විවිධ

Powered by Blogger.

Saturday, October 29, 2011

සුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද?

1. කෝකේසියානුවන් අතිශය බහුතරයක් වෙසෙන ලෝකේ කුඩාම මහද්වීපය වන යුරෝපය ලෝකේ වැඩිම රටවල් ගාණක් තියෙන මහද්වීපය වුනේ ඇයි?
2. චීනය වෙඩි බෙහෙත් සොයා ගත්තත්, හින්දූ අරාබීන් ගණිතයට ප්‍රචලිත කළත් නූතන විද්‍යාව යුරෝපයෙන් බිහි වන්නේ ඇයි?
3. සුදු ජාතිකයන්ට [කොකේසියානුවන්ට] සමකාසන්න සහ අප්‍රිකානූ රටවල් මහදවල් මංකොල්ල කෑමට හැකියාව ලැබෙන්නේ ඇයි?
4. ගඩාෆි [මහින්ද අබේසුන්දර සහ ෆේස්බුක් දේශමාමක දේශහිතෛශීන් කියන විදිහට] ලිබියාව මැදපෙරදිග ස්විට්සර්ලන්තය කරද්දීත් ඔහුව මහදවල් කොන්ඩෙන් ඇද රැවුල ගලවා [ලංකාවේ හිගන්නන් මරනවා සේ] මරා දැමීමට නේටෝව පළනය කරන බටහිර රටවලට හැකිවෙන්නේ ඇයි?

සරලවම අසන්නේ නම්,
සුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද?

යාලිගේ ප්‍රශ්නය


"Why you white man have so much cargo and we New Guineans have so little?"


යාලී කියන්නේ පැපුවා නිව්ගීනියාවේ වෙසෙන ගෝත්‍රිකයෙක්; ජෙරාඩ් ඩයමන්ඩ් කියන්නේ ඇමරිකානු ජාතික මාහචාර්යවරයෙක්. ජෙරාඩ් ඩයමන්ඩ් කුරුල්ලන් නිරීකශනයට පැපුවා නිව්ගීනියාවට ගිය වෙලාවක තමයි යාලී මෙහෙම ප්‍රශ්න කරන්නේ.
යාලි මේ ප්‍රශ්නය අහන්නේ ජෙරාඩ් ඩයමන්ඩ්ගෙන් මීට අවුරුදු තිහකට පමණ කළින්.


"Why you white man have so much cargo and we New Guineans have so little?"

යාලීගේ ප්‍රශ්නය ජෙරාඩ් මුළින් එතරම් බැරැරුම් කමින් ගන්නේ නැහැ. ඒත් ජෙරාඩ්ට ටිකක් වෙලා යද්දි හිතෙන්න ගන්නවා යාලි අහපු ප්‍රශ්නයේ තියෙන ගැඹුර.

Jared Diamond:
Yali’s question really threw me. It seemed so simple and obvious, and I thought it must have a simple and obvious answer, but when he asked me, I had no idea what that answer was.
  
සම්පත් බෙදී යාමේ විශමතාවය  

ජෙරාඩ්ට ටික වෙලා කල්පනා කරනවා.


Diamond realized that Yali’s question was far bigger and more complex than it first appeared. It was really about the roots of inequality – a question as old as human history itself.

ඔහුට ඒ ප්‍රශ්නයම වෙනත් වචනවලින් මෙහෙම ඇහෙනවා.

"යුරෝපීය සම්බවයක් ඇති අය ලෝකයේ ධනය සහ බලය හසුරුවන්නේ කෙසේද?"


"People of Eurasian origin... dominate the world in wealth and power."


ජෙරාඩ් සෑහෙන්න මහන්සි වෙනවා උත්තරයක් හොයා ගන්න, ලෝකය පුරාම තියෙන කෞතුකාගාර පුස්තකාලවලට ඔහු යනවා.

අන්තිමේ ඔහු උත්තරයක් හොයා ගන්නවා.

ආයුධ
විශබීජ
වානේ


ඔහු පොතක් ලියනවා,







මේ පොත ලෝකය පුරාම කථා බහට ලක්වෙනවා,මේ පොතත් එක්කම සුදු ජාතිකයන් [කොකේසියානුවන්] උපතින්ම අනිත් ජාතීන්ට වඩා බුද්ධිමත් කියලා ඒ වෙනකොට මුල් බැසගෙන තිබූ මතය බිද වැටෙනවා.

National Geographic Society එකෙන් ඩොකියුමෙන්ට්‍රි එකක් කරනවා ජෙරාඩ් ඩයමන්ඩ්ගේ පොත මුල්කරගෙන ඒ නමින්ම.


කැමතිනම් බලන්න, කොටස් දහ අටම තියෙනවා Youtube එකේ.

මේ පළමුවෙනි කොටස,



දෙවැනි කොටස



තුන්වෙනි කොටස



මේ ඩොකියුමෙන්ට්‍රි එක ඉවර වෙන්නේ ජෙරාඩ් ඩයමන්ඩ් අප්‍රිකාවේ ඉස්පිරිතාලයක කරන සංචාරයකින්
[අප්‍රිකාව ලෝකයේ මුල්ම මානවයා බිහිවූ තැන].

ජෙරාඩ් ඩයමන්ඩ් බලා සිටිනවා මැරෙන්න ආසන්නව ඉන්න අප්‍රිකානූ දරුවෙකු දෙස,

විශබීජ...

ඔහු තේරුම් ගන්නවා තවමත් සමහරක් රටවල් එයට එරෙහිව සටන් කරන අන්දම

ඔහුට හැඬුම් එනවා.
සමහරවිට එය පමණක් වෙන්න පුළුවන් ඔහුට ඉතිරිවී ඇත්තේ...

15 comments:

දුකා said...

නියම පෝස්ට් එකක් . . . මැක්සා

Bindi said...

Excellent post

Janaka Thennakoon said...

good post..thnx..!!

hare :-) said...

සුපිරි!

``` Outsider``` said...

දැන් මෙහෙත් හිඟන්නු ළඟ හිටන් ආයුධ තියෙනව. විෂබීජත් ඇතිවෙන්න තියෙනව. වානේ තමයි ප්‍රශ්ණෙ. ඔරුවල වානේ කම්හලටත් කෙලියනෙ.නැත්නම් අපිටත්‍ ලෝකෙ රජවෙන්න තිබුණ.

එළම තමයි මචං පෝස්ට් එක..

Charmi said...

ස්තුතියි මේකට මචං.

Beetle said...

තැන්කෝ....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නියම ලිපියක් !

මාතලන් said...

ටැන්කූ මාලන්...
බොහොම පින්....
මේව්වනේ පෝස්ට් කියන්නේ...

Anonymous said...

ස්තූතියි සියල්ලන්ටම.

අවසානයට පුන්චි යමක් එක් කරන්නේනම්;

මේ පෝස්ටයේ අරමුණ වුනේ කොකේසියානුවන්ට එරෙහිව වෛරය වැපිරවීම නොවේ [ඔවුනට වෛර කිරීමෙන් අපට අත්වෙන දෙයක් නැත].

සියළුම ජාතීන්, ජන වර්ග උපතින් අතිශය බුද්ධිමතුන් වන්නේවත් මෝඩයන් වන්නේවත් නැහැ [මා ඒ ගැන යම් සොයා බැලීමක් කළත් මට තවමත් තහවරු කර ගත හැකි කිසිවක් හමුවී නැහැ. එසේම මේ ඩොක්යුමෙන්ට්‍රියේ ජෙරාඩ් ඩයමන්ඩ් මහාචාරයවරයාත් ඒ දෙයම එක් තැනක් කියනවා].

එසේනම් කොකේසියානුවන් ලොකයේ බලවතුන් වන්නේ,
ඔවුනට භූමියෙන් ලැබුන වාසියත් [ගොවිබිම්, සත්ත්ව පාලනය සඳහා උචිත දේශගුණය සහ භූමිය], ඔවුනොවුන් අතරම ඇතිවූ යුද්ධ නිසා [යුරෝපයේ රටවල් වැඩි ගණ්නක් තිබෙන්නේ ඒ නිසාය] ඔවුන් අනෙකුත් ජනවර්ග වලට වඩා ශක්තිමත් වීම නිසා මිස උපතින් ගෙන එන ලද ඔවුනටම සුවිශේෂී බුද්ධිමත් කමක් නිසා නොවේ.

Anonymous said...

අරාබිවරුන් ගියේ වෙළඳාමෙයි. ඔවුන් අතර මුස්ලිම් භක්තිකයන් සිටිය වග ඇත්තයි. රටවල් ආක්‍රමණ කරන්නේ ඒ ඒ රටවල ජනයා වහලුන් ලෙස පගාගෙන ඉන්න පරමාර්ථයෙන් නොව ඉන් ලාභයක් තිබේ නම් පමණයි. නිකරුනේ පිටරටක මිනිසුන් වැඩිකලක් පාගාගෙන සිටීම ලේසි දෙයක් නොවෙයි නේ? කොමියුනිස්ට් කාරයන් අපේ ඔළුවට දාන දේ දොහොත් මුදුනේ තියාගෙන බාර ගන්න තරම් නිහීන වෙන්නෙ එපා.

අරාබීයයන් නැව් ගියේ තම තමන්ගේ වියදමින් ය. ඔවුන් ග්‍රීක් ශිෂ්ඨාචාරය පහල යන අතර ඒ ආභාසයෙන් විද්‍යාව දියුනු කරමින් මුහුදු ගමනින් ප්‍රමුඛ තත්ත්වයකට පැමිණියා. ප්ටොලමි ගේ සිතියම වැඩි දියුනු කළා. ඉන්දියාව, චීනය, ලංකාව වගේ ප්‍රසිද්ධ රටවලට යන මාර්ග සොයා ගත්තා.

නමුත් එක් ජාතියක ධන බලය පැවතුනේ එක් එක් තැන්වලට යන මාර්ග දන්නා තරමිනුයි. අරාබි, සෝමාලියානු ආදීන් පුරාණ කතාවල කියැවෙන කුළු බඩු, මැණික්, හකුරු වැනි දේ ඇති / නිපදවන ඈත දිවයින්වලට යන විදිහ දැන සිටියත් යුරෝපීයයන් ඒවා දැන සිටියේ නෑ.

කොලම්බස්ට පසු කාලයේදී යුරෝපියයන් අතර ඒ කිවූ රටවල් ගැන කුතුහලය වැඩිවී ඇත. තම රටවල ජනයා රජුට අයත් නිසා ඔවුන්ගේ සොයාගැනීම්ද රජුට අයත් වුනි. පල්ලියත් ආණ්ඩුවත් දෙකම එකක් විය. පිටරට යෑමට අවසර හා මුදල් ලැබුනේ රජයෙනි. මේ ක්‍රමය අනුව වෙළඳ සමාගම් නොයෙක් විදිහෙන් රජයට යටත් ඒවා විය. මේ විදිහට තමා යටත් විජිත ඇති වුනේ. වෙළෙන්ඳාට හමුදා අයත් වුනා ඒ සඳහා මව් රටේ අනුමැතිය අවැසි වුනා. මෙහෙම තමා යටත් විජිත ඇති වුනේ.

රොබර්ට ක්නොක්ස් කියන විදිහට ලංකාවේ සම්පූර්ණ මුහුදුකරය ලන්දේසින් යටතට ගියේ උන් පුහු මානයෙන් පිරි සිංහල රජුව මුදුන් අත්තේ තියා, ඔවුන්ට බලකොටු කරන්න අවසර ගත් නිසායි.

අධ්‍යාපනයත් ඉතිහාසයත්, කව්ද ඉහල, කව්ද පහල කියන දේ අධිරාජ්‍යය විසින් යටත් රටවලට ඉගැන්වුවා. ඒකයි අදත් අපි රහසින් හෝ "මටත් ඉංග්‍රීසි සුද්දෙකුට වගේ පුළුවන්නම්" කියා සිතන්නේ. ඒකයි අපි රොත්ත පිටිං කොළඹට සේන්දු වෙන්නේ. ඒකයි අපි ළමයින් ඉන්ටර්නැශනල් ඉස්කෝලෙට යවන්නේ. ඒකයි අපි ඉංග්‍රීසි උච්චාරණය වැරැද්දුවොත් හිනා වෙන්නේ. ඒකයි අපි සුද්දා ඥානයෙන් අපිට වඩා දියුනුයි කියා හිතාගෙන උන් කියන කියන දේ උන්ගෙන්ම ණය අරගෙන කරන්නේ.

ඒ නිසාම තමා විමල් වීරවංශ වගේ බක පණ්ඩිතයන් කියන දේ සොයා නොබලා අපි අදහන්නේ. බක පණ්ඩිතයා කියන්නේ තමන්ගේ ගුරුවරයා කිව් දේ හෝ පොතේ දේ එලෙසම අරගෙන යලි යලිත් දොඩවන එවුන්ටයි.

ධනවාදයයි, කොමියුනිස්ට්වාදයයි දෙකම යුරෝපයෙන් ආ අපිට නොගැලපෙන අදහස්‌ය. අරබියේ විප්ලවයවත් යුරෝපීයයන්ගේ ආධිපත්‍යයවත් අපිට ඇති වැඩක් ඇති දේ නොවෙයි. අපි කල යුත්තේ අපිට සෑහෙන්නට ආහාර නිපදවාගෙන සුඛොපභොගි දෙවලුත් අවශ්‍ය නම් වැඩියෙන් ආහාර නිපදවා පිටරට යවමින් පුරාණයේ වගේ යලිත් වහල් භාවයෙන් මිදී සිටීමයි. ඒකට මුල ස්වාධීනව සිතීමයි.

ස්වාධීනව සිතන හෙළයන් ඉතා දුර්ලභයි. ඒක ගැන හිතන්න. ඇහෙන ඇහෙන දේ යලිත් විමසා බලන්න. කියන්නා කෙසේ කිව්වවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන නිතර මෙනෙහි කර ගන්න. අනුන් හා තමන්ට ඇත්තේ එකම ප්‍රමාණයේ මොළයක් වග හිතට ගන්න. ඉන්ටර්නෙට් එක (ජංජාලය නොවෙයි) ඇසුරෙන් ඥානය ස්වෛරීව උපදවා ගන්න පුළුවන්. ඔය තමන් පූජ්‍ය තත්ත්වයට පත් කරගෙන ඉන්න අය හදන්නේ තමන්ව උන්ගේ ආධිපත්‍යය ලබාගැනීම සඳහා නම්මා ගන්නද කියා කල්පනාවෙන් ඉන්න.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

පෝස්ට් එන නම් සුපිරි... අන්තිම ඇනෝගේ කමෙන්ට් එක ඔක්කොටම වඩා මගේ හිත ගත්තා...

//ස්වාධීනව සිතන හෙළයන් ඉතා දුර්ලභයි. ඒක ගැන හිතන්න. ඇහෙන ඇහෙන දේ යලිත් විමසා බලන්න. කියන්නා කෙසේ කිව්වවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන නිතර මෙනෙහි කර ගන්න. අනුන් හා තමන්ට ඇත්තේ එකම ප්‍රමාණයේ මොළයක් වග හිතට ගන්න. //

ඔය ටික ඔහොම නෙවේ කොටලා පෙව්වත් අපේ අය තේරුම් ගන්නෑ. හැමෝගෙම මොලේ එක සයිස් වුනාට එක එකාගේ බුද්ධි මට්ටම් වෙනස් නේ. මේ වගේ පෝස්ට් වලින් කොච්චර කිව්වත් තේරුම් ගන්නැති අයත් ඉන්නවා. අපිට ලෝකය හදන්න බෑ. මෙහේ ඉන්නේ සුද්දගේ පඩෙත් සුවඳයි කියලා හිතන අය... ඒ අතරින් මේ වගේ අදහස් ඇහෙන එකත්, දකින එකත් ලොකු සතුටක්...

ස්තුතියි මේ අදහස් සමූහයටම !!!

Anonymous said...

හිතවත් චතුරංග,

මොනයම් හේතුවක් නිසා හෝ ඔබේ කමෙන්ටුව ස්පෑම් ගොඩට ගොස් තිබින. එය නිවැරිදි කරන ලදි. ඒ ගැන සමාවෙන්න. ප්‍රතිචාරයට ස්තූතියි.

සෙන්නා said...

නියම ලිපිය මාලන්. බොහොම ස්තුතියි..

ඇනොගේ කමෙන්ට් එකත් නියමයි.. එත් අවාසනාවකට අපේ රටේ මේ පහල ලින්ක් වල පෙන්නන ජාතියේ අයත් ඉන්නවා.. මොනවා කරන්ඩද..අඩන්ඩද, හිනා වෙන්ඩද කියලා තේරෙන්නෑ. :-(

http://lankacnews.com/sinhala/main-news/33695/#comment-105486

http://lankacnews.com/sinhala/foreign-news/iran-neuclear/#comment-106665

උදාර said...

වටිනා ලිපියක්. ලිපියේ කියල තියෙන පොත පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා කැමති කෙනෙකුට බාගන්න පුළුවන්.

http://ifile.it/it6b02/ebooksclub.org__Guns__Germs__and_Steel__The_Fates_of_Human_Societies.l_nkx3t5084x9tx68.epub

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය