දමනය
හීලෑ කරනු සියලුම බුද්ධිමතුන්
නැතහොත් මරාදමනු
අණකලා උතුමාණෝ
තහනම් කරව්
සියලුම න්‍යායන් මතවාද හා සංකල්ප
වාද විවාද
වෘත්ත චතුරශ්‍ර හා ත්‍රිකෝණ
මතු නොව
තුනට ඉහලින් ඇති සියලුම සංඛ්‍යා
දැන් සර්ව බලධාරී උතුමාණෝ
දුර බැහැර රටකින් මිල දී ගත්
ආචාර්ය උපාධිය වෙනුවෙන්
පමා වූ තිසීසය ලියයි
නිදහසේ
එක දෙක
එක දෙක
එක දෙක
- By Gadfly on මාර්තු 30, 2010
http://gadflyzone.wordpress.com/
ReCare360 Caregiver පුහුණුව නොමිලේ
23 hours ago


1 comment:
වයවස්ථා සංශෝදන මගුලේ නිල තේමා ගීතය මේක.
Post a Comment