විවිධ

Powered by Blogger.

Thursday, November 10, 2011

පාඩු ලබන රාජ්‍ය ආයතන දෙවියන්ට පවරා දෙන පනතක් ගෙන එන්නේ කවදාද





පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත වැඩි ඡන්ද 76 කින්ම සම්මත වෙලා තියෙනව.
සමහර ව්‍යාපාර පාඩු ලබනව කියල රජය කියද්දි අයිතිකරුවො කියනව නෑ ලාභ ලබනව කියල. අපි පිළිගත යුත්තේ කවුරු කියන එකද කියන එක ගැටඵවක්. රජයේ මාධ්‍ය වලින්  කියන දේවල් නම් පිළිගැනීමට හැකියාවක් සිහිබුද්ධියේ ඉන්න මිනිසෙකුට කළ නොහැකියි. මොකද ඒ මාධ්‍ය ව්‍යාපාරය සහ ගණිකා ව්‍යාපාරය අතර ලොකු වෙනසක් නැති නිසා.

ඒත් ප්‍රශ්ණයක් තියෙනව,

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගන්නේ කුමකටද කියන එකයි.
රජයේ හෝ රජයට අනුබද්ධ බහුතරයක් ආයතන ඓතිහාසික පාඩු ලබන ආයතනයි.
ලාභයක් ලබන්නෙ ජනතාවගෙ මුදල් බදු වශයෙන් එකතු කරන ආදායම් බදු ආයතන හා රේගුව, රාජ්‍යානුබද්ධ රක්ෂණ සමාගම්, ලොතරැයි ආයතන වගේ ඒව විතරයි වැඩි වශයෙන්ම.

එහෙත් නිශ්පාදනයක් සිදුවන හෝ සේවා සපයන රාජ්‍ය හෝ රාජ්‍යානුබද්ධ ආයතන පවතින්නෙ ඉහළම පාඩු ලබන ආයතන අතරෙයි.

1  දුම්රිය දෙපාර්තමේන්තුව හැම වසරකම පාඩුයි.
2. විදුලි බල මණ්ඩලය පාඩුයි.
3. ශ්‍රී ලංකා එයාර් ලයින් පාඩුයි.
4. ජල සම්පාදන මණ්ඩලය පාඩුයි.
5. ........................
6. ........................
7. .......................

හෙණ දිග ලිස්ට් එකක් වෙයි ඔක්කොම හොයල ලියන්න ගියොත්.

රාජ්‍ය අංශය නිශ්පාදන හා සේවා සැපයීම් අංශයේදී ඉතාම දුර්වල කළමණාකාරීත්වයකින් යුතු බව දශක කිහිපයක සිට පෙන්වන ලක්ෂණයක්. මේ වෙද්දි රාජ්‍ය ආයතන වල තත්වය ඊටත් වඩා භයානකයි.
ඒ ආයතන වලින් ලාභයක් ලබන්න නිවැරැදි කළමනාකරණයක් සිදු නොවන තත්වයක් තුළ පවරා ගන්න පුද්ගලික ආයතන වලට කුමක් සිදුවෙයිද කියන එක නම් දැන්ම කියන්න බැරිවෙයි.

ඒත් ප්‍රශ්ණයක් ඇත. 
පාඩු ලබන පුද්ගලික ආයතන රජයට පවරා ගන්නේනම්,
ඓතිහාසික පාඩු ලබන රාජ්‍ය හෝ රාජ්‍යානුබද්ධ ආයතන පවරා ගැනීම කළ යුත්තේ කවුද?
නැත්නම් පවරා දිය යුත්තේ කාටද?
ශක්‍රයාටද?
මහ බඹාටද?

3 comments:

Anonymous said...

ඕක පනතකින් නෙමේ කරන්නේ. චන්දෙන්. තුනෙන් දෙකකින්ම දැනටම ඕව දෙයියන්ට දීල තියෙන්නෙ

Anonymous said...

""
පවරා ගැනීම කළ යුත්තේ කවුද?
නැත්නම් පවරා දිය යුත්තේ කාටද?
ශක්‍රයාටද?
මහ බඹාටද?
""

චීනෙට හරි ඉන්දියාවට හරි පවරල දුන්නම හරි. දැන් ඔය නොරොච්චෝලේ දෙනවයි කියන්නේ චීනෙටනේ, එතකොට යුද හමුදා මූලස්ථාන භූමිය ඉන්දියාවට. දෙක බැලන්ස් කර ගන්නත් එපායෑ

charmi said...

රටම දෙයියන්ට දීල තියෙන එකේ අමුතුවෙන් මොනව දෙන්ඩද? දෙයියංගෙ පිහිටයි...!

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය