විවිධ

Powered by Blogger.

Wednesday, November 7, 2012

ෆේස් බුක් ස්ටේටස් එකක් කියවා පු*න් හිනා යාම

මුලින්ම කිව යුතු කාරණයක් වන්නේ "පු*" යනු කුණුහරුපයක් නොවන බවයි. මෙය අප වෙත සැකයකින් තොරව ඔප්පු කර පෙන්වූයේ කලා ශූරී, කලාකීර්ති, කවීශ්වර ප්‍රවීණ බ්ලොග් කරු "කතාන්දර" මහතා විසිනි [කාකා සෑම තනටම තමන්ව ලින්ක් කරගන්න නිසා ලින්ක් කළේ නැත]. කෙසේ හෝ මේ අග්‍රගණ්‍යය පු* ගැන නැවතත් අපට මතක් වන්නේ වෙන්ට-පුකේශ්වර තිසර මහතා විසින් ලියා තිබුණු යාන් හෑල්ලක් නිසාය.

ඒ යාන් හෑල්ල අපට වඩා හොඳින්, ඉතා හොඳින් වෙන්ට-පුකේශ්වර තිසරයාගෙන්ම කියවීම ඔබිනා නිසා කොටසක් පමණක් උපුටා ගනිමින් එයට ලින්කුවක් තබමි.


"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ"

සම්පූර්ණ සටහනට මෙතන ඔබන්න [තවත් පුකේශ්වරයෙක් වන මාතලන් ගොයියා කිව්වාක් මෙන් මේ සටහන කියවීමේදි ඔබට හිනාවී පණ යන්නට හැකි නිසා ප්‍රවේසමින් කියවන්න]

කෙසේ හෝ, තිසරයා ලියා තිබුණේ දොස්තර කෙනෙකු දෙස බැළු පු*ක් ගැනය. අප ලියන්නට යන්නේ පු*න් හිනා යාමක් ගැනය. 

පු* පැළී මිය යන්නට ආසන්න සිනාවක් ගැනය.

ෆේස් බුකියට ගොඩ වදින සෑම දිනකම මා ගොඩ වැදී බලන ප්‍රොෆයිල් කීපයක් තිබේ. මේ ගොඩට විවිද විවිද දේශපාලන මතවාද දරන්නන් අයත්ය. තමන්ගේ දේශපාලන මතවාදය එළිපිට කතා කරන ඔවුහු දිනපතා තමන්ගේ ස්ටේටස් අප්ඩේට් කරන අතර ඔවුන් වටා එකතුවී එයට ඌණ පූරණ එකතු කරන පිරිසක්ද සිටිති.  


මේ නිසා මේ ස්ටේටස් අප්ඩේට් සහ එයට ලැබෙන ප්‍රතිචාර කියවීම බ්ලොග් පෝස්ටයක් කියවීම හා සමවන අතර එවැනි සංවාද වලින් අපහට වත්මන් ලාංකීය සමාජය ගැන ගත හැකි මිනුම් බොහෝය. [මෙය "මයික්‍රො බ්ලොගින්" යන නමකින් හැදින්වීම නිවැරිදි යැයි මට සිතේ].

කිසිම දින කමෙන්ට් කර නැතත්, මිතුරු ලිස්ට් එකක නැතත් අප මෙලෙස මොවුන්ගේ දේශපාලන මතවාද කියවන්නේ බොහෝ කලක සිටය. එනිසාම ස්ටේටස් අප්ඩේට්කරුවන් මෙන්ම එහි කමෙන්ට් කරන්නන්ගේ දේශපාලන මතවාදයන් ගැනද අපිට ඉතා හොඳ අවබෝධයක් ඇත.

මා කියන්නට යන්නේ අයියා මල්ලි එසේත් නැතිනම් ගුරා ගෝලයා වැනි ස්ටේටස් අප්ඩේට් කරුවන් දෙදෙනෙක් ගැනය. ඔවුන්ගේ මෑත අතීතය ගෙන බැළුවහොත් ඔවුනොවුන් පෑහුනේ කිරට මිරිස මෙනි, ජාඩියට මූඩිය මෙනි, මෙහාරට නේනක මෙනි [මේ දෙදෙනා ගැන අප කලින් ලියා ඇති සටහනක් මෙතනින් කියවන්න]. 




පෙනුමේ හැටියට එකෙක් අධිරාජ්‍යවාදයට එරෙහිව විජය දද නංවන්නෙකි අනෙකා සිංහලබෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එකෙක් කොයිතරම් වැරදි තිබුණත් අවසානයට ඔන්න ඔහේ මහින්ද මාමා හොඳයි කියන්නෙකි අනෙකා මහින්ද මාමාගෙන් තොරව පැවත්මක් නැතෙයි කියන්නෙකි. දෙදෙනාම රාවණා විරොධියෝය [ඔන්න වර්ගපුර්ණිකාව ලියන්නේ මේ අය කියලනම් නෙමෙයි මම කිව්වේ ;-)], දෙදෙනාම රනිල් සහ යූ.න.පී විරෝධියෝය. මෙසේ ලිවිය හැකි සමානකම් බොහෝය. 

හම්බාවන් නමති සත්තව විශේෂය ව්‍යාප්තිවාදයට එරෙහිව මේ දෙදෙනා පෙනී සිටියේ එකටය. මල්ලි බොහෝ විට උපදෙස් ගත්තේ අයියාගෙනි. අද අප දකින මුස්ලිම් විරෝධයේ මූලීකයන් වන්නේ පෙරමුණේරාළ සහ මොවුන්ය [මේවා අමතක වන්න නම් අපි මැරී නැවත ඉපදෙන්නට ඕනෑය]. 

බට කැළයට ගිනි තැබීමට ගිනි පුපුර මතු කරගන්නට කෝටු ඇතිල්ලුවුයේ මොවුන් එකටය. ගිනි පුපුර දැන් මහ ගින්නක් වෙමින් බට කැලය ගිනි ගමින් ඇවිලේ. මෙය අප ගම් දන්වු පවා තව නොබෝ දිනකින් දවාලනු නොනුමානය.
 

මම නැවතත් පු*ට එමි.

මා සිටියේ අයියාගේ ස්ටේටස් අප්ඩේට් කියවමිනි. මට එක විටම හිනාවෙන හඩක් ඇසුනි. ඒ මහ හයියෙනි. අනපේක්ශිත ලෙස අසුනු ඒ සිනා හඬින් මා වික්ශිප්ත වන අතර කිසිවෙකුත් ලඟ පාතක නොහිටි නිසා එය මනෝ විකාරයැකැයි සිතා නැවතත් ස්ටේටස් එකට සිත යොමු කෙරුවෙමි. "බුහාහහහහා" නැවතත් ඒ සිනා හඩමය. කරුණු නිසි ලෙස සොයා බැළු විට මට පෙනුනේ ඒ සිනා සෙන්නේ මගේ පු* බවයි.
ස්ටේටස් එක කියවන සෑම විටම මේ සිනාහඬ ඇසුනු අතර එය නවත්වන විට සිනා හඩ නැවතී යයි.

පු*න් සිනා ගිය අයියාගේ ස්ටේටස් අප්ඩේට් එක:

මේ දිනවල මුස්ලිම් ජනයාට එරෙහිව මාරාන්තික වෛරයක් දේශනා කරමින් අන්තර් ජාලයේ පෝස්ටර් සාදන, සහ තැන, තැන රැස්වීම් තබා, මහා වීර ක්‍රියා සේ ඒවා පෙන්වන කල්ලි සහ කණ්ඩායම් හතු පිපෙන්නා සේ බිහිවේ...මොවුන්ගේ ක්‍රියා කාරකම් බලා සිටීමෙන් අපට මෙබඳු ගැටළු කිහිපයක් පැණ නැගී ඇත....

1. මේ කණ්ඩායම් මුළු දවස පුරාම පෝස්ටර් සාදමින් ප්‍රචාරය කරති...ඒවා ඉතාම හොඳ "ෆොටෝ ෂොප්" දැනුමක් සහිත අය විසින් කරන අතර, සෑහෙන වෙලාවක් ග...

ෙන, වර්ණ සහ රූප ආදිය සම්මිශ්‍රණය කර නිර්මාණය කරනු ලබති...එම නිසා, මුළු දවස පුරාම මේවාට කැපවී, මේ කණ්ඩායම් අන්තර් ජාලයේ මෙහෙයවන පිරිස් සිටිනවා විය යුතුය...වෙනත් රක්ෂාවක් කරන්නට වෙලාවක් නැතුවම මෙලෙස කටයුතු කරන මොවුන්ට ජීවත් වන්නට මුදල් ලැබෙන්නේ කොහෙන්ද...?




2. මාතෘ භූමියට අප්‍රමාණ සෙනෙහසක් පාන බව කියා මුර ගාමින්, තමන්ගේ මහන්සියෙන් බිස්නස් එකක්, රක්ෂාවක් කරගෙන ඉන්නා රටේම ජන කොටසකට අතොරක් නැතුව බැණ වදින මොවුහු, එළිපිටම අපට ගොරවන ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ගෙරවිලි වලට එරෙහිව වචනයක් නොකියන්නේ ඇයි...?...රට තුළ පාඩුවේ සිටින ජන වර්ගයකට එරෙහිව පාන ප්‍රතිරෝධය සහ පෙරට ගෙනෙන කකියන ලේ, එවැනි සැබෑ තර්ජනයකදී "මීක්" සද්දයක් නොපා සඟවන්නේ ඇයි..?...මුස්ලිම් ජනයාට එරෙහිව දමන පෝස්ට් වල, තබන රැස්වීම් වල, අලවන පෝස්ටර් වල තිබෙන වෛරයෙන් එක අංශු මාත්‍රයක් ඇමරිකාවට නොපාන්නේ ඇයි...?...මහා විමසිලි මත් කමකින් මුස්ලිම් වරුන්ගේ සෑම ඉරියව්වක්ම, හැසිරීමක්ම නිරීක්ෂණය කර ඵල කරන මොවුහු, ජිනීවා අර්බුදය සහ එහි ඉදිරියට සිදුවන දේ ගැන නොසොයන්නේත්, දැනුවත් නොකරන්නේත් ඇයි...?...නොදන්නවා, නෑසුනා සේ ඉන්නේ ඇයි...?



3. මේ කල්ලි වල ඉදිරියෙන්ම ඉන්නා "වීර භික්ෂූන්" මින් පෙර කිසිදු දවසක බණක් දහමක් ප්‍රසිද්ධියේ දෙසනවා හෝ ගැඹුරු ධර්ම සාකච්ඡාවක් පවත්වනවා අප දැක නැත්තේ ඇයි...?...මේ භික්ෂූන් මුස්ලිම් වෛරය පෑමට හැර වෙනත් කිසිදු දේකට පෙරමුණ ගන්නවා අප දැක නැත්තේ ඇයි...?...මේ භික්ෂූන්ගේ නම් එක රැයකින් ප්‍රසිද්ධ වෙන්නේ ඇයි...?...


4. කොටි සංවිධානය සමග තිස් අවුරුද්දක් යුද වැදුණු සමයේත්, එම යුද්දයේ අවසාන කාළයේත්, සාම රංගන අතර තුර කොටි ශක්තිමත් වූ කාළයේත්, මේ අද පඳුරට දුසිම බැගින් පහළවන "වීර හෙළය රැකීමේ සංවිධාන" බිහි නොවුනේ ඇයි...?...වෙනකක් තබා, ඒ යුද්දයේ අවසාන සමයේදී සයිබරයේ වත් අද අප මේ දකින වීර මුහුණු දැක නැත්තේ ඇයි...?...


5. මේ වෛර ප්‍රචාරයට සහ මේ සියළු "වීර ව්‍යාපාර" වලට මුස්ලිම් ජනයා පමණක් ඉලක්ක වන්නේ ඇයි..?..ඔවුන් විසින් කළ සුළු හෝ වරදක් කියන විට ඔවුන්ගේ ආගමට, සංස්කෘතියට සිටම නිර්දය ලෙස පහර දුන්නත්, වෙනත් කිසිදු පාර්ශවයකට එවැනි චෝදනා එල්ල නොකරන්නේ ඇයි...?...


6. කොටි ඩයස්පෝරාව තවමත් රටට එරෙහිව එල්ල කරන ජාත්‍යන්තර මඩ ප්‍රචාරයන්ට සයිබරයේවත් උත්තරයක් සැපයීමට මොවුන් කිසිදාක වෙර යොදනවා අප දැක නැත්තේ ඇයි...?


7. දිනකට එක බැගින් විතර පන්සල් සහ නටබුන් ඩෝසර් කෙරෙනවා යැයි කීවත්, එවැනි ඩෝසර් කරන ලද එක විහාර භූමියක වත් ඡායාරූපයක් වත් ඒ අය ඵල නොකරන්නේ ඇයි...?...මෙතරම් වීරත්වයක් ඇත්නම්, ඒවාට ගොස්, ඡායාරූප ඇල්බම් පිටින් මෙහි ගෙනවුත් ඵල නොකරන්නේ ඇයි...?


8. මේ වීරයන්ගෙන් අති බහුතරය "ෆේක් ප්‍රොෆයිල්" වලින් නිර්ණාමිකව පෙනී සිටින්නේ ඇයි...?...සයිබරයේවත් නමක් ගමක් ඵල කරන්නට බය උන්, රටක් ජාතියක් රකින්නට ඉදිරියට එන්නේ කොහොමදැයි උන් පස්සේ යන අය නොසිතන්නේ ඇයි...?


9. වඩාත්ම වැදගත් ප්‍රශ්ණය -පෙර කවර කළකවත් නොමැති තරමේ මුස්ලිම් විරෝධයක් "මේ හදිස්සියේ" මෙලෙස පැණ නැගෙන්නේ ඇයි...?....


අයියාගේ ස්ටේටස් කියවීම නවතා දැමූ මම මල්ලීගේ ප්‍රොෆයිලය ක්ලික් කර බැළුවෙමි. මල්ලිනම් සුපුරුදු ලෙසම හම්බයන් නම්වූ සත්ත්ව විශේෂයේ ව්‍යාප්තියට එරෙහිව තවමත් සුපුරුදු පරිදි හඬ නගමින් උන්නේය.

හම්බයන් නම්වූ සත්ත්ව විශේෂය තුරන් කිරීමට තමන් ෆේස් බුකියෙන් කළ මෙහෙවර ගැන උදම් අනන මල්ලිගේ ස්ටේටස් එක:

මුස්ලීම් අන්තවාදය ගැන පැහැදිළි කරමින් මෙතෙක් කාලයක් බුකියේ ගෙන ගිය වැඩපිළිවෙළ 90% ක් පමණම සාර්ථක වී ඇත. එනම් අවජාතිකවාදීන් සුලු පිරිසක් හැරුණු විට ෆේස්බුක් භාවිතා කරන අති බහුතරයක් සිංහලයින් මුස්ලීම් ව්‍යාප්තවාදයේ භයානකත්වය ගැන දැනුවත් බැවිනි.




එම වැඩපිළිවෙළ ෆේස්බුක් එකට සීමා නොකොට රටටම ගෙන යාමේ අවශ්‍යතාවය අප බොහෝ දෙනා මෑතකදී මතු කළෙමු. එහි ආරම්භක ලිපිය දිවයින පුවත්පතෙන් පටන් ගෙන තිබේ. මෙම ලිපිය ලියූ මහත්මාට මාගේ ආචාරය පුදකරමි.



හම්බයින්ට කඩේ යන සිංහලයින් දැන් ෆේස්බුක් එකේ න...
ැති තරම් වන්නා සේම නුදුරදීම හම්බ කඩ වලට යන සිංහලයිනුත් නැති වෙන තැනටම රට ගෙන ඒම, සිංහලයින්ගේ මුදල් වලින්ම තර වෙන මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් සිංහල ජාතිය ‍රැක ගැනීමේ එකම ක්‍රමයයි. එය කරා යාම ලේසි පහසු නොවේ. ෆේස්බුක් එකේදී ඔබ අපට එල්ල වූ මඩ මෙන් නොව, පිටත ලෝකයේදී හම්බයින්ගෙන් මරණ තර්ජන වල සිට නඩු හබ දක්වාම කටයුතු වලට මුහුණ දීමට සිදුවේවි.


මෙය සංධාන ආණ්ඩුවට විරුද්ධ වැඩපිළිවෙළක් හෝ සුළු ජාතීන් මත යැපෙන කසිකබල් විපක්ෂයට කිසි සේත්ම වාසි ගත හැකි වැඩපිළිවෙළක් නොවේ. එනිසා ආණ්ඩුව මේ ගැන කලබල විය යුතු නැත. ඔවුන්ට තිබෙන්නේ මෙමගින් ලැබෙන ජන ‍රැල්ල යොදා ගනිමින් අවශ්‍ය දේ අවශ්‍ය විදියට ඉ‍ටු කිරීමයි. යුද්ධය දිනීමේ ගෞරවය ලැබූයේ සංධානය වූවා සේම හම්බ ත්‍රස්තවාදයෙන් සිංහල ජාතිය බේරා ගැනීමේ ගෞරවයත් සංධානයටම ලැබෙනු ඇත. එසේම අපගේ සිංහල ජාතිය බේරා ගැනීම ගැන අනාගතයේ ඉපදෙන දරුවන් මේ වෙනුවෙන් කැප වූ සෑම දෙනාටම පින් දෙනු ඇත.
මල්ලි අයියා මෙන් ස්ටේටස් අප්ඩේට් කර නොතුබුනේ මගේ වෙලාවටය. නැතිනම් මගේ පු*ට දෙවියන්ගේම පිහිටය.
ප.ලි: මේ ගැන අප මීට වසර එකහාමාරකට පමණ ප්‍රථම ලියූ සටහනක් අවසනට එක් කරන්නේ අප මෙම අනතුර දැක්කේ ඔවුන් ගිනි පුපුර ගන්නට කෝටු මදිනා අවදියේම බව නැවතත් මතක් කර දෙන්නටය. පොත් පුස්තකාල මෙන් වෙබ් ලින්ක් ගිනිතබා විනාශ කළ නොහැක්කේ අපේ වෙලාවටය.

පෙබරවාරි 23, 2011 at 9:47 පෙ.ව.

දෙමළ ජාතිවාදීන් ලොවපුරා විකිණූ පින්තූරය

පහත ඡයාරූපය කවුරුන් විසින් ගන්නා ලද්දැක්දැයි මම නොදනිමි,
නමුත් එය ගන්නා ලද්දේ 1983 ජූලි මස 23 වැනිදා බව දනිමි.
සිංහලෙන් කළු ජූලීය ලෙස හැදින්වෙන්නේ මෙදිනය,
ඉන්ග්‍රිසියෙන් නම් “Black July”ය.

දෙමළ වර්ගවාදී අරගලයට පෙට්‍රෝල් වැක් කෙරෙන්නේද,
බහුතරයක් වූ සමාන්‍ය දෙමළුන් LTTE යට සහය දීම ඇරඹුනේද මෙදායින් පසුවය. 




නිරුවතින් ඔළුවට අත ගසා ගෙන ඉන්නේ පර දෙමළෙකි
(උන්ගේ ආච්ච්ලට හාල් ගරන්න),

සිනා වෙමින් ඉන්නේ දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලාය
(අන්න නියම පොරවල්).

සිංහලයන්ට විමුක්තිය උදාකරදීම මහප්පලාගේ උදාරතර අරමුණ විය යුතුය.
“අපි දුන්නා අද පර දෙමළුන්ට දුවන්ට”
මහප්පලා ගෙවල් වල ගොස් දොඩන්නට ඇත.

නමුත් මහප්පලා උදාකළ විමුක්තියේ තරම දන්නේ අපය,
ලොවෙත් නැත
ලොවි ගහෙත් නැත.

කෙසේ හෝ වේවා පහුගිය විසිඅට අවුරුද්දක් පුරාවට මේ පින්තූරයට තිබුණේ පුදුම මාකට් එකකි,
අදද ඉල්ලුම අඩු නැත.

ප.ලි: මේ දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලාට ජාතකව (අවජාතක නොවේ) උපන් දේශහිතෛශී™ දේශමාමක™ සිංහලබෞද්ධ™ (තනි වචනයකි) පුතුන් සමහරක් සිංහලෙන් බ්ලොග්ද ලියති,
දන්නෝ දනිති.
දන්නේ නෑ දැක්කේ නෑ වගේ සිටිති

 



8 comments:

මාතලන් said...

ඇර සෝලෝ අජින මොටෝ. දීලා තියෙන්නේ පලු යන්නම. මම නම් පුතේ බුකියේ දැක්ක ගමන් අන්ෆ්‍රෙන්ඩ් කොරලා දානවා. තාලේබාන් උන් මොන ආගමේ උනත් අවුලක් නෑ. මම උපතින් බෞද්ධයෙක් නිසා මේ දේ නම් කිව යුතුමයි. මුස්ලිම් උන් මොන ගේම දුන්නත් උන්ගේ ගොඩේ උන්ගේ පූජයකයන් වන මවුලවීලා උන්නත් අඳුනගන්න බෑ. ඒත් අපේ වලි අදින්නේ කුඩු කරන්නේ ගල් ගහන්නේ. සිවුර පෙරව ගත්ත පූජකයෝ. එතකොට නෝන්ඩි වෙන්නෙ බුදු හාමුදුරුවෝ. බොල් හෙඩ් එක ඉට්ටයිල් එකක් නිසා. ඩෙනිමක ගහගෙන වැඩේ දීලා පන්සලට ගිහින් සිවුර දාගෙන ගිලන්පස ටිකක් ගත්ත නම් වැඩේ ශේප් නේ. මේ වගේ අවවාද දෙන්නේ ඉතින් ජාතියට ආගමට තියෙන ආදරේ නිසා. දැන් උබ රිප්ලයි කරන්නෙ එහෙම නෑ. පුක තමයි කියලා.

Anonymous said...

මාතලන් ගොයියා එක තැනක කියලා තියෙනවා වගේ ලංකාවේ රහසිගතව ක්‍රියාත්මක වෙන ව්‍යාප්තිවාදයක් තියෙනවා කියලා මම පිළිගන්නවා.

ඒ වගේ ඉස්සර අපි නොදැකපු තරම් කොළඹ සහ ඒ ආසන්න [අදාල ජන්වර්ගය බහුතර ලෙස ජීවත් නොවන] ප්‍රදේශවල පවා ජීවත් වෙන අය මුළු සර්වාංගයම ලඟකදි ඉදලා වහ ගන්නව බවක් මම මේ නේත්‍රා දෙකටම දැකලා තියෙනවා සහ මගේ මිතුරන් කියනවා ඇහිලා තියෙනවා. ඒ වගේම සති අන්තයේ දිනක ගාළු මුවදොරට ගියොතින් මේ අපි ඉන්නේ අරාබියේද කියලා හිතෙන අවස්තා තියෙනවා. මීට අවුරුදු කීපයකට කළින් මෙහෙම දේවල් අපි දැක්කේ නෑ. ඒක ඇත්ත. මම ඒකට එකඟයි.

ඒත් මෙතන මට පෙන්වන්න ඕන වුනේ, අර කාර් එකේ යන ගමන් හොරෙන් පාර අයිනට කුණු ගෙනත් දාලා "බලන්න අනේ කවුද මේ කක්කි වැඩ කරන්නේ" කියලා විස්සෝප වෙන ජාතියේ මහත්තයෙකුගේ දෙබිඩිකම.

ඒ මහත්තය ඉතාම දක්ෂයෙක්, නිර්මාණශීලියෙක් ඒත් සියළුම දේ වුනාට පස්සේ "අනේ අපිනම් නෑ ඕවට" කියලා අත පිහිද ගන්න වැඩ හෙළි කළ යුතු නිසයි මේ සටහන දැම්මේ.

මාතලන් said...

මේ බූරූ ආන්ඩුවට ඔක්කෝම තේරෙන්නේ කෙළ උනයින් පස්සේ. තෙල් ස්ටොක් එක මේන්ටේන් කොරගන්න බැරි ආන්ඩුවක්නේ මේක. මම මචන් හිංසාවාදයට විරුද්ධයි අර සිවුරු ගලවලා ගහල එන කාතාව ලිව්වෙත් විහිලුවට. නමුත් මචෝ මේ තලේබාන් කේස් එක නැගලා යනවා. මුන් පල්ලිවලට අමතරව ගෙවල් වලත් දේශනාවල් පවත්වනවා සතියකට සැරයක්. අති දරුණු තලේබාන් ව්‍යාපාරයක් යන්නේ. ගෙවල් සම්පූර්ණයෙන් වහගෙන, ටී වී රේඩියෝ මුකුත් නැතුව. පොඩි දරුවෝ හිටන් ආගමට අනුව හරවමින් කරන්නේ හෙන ත්‍රස්තවාදයක්. අපේ බුද්ධි අංශ මෙයාලා ෆෝම් වෙලා ප්‍රභා වගේ Xකේ අරිනකන් ඉන්නෙ නැතුව, මුල් අවස්ථාවෙම මේක නවත්වන්න ඕන. උන් කරන්නේ ආන්ඩුවේ උන්ගෙම ෆෝන් ටැප් කරන එකයි, වෙබ් වලට කෙලින එකයි නේ. මෙහේ හෙන ගේමක් යනවා. මේක මුලදිම නැති කරන්න ඕන. ඕනම නම් ඔලුව වහගෙන ගියාට අවුලක් නෑ. මූණ වහන එකනම් වහාම නවත්වන්න ඕන. ත්‍රස්තවාදයක් ආවයින් පස්සෙ ඔය නීති ගෙනත් වැඩක් නෑ. මූණ වහගත්තම පස්සේ ඕක ඇතුල ඉන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා කොහොමද හොයන්නේ.

තිසර said...

ඇත්තටම මට බිම් මට්ටමේ මොකද වෙන්නේ කියලා නම් දැනීමක් නැහැ. මුල් කාලේ නම් චේන් ඊමේල් වලට රිප්ලයි ඕල් කලා, ෆේස්බුක් එකේ උත්තර ලිව්වා. අපි අගේන්ස්ට් එකක් කියනකොට 50, 60 උන්ට සපෝර්ට්. අපි ඉන්නේ, පාරවල් බ්ලොක් කරගෙන, කෑම, බීම, නෑම, රැකියාව කිරීම සහ සංසර්ගයේ යෙදීම කියන සියලු දේ අත් ඇරලා බුදුරැස් බලන මිනිස්සුත් එක්ක.

මුල හොයාගෙන හොයාගෙන යනකොට පුදුම බයක් දැනෙන්නේ... ඇඟ වෙව්ලනවා, උඹේ පුX අද හිනා උනාට ලඟදිම අඬනවා ඇහෙයි. අපි ජීවත් වෙන්න අර මේට්‍රික්ස් එකේ වගේ ප්‍රී-ප්‍රෝග්‍රෑම් කරපු ජීවිතයක්. ඒක ඇතුලේ පැද්දිලා ආතල් ගන්න දේශප්‍රේමී, ආගම්වදී ඔන්චිල්ලා තියනවා. අපි පෝලිමේ ඉඳන් පදිනවා. කන්න බොන්න නැතත් පදින්න තියනවනේ. ඕක තේරෙන එවුන්ගෙන් වැඩි හරිය ඔන්චිලි පදින එවුන් දිහා බලලා 'අපි නම් පදියි ඔය ඔන්චිල්ලා' කියලා වෙනම ආතල් එකක් ගන්නවා.. ඔය ගොඩේ තමා මාත් ඉන්නේ ... ඔන්චිල්ලා කපන්න පුලුවං එකෙක් ආවොත් උගේ පස්සෙං යන්න හිතාගෙන, එහෙම එකෙක් අහසින් පාත්වෙනකං අර කිව්ව වගේ අපි පුXන් හිනා වෙවී ඉන්නවා.

මං මොනව කරන්නද ඉඳහිට තප්පුලෑවට මාත් හොඳ බත් කන හරකෙක්....

Unknown said...
This comment has been removed by the author.
Janaka Thennakoon said...

කියන්න දෙයක් නැහැ..මාතලන් ඔක්කොම කියල තියනව..මේ දවස්වල තැන තැන වාද කරන මේ මඟුල ගැන ලියවෙච්ච හොඳම ලිපිය තමයි මේක..ඇර සෝලෝ අජින මොටෝ....!(මාතලන් ගෙ වචනේ මරු )

Anonymous said...

මන්න පෝලන්, බලපන් දැන් පුකෙක් හිනා වෙන්නේ උන් දෙන්නම උමට. බලපන් යස අගේට උන් දෙන්නාම එකතු වෙලා අවස්ය වෙලාවට සෙට් වෙලා ගේම දුන්න හැටි.

https://www.facebook.com/damith.kethaka/posts/432545513467284

https://www.facebook.com/damith.kethaka/posts/304588736321950

මන්න පෝලන් උබට පුටා එකෙන් පයින් ගහන චිප් කියල එලියට දානකොට මගේ පුක විතරක් නෙමේ, මම කක්ක කරන ගූ කාපු කල්ල‍තෝනි දෙමලෙකුත් හිනා වුනා. (ඔව් යකෝ මම ජාතිවාදියෙක්)

මම පුටා එකේදි උබට පු* ඇරපු එකා

chinthaka said...

අයෙකු සිංහලයෙකු වන්නේ කෙසේද? මේ මෑතකදී විදේශිකයෙක් මගෙන් ඇසු පැනයය්. පළමුවරට මා සිංහලයෙකු බවට පත්කරන්නේ කුමක්දයි මගෙන්ම විමසීමි. දෙමාපියන් සිංහල වීමත්, මම සිංහල බස කතාකිරීම, ලිවීම සහ කියවීම මගේ මව් බස ලෙස සිදුකිරීමත් හේතුවෙන්, මා සිංහලයෙකු බව මට තේරෙන කල සිට අනය කියා ඇති බැවින් මට මේ පානය කිසිදා සිතට නොනගුනි.

එහෙත් යමෙකු සිංහලයෙක් වන්නේ කෙසේද ?

සාමාන්‍ය පිළිතුර නම් දෙමාපියන් සිංහලයන් වීම නිසා අයෙක් සිංහලයෙක් වේ . මව සිංහල නොවන පිය පමණක් සිංහල වන අයෙක් සිංහල ක්ද? එසේනම් අන්වර් මනතුඟද සිහලයෙකි . මනතුංග යනු සිංහල වාසගමක් වන තර සිංහල වාසගම් ඇති තම මුස්ලිම් බබව කියන එකම පුද්ගලයා ඔහුනොවේ. පෙරේරා, සිල්වා, ඩයස් , වෙනි පොර්තුගීසි වාසගමැති බෞද්ධ සිංහලයන් අපමණය. එහෙනම් අයෙක් සිංහලයෙක් බවට පත්කරන්නේ කුමක්ද ?

සිංහල භාෂාවයය් යමෙකුට කියන්නට පුළුවන . එහෙත් සිංහල කතා නොකරන සිංහල දෙමාපියන්ට දාව ඉපදුනු දරුවන් මට පිටරටවල අනෙක වාරයක් හමුවී ඇත. ඔවුන් සිංහලද? එසේනම් සිංහල කතාකරන දමිල දෙමාපියනට දාව ඉපදුනු දෙමල බස හසුරවන්නට නොහැකි අය සිංහල වේද? මා මිතුරු මුත්තුසාම් එවැන්නෙකි. එහෙත් ඔහු සිංහලයෙක් නොවේ. ඔහුම කියන පරිදි ඔහු ද්‍රවිඩයෙකි. සිංහල බස සිංහලය නොතනයි නම් සිංහල බසෙහිම වෙනත් ආරක් හසුරුවන, සිංහලයන් මුතුන් මිත්තන් වන මාලදිවයින් වැසි සියල්ලෝ සිංහලයෝ වියයුතු නොවෙත්ද ? මලයාසියාවේ වෙසෙන , සිංහලයන්ගෙන් පැවතෙන, සිංහල කතා නොකරන ය සිංහලයෝද ?

සිංහල දෙමාපියනට දාව ඉපදී ජර්මන් දෙමාපියන් ළඟ හැදී වැඩෙන පෙටෙර් සිංහලද ? ජෙර්මන් දෙමාපියන් බෞද්ධ වන නිසා ඔහුට සිංහල බැරි වුනත් සිංහල දෙමාපියන්ට ඉපදුනු නිසා ඔහු සිංහලද? එහෙත් නිසැකවම ඔහුගේ සන්ස්ක්රුතියනම් බටහිර බව නොකියාම බැරිය .

සිංහලයෙකුට සිංහලයෙකු ලෙස හිදිමින් ඉස්ලාම් බතිමතෙකුවිය නොහැකිද ? පළමු රාජසිංහ රජු හින්දු දහම වලධාගත් නමුත් මරණය තෙක්ම සිංහලේ රජු විය. සිංහලයේ අවසන් රජුන් නවදෙන සිංහලයෝ නොවන නමුත් ඔව්හු සිංහල රජවූ ලෙස පිළිගැනීම ලදහ. ධර්මපාල රජු කිසිදා සිංහලයෙකු නොවෙයය් කිසිවෙකු කිවේ නැත. සිංහල රජවරුන් තර ඔහුද කතෝලික රජකු ලෙස අද දක්වා පිළිගැනුම ලබය්. සපුමල් කුමාර සිංහල වීරයෙකු ලෙස සැලකුවද ඔහු දමිල යෙකු බව නොරහසකි.

සිංහල බව ඇතිකරන්නේ බුදුදහම යි යමෙක් කියය් ද , එසේනම් දේවානම් පිය තිස්ස රජු වනතුරු මෙරට හිටියේ සිංහලුන් නොවේද ? විජයරජු ඒඅනුව සිංහලයෙකු නොවන්න සේම , දෙවන පෑතිස් රජු වනතුරු සියලු රජ වරු සිංහලු නොවෙති. එසේනම් සිංහලය පවතෙනේ විජයරජුගෙන් යය කීම විහිළුවක් නොවේද ?

එහෙත් අප පාසලේ ඉගෙන ගන්න ලෙස විජය රජු සහ දේවානම් පියතිස්ස රජු දක්වා සියලු රජවරු මෙන්ම වැසියෝද සිංහල වේ . විජය සමග පැමිණි 700 සිංහල නම් ලාට රට සිංහලද ?

විජය රජු සමග පැමිණි 700 පිරිස සිංහ බාහුට හා සිංහ සීවලිට දාව නොඉපදුණු නිසා ඔවුන් ගෙන් පැවතෙන ජනය සින්හලුන්ද ? සියලු සිංහලුන් විජරජුට හා මෙසියට දාව ඉපදුනායය් කීම විජය රජුට මෙහෙසියන් හා සැතපීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත්, මෙහෙසියන්ට දරුවන් වැදීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත් හේතුවේ. එසේනම් විජය රජු පැමිණීමට පෙර සිටි මෙරට සෙනග සහ විජය රජු සමග පැමිණි 700 ගෙන් පැවතෙන්නෝ සිංහලු නොවෙත්ද ? බොද්ධ ශිෂ්ටාචාරය ලංකාවේ ඇරබුම මිහින්තලේ සිදුවූ බව පිළිගත යුතුය. එහෙත් ජනය සිංහල බව පවසන්නේ විජය රජුගේ සිටය. නොඑසේනම් සිංහල ඉතිහාසයෙන් පළමු වසර 250කට වැඩි ප්‍රමාණයක් සහ සිංහලයා ගේ ආරම්භක පිය ලෙස සැලකෙන විජය රජු සිංහලයට අයත් නොවේ, මන්ද ඔවුන් බොදුනුවන් නොවූ බැවිනි. එසේනම් සිංහල වීම බෞද්ධවීමෙන් පූර්ණ ලෙස ව්‍යුත්පන්න බව හොදින්ම පැහැදිලිය. බෞද්ධනොවන්න සිංහලයෙක් නොවේනම් විජය රජුද සිංහලයෙ ක් නොවේ. දමිල බෞද්ධයන්, තාය් , මියන්මාර, චීන බෞද්ධයෝ, බෙන්ගාලි බෞද්ධයෝ සිංහල නොවීම නිසා අඩු බෞද්ධයෝ හෝ සිංහල බොදුනුවනට වඩා පහත් බෞද්ධයෝ නොවෙති. බුදු දහම විශ්වීයි, එය එක ජාතියකට අයත් බූදලයක් නොවේ. බුදුදහම වළදා ගැනීම නිසා ඔවුන්ගේ බෙන්ගාලි බවට හෝ චීන බවට හෝ මින්මාර බවට එක්වූ දෙයක් ද , අඩුවූ දෙයක්ද නැත. ඔව්හු ද අනෙකුත් සිය ජාතිකයන් මෙන්ම සම වැසියෝ වෙති.

එමෙන්ම අයෙක් දමිලයෙකු බවට පත් කරන්නේ කුමක්ද ? ඉහත සියලු ප්‍රශ්න ඔවුනටද වලංගුවේ.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය