ජීවිතේ හිරවෙලා
බිත්ති හතරකට,
මූනු පොතට,
පරණ ඇඳට...
හෙව්වා බොන්ඩ දෙයක්
සැර...
තිබුනේ එක බියර් එකයි
පරණ...
ඒකත් කඩලා
බාගයක් බීලා
රැස් ගිහින් තිබුනෙ
හොඳටම...
අතට අරන් ඒක
අනිත් අතේ
සිගරට් පැකට් එක.
ගියේ එලියට
හුලං පොදක් එක්ක
ඉවරයක් කරලා දාන්ඩ
බියර් බාගය...
කිලිපොලන සීතල
පරණ කඩමාලු කලිසම
පසාකරගෙන
වදිනවා දනිස් පොල්කටු වලට..
කැරකෙන හුලඟේ
පස් පාරක් විතර
ලයිටරේ පත්තුකරා
දල්වන්න සිගරට් එක...
"අම්මපා..
ගෑනු කියන්නෙ පුදුම ජාතියක්..
මුන්ව තේරුම් ගන්න
ඉපදුනත් මදි
ආත්ම 550ක්..."
බියර් එක හිස් කරන ගමන්
දවස තිස්සෙම හිතපු ප්‍රශ්නය
මැක්ක වගේ ආවා ඔලුවට...
නිකමට බැලුවා අහස...
එතකොටයි දැක්කෙ!!!
ගෙවල් වල වහලට මැදිවූ
වලා පිරුන අහස් තීරයේ
හරි මැද...
එකම එක
එකම එක
තරුවක්...!!!
දිලිසෙනවා
වලාකුලු පාවෙනව
ඒක වසාගෙන
ඒත් යලි යලිත් ඒක
දිලිසෙනව
දිගටම...දිගටම....
ප.ලි. : කාලයකට පෙර සිදු වී, පසුව වචන බවට පෙරලී, මාස ගනනාවක් කොල අතර සැඟවී තිබී, හමුවූ සටහනකි. අඹ ගහ යට දමායමි.....
8 comments:
පට්ට....
රිදෙන ගමනුත්
බැලෙන්නෙ උඩ
දිලිහෙද්දි දුක හිතෙනවා.
වලාකුලට වැහුනමත් එහෙමයි.
ELA,,,,,
කොයි තරම් වලාකුලු
පාවෙන්ට ඇද්ද
ඔය තරුව මුවා කරගෙන...
ඒත් තරුව දිලිහෙනවා
තවමත් එතැනම...
මාරයිනේ...
දැනෙන්ඩ ලියලා තියෙනවා.
නියමෙට අල්ලලා ගියා.
නුඹත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා...
ගැනු ළමයිව තේරුම් ගන්න හදනවට වඩා හොඳයි,
අනුරාධපුරේ සෙල්ලිපි කියවන එක...
ගෑනු ලමයින්ව තේරුම් ගන්න ට්‍රයි කරන එක තේරුමක් නෑ කියල මට එදා තේරුනා... දැන් ඉතින් සෙල් ලිපි කියව කියවා ඉන්නවා....
Post a Comment