කලුවර ඇවිදින් හිත ගිලගන්නී
හදවත නොදනී සුසුම් හෙලන්නී
පුරුදු සුව`ද වෙනුවට දැවටෙන්නී
නොකල්හි ඇවිලී ගිනි ලියලන්නී
හදවත වෙනුවට ගත සිප ගන්නී
නිය පහරින් ලැම රිදෙනු දැනෙන්නී
කුස දැනෙනා ගිනි නොවඩා ඉන්නී
ගිනියම් ගත වෙර - දාහය උහුලන්නී
මල්බර සමය සෙමෙන් පසු වන්නී
ගත දැඩි වෙන්නී බිය පහ වෙන්නී
වත දක්වා හිත හකුලා ගන්නී
දුක් බර දිවිය ගෙවා සැනහෙන්නී
අසෙනිය සේ සැඩ වදන් නැගෙන්නී
දළ රළ සේ අපහාස වි`දින්නී
ගින්න නිවා ගින්දර ද නිවන්නී
හෙටත් අද මෙන් ම මගදී හමුවන්නී
http://hithuwakkaraya.blogspot.com/
ReCare360 Caregiver පුහුණුව නොමිලේ
1 day ago


3 comments:
කදිම නිර්මාණයක් හිතුවක්කාරයා.
මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා තාම උත්තර හොයාගන්න බැරිවුන. ඒ තමයි
ලිංගික ශ්‍රමිකාවන් ගැන මෙහෙම ලියවුනත් මේසන් බාස්ලා ගැන නොලියවෙන්නේ ඇයි කියන එක.
මේසන් බාස්ලා සාමාන්‍යය සහ ලි.ශ්‍ර සුවිශේෂය වන්නේ ඇයි කියන එක.
Nice!
හුදු අනුකම්පාවෙන් එහාට ගිය බැල්මක් තුලින් ලියවුනු කවියක් කියල මට දැනුනෙ මිත්‍රයා....
"අසෙනිය සේ සැඩ වදන් නැගෙන්නී
දළ රළ සේ අපහාස විඳින්නී"
ඒකයි මේ ගැන ගොඩක් ලියවෙන්නෙ සුජි...
"අහස උසට නැග ගියාට" සින්දුව මේසන් බාස්ලා ගැන ලියවුනු මට මතක එක අවස්ථාවක්...
Post a Comment