විවිධ

Powered by Blogger.

Tuesday, October 5, 2010

එස්.බී. ගෙන් විශ්මිත ගණිත ගැටළුවක්

අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමා ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබූ හා නොලැබූ සියළු ජනතාවගේ ගණිත දැනුම සහ තර්ක බුද්ධිය විමසනු වස් අසීරු ගණිත ගැටළුවක් අද දිනයේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලැබීය. එම ගැටළුවට අදාල උපන්‍යාසයන් පහත පරිදිය.

1. සම්මත තත්වයන් යටතේ ලංකාව නමැති පද්ධතිය තුල සේනාධිනායකයා සහ ජනාධිපතිතුමා යනුවෙන් ප්‍රධාන තනතුරු දෙකක් ඇත.

2. මෙම පද්ධතියේ සිටින සරත් ෆොන්සේකා නමැති අයෙකුට සිර දඬුවම් ලබාදීම උදෙසා නිර්දේශ වී නම් ඒ සඳහා සේනාධිනායකයාට අත්සන් නොකර සිටිය නොහැකිය.

3. එම අයට f නම් බලයක් යොදා සමාව දීමේ හැකියාව ජනාධිපතිතුමාට ඇත.

4. එහෙත් සේනාධිනායකයාට එම f නම් බලය නැති අතර එවන් සමාව දීමක් සඳහා කිසිසේත්ම දායක නොවිය යුතුය.

5. එමෙන්ම සරත් ෆොන්සේකා නමැති අය විසින් සමාව ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අවංකවමය.

ගැටළුව මෙයයි.

සේනාධිනායකයා සහ ජනාධිපතිතුමා යන දෙදෙනාම එක් අයෙකු වනවා මෙන්ම සැමවිටම එකවර පෙනී සිටින්නේ නම්,
සරත් ෆොන්සේකා නිදහස් වන දිනෙන් වසර විස්සක් අඩුකොට එය හඟුරන්කෙත ඡන්දදායක සංඛ්‍යාවෙන් බෙදා කේ.පී ගේ දත් සංඛ්‍යාවෙන් වැඩිකල විට ඇමතිතුමා ඇඳසිටි ජම්පරයේ මසා තිබූ මල්වල අඩංගුවූ පෙති ගණනේ සාමාන්‍යය කීයද?


(ඉහත ගැටළුවට පිළිතුරු සැපයීමේදී ගංජා භාවිත කල නොහැකි අතර ඉහත උපන්‍යාස අපැහැදිලි නම් ජිම් කැ* නමැති පර සුද්දෙකු රඟපාන The Mask නමැති සිනමා පටය නරඹන්න)

6 comments:

Anonymous said...

11.41

charmi said...

ලඟින් ගියා. ඒත් වැරදි.

Paraya said...

කෙලියා නේද ඇහුවලූ තාප්පෙටම.දැන් හොයාපල්ලකො 60 පනිනනකම් මේකට උත්තර

charmi said...

60 නෙමේ. 12 ත් පැනලා. නිදාගනිං.

``` Outsider``` said...

ඕන නොදන්නව නෙවෙයි ඒ වුණාට කියන්නෙ නෑ. කලින්ම කිව්වම දරුවන්ගෙ ගණිත හැකියාව මොට්ට වෙන්න පුඵළුන්.
ඔක්කොම උත්තර ටික කොලේකට අරන් එස්බී ලොක්කට යවමු රෝල් කරල අහවල් එකේ ගහගන්න කියල. මාසයක් ගහගෙන හිටියොත් කෛරාටිකකම යටපත් වෙලා මොළේ පෑදෙයි. මොළේ තියෙන්නෙ ඒ හරි‍යෙනෙ.

hithuwakkaraya said...

මල්වල පෙති ගණන නෙවෙයි ඇමති ගන්න පෙති ගණන වත් ඇහැව්වානම් යෙහෙකි. එහෙමනම් අඩු ගානෙ තමුං පාවිච්චි කරන පෙති තමුංගෙ ඇමති මණ්ඩලේ සාමාජිකයන් ගන්නෙ කොහොමදැයි අපිට එතුමාගෙන් අහගත්තෑකි. - හිතුවක්කාරයා

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය