විවිධ

Powered by Blogger.

Tuesday, December 28, 2010

රතු ඉර

ඉලුක් හුළඟට දුවන
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ

ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ

මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ

මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ

4 comments:

``` Outsider``` said...

දැන්නම් ගොඩක් අමාරුයි ඒ දිසාවට පය නගන්න නුඹ වැන්නන්ට මලේ. ඒ දිසාව මුල් බැසගත් අයිතිකරුවන්ට පමණක් වන ලකුණු සැමඅතම දිස්වේ.

ayesha said...

අපූරුයි යාළු

ධම්මික said...

"අප්පච්චි තවම ඒ මහ කැලේ...."

රිදුනා....!!!

Anonymous said...

අප්පච්චිවත් අරන්,මරුවැලුත් මකාගෙන,
පයනගන්,නුඹට හැක මලේ

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය