විවිධ

Powered by Blogger.

Sunday, May 1, 2011

"මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී......"


"හන්තානේ කදු පාමුල 
සරසවි වලේ ගල් බැම්මක 
නුඹ සමගින් ගෙවු කාලය ‍
කොහේදෝ සැගව ගොසින් 

වස්සානේ වසින වැස්ස 
මොන තරම්ම සීතලයිද 
උනුසුමකට ගුලි වෙන්නට 
නුඹ මා ලගින් නොමැත 

වසන්තයේ මල් පිපෙද්දි 
මගෙ සිත් මල පරව ගිහින් 
සිත ලග උන් නුඹත් අරන් 
වෙන කවුරුද යන්න ගිහින් 

මීවිත ලග සිත නැවතී 
නුඹෙ මතකය යයි සේදී 
නෙතට හොරා ආ කදුලූ 
පිස දමන්න නුඹ නැතිලූ 

මහවැලියේ සීත ඉමේ 
නුඹ සමගින් උන් කාලේ 
ගග දිය සේ ගලා ගිහින් 
ගග අද්දර මා තනියෙන්........."

කියන්නා කෙසේ කිවත්....

ඔයා නැති විනාඩියත් කල්පයක්
කියලා කිව්ව ඔයා...
මේ දැන් ගත කරන්නේ
කිවෙනි කල්පයද?

Tuesday, April 26, 2011

Wednesday, March 23, 2011

ජපන් ඛේදවාචකයේ සහෝදර අත්දැකීම්

"දවස මාර්තු 14 සඳුදා. වෙලාව පාන්දර 2.30යි. සිවිලිමෙන් කොටසක් ගැලවී ගොස් තිබෙන ලැබ් කාමරයේ පරිගණක තිරය ඉදිරිපිට මා වාඩි වී සිටිමි. සෝපා මත හා බිමද නිදාසිටින මා සඟයන් තදින් හුස්ම ගන්න ශබ්දය මට බාධාවක් නොවේ. දැන් දවස් දෙකක් තිස්සේ ඔවුන් ගතින්ද සිතින්ද බොහෝ සේ වෙහෙසී සිටින බව මා දනිමි.
මගේ ඉදිරිපිට විශාල රූපවාහිනී තිරයේ දිස්වන්නේ හිත සනසන ලස්සන රූප නොවේ. එයින් නැවත නැවතත් පෙන්වන්නේ ත්සුනමියේ දසුන්ය; භූමිකම්පාවේ හිත් සසල කරවන දසුන්ය. ඒත් රූපවාහිනිය වසා නිදාගන්නට නොහැකිය. ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයට මෙහි සිට ඇත්තේ කිලෝමීටර සියයක දුරකි. කොයි මොහොතේ ඒ ගැන අවදානම්සහගත තොරතුරක් තිරයේ මතුවේදැයි අවදානයෙන් සිටිය යුතුය.................


දිගටම කියවන්න - http://raaroo.blogspot.com/

1 මං කරදරයක් නැතුව ඉන්නවා...
පර්ෆෙක්ට් සිකුරාදාව...
3 භූමිකම්පාවක්...එනවා...

Sunday, March 20, 2011

සිත මිස කය නැති, බඹ ලොවකට ඔබ - මා කැඳවන්නේ මන්ද නගේ.......

බසය නවතා ඇත. එන්ජිම පණ ගැහෙයි. දැන් විනාඩි පහකට ආසන්නව ඇත. ගිණියම් මාර්තු අව්ව තහඩු වහලය විනිවිද දැනෙයි.

මා එක් අතකින් වැරෙන් ආධාරකයක එල්ලී සිටිමි. අසුනක ඉහල කොටස තෙරපී කලවයක් රිදුම් දෙයි. අනෙක් අතින් අල්ලා ගැනීමට අඟලක හෝ ආධාරකයක් අවට ඉතිරිව නැත. මා පසුපසින් දෙදෙනෙකු තෙරපෙයි. දහඩිය පිරුණු අතක් මා මුහුණ හරහා ගොස් කණුවක් අල්ලාගෙනය. දෙපසින් තෙරපෙන ස්ථුල මිනිසුන් දෙදෙනාගෙන් මා මිරිකී යන සෙයක් දැනේ.

මා කොන්ද මත තෙරපෙන කාගෙදෝ බාහුවක් අංශක කිහිපයකින් මා ඉදිරියට නවා ඇත. දෙපා වලට දමන දහඩිය හේතුවෙන් තැම්බුම් රස්නයක් කලිසම තුල රැ‍ඳෙයි. කමිසය දහඩියෙන් පෙඟී ඇත. දෑත් දෙපා හෝ කිසිදු ලෙසකින් චලනය කල නොහේ. මගේ ප්‍රමාණයට තරමක් කුඩාවට තැනූ මගේම හැඩයේ කූඩුවක මා සිර කොට ඇති සේය.

මගේ දෑස් මට්ටමට පහළින් පිහිටි කවුළුවෙන් දර්ශනය වන්නේ පාරේ කාණුව දක්වා පමණී. යන්තම් හිස හරවා බැලීමි. දහඩියෙන් පෙඟී තෙල් බේරුණු ගැහැණු පිරිමි මුහුණු යායක්, අරමුණු රහිත වෙහෙසකර හිස් දෑස්වලින් උණුසුම වෑහෙන ඉහල වහලය දෙස නිහඬව බලා සිටිති. දුම් ගඳ, දූවිලි ගඳ හා මුසුව නැගෙන විලවුන් මුසු දහඩිය ගඳ නාසය කාරවයි.

තොරතෝංචියක් නැතිව ඇසෙමින් තිබූ වාහන එන්ජින් හඬ , නළා හඬ සහ පණගැහෙන එන්ජිමේ දෙදරුම යටපත් කරමින් බසයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක වේ.



ඔබ දන්නෙහිද? කලකට පෙර අල්ලපු ගෙදර එකා විසින් නැවත නැවත වාදනය කොට අප්පිරියා කරන ලද්දක් වුවද, මතක ඇති කලකින් මා විඳි රසවත්ම ගීතය ඒ මොහොතේ, එම ගීතය බව දිවුරා කියමි............

මා හද නලවන - මා හද සනසන බලාපොරොත්තුව ඔබට තියේ......
එනමුදු සොඳුරියෙ - ඔබේ බොළඳ බව - ඔබහට පැවසිය යුතුව තියේ......

Monday, March 14, 2011

මැරෙන්නට තීරණය කිරීම

වෙරෝනිකා
මම සුදානම්
මරණයට.......
උමතුවෙන් හිනාවෙන්න
එපා ආයෙත්..
ආතාත්වික ප්‍රතිබිම්බවලට
පණ ඇවිදින්
උඩුකුරු උනාම....
දිග පළල
මනින්න බැරි ලෝකේ
එක දිගට
කම්මැලි හීන පේනකොට.....
පුදුමයක් ද
මම සුදානම් වීම
මරණයට......

Saturday, March 12, 2011

සහෘද සැමට ආරාධනා

කැමතිනම් මෙතෙංටත් ගොඩවෙන්න.


මම හිතවත් විකී.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය