විවිධ

Powered by Blogger.
Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Friday, October 14, 2011

~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~



"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?

ඔයා හැර මම මගේ ජීවිතේ වෙන කෙනෙක් ගැන මම බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.හැමදාම ඔයත් එක්ක සතුටින් ඉන්නයි මම බලාපොරොත්තු වුණේ.මම කොච්චර ලස්සන හීන මැව්වද ඔයා ගැන.ඒ හැම හීනයක්ම හීනයක් වෙන බව දැනෙනකොට මගේ පපුව දෑවිලා යනවා.ඒ දවස් වල ඔයා එක දවසක් ඉස්කෝලේ එනනැතුව හිටියත් මට මහා පාළුවක් දැනෙනවා.ඒත් අද ඔයා ඉස්කෝලේ ඇවිල්ලත් ඒ තනිකම මට ඒ වගේම දැනෙනවා.

ඔයා තනිවම විදවන්න එපා.අපි දෙන්නම එකට විදවමු කියපු ඔයාමද අද මට මෙච්චර දුකක් දුන්නේ.මට දුක දැනුන වෙලාවක ඔයා දිහා බලලා වුණත් දුක නැති කරගන්න පුළුවන්.ඒත් අද මට තියන එකම දුක ඔයානම්, මම කොහොමද ඔයා දිහා බලලා දුක නැති කර ගන්නේ.

ආදරය ගැන සුන්දර  විදියට හිතන්න පුළුවන් හිතක් ඔයාට තිබුණා. ඔයාගේ හදවත හරිම සුන්දරයි.ඒ වගේම විවෘතයි.මම කැමතියි ඒ වගේ හිතක ආදරයකට.ඇත්තටම මාව තේරුම් ගන්න පුළුවන් හිතක් තිබුණේ ඔයාට විතරයි.ඔයාගේ හදවතේ ඒ සුවද විදින්න අනේ මං පිං කළා මදිද? "
(http://manubloggers.blogspot.com/)

Wednesday, January 26, 2011

පහුර තියෙන්නෙ එගොඩ වෙන්න විතරයි...

සර්පයා (කේ කේ සමන් කුමාර) මෙහෙම කතාවක් කියනවා....
භාෂාව කියන්නේ පහුරක්..
ඒ පහුරෙන් අපි ගඟෙන් එගොඩ වෙනවා..
ඒත් ගඟෙන් එගොඩ වුනාට පස්සේ 
අපි ඒ පහුර කරතියාගෙන යන්න උවමනාවක් නෑ....
ඉතිහාසඥයින්ට අනුව නම් සිංහල අකුර හැදිලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර පරිණාමය වෙලා. ඉතින් බ්‍රාහ්මී අකුර දැන් තියෙන අකුර වෙනකම් ගමනක් ආවා නම් දැන් තියෙන අකුරට ඉදිරියක් තියෙන්න බැරි ඇයි. අපි මෙතන නවතින්නද හදන්නේ.. මම නම් කියන්නේ භාෂාව යනු හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විතරයි.. ඒක අපි කරේ තියාගෙන යන්න ඕනි නෑ. ගඟෙන් එගොඩ වෙන්න තිබුනොත් ඇති. භාෂාව කියන එකත් නව අදහස් ප්‍රවණතා වලට දොර ඇරියානම් හොඳයි වගේ...

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය