විවිධ

Powered by Blogger.

Wednesday, August 21, 2013

කිරි වෙනුවට පිටිකළ 'නියම' පොල් කිරි බොමුද..? හෙවත් ගූගල් ඉමේජස් අනුසාරයෙන් මැජික් පෙන්වීම..!

ලෝකය තනි යායකැයි කිවේ මහගම සේකරය. තොරතුරු තාක්ෂණය සමඟ දොඩම් ගෙඩියක් වන් ලෝකය රොටියක් මෙන් පැතලි වෙමින් යනු දුටු තෝමස් ෆ්‍රිඩ්මාන් "World is Flat" යැයි පැවසීය.

එකළ තිබුණේ හිරු නොබසින අධිරාජ්‍යයන් එකකි. ඒත් අද මුළු ලොවම හිරු නොබසින අධිරාජ්‍යයකි. ලෝකයේ මහ බලවතා බුද්ධිය පමණක් වෙහෙසවා එය ගොඩ නැඟීම ලෝකයට බාරදී බලා සිටිති.

අද මහ බලවතාට ඉන්ජිනේරුවන් සාදන ෆැක්ටරිය ඉන්දියාවයි. මහ බලවතා සමඟ ඉතා හොඳින් ගණුදෙනු කරන මේ ඉන්දියානුවෝ පසුව මහ බලවතාගේ ආශිර්වාදය සමඟ එහි අත්තක් ඉන්දියාවේ පැළ කරති. පසුව එන පරම්පරාව "මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද උඹ ඔය බිම හාරන්නේ..?" යැයි නොඅසති. ඔවුහු මේ සිටුවන අඹ පැළයේ වටිනාකම දනිති. ලංකාවෙන් ලෝකයට ගිය සමහර ලංකාවට ආදරය කරන මිනිසුන්ද ලංකාවට පැමිණ අඹ පැළ සිටුවා ඊළඟ පරපුරට සේවය දෙමින් සිටිති.

මේ නිසා තවදුරටත් සුරපුර යන්නට සුදු අප්පු කෙනෙකුගේ වලිගේ එල්ලීමට අවශ්‍ය නැත. අද එදා මෙන් ලෝකයට යාම මහා මැජික් එකක් වන්නේද නැත.

නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ ලැබු අරුණප්‍රියලාට, ගුණරත්නලාට ලෝකයේ එහා කොණේ ජොන් ස්මිත්, මෙහා කොනේ ලින් යැන්ග් සමඟ හරි හරියට ගනුදෙනු කරන්නට අවස්තාව හිමිවි ඇත.

මේවා ගැන දන්නෝ දනිති.

ඒ වගත් එසේ තිබියදි, මහබලවතාගේ සුපර් මාකට්ටු ගැන අවබෝධයක් ඇත්තෝ එහි ලොකයේ එහා කොණේ සිට මෙහා කොණ දක්වා සියළුම බඩු භාණ්ඩ පුරවා ඇති බව දනිති. මුස්ලිම් අයට අවශ්‍යය හලාල් බඩු, චීනුන්ගේ බඩු, කොරියානුවන්ගේ බඩු, ජපන්නුන්ගේ බඩු, හිස්පැනික් උන්ගේ බඩු, සහ ඉන්දියානුවන්ගේ බඩු, නිර්මාංශිකයන්ගේ බඩු, වීගන්ලාඟේ බඩු, ඔර්ගනික් බඩු ආදී එකී මෙකී සියලුම බඩු  එහි රාක්ක තට්ටු පිට තට්ටු ගසා ඇත.

(ගූගල් ඉමේජස් වලින් වැඩ පෙන්වන්නට අපටද හැකිය. එහෙත් ගහ දන්නා අයට කොළ කඩා පෑම මෝඩ කමක් නිසා ඒ සඳහා කාලය නාස්ති නොකර සිටිමි). 

මෙහිදි වඩාත්ම වැදගත්වන්නේ ගූගල් ඉමේජස් වලින් සොයා ගත් පිටිකළ කිරි වල ඡායාරූප වලින් මැජික් පෙන්වීම නොව ලෝකයේ වැඩිම කිරි නිශ්පාදනය කරන රටේ මිනිසුන් බහුතරයක් පරිභෝජනය කරන්නේ මොනවාද යන්නයි.













මහබලවතාගේ රටේ ඉපදුන මිනිසුන් පසෙකින් තැබුවත් මේ සඳහා හොඳම උදාහරණය වන්නේ, ලංකාවේ උපන්දා සිට ''පිටි කළ කිරි'' පානය කළ 'ලාන්කිකයන්', ලංකාවේදි කිරි [කිරි යනු දියර කිරි මිස අනෙකක් නොවේ] පානය කරනා විට සෙම තද වන්නේ යැයි විශ්වාස කළ 'ලාන්කිකයන්', මහබලවතාගේ රටේ පස් පෑගූ දිනයේ සිට වෝල්මාර්ට් එකෙන් සේෆ් වේ එකෙන්, මෙම්බර්ශිප් ඇතිනම් කොස්ට්කෝ එකෙන් ගත් කිරි ගැලුම යස අගේට පානය කිරීමයි.

ලන්කාවේ බහුතරයක් මිනිස්සු ආහර පාන පිළියෙල කිරීමේදි පොල් කිරි භාවිතා කරති. එහෙත් සුලු පිරිසකගේ අවශ්‍යතාවයන් සඳහා ලන්කාවේ සුපිරි වෙළඳ සැල් වලද ''පිටි කළ පොල් කිරි'' ඇත. සුපිරි වෙළඳ සැල්වල පිටිකළ පොල් කිරි විකිණීමට තිබූ පළියටම මුළු ලන්කාවම පිටිකළ පොල්කිරි පරිභෝජනයට ගන්නවායැයි යමෙක් තර්ක කරන්නේ නම් එයින් පෙනී යන්නේ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමයි. මෙනිසා සොයා බැලිය යුතු කාරණය වන්නේ ලන්කාවේ ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයක් ''පිටිකළ පොල් කිරි'' ප්‍රභෝජනයට ගන්නවාද යන්නයි.

අවසානයට ගූගල් ඉමේජස් අනුසාරයෙන් සොයා ගත් ලංකාවේ වෙළඳ පොලේ විකිණිමට තබා ඇති ''පිටිකළ පොල් කිරි'' පැකට්ටුවක ඡායාරූපයක් එකතු කරමින් මම මේ ලිපිය අවසන් කරමි.

                           (පිටිකළ) නියම පොල් කිරි




ප.ලි: කතන්දර මාමා දවසක් අපූරු කතාවක් පැවසීය,
''ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා, එකක් හරි පැත්ත අනෙක අරුණිගේ පැත්ත''

Saturday, August 17, 2013

ලංකාවේ සියලුම මිනිසුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, සියල්ල දත් යැංකි මැඩම්වත් ඇන්දවූ අපේ පැරඩි නිර්මාණකරුවෝ - Well done guys..!

ලංකාවේ ජහඃ මනයන් බොහෝ දෙනෙකුට පැරඩි සහ සාකෑසිසම් යන වචන වල තේරුම තෙරෙන්නේ නැත. සිංහල වෙබ් අවකාශය තුළ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පැරඩි අඩවිය වන "වර්ගපූර්ණිකාව" පටන් ගත් මුල් දිනවල ඇත්ත සහ පැරඩිය අතර වෙනස හදුනා ගත නොහැකිව ඩෙඟා නැටූ සැටි අපට තවමත් මතකය. [තර්ජන වලට බියෙන් අද එය වසා දමා තිබෙන්නේ අපේ අවාසනාවටය].

පැරඩි නිර්මාණකරුවන්ගේ හැකියාව වන්නේ සත්‍යයය සහ හාස්‍යය ඉතා සියුම් ඉරකින් වෙන් කිරීමයි.












ලංකාවේ ජහඃ මනයාට සමාව දිය හැක්කේ සියල්ල දත් යැංකි මැඩම් ඇදගෙන සිටිනු දකින විටය.

 ""Ordain කියන වචනේ එක තේරුමක් නම් Order or decree (something) officially: "equal punishment was ordained for the two crimes". නිව්ස් එක එයා බුදු දහමේ පැවිදි වෙනවා නෙමෙයි රොබට් පැටින්සන් නළුවා සහ රූපට් සෑන්ඩර්ස් අධ්‍යක්ෂකවරයා සමඟ ආදර/ලිංගික පලහිලව්ව ගැනයි ... හපොයි මෙහෙමත් අවුල් කරගන්න මිනිස්සු!!!!"  

ලංකාවේ සියලුම මිනිස්සුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, ලොකු මාළු ටැංකියක කුඩා මාළුවකු වීම නිසා, පොඩි මාළු ටැංකියක ලොකු මාළුවෙකු වීමට දගලන,  
සියල්ල දත් යැංකි මැඩම්;  
ඇනගත්තා නේද..?



ප.ලි: පෙට්ටියෙන් බැහරවී සිතුවානම් ඔහොම වෙන්නේ නෑ නෙව..!


ප.ප.ලි: ලංකාවේ ඉතා විශිෂ්ට සිංහල පැරඩි නිර්මාණකරුවන් සිටීම අපගේ භාග්‍යයකි. ඔවුන් මේ විකාර බලා ඉතා හොඳ වින්දනයක් ලබනවා නියතය.

Wednesday, August 14, 2013

ජාතීවාදය කහ පාටද..? කොළ පාටද..?

කාලෙන් කාලෙට එන වසංගත අනුව ෆේස් බුකියේ ප්‍රොෆයිල් පිකචර්ස් මාරු වීම අපේ ජහඃ මනයා කරගෙන එනු ලබන පාරම්පරික චාරිත්‍රයකි. [මේ එහෙයියන් මාරුව ගැන වචන 1000ක රචනාවක් ලිවීමට තරම් දේ ඇතත් කම්මැලිකම දෙයියන්ගේ මල්ලී කියන්නා සේ මම එය සුපුරුදු පරිදි "ටු ඩූ ලිස්ට්" එකට දමමි].

කොටියා පුත් පිරබාහරන් කළු අමුඩයක් ගසා ඔළුව පලාගෙන වල පල්ලට යැවූ දිනයේ පාරේ නටා කිරිබත් කා "ආයූබෝවේවා මහරජාණිනි" ගයා ප්‍රොෆයිල් පික්චර්ස් සිහ කොඩි දැමුවෝ; රතුපස් සමඟ කළු කොඩි දමාගෙන හංස ගී ගයනා විට අපිටනම් හිනා යන්නේ අහවල් තැනිනි. [එයද තවත් වචන 1000ක රචනාවකි].

රතු-පස් වලින් චැනලය GRAND-pas වලට මාරු වෙද්දි කළු වුන මූණු වලට; කහ පසු බිමේ පහක් දමන්නේ

"ජාතිවාදය එපා" කියාගෙනය.

ජාතිවාදය එපා වීම හොඳය. අපිද ලයික්ය. 

ඒ නාඩගම එසේ යද්දි අනිත් පැත්තේ කටු කන කුක්කන් අභියෝගකරන්නේ
"එම්බා, කහ පාට නැතුව කොළ පාට දමා පෙන්වම්" කියාය. 

[මේ අභියෝගය එක්තර දොස්තර මහත්තයෙක් කරනා කල්හි අපිට පහන් සංවේග උපදින්නේ "අනේ තොගේ දොස්තර නළාව ගහගන් පු*" කියාය].

කෙසේ හෝ මේ අභියෝගය
"මැරෙන සැටි මම පෙන්වම්" කියා භාර ගන්නා අනේකාගේ පහ; දැන් පැත්තක් කහය පැත්තක් කොළය.

"කොළ පැත්ත ලොකු ඇයි..?" 

කියා අසනා පොල්බුරුවන්ට 2x2 කුණු හරුපෙන් අමතනවා වෙනුවට 

"සමමිතිකවයි බෙදලා තියෙන්නේ" කියා වග උතතර බදිනු දකිනා විට සිත්වන්නේ 

"මහින්ද මාමේ මුන් ඉන්නකම් ඔහේ රජ; මමත් එනවා ඔය පැත්තට" කියා අතේ එල්ලෙන්නටය.   

මහින්ද මාමිටම ගැලපෙන නල්ලමලේ ගැන්සිය..!



Friday, August 2, 2013

අන්වර් මනතුංග; ඔයාගේ සරම බිම. ශේප් එකේ ඇදගන්ඩ..!

ආගමට අපහාස කළ සවුදි බ්ලොග්කරුට කස පහර 600යි…, සිරදඬුවම වසර 7යි

සවුදි අරාබියේ ආගමික කටයුතු පිළිබඳ විවෘත සංවාදය සඳහා 2008දී ඇරඹි නිදහස් සවුදි ලිබරල්වාදියෝ නම් වෙබ් අඩවිය මගින් එහි නිර්මාතෘ රායිෆ් බඩාවි ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ජෙඩාහි අපරාධ අධිකරණය ඔහු වෙත කස පහර 600ක සහ සත් වසක සිරදඬුවම් පණවා ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ ජුනි මසදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රයිෆ් බඩාවි ජෙඩා නගරයේ බුරෙයිමාන් සිරගෙදර රඳවා ඇති අතර ඔහු මිථ්‍යා දෘෂ්ඨිකයකු බවත් ආගම හැර යාම සඳහා දඬුවම් ලබාදිය යුතු බවත් ප‍්‍රබල පූජකයෙකු විසින් පවසනු ලැබිනි.


ෂික් අබ්දුල්රහමාන් අල්-බරැක් පවසන ලද්දේ බඩාවි විසින් මුසල්මානුවන්, යුදෙව්වන්, ක‍්‍රිස්තියානින් සහ අදේවවාදීන් සියල්ලම සමාන බව පැවසීම දැඩි වරදක් බවයි.



ආගම හැර යාමට දඬුවම වන මරණීය දණ්ඩනය පනවනු ලැබීමෙන් ඔහු ගැලවී ගත්තේ අධිකරණය ඉදිරියේ තම මුස්ලිම් ලබ්ධික බව සනාථ කිරීමෙන් පසුව බව පැවසේ.

දඬුවමෙන් වසර 5ක් ආගමට අපහාස කිරීම මෙන්ම 2007දී බලාත්මක කෙරුණු සයිබර් අපරාධ නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පැණවූ බවත් සවුදි අරාබියාවේ ආගමික පොලිසිය සහ සදාචාරය ප‍්‍රචලිත කිරීමේ සහ දුරාචාරය මැඬලීමේ කොමිසමේ ක‍්‍රියාකලාපයන් ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක්කිරීම මත තවත් වසා 2ක් සිරදඬුවමට එකතු කළ බවත් බඩාවිගේ නීතිඥ වලීඞ් අබු අල් කායිර් ඇමරිකානු මානව හිමිකම් සංවිධානයකට පවසා තිබේ.

2008දී රජය සහ බඩාවි අතර ගැටුම් ඇවිලූනු අතර 2009දී ඔහුගේ සියලූ දේපළ පවරාගැනීම සහ විදේශගත වීම වැළැක්වීමේ තීන්දුවක් ලබාදීම සමග 2012දී බඩාවිගේ බිරිඳ සහ දරුවන් විදෙස්ගත වූ බව වාර්තා වේ.

 ප.ලි: අන්වර් මනතුංග; ඔයාගේ සරම බිම. ශේප් එකේ ඇදගන්ඩ..!

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය