විවිධ

Powered by Blogger.

Monday, October 4, 2010

කුණුහරුප බයිස්කෝප් ලෝලියාගේ අවනඩුව

 
ඉරිදාට දහම් පාසලේ උගන්වන
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නොවෙයි මම.

නාන තොටුපළේ කල් මරන
දියරෙදි යටින් අනන්තය සොයන
ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
නිදන කාමරවලට එබිකම් කර දුවන
ග්‍රීස් යකා නොවයි මම.

කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන
ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
රාත්‍රීයට යට ඇඳුම් දඩයමේ යන‍
උදෑසන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දකින
ස්ත්‍රීවාදියා නොවෙයි මම.

ගෙදර ඔක්කෝටම හොරෙන්
යතුරු හිලටත් කොකා පෙන්නා
කොම්පියුටරයේ තිරය ළඟ
මොහොතකට බුදුවෙන
කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම.

මාර සේනා තිරය හරස් කොට ඇත
දුෂ්කර ක්‍රියා කලද පල නැත
කමටහන් උදුරාගෙන ඇත
අසිත තාපස නුඹ කොහේවත් නැත.

උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගේම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මතුව අපට ලෝකයක් නෑ.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර-

9 comments:

lemonade/ලේමනේරිස් said...

කුණුහරුප බයිස්-කෝප් ලෝලියා... නියමයි! proxy දාන්‍ය වත් වඩපන් මල්ලියේ!

දුකා said...

maxaaaa . . .. !!!!
wena kiyanan wachana nata . . !

samantha said...

කරන්ඩ දෙයක් නෑ මචං. ග්‍රීස් යකෙක් වත් වෙයං.

Unknown said...

elaz....!!!

hare :-) said...

අජිත් කුමාරසිරිට දුන්න නම් පට්ට සින්දුවක් හදයි ඈ...

Buddhi said...

උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගේම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මතුව අපට ලෝකයක් නෑ.
හැම දේම උන්ටම ගියා නේන්නං. අපි සල්ලි දීලා ගත්තු මැසිමටත් තහංචි වැටිලා! ඉස්සරහට වෙන මොනවට තහංචි වැටෙයිද දන්නෑ!

Anonymous said...

උන්ට ලයිව්.
අපිට ඉලව්.
අහවල් එකත් උන්ටම පරවේණි උනි.

Rukman said...

නියමයි. (මටම ලිව්වා වගේ)

Anonymous said...

උපහාසය උපරිමයි!

අසභ්‍ය වීඩියෝවක් බැලීම වැනි සාපේක්ෂව අහිංසක (කිසිවකුට කරදරයක් නැති) ක්‍රම වලට වැට කඩුලු බැඳීම, ඔවුන් ඊට වඩා දරුණු, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට පෙලඹීමක් විය හැකි බව මේ තකතීරු සුචරිතවාදීන්ට නොපෙනෙන එකනෙ කාරණාව..

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය