විවිධ

Powered by Blogger.

Thursday, October 6, 2011

සියැටල් වෙත දුකින් සහ තරහින්..!

සියැටල්,
මට හමුවුනා උඹේ පරපුරේ එකෙක්...
ඔළුවේ නැහැ පිහාටු
නැහැ හිටියේ අස්සයෙකුගේ පිටේ.
උදාර පෙනුම..?




ඌ වැනෙනවා
බමන මතින්
රතු ඇස් දොබගෙඩි
කොන්ඩේ කැරළි
ඔළුව... හිස්.

ඌ ඉල්ලුවා මගෙන් සත විසි පහක්
හෝම් ලස්ලු..!


සියැටල් උඹට මතකද?
උන් ඇවිත් කිව්වා
මිළ කරන්න පොළව, ගහ කොළ, වට පිටාව..?

උඹ හිනා වුනා.
උඹ පුදුම වුනා.

උඹ ඇහුවා...

"කොහොමද මිළ කරන්නේ..?
මේ පොළවට මා අයිති මිසක් මට පොළව අයිති නැහැ කියලා"

"The Earth does not belong to man; man belongs to Earth. Man did not weave the web of life;
he is merely a strand in it. Whatever he does to the web, he does to himself"

මතකද.. උන් උඹට හිනාවුනා..?
අයිතිකර ගත්තා පොළව.
හොරකම් කළා උඹේ පොඩි උන්..?
පුරුදු කළා උබේ ගැටවුන් බීමත් කමට..?

දැන් ඒ පොළවේ තට්ටු පිට තට්ටු
මතකද උබ කිව්වා,

"We know that the white man does not understand our ways. One portion of the land is the same to him as the next, for he is a stranger who comes in the night and takes from the land whatever he needs. The earth is not his brother, but his enemy - and when he has conquered it, he moves on. He leaves his fathers' graves, and his children’s birthright is forgotten."

සියැටල්,
උබ දන්නවද..
දැන් උන් කතා කරනවා

ග්ලෝබල් වොර්මින්ග්, සස්ටේනබිලිටි, හොලිස්ටික් ලිවින්

උබ කියපුවා, උන්ගේ වචන වලින්
රී මික්ස්.
සියවස් ගණනකට පස්සේ.

ආච්චිගේ රෙද්ද..!

සියැටල්,

මම ලඟදි ගියා ප්‍රදර්ශනේකට
එහෙ හිටියා උඹේ උන් වට කරගෙන... උන්
(උබ දන්නවද
නැහැ තිබ්බේ අත්වල ලේ..!
උන් අත් හොදගෙන
මම හොඳට බැළුවා.)

මට ඇහුනා කියනවා
රැක ගමුලු උරුමය, සටන් කරමුලු ඒ වෙනුවෙන්.

මට හිනා.

සියැටල්,
උබේ උන් හිටියේ බමන මතින්.
හිටියේ ගතමන්ට් එක ලැබෙනකන්




එකෙක් මගෙන් ඉල්ලුවා
සත විසි පහක්
මන් කිව්ව ගිහින් ඉල්ලගනින් කියල
අරුන්ගෙන්ම.

මට තරහයි..!

14 comments:

Anonymous said...

අතීතය ආ‍යේ ආ‍යේ උදා ‍වෙනවලු...

මාතලන් said...

දෙපැත්තක් තියෙනවා.
අති විශිෂ්ඨ නිර්මාණයක්..
මේ වගේ රැඩිකල් නිර්මාණ අගය කිරීමකට ලක්වන්නේ නැති තරම්. නව පරපුරත් බුක්තියට සවිකර ගත් පිරිසක් ඉන්න බව පේනවා. ගොඬ්හ් වෙලාවට බ්ලොග් තියෙන්නේ.
ග්‍රේට්...

Bindi said...

අපුරුයි ..

``` Outsider``` said...

ela..

hare :-) said...

නියමයි! ඔය උන් සහ අපි කියන එක කොහොම ගත්තත් උන් හැමදාම දිනනවා... :-|

සිතුවිලි මණ්ඩිය said...

මට තරහයි,
හෙට කලුවර නෑ කිය කිය ඉඳලා හොරෙන්ම පැනලා ගියපු එක ගැන.
මේ ලියන ඒවා දකිද්දි.

Charmi said...

එළ බං....
මටත් තරහයි...!!

Anonymous said...

@ සොදුරු සිත:

අතීතය රිපීට් වෙනවනම් තමයි. ඒත් සමහර විට අපි පරක්කුයි ඇත්ත තේරෙන කොට

@ බින්දි:
ස්තූතියි.

Anonymous said...

@මාතලන්:

ස්තූතියි අගය කිරීමට.

ඔව් ඔයා කියන දේ ඇත්ත. මේ කථාවේ දෙපැත්තක් තියෙනවා. උන් භූමිය විජයග්‍රහණය [conquer] නොකළනම් මම බ්ලොග් ලියනවා තියා මේ වෙනකොටත් කුඹුරක් කොටාගෙන ඉන්න රජ්ජුරුවන්ගේ ප්‍රවේණි දාසයෙක් වෙන්න තිබ්බා.

මගේ මිතුරෙක් මේ ලිපියට පිළිතුරක් විදිහට එවපු මේල් එකක් පහත පළ කරන්නම්. කියව බලා අදහසක් දක්වන්නේ නම් අගනේය.

--------------

I remembered the first time I read Seatle long long time back (I didn't know Seatle nor the White man, Seatle seem to be talking of what made very sence to me, and White man sounded bit strange....then I remember learning in the same class the lyrics of 'Blowing in the wind'.... a different era...somehow they didnt mention that Bob Dylan or Poal McCartney too were white, but I gathered) mistake 'man' made when they thought they are doing the right thing or 'man' made cause some of them didn't have power to speak or didnt still feel the need to speak..or even understand..or man made cause they were too disconnected and learned through idealizing institutions to a point that they couldn't recognize man always dont look alike.....or didn't give enough time to learn the values of other...or they didnt care they just wanted to survive...

I kind of see this division in Seatle's words too in a way... still many things happened in history is not justifiable....

History could have been 'Flat nosed/ Brown/Asian man' in the place of 'White man' (looking at Japanese, Chinese, Mogul and Mongol history).......

what I see is if you and I lived in that age ..you could have been Seatle and I could have been the White man...or I could have been Seatle and you the White man....who meet at a same ground one day with different histories..different battles won, different memories, memories from our forefathers, and memories may be carefully shaped in our text books as well..or no memories at all....; to be brave and stand for what we believe and say it..and defeat the other...

And I see that whether we agree or not collectively we all have the conquering mind still...whether we used it to conquer land, people or our own mind itself..depended what was needed or meant most to us.. we lean from our parents..our societies.. from people we meet in our lives..and strange enough every point in history.. even right now we think what we are thinking is right.(if I didn't I cant write this mail..and if you didn't you cant produce that great work)

For what you said about sustainability and holism as I felt more close to it some how (identity problem :-)..).......

true..the words got popular because of First world and get spread fast cause of them too, they developed internet...and as long as ideas need money to spread and to get implemented their view matter....

no longer there are white men Malan, there are Banks and companies/corporations. why not even say FB now to do the conquering job..and they are getting owned by many colored people fast....to me we are reaching a age we can call 'man' to all of us without conscience may be, .....as this man now have collectively started to think of them as one..cause they have faced a problem that dont make the colour or territory differentiation anymore....

to me Sustainability actually got very multi colored and that's the beauty of it... :-) disturbing fact may be in terms of wealth out of which still shape happiness as well, there are still first and third worlds....

Anonymous said...

@ පිටස්තරයා:
තැන්ක්ස් ලොකු අයියා :)

@හරේ:

මචන් මටනම් හිතෙන්නේ උනුත් දැන් පරාදයි කියලා. ඒත් ප්‍රශ්නේ පරදින්නේ උන් විතරක් නෙමෙයි, උන් එක්ක අපි හැමෝම

Anonymous said...

@සි.ම:

තරහ ගන්න එපා මචන්. අර සුනිල් මාධව කිව්වා වගේ වැදගත්ම දේ පත්තර වාටියෙ හරි ලියන එක.

එහෙම නැතුව මගේය කියලා බදාගෙන ඉන්න එක නෙමෙයි. ඇත්තටම මගේ බ්ලොග් එකකට ලියනවට වඩා "අඹ ගහ යටට" මොනව හරි කුරුටු ගාන්න මම කැමතියි.

@චාමි:
මොකෝ මචන් වෙන්නේ ඔය පැත්තේ?

පූසා said...

පට්ට!

Anonymous said...

ඔය උන්, අපි කියන වචන සෑහෙන්ඩ පැටලිලා තියෙන්නෙ ලංකාවෙ එහෙම. උන් කවුද අපි කවුද කියල හොයාගන්ඩ බැරිවෙන තරමටම. අපි හිතාගෙන ඉන්නව උනුත් අපේම කොටසක් කියල.

නියමයි මචන්... අඹගහ යට හරි උඹ මෙහෙම කුරුටුගාන එක ගැන සංතෝසයි.
දැන් කියන්ඩ වෙන්නෙ මාලන් නම් නිදහස් බ්ලොග් කරුවා සහ කොමෙන්ට්කරුවා කියල තමයි.
- චමිල

ayesha said...

හරිම අපූරුයි යාළු

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය