විවිධ

Powered by Blogger.

Saturday, November 6, 2010

ලාංකීය පිරිමින්ට මෙන්න ආතල් නං ආතල්....සඳුදා සිට ප්‍රදර්ශණයේ....

සියළු ලාංකීය පිරිමින්ගේ අවධානය පිණිසයි.
මෙන්න ඔබ පුල පුලා බලා සිටි අවස්ථාව.
ශ්‍රී ලංකා ජනරජය විසින් වේස නිළියන් යයි සැක කරනු ලබන කාන්තාවන් ඇතුළුව 83 දෙනෙකුගේ අති දුර්ලභ ඡායාරූප එකතුව.
ලබන සඳුදා සිට ස්වර්ණවාහිණී සහ ලංකාදීප ඇතුළු සියළු කුණු මාධ්‍යයන් ඔස්සේ.

දැන්ම සැරසෙන්න....
ස්ටාෆ් එකේ පිරිමින් හා එකතු වී හොඳම කෑල්ල තෝරන්න.
ගෙවල් අසල/අල්ලපු ගමේ/ආසනයේ එකියක නැතිනම් දිස්ත්‍රීක්කයේ එකියක වත් සිටිනවාදැයි සොයා බලන්න.
කැමති මූණක් තිබේනම් අවශ්‍ය පරිදි ඔලුව තුල සංස්කරණය කරගන්න.
අවශ්‍ය නම් තනියම හූල්ලන්න.
ඔබගේ පරණ කෑලි මේ ගොඩේ සිටීදැයි සැක හැර දැනගන්න.
අදම සැරසෙන්න.

කොන්දේසි
ඔවුන් මෙසේ ඇඳුම් ගැලෙව්වේ ඇයි දැයි ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම සදාචාරයට පටහැණිය.
"පෙම්වතුන් විසින් රවටන ලදුව වීඩියෝ හෝ ඡායාරූප ගත වූ" නමින් කැටගරියක් නැති බව සලකන්න.
මෙම ප්‍රදර්ශනයෙන් ඔවුන්ට හා ඔවුන්ගේ පවු‍ල්වල අයට සිදුවීමට නියමිත මානසික (ඇතැම්විට ශාරීරික) හිංසනයන් සඳහා වගකීමට ඔබ බැඳී නැත.
සැකකරුවන් සහ වරදකරුවන් යනු ලංකාව තුල එකය.

අවවාදයයි.

"ඔබගේ" ඇඳුම් ගැලවීමට පෙර දෙවරක් සිතන්න.
වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.
http://w3lanka.blogspot.com/2010/11/sex-workers-rights-are-also-human.html

3 comments:

Anonymous said...

එහෙම කියන්න එපා ඉතින්.රටේ ජනගහනය වැඩි වේගන යන්නේ.ඉතින් මේ ක‍්රියන්විතය ඔය නලු නිලියන් ,උන්ගේ පවුල් වල උන් සහ තවත් අහල පහල උන්ට සිය දිවි නසා ගන්නට ඉඩ හැර රටේ ජනගහනය පාලනය ක‍රන්නට ගන්නා සද් ක‍්රියාවක් පමණකි.

``` Outsider``` said...

අනෙක ඉතින් ඇඳුම් ඇඳගෙනම නිර්වස්ත්‍රෙන් හැසිරෙන එවුන්ව දවස පුරා මාධ්‍ය වල පෙන්වන්නෙ..
අනෙක දැන් කාලෙ ජීවන වියදම ඉහළ යන විදියට ඇඳුම් අඳින්නත් අමාරුයි. මමත් හිතන් ඉන්නෙ ඇඳුම් අතහරින්න..

Anonymous said...

අසභ්‍ය වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව කියන පුද්ගලයන්ගෙ video සියල්ලම වාගේ මවිසින් බලා ඇතැයි මා විශ්වාස කරමි. මට නම් කිව හැක්කේ මොවුන්ගෙන් 4 - 5 දෙනෙක් හැරෙන්නට අන් සියල්ලෝම පෙම්වතා විශ්වාස කොට මේවා රූපගත කරන්නට ඉඩ දී, සම්බන්ධය කැඩුනු පසු පෙම්වතා විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝ බවය. දැන් මේ ආණ්ඩුව කරන්නට යන්නේ ඔවුන් දෙවන වරටද රටම ඉදිරියේ දූශනය කිරීමටය.

මහජතාව තේරුම් ගත යුත්තේ මොවුන් කමරා ඉදිරියේ අධ්‍යක්ෂක, නිශ්පාදක සහ අනෙකුත් උපාංග සහ පිරිස මැද රූ ගත කල ඒවා නොව මා කලින් කී ලෙස කාලකන්නි පෙම්වතුන්ගේ අහිංසක ගොදුරු බවය.

ළමා හා කාන්තා කාර්යන්ශයට සහ පොලීසියට අවශ්‍යව ඇත්තේ ඔවුන් පෙර වීඩියෝ ලෙස බැලූ කාන්තාවන්ගේ මුහුනු ඇත්තට බලා යම් කිසි ලිංගික සතුටත් ලැබීමය. කාමර වල සිටින ජෝඩු අල්ලන පොලිස් කාරයන්ට ඇත්තෙද මේ මානසිකත්වයමය.

-Sahan

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය