි කාලයක් තුල ලබා ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. අන්තිමේ ඔකෙන් බැටකන්නේ දුප්පත් පවුල් වල දරුවෝ සහ ආචාර්යවරුන්ම විතරයි. ගෙනාපු දුර හොඳටම ප්‍රමානවත් බවයි මම හිතන්නේ.
ලිපියේ පසුව මතු කරල තියෙන දෙවල් නම් ඉතින් සරල ප්‍රශ්න නෙමෙයි. ලේසියෙන් විසඳන්න පුලුවන් ඒවත් නෙමෙයි.
\\\වත්මන් නිදහස් අධ්‍යාපනය යනු කෙනෙකුට පහළ සමාජ පන්තියක සිට ඉහළ සමාජ පන්තියකට නගින්න තියෙන ඉණිමඟක් පමණක්ම නේද..? එහෙම ඉහළ සමාජ පන්තියට නැඟ ගත්තු එකෙක් ආයේ තමන් හිටපු පන්තිය ගැන සානුකම්පිතව බලලා තියෙනවද..?\\\
මාලන් අපි ඒක බලාගන්නම්. උබට කැම්පස් යන්න බැරි වුනා කියල කැම්පස් ගිහින් ජීවිතේ හදා ගත්ත උන් ගැන ඔච්චර ජෙලස් ගන්න එපා. උබට පුකට පයින් ගහල ෆුටා ගෲප් එකෙන් එලවල දැම්මේ උබේ තියෙන තුප්පහි කම නිසයි. දැන්වත් කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා හිටපන්.
@තිසර:
ඒකම තමයි මම ත්‍රෙශ්හෝල්ඩ් වැලුයිව් කියන එකෙන් අදහස් කළේ.
@ඇනෝ: නිකන් පූදින්නේ නැතුව පළයන් බන්. උඹ කාටද කඩේ යන්නේ කියලා ඕනේම හරෙකෙක්ට තේරෙනවා.
උබට සෙල්ලම් කරන්න කවුරුත් නැතිනම් නැට්ට නැති පූසෙක් අල්ලගනින්.
රජයේ සේවකයන් පඩිවැඩි කරගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා එකට මම එකඟ නැහැ. හේතුව ඔවුන්ගේ බර දරන්න ඕන පෞද්ගලික අංශයේ සේවකයන් හින්දාය. අනෙක රටේ අධ්‍යාපනය ගැන ඇත්තටම කැක්කුමක්™ තිබේ නම් වැටුප කීයක් උනත් වැඩ කරන්නත්, ටියුෂන් නොකර නොමිලේ පුද්ගලික පන්ති කරන්නත් පුලුවන්.
විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවලට එකතු වෙන්නට දක්ෂ සිසුන් පෙලඹෙන්නේ නැති එක ඇත්ත. ඒක ප්‍රශ්නයක් බවත් ඇත්ත. මේ වර්ජනයෙන් ඒකට ලැබුන විසඳුම මොකක්ද?
දැන් තමයි කමෙන්ට් ටික කියෙව්වෙ... මට කියන්න ඕන වුන එකත් බුවා කියල තියෙනව...
ඇත්තට කන්නංගර මහත්තය දැන් හිටියනම් මුං මොකක්ද මේ කරන විකාරෙ කියල දුක් වෙයි...
ඔව් ත්‍රෙශෝල්ඩ් එක පැන්නා කියන එක ගැන එකඟයි.... ඒත් ඇයි මේක පරාජිතව හෝ අසාර්ථකව නිමකලා කියලා දකින්නේ කියන එක ගැන පැහැදිලි නැහැ. ත්‍රෙශෝල්ඩ් ගැන කියද්දි, මෙකට දායක වුන අයගේ විතරක් නෙමෙයි, මේ ක්‍රියාවලියේ ත්‍රේශෝල්ඩ් එක ගැනත් හිතන්න ඕනේ... මේක තව දුරටත් ගියානම්, ටිකෙන් ටික මේක පිට ඉඳලා බලන මිනිස්සුන්ට වැදගත්කමක් නැති දෙයක් බවට පත්වෙන්න තිබ්බා... අධ්‍යාපනය වෙනුවෙන් කරන අරගලය අධ්‍යාපනයට කරන හානියක් බවට පත්වෙන්න තිබ්බා. මට හිතෙනවා, ඔවුන් සමාජයට පණිවිඩයක් දුන්නා. එස්බීල වගේ මෝඩ තකතීරුවන්ගේ නියම තැන පෙන්නලා දුන්නා... පක්ෂ, මතවාද නොතකා සෑහෙන පිරිසක් මේකට එකතු උනා සහයෝගය දැක්වුවා. උඩින් බටර් ගාලා ලිස්සලා යන්න බැරිබව ආණ්ඩුවට ඇඟෙව්වා.
පඩි විතරක් වැඩි කරගෙන මේක නැවැත්තුවා නම්, ඒක යම් සාර්ථකත්වයක් උනත්, පිට ඉන්න අයට බොහොම කැත විදිහට පේන දෙයක් වෙන්න තිබ්බා. අනික 6% කියන්නේ... සාකච්චාවට බඳුන්වෙලා ක්‍රමක්‍රමයෙන් අත්කරගතයුතු දෙයක් මිසක්, වර්ජනයක් නැවැත්වීමේ ජයග්‍රාහී තීන්දුව වෙන්න තියන හැකියාව බොහොම අඩුයි නේද? මගේ අදහස නම් මෑත කාලයේදි ලංකාවෙ දකින්නට ලැබුන සාර්ථකම අරගලය... ලොකු මතවාදී ජයග්‍රහණයක් ලැබුවා කියන එකයි මගේ අදහස...
//ඔවුන් සමාජයට පණිවිඩයක් දුන්නා. එස්බීල වගේ මෝඩ තකතීරුවන්ගේ නියම තැන පෙන්නලා දුන්නා//
එස්. බී ලගේ හැටි මිනිස්සු තේරුම් ගන්නේ නෑ , ඊලඟ ඡන්දෙත් ඒ.බී ඉහලින් මනාප අරන් දිනනවා , ආචාර්ය අරගලය ගැන සමාජය ඇතුලේ තිබුනේ මිශ්‍ර හැඟීම් ස්වාධීනෙටයි , සැලලිහිණිහයටයි සීමා වෙච්ච ගම් වල මිනිස්සු කොහොමත් දැක්කේ "දේශද්‍රෝහී අරගලයක්" පැත්තෙන් , එහෙම නොවුනේ තම තමන්ගේ දරුවන් විශ්ව විද්‍යාල වල ඉන්න අයගේන් සමහරකගේ විතරයි . අරගලයට ශක්තියක් වෙච්ච ශිෂ්‍යයින් ෆුටා එකට මැද ඇඟිල්ල පෙන්වන තැනට පත්වෙලා නම් මොකක්ද තියන සාර්ථකත්වය ? 6% කොහොමත් ප්‍රායෝගික නෑ , නමුත් දැනට වෙන්කරනවට වඩා මුදලක් වත් වෙන්කරගන්න තැනකට සාකච්ඡාව ගෙන්න ඕනි , හඳට ගල් ගහන්න ගියා නම් පොල් ගහකට හරි ගහල එනව මිසක් ගල සාක්කුවේ දාගෙන ගෙදර ගිහින් වැඩක් නෑ
බුවා මම මෙතනදි තිසර මතුකරන අදහස සමඟ එකඟයි.
ෆුටා එක අරගලයක් කරන්නේ කෙසේදැයි සමාජයට පෙන්නුවූවා. ඒ සඳහා ඔවුන් තමන්ගේ ප්‍රතිරූපය පවා පරදුවට තැබුවා. ෆුටා එක විශාල සමාජ කතිකාවක් නිර්මාණය කළා.
ඔවු තිසර ඔබ හරි ඔවුන් අරගලය නිමා කරන්නේ හරියටම අපිට හිතාගන්න බැරි තැනක. ප්‍රේක්ෂකයන් වූ අප මේ සිදුවීමත් එක්ක හොලමන් වෙනවා. අපි කල්පනා කරනවා "වට් ද හෙක්..?" කියලා. එය අප ඇතුළේ රිකතයක් නිර්මාණය කරනවා. ඒ රික්තය අපිව හිතන්න පොළඹවනවා.
ඇත්තටම කිව්වොත් ෆුටා අරගලයට පෙර සහ පසු ඉන්නේ එකම මිනිසෙක් නෙමෙයි. අවංකවම මාව උදාහරණයට ගත්තොත් මම වෙනස් වෙලා. ඒකම ඇති ෆුටා එක ජයග්‍රහණයක් කියලා හිතන්න.
තිසර එකඟයි ඔබ සමඟ.
මොනවා වුනත් මේ අරගලයේ යම්කිසි යුරෝපීය අරගලයක ගති තිබුණා. ලංකාවට පොදු නැති මුළු සමාජයම එකතු කරන් යන ගමනක් වගේ පෙනුනා. ඒක මට පෙනුන විදියද මන්ද? මස් රාත්තලම ඉල්ලනවට වඩා පිළිගත හැකි තැනකින් නිමාව දකින එක හොඳයි. 6% කියන එකත් මට හිතෙන්නේ එකතරා මස් රාත්තලක් වගේ. කවුරු හරි කියල තියෙනවා මම දැක්ක දැන් 1.86% කියල. ඉතින් දන් තියෙන අඩු පාඩු මොනවද, මම කියන්නේ පහසුකම් පැත්තෙන්. මේක දෙගුණ කරන්න කියල ඉල්ලුවානම් සාදාරණයි. ඒ කියන්නේ 3.5%ක් වගේ. පස්සේ ඉල්ලන්න තිබ්බ ටික ටික.
ඉස්සර ටීවී එකේ දේශපාලන වාදයකට ගියහම එක පැත්තක අය එයාල හොඳට කතා කරා කියල ඔවුන්ගේ පාක්ෂිකයින් පවසනවා. විරුද්ධ පාර්ශවය හොඳට කතා කළා කියල එයාලගේ පක්ෂේ අය කියනවා. මෙන්න මේ වගේ දෙයක් මෙතනත් වෙලා කියල මට හිතෙනවා. සමහරු මේක පුස්සක් කියනකොට සමහරු මේක මෑත යුගයේ සාර්ථකම අරගල කිලය කියනවා. දෙගොල්ලන්ටම ඉදිරිපත් කරන්න සාධාරණ තර්කත් ඇති. ඇත්තටම මේකෙන් පරාජය වෙන්නේ දුප්පත් දෙමව්පියන්. ඔවුන්ගේ දරුවන්ට තව දවසක් බත සපයන එක කොයි තරම් අමාරුද කියල දන්නේ ඔවුන්.
මීට වඩා ගරුසරු ඇති ඇමති තුමෙක් ඉන්න ඕනෑ කියන එක මමත් කියනවා. අඩුම ගානේ කට පියාගෙන ඇහුම්කන් දෙන්න පුළුවන්.
මේ පොස්ට් එක වගේම බොහොමයක් කමෙන්ට්සුත් සමබරයි කියල මට හිතෙනවා.
මේ රටේ කොතනවත් නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙලා නෑ වගේම ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඒක නිකම් ලස්සන බටර් ගාපු වචනයක් විතරයි. වැඩියෙන් සල්ලි තියෙන එකාට හෝ හයියෙන් දුවන්න පුඵවන් එකාට දිනන්න පුඵවන් රේස් එකක් විතරයි ඒක. ඒ රේස් එක දිනපු එකෙක්වත් මේ රටට වැඩදායි මිනිහෙක් වෙලාත් නෑ. ජනතාවට කරල ඇති මගුලකුත් නෑ. මහජනය කියන එකා බදු ගෙව ගෙව තවත් වලපල්ලට බඩගානව විතරයි. කොටින්ම කියනවනම් මේ අධ්‍යාපනයේ අරමුණු අන්තිම කුජීතයි. පෙරේතයි. කැතයි. ඒ අරමුණු වෙනස් කරන්න ඉදිරිපත් වෙන්න තරම් උගත් පිරිසක් රටේ නෑ. මොකද උගතුන් කැත අරමුණු එක්කම සහවාසයේ යෙදුණ උන් නිසා.
Post a Comment