විවිධ

Powered by Blogger.

Monday, January 13, 2014

අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?

ලංකාවේ අපි ඈස්චර්යයන් විශ්වාස කිරීමේ කැමැත්තෝ වෙමු!

රැස් විහිදෙන බුදු පිළිම, බෝරුකෙන් මතුවෙන බුදු රූ, කෙම්මුර දිනයක ප්‍රාදූර්භූත වන කතරගම දෙවියෝ, කිරිබොන ගණදෙවි රූප ආදිය තැනින් තැන මතුවෙද්දි උපාසකම්මලා, උපාසක තාත්තලා වට්ටි පෙට්ටි කරේ තබාගෙන තම දුක කියාගෙන නොදන්නා ඈස්චර්යක් සොයා මේ ගස් ගල් සරණ යති.

අප නොදන්නා නොතේරෙන අත්භූත කුහුල දනවන දේ කරනා සහ කියන්නා වුන් අපේ විරුවන් වේ. උගතුන් බුද්ධිමතුන් විද්‍යාත්මකව කෙතරම් දේ කිවත්, සාක්ශි සහිතව ඔප්පු කර පෙන්නූවත් අපේ ජානගතව ඇති කුහුල අප මිථ්‍යාදෘශ්ටියේ ගිල්වයි. රාවණා, ෆෙන්ග්ශුයි, කේන්දර, නාත දෙවියෝ, දේවියන් සමඟ කතා කරන මිනිස්සු, අහසින් යන බබායිගා යකින්න අපි විශ්වාස කරන්නේ වන්දනා මාන කරන්නේ අති මහත් භක්තියෙනි. ඒ නිසාම අපි සුපිරි මිනිසුන්ගේ පස්සෙන් යාමට ඔවුන්ගේ අනුගාමිකයන් වීමට කැමැත්තෝ වෙමු [විජේවීර දෙවරක්, ප්‍රභාකරන් එක්වරක්  මේ ගුණාංගය තම ප්‍රයෝජනයට ගත්හ. මහින්ද මාමි සියදහස් වාරයක් මේ උපක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කරමින් සිටියි].

ලාංකික ටෙලිවිශනය මංජුල පිරීස්, ආසිරි වනිගරත්න, චන්ද්‍රසිරි බණ්ඩාර වැනි සමාන්‍ය මිනිසුන්ට නොතේරෙන අත්භූත දේ කරන "බොරුකාරයන්ගෙන්" පිරී ඇත්තේද අපේ මේ ජානගත දුර්වලතාවය නිසාය. ඔවුන් වන්දනා මාන කරනා ඔවුන් පසුපස යන පිරිස් බොහෝය. ස්වභාවයෙන්ම කම්මැලි ජාතියක් වන අප වෙහෙස මහන්සි වී ජිවිතය දියුණු කරගන්නවාට වඩා සාර්තකත්වයට ශෝර්ට් කට් සේවීම බොහෝ පහසු වීමද මෙයට එක හේතුවකි. කිසිදු ගහක් ගලක් නොවදිනා ලෝකයේ රටවල් දියුණුවේ හිණිපෙත්තටම නැඟ ඇත්තේ උපරිම මහන්සියෙන් වැඩ කිරීමෙන් බව ලාංකිකයා නොදනී [හෝ දන්නා වුවත් කම්මැලි කම නිසා නොදන්නා මෙන් හිදී].

අර වරක් කතන්දර සූරීන් කිවාක් මෙන් සිංහල බ්ලොග් අවකාශය යනුද අප ලාංකික සමාජයේ හරස් කඩකි [චාමි සෑමා වරක් කීවාක් මෙන් මෙය පෙර විකෘතිමය හරස් කඩක් වූවත් දැන් ඇත්තේ නියම හරස් කඩකි].  එසේනම් සිංහල බ්ලොග් අවකාශය තුළද රවටන්නෝ සහ රැවටෙන්නෝ බොහෝය.

න්‍යාෂ්ටික විද්‍යාඥඥයෙකුගේ චරිතය සිංහල බ්ලොග් අවකාශය තුළ රඟ දැක්වූ විදුර නම් "රස්තියාදුකාර දේශාඨකයා" වරක් චතූෂ තුෂර කුමාරයන්ට රාවණා ගුහාවක් ගැන කියා ලස්සන මල් මල් ගවුමක් අන්දවා ඔළුවේ මලක්ද ගැසීය. තව ඩිංගෙන් මාරතෙමේ රාවණා අදුන සොයා යනවා සත්තය. ටිකක් හිනාවෙන ගොඩක් අන්දන අභීත තෙමේ අප සිංහ ඉන්දික උපශාන්ත තෙමේ හට කොට කලිසමක් අන්දවා, පියරු දමා, මල් ලෙන්සුවක් ශර්ට් එකේ ගැසුවේය. මින් පෙර පිළිකාවක් වැළදී සිටි නංගිලා බලා ගත් දිල් අක්කලාත්, දෝරේ ගලනා ස්නේහයෙන් කවි ලියා නංගිලාට හෝටල් කාමරවල මල් පැලඳු අයියලාත් සිටියා මතකයේ තිබේ.

මේ හැමදෙයක් අවසානයේ අපට ඉතිරිවන්නේ මෙවන් පැනයකි. "අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?"

එයට "විනිවිද" බ්ලොග් අඩවියේ කතුතුමා මෙසේ පිළිතුරු සොයන්නට උත්සාහ ගනි.

"විනිවිද" බ්ලොග් අඩවියෙන් උපුටා පළ කෙරේ.



"අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?"

මේක මට සහන් ගැන විතරක් එන ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් අන්දන්න පුලුවන්?

1. මගෙ හිතේ විචාර බුද්ධිය කියන එක බල්ලට ගිහින්.

උදාහරණයක් හැටියට සහන් කරපු බිල්ඩිං කොස්ට් එස්ටිමේෂන් එක අරන් බලමු. සහන් මුලින් ම පටන් ගන්නෙ වර්ග අඩියක වියදම හොයන්නෙ වර්ග අඩියක් පොලවයි, වටේ හතර පැත්තෙන් බිත්තියි කියලා.
ඊට පස්සෙ මහා ලොකු ගානක් වගේ හදල පෙන්නනව වර්ගඵලේ ලොකු වෙන්න ලොකු වෙන්න ඒකක වර්ග අඩියක කොස්ට් එක අඩු වෙනව කියලා.
මෙතන මහ ලොකු දෙයක් තියෙද? අර මුලින් ගත්ත A කියන එක වගේ හතර ගුනයක් වියදම් වෙන්න නම් හැදෙන්න ඕන පහළ තියන B වගේ එකක් නෙවෙයි A වගේ හතරක් තියන C වගේ එකක්, ඊට වඩා බිත්ති අඩු නිසා B හදන්න යන්න ඕන අඩු වියදමක් කියන්න මහා මොළයක් ඕනෙ ද?

building
මේක පහේ පන්තියෙ පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් නෙ? මට හිතෙන්නෙ ඔය වගේ දෙවල් ශිෂ්‍යත්වෙටත් ආවා!


දැන් සහන් මේක ආලවට්ටම් දාල ගනන් හදල පෙන්නනව, A හදන්න ගියා වගේ හතර ගුණයක් යන්නෙ නැහැ කියල B හදන්න. අපේ අයත් “සරලව කියා දුන්න, නියමෙට තේරුණා” කියනව! සමහරු සහන් ෂර්ලොක් හෝම්ස් ටත් සමාන කරනව, මිනිසුන්ට නොතේරෙන දෙයක් සරළව කියල දුන්නම මිනිස්සුම කියනව කියල “ඕක මහ ලොකු දෙයක් නෙවෙයි නෙ” කියල!!!!
ඕයි ඕක මහ ලොකු දෙයක් නෙවෙයි තමයි කොහොමත්, තමුසෙලාට සහන් කියල දෙනකන් නොතේරුනාට. මම කියන එක සැක නම් ගිහින් මේසන් බාස් කෙනෙක් ගෙන් අහල බලනව, A/B දෙක පෙන්නලා A වගෙ හතරක් යනවද B හදන්න කියලා, CEO ල ඕනෙ නෑ. හිනාවෙලා කියල දේවි “මහත්තය එහෙම ගනන් හදන්න බෑනෙ, බිත්ති වල වියදම දෙගුණයයි පොලව හතර ගුණයයි” කියල.
සහන් පෙන්නන්නෙ නම් මේව QS ල දන්නෙ නෑ, එයාලට B හදන්න කිව්වොත් එයාල කරන්නෙ A අරන් හතරෙන් වැඩි කරන එක වගේ. ඒ මිනිස්සු සහන් විතර මෝඩ නෑ, ඒක පරණ, තෙම්පරාදු උනු ෆීල්ඩ් එකක්. සහන් හිතන විදියට නෙවෙයි ඒ මිනිස්සු බිල්ඩිං ගානක අත්දැකීම් වලින් එන සාමාන්‍ය අගයක් ගන්නෙ දළ ඇස්තමේන්තුවකදි.
පොඩි දෙයක් මොළේට කල්පනා වුනහම, “අම්මට සිරි මේක මාර සිරා, මට කලින් මේක කාටවත් කල්පනා වෙලා නැතිව ඇති” කියල හිතන්නෙ ලිඳේ ඉන්න ගෙම්බො වගේ මෝඩයො. එහෙම උන් තමයි ඔය අවුරුද්දකට පාරක් විතර පත්තරේ යන්නෙ වතුරෙන් දුවන කාර්, ඉබේ දුවන මැෂින් හදන හැටි හොයා ගත්ත කියල. සති දෙකෙන් කාර් එකත් මිසිං, මිනිහත් මිසිං.

විචාර බුද්ධියෙන් හිතන්න. අන්තිම සරළ දේවල් මහා ලොකු රහස් වගේ කෙනෙක් කියන කොට ඇත්තටම ඒව මහ ලොකු දේවල් කියල නොගෙන හිතන්න මේක ඇත්තටම මහ ලොකු දෙයක් ද එහෙම නැත්නම් නැති ආලවට්ටං දාල කියන කතන්දරයක් ද කියලා. මිනිහෙක් “මේක තේරෙන්නෙ CEO ලට විතරයි” කියලා 2+2=4 කිව්වහම නිකන් මී හරක් වගේ ඇඳ ගන්න එපා “අම්මට හුඩු හතරයි නේන්නම්, මේක සරළව කියල දුන්නට ස්තුතියි” කියල. දෙකයි දෙකයි හතරයි කියන එක පොඩි උනුත් දන්නව ඇත්තටම ඔයාලත් දන්නව අර “CEO” ගෙ ටෝක් එකට ඔයාල ඇඳ ගත්තට.
මේ කියවන කී දෙනෙක්ට පුලුවන් ද පූර්ණ වර්ගයක් නොවෙන ධන පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලෙ දශමස්ථාන දෙකකට හොයන්න? මගෙ හිතේ ගොඩක් දෙනෙක්ට බැරුව ඇති. (සමහරුන්ට මොකක්ද කිව්වෙ කියල වත් නොතේරෙන්න ඇති.)
දැන් කෙනෙක් එනව අවුරුදු විස්සක විතර, හොයල පෙන්නනව. ඔයාල හිතන්නෙ “ශහ්! මෙයා නම් මාර ම මැත්ස් එක්ස්පර්ට් කෙනෙක්” කියලා.
එයා එහෙම එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ නෑ. ඒ ට්‍රික් එක ගනන් වලට උගන්නන්නෙ ඕ ලෙවල් පන්තියෙදි. ඒ අවුරුදු විසි ගානෙ පොර පෙන්නුවෙ අවුරුදු දාසයේ ලමයෙක් දැනගන්න ඕන කියල සම්මත දෙයක්.

ඔබට ඒක අමතක වූ පලියට ඒක මහා මැජික් එකක් වෙන්නෙ නෑ. ඒක ඕ ලෙවල් කතාවක්. නිකන් ඇඳ ගන්න එපා.

2. අනුකම්පාව

කොලඹ හිඟන්නො පාලනේ වෙන්නෙ සින්ඩිකේට් වලින්. “ඉන්කෝපරේටඩ්” නැති “ෆ්රී ලාන්ස්” හිඟන්නො ඉන්නෙ බොහොම ටික දෙනයි. හිඟන්නෙක් බොහෝ විට මාසෙට සාමාන්‍ය ලිපිකරුවෙක් ගේ පඩියට වැඩි ගානක් හොයන බවත් ප්‍රසිද්ධ රහසක්.
ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි?
බොරු බටයක් සරම අස්සෙ ගහන්, බෑග් එකක් එල්ල ගත්තු ගමන් අපිට උනු වෙන නිසා, “මේ යකා හොරෙක් වෙන්න පුලුවන් ද” කියන එක ඕවර්රයිඩ් වෙලා, “පව් නෙ වැරදිලාවත් ඇත්ත උනොත්” කියන එක උඩට එන නිසා. එතනින් එහාට තනියම උනත් “දෙන්න නරකයි හොරෙක්” කියල හිතන්න අපිට මහා වරදකාරී හැඟීමක් එන්නෙ. ඉතින් ඇත්ත ලෙඩ්ඩු 1% කුයි, හොරු 99% කුයි අපෙන් ලෝස් නැතුව ගරනව.
මේක ගැන මට මේ වෙලාවෙ කියන්න පුලුවන් මෙච්චරයි. විචාර බුද්ධියයි ගූග්ල් පොඩ්ඩකුයි තියන අයට මතුපිටින් නොපෙනෙන කතා දැන ගන්න පුලුවන් වේවි.

3. ලොකු කම් වලට, පොර ටෝක් වලට, ජාන ගතව ඇති බය

අපේ මිනිස්සු ලොකු කම් වලට මාර ආසයි, ලොක්කොන්ට ඒ වගෙම බයයි. මම හෙන පොරක්, අරහෙමයි මෙහෙමයි කිව්වොත් අනික් අයත් නිකන් ම හිතන්නෙ “අම්මට සිරි මෙහෙම කෙනෙක් අපේ ලෙවල් එකට එන එක අපිටත් කොච්චර වාසනාවක් ද” කියල.
ඔය මහින්ද එක්ක එකට ෆොටෝ එකක් අරන් තියෙන එකෙක්ට ලංකාවෙ ගොඩක් උන්ට අර දෙකට නවල කරන වැඩේ උනත් කරල, පොලු තියල යන්න පුලුවන් ඒකයි. “මම අහවලා ගෙ සෙකට්‍රි” කියල අඩු ගානෙ අයිඩෙන්ටි එකක් වත් නැති උන් එක එකාගෙන් සල්ලි අරන් මාරු වෙන ඒව පත්තර වල දවස ගානෙ යන්නෙ ඒකයි. “මේ අද උදෙත් මහින්ද මහත්තය කෝල් කරා” වගෙ ටෝක් එකක් දෙකක් දුන්නම ඇති අපේ උන් හිතන්නෙ “හපෝ අයිඩෙන්ටි ඉල්ලන්න ගිහින් මේ වටින මනුස්සය තරහ උනොත්” කියල!

මේකත් හිතන්න.

මේ  සමහර හොරු ලොකු කරන්නෙ අපි මයි. ගොඩක් උන් බ්ලොග් පටන් ගන්නෙ බොහොම දෙකට නැවිල සාමදාන ඩයල් වගේ. පොඩි කෑල්ලක් දෙකක් දාපු ගමන් “මාරයි නෙ මල්ලි, ඔයා නම් පහල වෙලා තියෙන්නෙ ජාතියෙ පිනට” කියලා උඩ දාන්න ගත්තම මේ කොහෙන් හරි ඉන්ෆොමේෂන් ටිකක් අරන් පොඩි ලිපියක් දාපු එකාටත් හිතෙනව යකෝ ඇත්තටම මුන් අතරෙ මම මාර පොරක් නේද කියල. කපටියෙක් නම් “මුන්ව නියමෙට අන්දන්න පුලුවන්” කියල හිතෙනව, මෝඩයෙක් නම් “ඇත්තටම මම සිරා පොරක්” කියල හීන ලෝකෙකට යනව. කපටිකමයි මෝඩකමයි දෙකම තියෙන උන්ට ඔය ලක්ෂන දෙකම එනව.
අන්තිමට බලන කොට මේ වේලි වේලි හිටපු අහිංසක ඩයල් හිටි ගමන් සකලවිධ විද්‍යා වල කෙළ පැමිණි පොරවල් වෙලා! නිකන්ම දන්නව විතරකුත් නෙවෙයි CEO ල සැටලයිට් සයන්ටිස්ට් ල ගානට! එන්න එන්න රැස්පොට් වැඩි වෙලා, “මට කියල දෙන්න එන්න එපා” ගානට එනව!

මින් පසුවවත් කටෙන් ගිනි පිට කරන, වැලි මිරිකා වතුර ගන්න, බුදු රැස් විහිදෙන සුපිරි මිනිසුන් විශ්වාස කරන්නට කලියෙන් තම විචාර බුද්ධියෙන්, එළඹි සිහියෙන් සිතා බලන්න.

ප.ලි: දැන් ඊළඟට එන ප්‍රශ්නයක් තමයි; "ඇයි උඹ එහෙනම් විදුර වෙනුවෙන් පෙනී හිටියේ?" කියන එක. අපි ඒ සංවාදය දෙවැනි වටයට අරන් යමු.

15 comments:

Anonymous said...

අනේ බං, අමාරුවේ වැටෙනවා කියලා දැන දැන කසාද බඳින කොල්ලො ඉන්න රටේ දැන දැන ‍රැවටෙන එකත් මහ දෙයක්ද?www.amuthusithuwili.wordpress.com

Maathalan - Priyantha Hewage said...

මූ ඇත්තටම එළ බුවෙක්.. මේ වගේ උන් තමයි මේකට අවශ්‍ය වෙලා තියෙන්නේ.. දිගටම ලිව්වොත් නම් එළ..

Maathalan - Priyantha Hewage said...
This comment has been removed by the author.
arugeadaviya said...

මෙන්න මෙහෙම තමයි පොඩ්ඩක් හරි මොළය තියෙන අය වැඩ කරන්නේ. ගස් ගල් යට රන්ඩු කරන එක බලන්න කැතයි.

ගමන් මගේ මඟියා said...

මේ ලිපි ටික එකතු කරන්ඩ පුලුවන් පින්වතෙක් ඉන්නව නම් අර කලකට පෙර බ්ලොග් වලට ගයිඩ් එකක් හදන්න ආපු අදහස සපොල වෙයි.
මමත් වර්ගපළ ගාන දැක්ක.qsල දන්නෙ නෑ කියලත් තිබුන. . .

Anonymous said...

ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හුවමාරු කර ගත හැකි නුතන ජනසන්නිවේදනය .මේක නිසා සම්ප්‍රදායික මාධ්‍ය රාමුව තුල හිර උන අදහස් ගල යෑමේ අවහිරතා දුරු උනා.වැඩේ තියෙන්නේ මේක වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ භාවිතා නොකර අන්තර්ජාල ආචාරධර්ම වලට ගරු කරමින් පාවිච්චි කිරීමයි.උදාහරණයක් විදිහට කෙනෙකුට වෛද්‍ය විද්‍යාව ගැන ලිපියක් තමුන්ගේ බ්ලොග් අඩවියට ලියන්න උවමනා නම් ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් ගූගල් මාර්ගයෙන් මේ ගැන කරුණු හොයල ලිපියක් ලියන්න පුළුවන්.වැඩේ තියෙන්නේ එහෙම කලාම තමුන් කරුණු හොයා ගත්තු මූලාශ්‍ර තමුන්ගේ බ්ලොග් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස දක්වන එක තමයි පිළිවෙත.එහෙම නැතුව සාමන්‍යපෙලටවත් විද්‍යාව නොකරපු එකෙක් වෙදෙක් නැත්නම් ඩොකෙක් විදිහට ප්‍රොපයිල් එකක් අටෝගෙන තමුන්ගේ කරුණු වගේ මේවා ඉදිරිපත් කලාම සමන්තබද්‍ර හමුරුවොත් රහත් වෙලා කියල පිළිගන්න ලංකාවේ ජහමනය මෙව්වා ඉස් මුදුනින් පිලි අරගන්නවා.ඒ විතරක් නම් මදැයි අර හොර වෙද ප්‍රොෆයිල් කාරයව පිළිමයක් විදිහට වන්දනා කරන්නත් පටන් ගන්නව.මේක වෙදකම ගැන නෙමෙයි සූපවේදයේ සිට තාරකා විද්‍යාව දක්වා එසේමයි.ඉතින් බ්ලොග් කරන එව්වොත් පිළිගත් ආචාර ධර්ම අනුව කටයුතු කරනවා නම් බලන එව්වොත් සිහි බුද්ධියෙන් විමසල කියෝලා ලෙඩක් හැදුනම බ්ලොග් පොස්ට් එකකින් නෙමේ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ( මෙහෙදී වෙදකම ගැන සඳහන් කලේ උදාහරණයක් ලෙස පමණි.ගෙවල් හැදීම මුදල් ආයෝජනය කිරීම ආදී ඕනෑම කරුණකදී නොදන්නා ගොඩ වෙදුන් වෙත නොගොස් දන්නා වෘත්තිකයෙක් හමු වීම සෞක්‍යසම්පන්නය.බ්ලොග් පොස්ට් යනු අදහස් මිසක විශේෂඥ දැනුම නොවන බව සිහි තබා ගැනුමෙන් සියලු රෝග නිවාරණය වේ.)

Anonymous said...

දැන් උදහරනයක් විදිහට මෙන්න මේ කොමෙන්ට් එක ගන්න.
1 . සහන් කියන්නේ මොකක්ද?
2. කතුරු, ටේප්, ඉදිකටු, නූල් අරගෙන රෙදි පෙන්නනකන් බලන් ඉන්න බුද්දිමත් පාටකයො හිතන්නේ මොකක්ද?

සහන්ගේ හැකියාව තමා රෙදි දෙනකන් බලන් ඉන්න එවුන්ට රෙදි කඩේ නම් පමනක් කියා පැත්තකට වෙලා ඉන්න එක. පස්සේ ඇදගත්තු එකෙක් චුරු චුරු ගාන්න වුනොත් "ඈ මී හරකෝ ඒ කඩෙන් තෝ රෙදි ගත්තට මම පලිද. මම හාල් ගන්නේ ඊට ඉස්සරහ කඩේ අයිතිකාරයගේ නැන්දම්මගේ ඉස්සෙල්ලා කසාදේ මිනිහගෙ කඩෙන්" වගේ තගක් දාලා ඉතුරු වෙලා ඉන්න හුරේ දාන එවුන් ටික balance කරගන්නවා

සූස්ති ගුණේ said...

මං ඒත් බැලුව සෑර් පරක්කු මොකෑ කියලා.
කම්බ හොරුනේ සෑර් මේකේ බාගෙට බාගයක් ඉන්නෙ.

තිසර said...

වැරැද්ද, වැරැද්දක් විදිහට නොදැකීමේ චෝදනාවට උඹත් වැරදිකාරයෙක් කියලා මට හිතෙන්නේ... අපි ඊළඟ එකේම ඒ ගැන කතා කරමුකෝ...

Il mondo di una povera pazza said...

මේ ගැන දැන් ඕනෙවට වඩා අපි හැමදාකම කතා කරලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
එක එක කාලෙට මොකක් හරි අලුත් රැවටීමකට අහු වෙනවා. හැමදාම හොරු, වංචාකාරයෝ හිටියා. ඒව පස්සෙන් ගිහින් ඉල්ලලා කාගත්ත අය හිටියා. ඔය දැනටත් පේන්නේ නැද්ද රෙද්ද උස්සගෙන එන හැටි. මිනිසුන්ට විචාර බුද්ධිය කියලා එකක් ඇත්තෙන්ම නෑ වෙන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික තරහක් තිබ්බ පලියට, එහෙම නැත්නම් ඊරිශියාවට, එහෙම නැත්නම් තමන්ගේ බ්ලොගේ ඇවිත් කොමන්ට් කරනවට, නැත්නම් තමන් වගේම මොකක් හරි කුණුහරුපයක් ලියනවට පිල් බෙදාගන ඉන්න මිනිස්සු විතරයිද කොහෙද දැන් බ්ලොග් අවකාශේ කියවන්නෙ හා ලියන්නේ. මම නම් අදටත් විදුරට ගරු කරනවා නිහතමානී විදියට වරද පිළිඅරගෙන මහත්තයෙක් වගේ බ්ලොග් ලියපු මනුස්සයෙක් හින්දා.
පොරක් වෙන්න මෙච්චර දඟලන වෙලේ හැබෑටම පොරක් වෙන්න ඇඳුම් නැතිව පාරේ අර මෙහේ වගේ සීතලේ අලුත් අවුරුද්ද දවසේ ගඟට පැන්නා නම් හොඳයි කියලායි මට හිතුනේ... ;) :P

නිදහස් අදහස් said...

අපේ සමාජයේ ඉන්න ගොඩක් අය පොර ටෝක් දෙන්නෙ, එයාල කට්ට කාල ඉගෙන ගත්ත, මිනිස්සු එක්ක ගැටුන, සමාජ පන්නරය ලබපු අය කියල නෙ. කතාව ඇත්ත තමයි. ඒ අය කරන්නෙ බරපතල රස්සාවල්, හොදට ඉගෙන ගෙන තියෙනව. ඒ උනාට දෙයියනේ පුදුම විදිහට ඇද ගන්න හපන්නු.

ඉතින් අපිට ඈත ගූ ගොඩක් දැක්කම සුවදෙන් කියන්න පුලුවන්නෙ "ඔන්න ගූ ගොඩක්" කියලා. මෙයාලට මේක කිව්වම , ගූ ගොඩ ලගට ගිහින් ඉබල බලල, පොඩ්ඩක් ලෙව කාල බලල කියනව "පිස්සුද අනේ, මේ ගූ වෙන්නෙ කොහොමද කියලා" .

ඉතින් එයාලට ගූ රහ නම් බැදලා හරි ඩෙවල් කරල හරි කෑවට අපි නටන්නෙ මොකටද? ගූ කන එක බලාගෙන ඉන්න මිනිස්සුන්ට අප්පිරිය වුනාට , ලන්කාවේ නීතියට අනුව් ගූ කෑවයි කියල හිරේ යවන්නෙ නෑ නෙ නේද????

බු වා said...

අඹ ගහ යට හැර මෙය කියවිය හැකි අන් තැනක් වේද?

MPP Gunasinghe said...

ඔබ වැනිව සිතන අයගේ නිහඬ බව තා මිනිස්සු ඇඳගන්න වැටුනේ. නිහඬව සිටියා ඇති සහෘදය ! බ්ලොග් අවකාශයේ හෝ දිගටම ලියන්න

රසුදැල් said...

https://rasudal.blogspot.com


kalamediri@gmail.com

Buddhini Ruhunuhewa

මගේ බ්ලොග් එකත් ඔබේ සින්ඩියට ඇතුලත් කරලා දෙනවාද ,,,ස්තුතියි

රසුදැල්

Anonymous said...


සිංහල
බ්ලොග්
අවකාශයේ
ඇනෝනිමස්
ත්‍රස්තවාදයට
එරෙහි
වෙමු.

කොම්ප්ලේන් කරහන් UN එකට ජිනීවා වලට නැත්නම් ඇමරිකාවේ ටම්පච්චිට උන් මොනවා හරි කරන්න ඕනේ කියලා සලකා බලයි නැතිනම් ත්‍රස්තවාදය ඉවර කරලා එක මගේ ගේමක් කියලා කින් වෙන්න හදන උන්ට උන්ගේමට බැහැලා උඹේ ඉල්ලීම ඉටුකරයි එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග උඹට කියාදෙයි එව්ව් පිලිගෙන වැඩ කරපන් වස්තුවේ

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය