skip to main  |
skip to sidebar
          
        
          
        
"පිස්සු ලාබයි " 
 episode 6 : Facebook Marketing    (ගත්තේ මෙතනින්)
ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි , අවුල්වූ ලෝකෙක , නව වෙලඳ ප්රවණතා ගැන හදුන්වා දෙන , කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් .  අද අපි කතාකරන්නේ අලෙවිකරණය , අලෙවි
 ප්‍රවර්දනය ගැන . එහි නව ප්රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන 
ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත 
නැත්නම්  facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency  ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක් 
නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන
අලෙවි විශේෂඥ  
මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව  මිනිස්සු ..දැන් තේක බොන ගමන් ,  ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා ,   බයිබල් පාඨ , කුරාන් පාඨ  .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ  නිකන් හදලා  වගේ දාන්න   පුළුවන් .  මේ  ක්‍රමය යටතේ  sales agents ලා  ඕනේ නෑ . ඔබ පලවූ දෙයට  එකඟ වුනත්,  විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න                 
මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?
 දුක , ජාති ආලය, දේශ ප්‍රේමය , ආගම් , වගේ දේවල් තමයි වැඩිපුර
 පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය
ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් , පුංචි ළමයෙක් ගේ.  ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ ,                  බට  ටිකක් ඔබල නහයේ  .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට  ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු. 
තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක්  ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status  update  එකක් "ලොකු මාමා මළා , මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ  "සාතිශය සංවේගය  " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
 .එච්චරයි . 
ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා , අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක campaigns එහෙම 
මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු    ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද  , නංවමු දේශප්‍රේමය"  කියලා . අපි කෙටි  videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .          
තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා " දුටුවාද  අපේ හීන් බාප්පා , සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට  දුවන්න ඕනේ නෑ.  . දැම්ම status update එකක්  " අපේ ගෙදරට හොරු පැන්නා , එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන්  ඔබට  , ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව,    කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා , තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ  
දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න  දුෂ්ටයෙක්නැති වීම.  ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign  එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද ,  නේ යනවා මනුස්සයෝ යන්න .."  කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ
අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට          
බෙහෙවින්ම ස්තුතියි .  නැවතත් වාරයක හමුවෙමු , අවුල්වූ ලොවක , වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න "පිස්සු ලාබයි " සමගින් 
 
 
 
 
          
      
 
  
 
 
 
  
1 comment:
Maru athal eka appa. :D
Post a Comment