විවිධ

Powered by Blogger.

Thursday, October 28, 2010

මේ අම්මාටත් දරුවෝ සිටීද?




මේ ඔබේම පුතා නොවේද
මේ ඔබේම සහෝදරයා නොවේද
හෙට දවසේ ඔබේ ලේ නෑකම කකියනතුරු
හෙට දවසේ මේ හස්තය ඔබේ ලේ නෑකමට දිගු වෙන තුරු
අපි නොදැක්ක වගේ ඉමුද?
හෙට දිගු වෙන ඒ හස්තය
අද නවත්වාගන්නට
දැන්වත් දෙපයින් හිටගමුද?

5 comments:

``` Outsider``` said...

දේශපාලන ගැතිභාවය කොයිතරම් නිවටද කියනවනම් මනුෂ්‍යත්වයේ ඥාතීත්වයන් අමතක වෙන්නෙ තිරිසනුන්ට වගේ.

Buru Babe said...

මම එහෙන් මෙහෙන් මේ සිසු ගැටුම් ගැන කියෙව්වා. ඒත් මෙ අ තරම් දුර ගිහින් කියලා නම් දැනන් උන්නේ නෑ.
මොනවා උනත් රටක තරුණ පරපුර විනාශ වෙන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.

ඒ විතරක් නෙමෙයි මොකද මේ හැමදේම කැළණියෙන් විතරක්ම පටන් ගන්නේ....

charmi said...

මේක දැක්කාම තිගැස්සෙනවා මචං. පෝස්ට් එකක්ම දාන්ඩ වෙයි වගේ මේ ෂොක් එකෙන් ගැලවෙන්න.

charmi said...

කොටින්ට එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු.

Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය වෙතින් උපුටා ගත්තකි.

පුතා said...

ඇත්තටම මට කතාකරගන්ට බැරිවුනා කොල්ලව අල්ලගෙන මිනිස්සු දඟලන විදිහ දැක්කම... ඊ ලඟට මට මතක් වුනේ ඉරානේ ගෑණු ළමයෙකුගේ ඔළුවට ගලක් අතාරින වීඩියෝ එක... මොකක්ද මේ වෙන්නේ...

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය