විවිධ

Powered by Blogger.

Saturday, October 9, 2010

ලංකාවේ හොදම ගායිකාව ....?

ලංකාවේ හොදම ගායිකාව කව්ද?
 ගීතයක සාර්ථකත්වයට පද රචනය,සංගීතය හා ගායනය යන මේ තුන් පෙලම සාර්ථක විය යුතුවේ.නමුත් ඔබ දන්නවාද ඉතා අනර්ග ගායන හැකියාවක් නැතත් හොද ගීත රචනා හා තනු මාලා යොදා ගනිමින් පමනක් සාර්ථක වුනු ගායිකාවන් සිටින බව.එසේම තම අනර්ග ගායන පරාසයට හා හැකියාවට, රසයෙන් අඩු පද රචනා හා තනු හේතුවෙන් නිසිතැන නොලැබී ගිය ගායිකාවන්ද සිටින බව මගේ හැගීමයි.

මගේ නිගමනය බොහේ දෙනෙකුගේ දෝශ දර්ශනයට හේතු විය හැකි නමුත් මගේ අදහස අනුව නන්දා මාලිනියන් හා දීපිකා ප්‍රියදර්ශනී වැටෙන්නේ එම පලමු කොටසටය.නන්දා මාලිනිය සුනිල් ආරියරත්නයන්ගේ ආනුභාවයෙන් හෙල අඹරේ කාන්තා හඩ ලෙස සලකුනු වූ බව මාගේ හැගීමය.දීපිකා ප්‍රියදර්ශනත් රෝහන වීරසිංහගේ මධුර තනුවල උදව්වෙන් මිස තම පරම හැකියාවෙන් ලකුනක් තැබීමට නොහැකි වූ ගායිකාවකි.

එසේම ඉහත පැවසූ දෙවන කොටසට වැටෙන අය ලෙස මා දකින්නේ ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක වැන්නවුන්ය.ගායන පරාසය සිතා ගැනීමටත් අපහසු තරමට ඇති ඔවුන්,තම කටහඩින් නිසි ප්‍රයෝජන නොගත් බව මගේ හැගීමයි.නිරොශා විරාජිනියත් යමින් සිටින්නේ මේ පෙරමුනට බව මගේ හැගීමයි.උරේශා රවිහාරිත් ඉතා විශාල පරාසයක් හෙබි ගායිකාවත් වුවද චිත්‍රපටි ගායනයටම ඇය කොටු වී ඇතයි මට සිතේ.

කෙසේ නමුත් හොදම ගායිකාවට අවශ්‍ය හොද කටහඩක් පමනක්මද යන්න ප්‍රශ්නයකි.
-මද්දු
( 'වැට නැති කට' බ්ලොග් අඩවියේ පළවූ ලිපියක සංක්ෂිප්තයකි. සම්පූර්ණ ලිපිය සඳහා මෙතන බලන්න. )

4 comments:

Anonymous said...

එකඟ නැත. නන්දා මාලිනිය ඇගේ පමණක් නොව අන් අයගේ ගීතද මුල් ගායන ශිල්පීන්ටද වඩා මිහිරට ගයා පෙන්වූවාය.ලංකාවේ මෙතෙක් බිහිවූ විශීෂ්ඨතම කටහඬ ඇගේ සහ රුක්මණී දෙවීගේ බව සිතමි.

Anonymous said...

ගායන හැකියාව යනු ඉහල ස්වරවල ගැයීමට හැකිවීම පමණක් නොවේ.ලතා/ඇන්ජලින්ගේ ඇතැම් ගීතවල මට ඇසෙන්නෙ නාසික හඬක් පමණි.

මද්දු said...

@ Anonymous1
ඇය යම්තාක් මිහිරට ගායනා කරන බව සැබෑය.නමුත් එය හොදම ගායිකාව වීමට ප්‍රමානවත් වී නොමැති බව මගේ හැගීමයි.අන් අයගේ ගීත ගැයීමේදී දිය හැකි හොදම උදාහරනය නිරෝශා විරාජනී ගේ හින්දි හා දමිල ගීත ගැයීමේ හැකියාවයි.එය ඉතාම අනර්ගය,නමුත් එම ගීත වල මුල් ගායනා වල ඇති අනන්‍යතාවය අපට හමු නොවේ.එසේම මාලිනිය යම්ගීතයක් මුල් ගායිකාවටත් වඩා හොදින් ගැයීම යනු,යම් කිසි වෙනසක් ඇති බවය.
කෙසේ නමුත් රුක්මනී දේවියත් ඉතා හොද ගායන හැකියාවක් ඇත්තියක් බව සැබෑය.නමුත් ඇයට එහි ඵල නෙලා ගැනීමට කාලය මදිවිය.
කෙසේ නමුත් ඔබේ අදහසට මම ගරු කරමි.

මද්දු said...

@Anonymous2
ඇත්ත,හොද ගායිකාවකට සියලුම ස්වර කරා ලගාවීමට හැකිවිය යුතුය.ලතා/ඇන්ජලින්/මාලිනි මේ සියල්ලන්ම සර්ව සම්පූර්න නැත,නමුත් පරිපූර්නත්වයට ආසන්නම තැනැත්තිය කව්ද කියා තේරීම මෙහි අරමුනය.
ඔබට අසන නාසික හඩම ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ හැමෝටම ඒදේ කල නොහැකි නිසාය.එය හැකියාවකි.

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය