
නොගිණිය හැකි තරම්
පුංචි තිතක් තියෙනවා පෘථිවිය කියලා.
ඒකෙ ඉන්න කෝටිම පන්සීයක්ද කොහෙද වෙන
මිනිස් ප්‍රාණීන්ගෙන්
එක්කෙනෙක් මම.
තව විදිහකට කියන්නද?
මිනිසා පරිණාමය ඇරඹූ දා පටන්,
මේ මිහිමත ජීවත් වූ
මිනිස් ජීවීන් ට්‍රිලියන ගණනකින්
එක්කෙනෙක් විතරයි මම.
මම හොඳටම දන්නවා
මං දූවිලි අංශුවක්.
ඒ කියන්නෙ... ඔයා කියලත් වෙනසක් නෑ.
මට ඔයාව අහිමිවීම...
දූවිලි අංශුවකට, තවත් දූවිලි අංශුවක්
නැතිවුනාට වඩා දෙයක් නෙමේ.
මහ කාලයක් නෙමේ.
තව අවුරුදු සීයකින්.......
ඔයා කවුද?
මම කවුද?
ඒ වෙනකොට අපි කොහේවත් නෑ.
කාටවත් අපිව මතක තියෙන එකකුත් නෑ.
අඩුමගානේ අපිටවත්....
ඉතින් මොකටද
ඔයා මාව අමතක කලා කියලා
මම පොල්කටුවකින්
මහ මුහුද හිඳින්න යන්නේ...?
ඔයාට ස්තුතියි.....
එක දෙයකට.
ලෝකය කියන්නේ
අපි දෙන්නා විතරක් බව
හිතන් උන්නු මට,
මම කවුද කියලා කියා දුන්නට.
ඇත්තටම අපි දූවිලි.
-රේණු.
3 comments:
අපි දූවිලි කියල දැනෙන්න අපිට කෙළවෙන්නම ඕනි....
සහතික ඇත්ත පිටස්තරයා.
(මේක ලියපු රේණු මොකද කියන්නෙ කියලා අහලා දාන්නං.)
මාත් එකඟයි පිටස්තරයා. වලක වැටෙන එක මොලයට ලාබයක් කරගන්න වත් බලමු.
Post a Comment