විවිධ

Powered by Blogger.

Thursday, November 11, 2010

ප්‍රසිද්ධ කිරීම කැත නම්, හංගගෙන බැලීම හොඳ ද?

අසභ් බව කියන වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව කියන පුද්ගලයන් පිරිසකගේ ඡායාරූප ගිය සඳුදා සිට ඇතැම් මාධ් මගින් "ප්රසිද්ධ කලා".
මේක ප්රසිද්ධ කිරීමක් නම්, එයාලා හැංගිලයි ඉඳලා තියෙන්නේ. හැංගිලා ඉඳිමෙයි, මේ ප්රසිද්ධ කිරීමෙයි සාමාජීය තාක්ෂණය එකක්මයි.
(අන්තර්ජාලය තුල හැංගීම?)
හංගගෙන පිරිසක් "රස විඳිනවා".  ඒකට අවස්ථාව නැති අය ප්රසිද්ධ කරලා "රස විඳිනවා". දෙකේම තියෙන්නෙ එකම රසය. මේක තමයි ලාංකීය සමාජයේ "රස" සංවිධානය වෙලා තියෙන විදිහ.

හැංගිලා හිටපු අයව ප්‍රසිද්ධ කරන එක හිංසනයක් වගේම, ප්‍රසිද්ධියේ හිටපු අයව හංගලා රස විඳින එකත් හිංසනයක්.  දූෂණයට ලක්වන අවස්ථාවක් උනත් හැංගිලා රස විඳිනවා වෙන්න පුළුවන්. නිදහසට කරුණ තමයි ඒ විත්තිය අපි දන්නෑ කියන එක. මේ අර්ථයෙන් හැංගීමයි, ප්රසිද්ධ කිරීමයි දෙකම නින්දිතයි.

අපේ සමාජයට ලිංගිකත්වය රැගෙන එන විදිහ තමයි මේ.  මෙතැන සාධනීය කාරණයක් තියෙනවා. ඇගේ වෛරය/සළුපට අහසට වගේ චිත්රපට වලට සමාජය හොඳටම බැන්නා. ඒත් අද පසන් නිවසේ ආලින්දයට, රසඳුන හරහා "ඇගේ වෛරය" ගෙනාපු ලිංගිකත්වය කිසිම විරෝධයකින් තොරව අරගෙන එනවා. මේ තැනට සමාජය රැගෙන මාවත අපිට අමතක කරන්න බෑ.  

මේ ප්රසිද්ධ කිරීම තුල පැරා විසින් ලිංගික ශ්රමිකයන්ගේ හිමිකම් මානව හිමිකම්  ලිපියේ සාකච්ඡා කල ඉතාම මානුෂීය ගැටළු කීපය තියෙනවා තමයි. ඒවා ගැන මොකද කරන්නෙ කියන එක අපි කල්පනා කරන්න ඕනෙ. නමුත් මෙතැන ලිංගික ශ්රමිකයින් හෝ ශ්රමිකාවියන් ඉන්නවානම්, අපි කරන්න ඕනෙ එයාලව ආයෙත් "ප්රසිද්ධියේ හංගන" එක නොවෙයි. එයාලත් එක්ක පෙනී ඉන්න එක. නිදහස වෙනුවෙන් එයාලත් එක්ක අත්වැල් බැඳගන්න එකඑයාලගේ වෘත්තීය අයිතීන් දිනාගන්න උදව් කරන එක. විදිහට වෘත්තීය අයිතීන් දිනාගත්තු රටවල් කීපයක්ම තියෙනවනේ.

සමාජයට ප්රමිතීන් අවශ්යයි. ඒවා නිදහස දිනා ගැනීමේ ක්රියාදාමයක් තුල ගොඩනැගෙන්න ඉඩ හරිමු.

Visit our blog -  http://sanuwa.blogspot.com/

3 comments:

Geekhunter said...

අමූලික ඇත්ත.. හි හි

ayesha said...

සම්පූර්ණ ඇත්ත

Anonymous said...

මේ හඩ තව හයියෙන් ඇහෙනවානම්?

Blog Archive

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය