විවිධ

Powered by Blogger.

Tuesday, November 15, 2011

෴ ශනි මාරුව ෴

කවදාවත් නැතිව පන්සලේ සෙනඟ පිරිලා , දින දර්ශනය දිහාට මගේ නෙත් යොමු වුනේ  හිතේ තිබුන සැකය හරි ද වැරදිද කියල බලා ගන්න. හරි , මේ මාසේ පොහොය ත් පහු වෙලා , මොකද මේ.

“ සෙනසුරු මාරුවට විශේෂ බෝධි පූජාවක් තියේලු. මටත් යන්න තියේ නම් හොඳයි. “

අම්මා කීවේ මුළුතැන් ගෙයි උඩම පඩියෙ වාඩි වෙලා දෑතින්ම දණිස් පිරිමදිමින්.

“ ඇයි අම්මා ? ලග්නෙට හොඳ මදිද “

ඈ කීව දිගු විස්තරය අනුව , ඇයට ලබන කාලය අන්තිම නරකයි. ඒත් මට හොඳයි. ලග්න දොළහෙන් ශනි මාරුව සුබම මගේ ලග්නයට ලු. ඒත් හදවත ළඟින්ම ඉන්න ලෙංගතු කෙනෙක්ට නරකක් වෙද්දි , මට කොහොමෙයි හොඳ වෙන්නේ.

අනික තමන්ට වඩා තමන්ගෙ හිත අද්දරම ඉන්න අයට නරකක් අයහපතක් වෙනව නම් , තමන්ට දෙයක් උනාට වඩා දරා ගන්න කොයි තරම් නම් අමාරු ද කියල මම දන්නවා.

පෝයටවත් පන්සල් නොයන මම ඉස්සර දහම් පාසල් අරන් ගියපු මල් වට්ටියත් අරන් වත්ත පහලට පිය මැන්නේ කොහෙන් දෝ ආපු බලවත් බලවේගයක් මාව මෙහෙයවන ව වගේ.

පලි:- 

පන්සලේ සෙනඟ පිරේවි.....
ගහ කොළ වල ලස්සනට පිපිලා ගෙවල් ඉස්සරහ පෝච්චි වල පඳුරු වල හිනා වුන මල්  වලට , බුදු හාමුදුරුවන්ගේ මල් ආසනයේ  ඉඩ මදි වේවි.
පහන් වැටේ පහන් තියන්න ඉඩ නැතිව සල්ලි දීල කඩෙන් ගත්ත පොල් තෙල්  උතුරල යාවි.
බෝ මළුවේ  සුදු වැලි , ගොරෝසු කකුළ් වලටම පෑඟලා තවත් හීනි කැටි වලට බිඳල යාවි.
එකිනෙකාගෙ මුහුණූ අඳුර ගන්න බැරි තරමට පංසලේ තියෙන පුංචි දේවාලය , හඳුන් කූරු දුමෙන් පිරල යාවි.
පැන් කළයක් වෙන් කර ගන්න අම්මල පොඩි වුන්ව වේලාසන පන්සලට එළවාවි.
දහසක් බලාපොරොත්තු මැද්දේ සුසුම් වලට අහු වෙලා සැලෙන  බෝ ගහේ සිහින් බෝ කොළ මේ දේවල් සේරම දරා ගන්නේ කොහොමද ?

පපලි:- හැමදාමත් ගහ පුරා සුදට සුදේ මල් රෙද්දක් වහ ගෙන හිටපු වතු සුද්ද ගහ , මං යන කොට පොහොට්ටුවක් නැතිව තනි වෙලා බලාන ඉන්නව දැකපු මම , ශනිත් එක්ක හිමීට හිනා වුනා...........

8 comments:

Anonymous said...

අපේ අම්මත් පහුගිය ටිකේම පන්සල් ගියා. මුළු ලංකාවෙම කට්ටිය මේ දවස් වල පන්සල් යනවා වගේ. එහෙම හරි කමක් නැ කටිටිය හොඳ දෙයක් කරනවනම් :)

මොකක්ද මේ සෙනසුරා එක්ක තියෙන ආරෝව..?

ප.ලි: "මේ අඹ වාරේ" කියලා කියපු කතාවනම් සහතික ඇත්ත.

charmi said...

සෙනසුරා කොච්චර බලවත්ද කියලා මේක කියවද්දි තමයි මටත් හරියටම තේරුණේ.

ප/ලි - 'වත්' ට හෙනහුරත් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනව වගේ.

ප/ප/ලි - අඹ වාරෙ නේන්නං

Anonymous said...

අඹ වාරේ ...
කතාව ඇත්ත.මේ අඹ ගහයට සෙවනට ආපු මගේ පළවෙනි කතාව.
අඹ ගහ යට හෙවනට ඉදල
නමට විතරක් කතුවර ලිස්ට් එකේ ඉදල
මම කරන්නෙ වරදක් බව , මට දැනුනේ අද.(සෙනසුරුගේ බලපෑම වෙන්නැති)

Chanaka Aruna Munasinghe said...

මේ ජීවන කතරේ
සැප දුක සමබර වේ

charmi said...

@ Chanaka Aruna Munasinghe,

සැප-දුක සමබරයි
සෙනසුරා ඇදයි
:)

hare :-) said...

අර කට්ටිය ගණන් නොගත්ත ප්ලූටෝද මොකාද එකා පැන්නුව වගේ සෙනසුරත් පන්නන්න බැරිද දන්නෙ නෑ... :-(

Chamila said...

ඔය ශනියගෙන් මට මොකද දන්නෙ නෑ වෙන්නෙ. බටකොළ කන්ඩ නන් බැරියෝ....

Hasitha Gunasinghe said...

අපේ යෞවන සමාජේ වැඩකට මම එදා පොඩි හාමුදුරුවෝ හම්බෙන්න පන්සලට ගිහින් හිටියේ. මටත් හිතාගන්න බැරිවුණා පන්සලේ කවි බණක්, ආලෝක පූජාවක් තිබ්බද මෙච්චර සෙනඟ කියලා. වෙසක් පෝයටවත් එච්චර සෙනඟක් පන්සලේ නැහැ :))

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය