
ගුළි තුන ගැන කිය කියා
හොරෙන් හොරෙන් කිරිත් බ්ව්ව
බලුම බලු කතා කියමින්
ලව් ඉස්ටෝරියක් වගේ එකක් නිසා
උඹට පිස්සු හැදිලාවත්ද?

විකසිත වන මිනිස් අදහස් වාරණය කල හැකි බව ඔප්පු කර ඇත. එහෙත් අදහස් විකසිත වීම නැවතිය නොහේ. පුංචි අව් රැල්ලකටත් හේබා යන මීවන පඳුරු මෙන් ළදරු අවධියේ වැඩෙන ලාංකීය බ්ලොග් අවකාශයට පරිනාමීයව ගත්කල ඔබගේ බ්ලොගයට සිදුව ඇති දෙය සාධනීය වනු ඇත.
මිනිසුන්ට
මෙච්චෙර ගමන් තියේද යන්න
විවිධාකාර ඇඳුම් ඇඳගෙන...,
කාර් වල, බස් වල, පයින් .
...බලන්න…
උන් සිනාසෙන අන්දම
පවුල් පිටින් කොහේ යනවද?
අපි වගේ
වේලාසන ගෙදර ඇවිත්
ක්ෂණික හොද්දක් හදල
එක දිගට ...
පුටුවෙ නින්ද යනකන්
රුපවාහිනිය බලන් නැතුව
හිනාවෙවී පවුල් පිටින්
කොහෙ යනවද?
කතා කරල කරලම
සියලුම දෙබස් ඉවරවුන
නිහඬ චිත්රපටියක වගේ
පුරුද්දට හැම දේම
මුනෙන් මුණ බලාගෙන.
අනේ! මන්දා මේ මිනිස්සු
කොහෙ යනවද
ගෙදර ඉන්නෙ නැතුව?
- රසිකා ගුණවර්ධන
