මොනවද වෙන්නේ භයානක දෙයක් - ගැන හැමතැන බස් දොඩවනවා
ඇයිදෝ දන්නෑ එහෙම කරන්නේ - තැන තැන කසු කුසු පැතිරෙනවා
පුතා දන්නෙ නෑ දේශපාලනය ගැන - ඒවා සිදුවන්නේ එහෙමයි
බලයට ආවොත් එයින් ඉවත් වී - ආපහු යනු බැරි ලෙඩක් හැදෙයි
නිදහස ලබලා හැට අවුරුද්දක් - ගෙවුනත්අපි තාමත් එතැනයි
බලය ඇති කෙනා ඉන් පවතිනවා - එහෙම මිසක් අපි ගැන නොතැවෙයි
චන්දය කාලෙට එක එක පාටින් - නොයෙක් මුසා බස් දොඩවනවා
ඒවට අහුවෙන අපි වාගේ අය - මනාප දී රජ කරවනවා
ඉර පායන විට ස`ද බැස යන විට - ලෝකය පවතින බව පෙනෙතෙයි
සුදු මුදු නිකසල මෙතරමට ඇයි- බලයට තන්හා නොම දනිතෙයි
හැඩ වැඩ තිබුණත් ඔප රුළි නැගුනත් - මුහුදත් අපෙ ජීවිතය වගේ
පවතිනත් හැකි නැතිවෙන්නත් හැකි - එක රුල්ලයි වරකට එන්නේ
යුද ගිනි නිවුවා රට ගොඩ නැගුවා - රුහුණෙන් මතු වුන වීර ගති
එහෙම හිතනවද හැම දෙනෙක්ම අද - එහෙම වගක් පෙනුමට නොමැති
එක එක යුගයේ නායකයන් හට පැවරුණ - තෙද යුතුකම් තිබුණා
ඒවා ඉටුකර ජනමතයට නැමි - විරුවන් නිසි මොහොතේ නික්ම ගියා
හිතුවක්කාරයා
ලොව විශිෂ්ටතම නොබෙල් සම්මානයෙන් බුහුමන් ලද්දෝ 2025
23 hours ago
4 comments:
නියමයි..
සංශෝධනේ කෙරුවත් ව්‍යවස්ථාවේ
රටකට පලක් වෙයිදෝ මේ වේලාවේ
නවතා දමා කට මැත දොඩනා රාවේ
කෙරුමට වැඩ ගොඩයි දැන් ශ්‍රී ලංකාවේ
රුහුණ ගැනත් කියල තිබුනු එකේ මට මතක් උනේ 'බෙන්තර ගඟෙන් මෙහාට බලල් පැටියෙක්වත් ගේන්න එපා' කියන කතාව මෙයා ඇත්ත කරනවා. මුලු රුහුණම කනවා.
විරුවන් නිසි මොහොතේ නික්ම ගියා.
ඇත්ත.
Post a Comment