සංසලා III (අවසන් කොටස)
6 days ago
යුද්ධයෙන් වඩාත් පීඩාවට පත්වන්නේ දරුවන්ය. පියවරුන් හා මව්වරුන් අහිමිවීමෙන් පමණක් නොව දහස් ගණනින් ජීවිත හානි වීමෙන් හා සදාකාලික අබාධියන් බවට පත්වන්නේද කිසි වරදක් නොකල කුඩා දරුවන්ගේමය. එමෙන්ම යුද්ධය ඇතිව හෝ නැතිව යුද්ධය හුරතල් කරන සමාජයක එම සමාජයේ කුඩා දරුවන්ගේ මනස් රෝගාතුර වීමේ බරපතළ අවදානම වටහා නොගත් කල හෙට දවස වෙනුවෙන් ඉතිරිවන්නේ මිටත් වඩා පලිගැනීමේ උමතුවෙන් පෙළෙන රටකි. රූපවාහිනිය, පත්තර හා රේඩියෝව දරුවන් වෙනුවෙන් තාත්තලාගේ කාර්යභාරය සිදුකරණ කල්හී හෙට වැඩිහිටියන් බවට පත්වන්නේ එක්ස් කණ්ඩායම වරක් කිව්වාක් මෙන් ළමාවිය ඔවුන්ගේ වැඩිහිටි ජීවිතය තුළද සදාකාලිකවම රඳවා ගනිමිනි.