විවිධ

Powered by Blogger.

Saturday, December 4, 2010

තරුව

සඳ නොමැති රෑ අහස
තනි නොකර තනි රකින
රන් තරුව....
මුළු අහස පුරාවට
නොදිලුවත් නුඹේ රුව
විඩාබර නෙතු වලට
නුඹම හැර පහසක්
තියේවිද කොතැනක...
හැමදාම ළඟින් හිඳ
සනසවන රෑ අඹර
තරුවකටම මිසක
තනිව හිමිකම් කියනු හැකි වෙද
බොහෝ කලකින්
මුළු අඹර
එකළු කළ සඳකට........

3 comments:

තරු අහස said...

ඔයා මගෙන් එක තරුවක් අරගත්තා නේද?කමක් නෑ ඉතින්...ලස්සනයි..මම අදනේ මේකට ආවේ.

charmi said...

ඇත්ත..!
හැමෝම කතා කරන්නෙ ඉඳ හිට ඇවිත් යන ආඩම්බරකාර සඳ ගැන.
තරු හොයන්නෙ බේතට විතරයි.
(අහසෙ තරුයි - මූදෙ මඩයි....?)

:මනුවාManuwa: said...

තනිව හිමිකම් කියනු හැකි වෙද

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය