විවිධ

Powered by Blogger.

Friday, September 7, 2012

රොහිත කුමාරයා හඳට යනකොට

 70 ඉදන් 2010 දක්වා අවුරුදු 40ක කාලය තුළ අධ්‍යාපනයට වෙන් කළ තරම තමයි ප්‍රස්තාරෙන් දක්වලා තියෙන්නේ. ප්‍රස්තාරේ බැළුවම පේනවනේ අපි යන්නේ කොතනටද කියලා..? 

 
ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ ප්‍රමාණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස
දත්ත උපුට ගත්තේ මෙතනින් 
ගෙවුනු දශක හතරක කාලය ඇතුළේදි ජන ගහණය වැඩි වුනා, පාසල් යායුතු වයසේ ළමයි සංඛ්‍යාව වැඩි වුනා, ඒත් ඊට සාපේක්ශව සිදු වෙලා තියෙන්නේ රජය විසින් ක්‍රමාණුකූලව අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල අඩු කිරීම. ශීඝ්‍රව ගම්බඳ පාසල් වැසීගෙන යාම සහ ජාත්‍යන්තර පාසල් ඇතිවීම. සරලවම කිව්වොත් අධ්‍යාපනය ක්‍රමාණුකූලව වරප්‍රසාද ඇති පන්තියක් අතට පත් වීම.

මෙතන අවදාරණය වෙන්න ඕන කාරණේ අධ්‍යාපනයට 6%ක්ම වෙන් කිරීම නෙමෙයි. මේ කප්පාදු කිරීම නැවැත්වීම සහ අඩුම ගානේ 3%ක් වත් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම.

රෝහිත කුමාරයා [ප්‍රථම සහ දිවීතිය උපාධිය එංගලන්තය] හඳට යනකොට, ලොව ලාබාලතම ගගණගාමියා වෙනකොට අනේ සාදු කියන්න පුළුවන් මෝඩයෝ රැලක් නම් මේ විදිහට හැදෙයි. ඒත් ඒ යානය සැළසුම් කරන්න සරත් ගුණපාල [නාලන්ද විද්‍යලය සහ කොළඹ විශ්ව විද්‍යාලය] වගේ ඇයෝ නම් ආයේ කවදාවත් බිහි වෙන එකක් නෑ. 

3 comments:

මාතලන් said...

ඔහේට වැරදිලා ලොක්කා.. බිහිවෙනවා, ගුණපාලලා නෙමෙයි, හිරුණිකාලා, නාමල්ලා, යෝෂිතලා, මාලකලා, ජෙහාන්ලා, අනුරුද්ධලා, දිලුම් (දරුවන්ට ගැලපෙන නම්. මෙහේ නෙමෙයි ඔට්ටේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ ඉස්කෝලවල. ඔය නිදහස් අධ්‍යාපනය දීලා, පාසල් හදලා, විස්ස විජ්ජාල හදලා, දැණුම හැමේකාටම දුන්නේ පර සුද්දානේ. මූසල හැත්ත. නැත්නම් ඉති දිසාපාමොක්ලා ගාව ඉගෙනගන්නේ කුමාරවරු විතරනේ. මට ඔය පර සුද්දා අදත් පෙන්නන්න බැරි ඒකනේ. අපිත් ඉස්කෝලේ යන්න ඕන විභාග පාස් කොරන්න ඕන. මළ වදේනේ. නැත්නම් අමුඩයක් ගහගෙන කුඹුරක් කොටලා, රෑට විටක් කාලා සෙල්ලමක් දාලා, කුමාරයා හඳට යනකොට කුඹුරේ ඉඳන් අමුඩේ ගලවලා වනන්න තිබුනනේ.

සිතුවිලි මණ්ඩිය said...

ඔය ජී ඩී පී ප්‍රතිශතය තව ටිකක් පහලට ගියපු පැරලල් ලෝකයකදී උඹයි මමයි දවසෙ කුලියක් කරලා හවසට කෂියා පොට් එකට ආපු වෙලාවකදිවත් හම්බවෙයි.

Unknown said...

මාතලන් මිත්‍රයා උඹ හරියට හරි. මොකද දවසක අපේ දරුවනට පේන වීරයෝ තමයි මේ. රටේ සල්ලිවලින් කාර් රේස් තියන්න,පිටරට උන් දාලා රගර් ගහලා පැරදුනාම දිනපු එවුන්ට ගහන්න.තත්තාව මරපු එවුන් ගාවට ගිහින් බුදියගන්න හැටි කියල දෙන්න.මේවා කතකරන ශක්තිය නැතිකරන්න ඕනෙ .කිව්වත් වගේ ඒගොල්ලො අතල් ගන්නකොට චියර්ස් කරන කට්ටිය තම රටේ දරුවෝ.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය