විවිධ

Powered by Blogger.

Saturday, November 12, 2011

උපේක්ශයි ඔබයි මමයි

හුගිය දවසක ආතල් වැඩසටහනක් ඇහැ ගැටෙනවා, 

 "උපේක්ශයි ඔබයි මමයි"

මේක මෙහෙයවන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ශා ස්වර්ණමාලි.

"උපේක්ශයි ඔබයි මමයි" ඔය "ඉරෝශයි-නිරෝශයි", "ලයිව් සන්ඩේ විත් අනර්කලි" වගේම උනත්, ටිකක් වෙනස් [කොහොමත් ඕවා බලන එක හෙණ ආතල්. මොකද ඒ ගොල්ලෝ හිනා නොවෙන ඒවට මට හිනා යනවා, මට හිනා නොයන ඒවට ඒ අය බඩ අල්ලන් හිනාවෙනවා].

දැන් කට්ටිය කියන කතාවක්නේ,
"ඔබයි මමයි සියලුම දෙනාම විකිණෙනවා සහ විකුණනවා" කියලා.

ඕක මුලින්ම කියන්නේ අසෝක හඳගම.
හදඟම දවසක් කියනවා "අපි හැමෝම විකිණෙනවා" කියලා.

පස්සේ කට්ටිය මේක පට්ට ගහන්න ගන්නවා [විශේෂයෙන්ම කොහොමත් බඩු විකුණන ඇඩ්වර්ටයිසින් කාරයෝ].  
වෙනත් වචන වලින්ම කියුවොත් තමන් කරන සියලුම ජඩ වැඩ සාධාරණීකරනය කරගන්න ඕක යොදා ගන්නවා.

"අනේ අපි විකිණෙනවා" [උඹ බබා..?]

කොහොමහරි මෙදා පාර "උපෙක්ශයි ඔබයි මමයි" එකට එන්නේ
නියම බඩු දෙකක්.
දෙන්නම වෙළෙන්දෝ. 

එක්කෙනෙක් සිංහල පැකට් කරලා විකුණනවා
[පුතාලා ඉන්ටර්නැශනල් ස්කූල් යනවා],
අනිත් කෙනා කලින් සැළලිහිණිය කෑලී කපලා විකුණලා, දැන් පෝර පැකට් කරලා විකුණනවා.




කැමතිනම් බලන්න,

අපේ කාලේ ශූර වෙළෙන්දන් දෙදෙනෙක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ශා ස්වර්ණමාලි සමඟින්.
"උපේක්ශයි ඔබයි මමයි"

ප්‍රේක්ශිකාවක්: දුකා අයියේ ඇයි ඔයා කොණ්ඩේ වවලා ඉන්නේ..? ඇයි කොණ්ඩේ කපන්නේ නැත්තේ..? [ඇඬෙනවා]

ප.ලි: කමෙන්ට්ස් වසා ඇත.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය