ගිලිහෙමින්
පද වැල්
අපිළිවෙලකට
ලිය වුන
අරුත් සුන්
කවිය නුඹ
යුද්ධයෙන් වඩාත් පීඩාවට පත්වන්නේ දරුවන්ය. පියවරුන් හා මව්වරුන් අහිමිවීමෙන් පමණක් නොව දහස් ගණනින් ජීවිත හානි වීමෙන් හා සදාකාලික අබාධියන් බවට පත්වන්නේද කිසි වරදක් නොකල කුඩා දරුවන්ගේමය. එමෙන්ම යුද්ධය ඇතිව හෝ නැතිව යුද්ධය හුරතල් කරන සමාජයක එම සමාජයේ කුඩා දරුවන්ගේ මනස් රෝගාතුර වීමේ බරපතළ අවදානම වටහා නොගත් කල හෙට දවස වෙනුවෙන් ඉතිරිවන්නේ මිටත් වඩා පලිගැනීමේ උමතුවෙන් පෙළෙන රටකි. රූපවාහිනිය, පත්තර හා රේඩියෝව දරුවන් වෙනුවෙන් තාත්තලාගේ කාර්යභාරය සිදුකරණ කල්හී හෙට වැඩිහිටියන් බවට පත්වන්නේ එක්ස් කණ්ඩායම වරක් කිව්වාක් මෙන් ළමාවිය ඔවුන්ගේ වැඩිහිටි ජීවිතය තුළද සදාකාලිකවම රඳවා ගනිමිනි.
විස්තර සඳහා -
සියළු ලාංකීය පිරිමින්ගේ අවධානය පිණිසයි.
ආනන්ද වර්ධන දැන් රසකතා ලියන එක නවත්තලද කොහෙද. ඒකෙ අඩුපාඩුවක් මටනම් දැනෙනවා. පහුගිය දවසක ආනන්ද වර්ධනගේ "වෙබ් ආලෝචනා" අඩවියේ සාරවත් ලිපි ගොනුව අවුස්සගෙන යද්දි ෂෝක් කතා ටිකක් අහුවුනා. මේ මාර රොමෑන්ටික් කතාවට තමා මම කැමතිම. ඒ පෝස්ට් එකේ තව කතා දෙකක්ම තියෙනවා. (වෙලාවක් හොයාගෙන මේ අඩවිය ආපහු අවුස්සලා බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ)මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්රය අසල. හදිසියේ ම මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.
"හෙල්ලෙන්න එපා!"
මට මරණ භය මඳ පමණ දැනී නොදැනී ගියා.
දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට.
"හෙල්ලෙන්නැතුව ඉන්න" ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට ම "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා" කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.
එතකොට ම පිඹගෙන ගිගුම් දීගෙන ආ වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. ඒ මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.
"හරි දැන් යන්ඩ"
මට නිදහස ලැබුණා.