දැං කාලෙ තියෙන ගස් කොළනුත් කපලා ඒ තැන්වල ඊ ලයිබ්‍රෙරි හදන්න මහන්සි වෙන කාලෙක අපි සයිබර් අඹ ගහක් හැදුවා. කාරණා කීපෙකට.
1. හැමදාම කියවන බ්ලොග් ටික මග ඇරෙන්නෙ නැතුව කියවගන්න සරළ විදිහක් හැටියට
2. අළුතින් සයිබර් අවකාශයට එන අයට කරදරයක් නැතුව සිංහල බ්ලොග් කලාව හඳුන්වා දෙන්න
3. බ්ලොග් ලියන ඇත්තන්ගෙ හිත් පොජ්ජට මෝදුවෙන (තමන්ගෙ බ්ලොග් එකේ තීම් එකට පෑහෙන්නෙ නැති) පුංචි අදහස් පොදුවේ බෙදාගන්න
4.බ්ලොග් අවකාශයේ පළවෙන වැදගත් සටහන්/සිදුවීම්/අලුත් බ්ලොග් අඩවි වගේම රටේ ඇතිවෙන සාහිත්‍ය/සමාජ/දේශපාලනික විශේෂ සිදුවීම් පිළිබඳව තොරතුරු බෙදාගැනීම
ඉතිං අපේ අරමුණ මෙතන පොජාචන්චරවාදය වෙනුවට නියම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සීයට සීයක් බලය බෙදාහරින්න. ඒ කියන්නෙ නියම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (අඹ) පුරවැසියන් පිරිසක් බිහි කරන්න. ඒකට මූලිකම සුදුසුකම තමා ඔබේ ඊමේල් ලිපිනය එවලා අඹ ගහ යට Contribute වෙන එක. (කතුවරයෙක් වෙන එක)
මේ දාල තියෙන බ්ලොග් ලැයිස්තුව ආරම්භයක් වශයෙන් අහඹු ලෙස තෝරා ගැණුනක්. තව මගහැරුණු ඒවාත් මහ ගොඩක් ඇති. මතක් කලොත් පින්.
අඹ ගහ යට ගැන්සියට සෙට් වෙන්න හැමෝටම ඇරයුම්...!
(ඉල්ලා අඹ ගැනීමේ පහසුකම් තාවකාලිකව අත් හිටුවා ඇත)