විවිධ

Powered by Blogger.

Wednesday, August 14, 2013

ජාතීවාදය කහ පාටද..? කොළ පාටද..?

කාලෙන් කාලෙට එන වසංගත අනුව ෆේස් බුකියේ ප්‍රොෆයිල් පිකචර්ස් මාරු වීම අපේ ජහඃ මනයා කරගෙන එනු ලබන පාරම්පරික චාරිත්‍රයකි. [මේ එහෙයියන් මාරුව ගැන වචන 1000ක රචනාවක් ලිවීමට තරම් දේ ඇතත් කම්මැලිකම දෙයියන්ගේ මල්ලී කියන්නා සේ මම එය සුපුරුදු පරිදි "ටු ඩූ ලිස්ට්" එකට දමමි].

කොටියා පුත් පිරබාහරන් කළු අමුඩයක් ගසා ඔළුව පලාගෙන වල පල්ලට යැවූ දිනයේ පාරේ නටා කිරිබත් කා "ආයූබෝවේවා මහරජාණිනි" ගයා ප්‍රොෆයිල් පික්චර්ස් සිහ කොඩි දැමුවෝ; රතුපස් සමඟ කළු කොඩි දමාගෙන හංස ගී ගයනා විට අපිටනම් හිනා යන්නේ අහවල් තැනිනි. [එයද තවත් වචන 1000ක රචනාවකි].

රතු-පස් වලින් චැනලය GRAND-pas වලට මාරු වෙද්දි කළු වුන මූණු වලට; කහ පසු බිමේ පහක් දමන්නේ

"ජාතිවාදය එපා" කියාගෙනය.

ජාතිවාදය එපා වීම හොඳය. අපිද ලයික්ය. 

ඒ නාඩගම එසේ යද්දි අනිත් පැත්තේ කටු කන කුක්කන් අභියෝගකරන්නේ
"එම්බා, කහ පාට නැතුව කොළ පාට දමා පෙන්වම්" කියාය. 

[මේ අභියෝගය එක්තර දොස්තර මහත්තයෙක් කරනා කල්හි අපිට පහන් සංවේග උපදින්නේ "අනේ තොගේ දොස්තර නළාව ගහගන් පු*" කියාය].

කෙසේ හෝ මේ අභියෝගය
"මැරෙන සැටි මම පෙන්වම්" කියා භාර ගන්නා අනේකාගේ පහ; දැන් පැත්තක් කහය පැත්තක් කොළය.

"කොළ පැත්ත ලොකු ඇයි..?" 

කියා අසනා පොල්බුරුවන්ට 2x2 කුණු හරුපෙන් අමතනවා වෙනුවට 

"සමමිතිකවයි බෙදලා තියෙන්නේ" කියා වග උතතර බදිනු දකිනා විට සිත්වන්නේ 

"මහින්ද මාමේ මුන් ඉන්නකම් ඔහේ රජ; මමත් එනවා ඔය පැත්තට" කියා අතේ එල්ලෙන්නටය.   

මහින්ද මාමිටම ගැලපෙන නල්ලමලේ ගැන්සිය..!



9 comments:

මාතලන් said...

Hikz..... :D

දේශකයා said...

රතු පාටත් දාන්න බැරිය ටික දවසකින්...

Anonymous said...

@දේශක යා
සියළුම ආගම් නියෝජනය කරමින් සමණළ වර්ණ දාන එක තමයි හොඳ. ;)

දුකා said...

"කොළ පැත්ත ලොකු ඇයි..?"

කියා අසනා පොල්බුරුවන්ට 2x2 කුණු හරුපෙන් අමතනවා වෙනුවට

"සමමිතිකවයි බෙදලා තියෙන්නේ" කියා වග උතතර බදිනු දකිනා විට සිත්වන්නේ . . .

අඩෝ මටත් ෆේස්බුක් එකේ ඒ සීන් එක දැකලා මැරෙන්න හිනා ගියා . . .

අනිත් උන් මොනවා කියයිද කොරයිද කියලා හිතලා නෙමෙයි තමන්ගෙම බොක්කෙන් එන කැමැත්ත හරි විරෝධතාවය හරි පෙන්වන්න පුලුවන් වෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ . .

Anonymous said...

කොටින්ගෙ කටු කන කුක්කන්ට රිදිල වගේ

Anonymous said...

කොළ පාට එක master stroke එකක් නේද මාලන්? දොස්තර නලාව මාලන්ගේ *කේ එබ්බුව වගේ ද දැනෙන්නෙ?

Anonymous said...

මාස්ටර් ස්ට්‍රොක් පු*

ජාතිවාදයට විරුද්ධනම් බන් ජාතිවාදයට විරුද්ධයි.
මේ පාටක් අල්ලන් නහින්නේ අහවල් බම්බුවකටද..?

සාතන් said...

හෙහ් හෙහ්... :)

Anonymous said...

Oya jaathiwaadeta wirudda kattiya ehema wenne aththatama nowena waga thamayi oken pennuwe. Dispansariya kattiyakage redigalawala. Nathnam oka jathiwadeta wirudda weyi me kape.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය