විවිධ

Powered by Blogger.

Sunday, October 31, 2010

මුවා මැරූ සලමන් - සංවාද කතිකාව


නිශ්ශංක විජේමාන්නගේ

මුවා මැරූ සලමන්

කෙටි කතා සංග්‍රහය පිළිබඳ
පාඨක-විචාරක සංවාදයක්


නොවැම්බර් 3 වැනිදා
ප.ව.6.30 ට

ලඬකා අක්ෂයේ දී
පැවැත්වේ.

සාහිත්‍ය විචාරක ජනක ඉනිමංකඩ එම සංවාද කතිකාව මෙහෙයවනු ඇත.


සැමට ආරාධනා!
ලඞකා අක්ෂය
187, කැටවලමුල්ල පටුමග, කොළඹ 09.
(කුප්පියාවත්ත පන්සල පිටුපස පටුමගේ 3 වන නිවස)
විස්තර සඳහා - 0112685725 අමතන්න.

Thursday, October 28, 2010

ආනන්ද වර්ධන රසකතා

ආනන්ද වර්ධන දැන් රසකතා ලියන එක නවත්තලද කොහෙද. ඒකෙ අඩුපාඩුවක් මටනම් දැනෙනවා. පහුගිය දවසක ආනන්ද වර්ධනගේ "වෙබ් ආලෝචනා" අඩවියේ සාරවත් ලිපි ගොනුව අවුස්සගෙන යද්දි ෂෝක් කතා ටිකක් අහුවුනා. මේ මාර රොමෑන්ටික් කතාවට තමා මම කැමතිම. ඒ පෝස්ට් එකේ තව කතා දෙකක්ම තියෙනවා. (වෙලාවක් හොයාගෙන මේ අඩවිය ආපහු අවුස්සලා බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ)

තව දවසක්

මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්රය අසල. හදිසියේ මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.

"
හෙල්ලෙන්න එපා!"
මට මරණ භය මඳ පමණ දැනී නොදැනී ගියා.

දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට.

"
හෙල්ලෙන්නැතුව ඉන්න" ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා" කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.

එතකොට පිඹගෙන ගිගුම් දීගෙන වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.

"
හරි දැන් යන්ඩ"
මට නිදහස ලැබුණා.

http://webalochana.blogspot.com/

මේ අම්මාටත් දරුවෝ සිටීද?




මේ ඔබේම පුතා නොවේද
මේ ඔබේම සහෝදරයා නොවේද
හෙට දවසේ ඔබේ ලේ නෑකම කකියනතුරු
හෙට දවසේ මේ හස්තය ඔබේ ලේ නෑකමට දිගු වෙන තුරු
අපි නොදැක්ක වගේ ඉමුද?
හෙට දිගු වෙන ඒ හස්තය
අද නවත්වාගන්නට
දැන්වත් දෙපයින් හිටගමුද?

Monday, October 25, 2010

මංජු, එහෙම කළේ නෑ නේද?



මංජු එදා තුනේ කනිසටම බොක්සිං ගහංට වළල්ලට  ගොඩවෙනවා කියලා ටී වී එකේ කියාපු වෙලාවෙම මම දළදා හාමුදුරුවංට කිව්ව,

“ දළදා හාමුදුරුවනේ මේ කොල්ලට රං පදක්කම ගංට හයිය හක්තිය වෙංට ”

කියලා. මට ඒ අවස්තාව බලංට බැරි උනා. ඒත් මංජු රං පදක්කම දිනා ගත්තයි කියලා ඇහුන වෙලාවේ මං තරං මංජුවත් සතුටු උනාද කියලා මට හිතා ගංට බෑ. ඒකට තමා
තමංගේකම කියංනේ.

මංජු වෙනුවෙං රාජ්ජ මට්ටමේ උත්සවයක් නුවර තියංට මංජු පෙරටුකරගෙන විද්දියාර්තේ  ඉස්කොලෙට ජන ගංගාවක් ගලද්දී මුලු නඟරෙම තදබද ඇතිවුනත් නුවර උං ඉවසං බලාන හිටියා. ඒ මංජු අපට, රටට වීරයෙක් හිංදා.

ඒත් ඇත්තමයි ,

හැබෑවටම,  මගේ හිතේ මහා සංවේගයකුත් ඒ තේජාංවිත උත්සවේ පස්සෙං පහු ටී වී එකේ දැකලා ඇතිවුනා. අර මොකද දන්නවද? ගියපාර ඔය කිරිඩා උත්සවේදිම රං පදක්කම් අරං මේ පාරත් පදක්කම් ගත්ත චින්තන විතානගේටයි තවත් පදක්කමක් ගත්ත සුරේශ් පීරිස්ටයි මංජු ළගම පුටු දෙකක් වෙං කරලා තිබ්බනම් මොකදෑ වෙංනේ කියලා. අනිවාරියෙං ඒ දෙංනටත් මේ දුක දැනෙන්ට ඇති. මොකද මෙහෙම කියන මම මංජුගේ සතුට දැණුන එකෙක් හිංදා එයාලගේ දුකත් මට ඉවෙං වගේ දැනෙනවා. ගිය පාර චින්තන විතරක් ගත්තු එකම පදක්කම, ඒකත් රනිං දිණුව වෙලාවේ කවුදො පත්තරේක ලියලා තිබුණා,

“චින්තන ඉස්සුවේ මුළු රටේම බර”



කියලා. හරියටම මතක නෑ කියපු කෙනා. එහෙව් එවුං ආයෙත් රට වෙනුවෙං බර උස්සංට ගියේ නිසි අනුග්ගරහයක් නැතුව වගයි දැන ගංට ලැබුනේ. චින්තනගේ බයිසිකලෙත් විකුනුවලු නෙව මේ කිරිඩාව වෙනුවෙං. පව්, මුං අපි වෙනුවෙං ලෝකෙට පෙනී හිටිය රත්තරං කොල්ලො.

ආදරණීය මංජු,

ඔය රත්තරං අත් දෙකෙං බිම දැම්මෙ බොක්සිං කිරීඩාවේ ගලිවරයෝ. ඒ හිංදා උං අපිත් එක්ක තරහද මංදා. උංගෙ රටේ පරපුරේ අතීතේ ඈයෝ අපේ රට යටත් කරගෙන හිටියා විතරක් නෙවෙයි උංට හිතූ හිතූ වෙලාවට උංගේ බයිනෙත්තු කට වලිං අපේ පරපුරේ මුතුං මිත්තෝ බිම දැම්මා. උං රොත්ත පිටිං අපේ ගංවලට අපේ මුතුං මිත්තං මරංට එද්දි අපේ මහ වාසලේ රණ බෙර ගහනවලු. ඒ වෙලාවට අතට අහුවෙන කැත්ත, පොරොව, දුනු ඊතල, කෙටේරිය, කඩුව අරං  හයිය හක්තිය තියෙන හැම පිරිමියෙක්ම යුද්දෙට දුවනවලු. ඒ රණ බෙර හඩ ඇහුන අපේ ඒ පරංපරාවේ බතක් උයපු හැම කාන්තාවක්ම අසුරු සැනිං බත් මුලක් ඔතලා ගෙදර  ඉස්සරහා කඩුල්ලෙ එල්ලනවලු. අර අතට අහුවෙන ආයුදෙ අරං රට වෙනුවෙං යුද්දෙට දුවන පිරිමි කාගෙ හරි කඩුල්ලක තමං වෙනුවෙං එල්ලලා තියෙන, අර බත් මුලත් අරගෙනලු රණ බිමට දුවංනේ. මංජු බිම දාපු ප්‍රතිවාදියාගේ රටේ පරපුරේ කිත්තලා කිරිකිත්තලා එක්ක
අපේ කිත්තලා කිරිකිත්තලා යුද්ද කරලා තියෙංනේ
ඔංන ඔය වගේ කෑම කාලා.

ඒ හිංදා මං විස්වහ ‍කරනවා, මංජුලා කෑවේ ඒ මුතුං මිත්තං කෑව මේ රටේ පොළොවේ උපංන බත. ඒ බත කාපු එකෙක්ගෙං පරාදවෙන එක  ඒ ඇත්තංට  වාවංනේ නැතිව වෙංට ඇති.

ඒ හංදා
මූණ දෙමු නොබියව, ඔය හැම පරීක්සනේකටම. ඒකෙං තමයි ඔප්පු කරංට පුළුවං ඒ බත කාපු එකෙකුට අමුතුවෙං තහනං උත්තේජක ඕනේ වෙංනේ නැති වග.

රත්තරං මංජු ,

මුලිං කියපු විදිහට මේ රටේ නොතේරෙන නොදරුවෝ හැරෙංට, මං වගේම කෝටි එක හමාරක්වත් මිනිසු මේ රත්තරං පොළොවේ පය ගහගෙන මංජුගේ රත්තරං බලාපොරොත්තුවට හයිය හක්තිය දෙංට බුදුංගෙං, දෙවියංගෙං ඉල්ලා හිටිය වග අමතක කරංට එපා.

ඒ හංදා
මූණ දෙමු නොබියව, ඔය හැම පරීක්සනේකටම. ඒකෙං තමයි ඔප්පු කරංට පුළුවං ඒ හැගීම්බර අහිංසක මිනිසුංගේ ආශීර්වාද ලැබුන  එකෙකුට අමුතුවෙං තහනං උත්තේජක ඕනේ වෙංනේ නැති වග.

මම නුඹව විස්වහ කරන එක්කෝටි අනූලස්සෙං එකෙක්

.................. ගැමියා .................

Sunday, October 24, 2010

කොතැනක ද එය සොයමි- සොයා යමි




අලුයමට පෙර පැමිණ, 
දවස දෙස හොරුහින් බලන
දැනෙන කුසගිනි නියා ,
තැනින් තැන වැද බුදින
ඇති දෙයකි නැති නමුදු,
 නිතර බ්ලොග් වෙත ඇදෙන
නුඔ ද සම වෙත මෙමට,
ඇති වැඩක් නැති බැවින


රූපය gemiya & කවිය hithuwakkaraya

නොරිකෝ...දෙවොන්දොරා සං...සමග සනත් නන්දසිරි....

නොරිකෝ සං ඔබ
මම දෙවෙන්දොරා සං ලූ
ගතයුතු තීරණ තීන්දු මගහැර
ඔහේ අයාලේ යන දෙන්නෙක්ලු
ඔබ මා ඇත්තද නිලන්තියේ

ඔබ වෙනුවෙන් මා - මා වෙනුවෙන් ඔබ
දෙන්නට දෙන්න සපථ වුනා
එයින් එහා ලොවකට යන්න බෑ
ගතද සිතද සලිතව එනවා

එකම කාසියෙ දෙපැත්ත වෙමු අප
රින සිතුවිලි ඇත දෙහද වෙලා
එකට කූඩුවක තනිවෙන සිහිනය
බොද වී යනයුරු බලාසිටින්නේ


බලන්න මේ අමරනීය කටහඩ හා තනුව,ඔබව මිදෝරිය වෙත නැවත ගෙන යනවද කියලා....!

ඔබේ අදහස දැන ගන්නට කැමතියි මේ ගීතය සම්බන්දයෙන්.....

ගැහැණිය කොයි වගේද කියන්න දන්නවාද?


ගැහැණිය කොයි වගේද කියන්න දන්නවාද?
හොදට හිතලා බලන්න.
මට නම් හිතෙන්නේ මේ වගේ වෙන්න ඇති
කොයි වගේ ද?


වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය