විවිධ

Powered by Blogger.

Sunday, October 14, 2012

ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!

W3 ලංකා කමෙන්ට් එකකින් උපුටා ගැනේ.

-----
මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.

දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය.

මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන බලන ලංකාවේ කොන්දක් නැති සෙවල මිනිස්සු මේකේ ඇද කුද අඩු පාඩු හොයල තවත් ටිකක් ආතල් ගනීවි.

යම් කිසි දවසක අපේ දරුවන්ට හරි නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබුනොත්, රටක අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ව ලජ්ජා නැතිව තනිකරලා දාල ගෙවල් වලට වෙලා නිවුස් වලින් විප්ලව කරපු අපි ගෙන ප්‍රශ්න කරනකොට, හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි.

ඔවුන් උතුරට ගියෝය - 
අපි උතුරේ නොවුයෙමු

ඔවුන් මාද්‍යවේදීන් කරා ගියෝය - 

අපි මාද්‍යවේදීන් නොවීමු

ඔවුන් පෞද්ගලික අංශයේ සේවකයන් කරා ගියෝය - අපි පෞද්ගලික අංශයේ සේවකයන් නොවීමු

ඔවුන් ධීවරයන් සොයා ගියෝය - 

අපි ධීවරයෝද නොවීමු

ඔවුන් ශිෂ්‍යන් සොයා ගියෝය - 

අපි ශිෂ්‍යයෝද නොවීමු

ඔවුන් ආචාර්යවරුන් කරා ගියෝය - 

අපි අචාරයවරුද නොවීමු

ඔවුන් විනිසුරන් කරා ගියෝය - 

අපි විනිසුරෝද නොවීමු

එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.
-----

පසුව එක් කිරීම:

ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!

4 comments:

මාතලන් said...

ඔයි හැම එකාම ගියේ උන්ගේ ගොඩ වැඩි කරගන්න තනියෙන් ආත්මාර්ථකාමි ගමනක්. ඇයි බැරි කස්ටියටම එකතුවෙලා යන්න. එහෙම යන්නේ නෑ. හැම එකාටම ඕන පොර වෙන්න. එහෙම උනාම ඕන එකෙක්ගේ කර අඹන්න දක්ෂ එකා ජයග්‍රහණය කරනවා. ඊසී ගේමක් එයාට තියෙන්නේ. අන්තීමෙදි නැට්ට පුකේ ගහගෙන. දෙන කුණු ගොඩක් කාලා. එකතැන 3 න් පාරක් කැරකිලා. වකුටුවෙලා නිදා ගන්නවා.

අපේ රටේ ණය බය ඩොලට් ට්‍රිලියනය පහු කරා..
කාටද ආඩම්බර.

Anonymous said...

අජිත් පැරකුම්ද ඔය බත් කන හරකා?

Anonymous said...

මේකත් W3 ලංකා කමෙන්ට් එකකින් උපුටා ගැනේ,(එකේ තවත් ඒවා තිබේ)

තමන්ගේ අර්ත්මර්තකමි ඉල්ලීම් ටිකකට පමණක් කේවල් කර පොදු අරමුණු බැසිල් ඉදිරියේ වශ්පකරහැරි FUTA වේ සටන උඩදාන්න යන මහතුනේ ඔයගොල්ලෝ නටනකොට මොනර නටනකොට වගේ බිජ්ජ පේනවා කියල තමයි කියන්න තියන්නේ.
ඔයගොල්ලෝ ඔය කියන 4000 වර්ජනේ කරනකොට එස් බි නම් කියුවේ "විනාඩි 10 යෙන් වැඩේ ක්‍රෂ් කරනව කියල. ඒකාලේ ඔහෙලව ආණ්ඩුව පඩේකටවත් ගණන් ගත්තේනැ. අඩුමගානේ බැසිල් සිරිමතා සකච්චවක්වත් ලබාදුන්නේ නැ. ඔයාල ගමක බලයක් වුනේ සමාජයේ අනෙකුත් ස්ථර සටනට දායක වූ නිසා. පවත්වපු එකම රැළියකටවත් පාගමනකටකත් ඔය 4000 න් 1000 වත් සහබාගි උනාද කියල හොදට හොයල බලන්න. එහෙම වුනාට මේ රටේ සාමාන්‍ය නිමිස්සු ෆුට එක වටේ එක්රොක් උනේ 6% ඉල්ලීම නිසා, එහෙම නැත්තම් ආණ්ඩුව තමන්ගේ දරුවාගේ අද්යපනෙට කෙලවනවා කියල කලින් දැනන් හිටපු නිසා, එක හරිගස්සන්න ඕනේ නිසා. මකරු මරන්න යමු කියුවේ ඔයාලා! රටේ පොඩි මිනිහ එහෙම කරන්න බැ නේද මහත්තයෝ කිවුවහම ඔයගොල්ලෝ තමයි කියුවේ අපි කියවපු පොත් වල වීරයා මකර මැරුවා අපිත් එක්ක යමු කියල. මකර මරන්න ගිය ඔහෙලා කඩුව පුකේ ගහගෙන එලියට අවහම අපිට අයිතියක් නැද්ද ඔහෙලගෙන් අහන්න මකර මැරුවද මකර ඇරියද කියල අහන්න. අපිට කියන්න තියෙන්නෙත් කොලේ මොකද්ද කියල හදවතට හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි, කියන එක තමයි

අපි උතුරට ගියෙමු - අපි උතුරේ නොවුමුත් උතුරේ උන් අපට සහය විය, අපි උතුරේ උන් නැවත රැවටුයෙමු
අපි මාද්‍යවේදීන් කරා ගියෙමු - අපි මාද්‍යවේදීන් නොවුමුත්උන් අපට සහය විය, උන් රවටන එක අපට සුළු වැඩක් විය
අපි පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෙමු - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවුමුත්උන් අපට සහය විය, දැන් උන්ට උන්ගේ වැඩක් බලාසිටිය හැක
අපි ධීවරයන් සොයාගියෙමු- අපි ධීවරයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ගේ ඇම උන්ටම ගිල්වුගෙමු.
අපි ශිෂ්‍යන් සොයාගියෙමු - අපි ශිෂ්‍යයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ව හැම දාම මෙන් මෙවරද කඩේ දක්කුවෙමු
අපි ආචාර්යවරුන් සොයාගියෙමු - අපි අචාරයවරුන්ද රැවටුයෙමු, ප්‍රදාන පෙලේ සමිති දෙකක පොරවල් උගුර කඩාගෙන බෙරිහඳුන් අතර අපි පුකෙනුත් සිනා සුනෙමු.
අපි විනිසුරන් කරා ගියෙමු - අපි විනිසුරෝ කෙසේ වෙතත් උන්ගේ සංගම් කිපයක්නම් රැවටුයෙමු.

එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. මලත් අපේ ගේම් වලට අනුන් කඩේ යැවීම අපිටනම් පිනකි. අනේ FUTA!

Anonymous said...

ඇයි යකෝ දැනටම සාමාන්‍ය රජයේ සේවකයෙක්ට වඩා හය හත් ගුණයක් පඩි ගන්න එවුන්ට මාස තුනක් වර්ජනය කරන්න බැරිකමක් තියෙනවද? සාමාන්‍ය රජයේ සේවකයෙක් වගේ පස් ගුණයක් ගන්නවනම් අඩුම ගාණෙ සාමාන්‍ය මිනිස්සු විදියට ඉහ ගහල ජීවත් වෙන්න පුඵවන්නම් මාස හතරක් පඩි නැතුව වර්ජනේ කරන්න බැරිය.
කොමන්ට් එක දාපු එකා හරකෙක්. අනෙක වරප්‍රසාදලාභී බලවත් උදවිය නිසා උන් දන්නව උන්ට කදුඵ ගෑස් ගහන්නෙ, පොලීසිය දාල පහර දෙන්නෙ, රස්සාවෙන් දොට්ට දාන්නෙ නෑ කියල. ඒ වගේම වෙන වර්ජකයයන්ට වගේ නෙවෙයි වැඩ වර්ජනය කරපු කාලෙට ගෙඩි පිටින් පඩි හබ්බවෙනව කියලත් දන්නව. ඉතින් බොලේ ණයක් වෙලා හරි අවුරුද්දක් හරි ඇදගෙන යන්න පුඵවන්නෙ.
ඇත්තටම කොන්දක් තිබුණනම් මේක ඉවරයක් වෙන්නම ඇදගෙන යන්න තිබුණ. නැත්තේ වුවමනාවකුයි. හේතුව මේක රට ගැන හිතල කරපු දෙයක් නෙවෙයි ආත්මාර්ථකාමීව තවත් වැඩි පඩි ඉල්ලන්න කරපු දෙයක් නිසයි. ඒ වැඩි පඩි හබ්බවෙන්නෙත් ජනතාව මිරිකල ගන්න සල්ලි වලින් කියන එකත් මුන් නොදන්නව නෙවෙයි. මුන්ට කොහොමත් හදවතක් නෑ.
අනෙක මහින්දව බලයට ගේන්න හෙණ අමාරුවක් තිබ්බෙ මුන්ට ඒ කාලෙ. ඉතින් ලැජ්ජාවකුත් ඇති රෙදි ඇඳන් මහින්දට විරුද්ධව දිගින් දිගටම යන්න. මොකද බුද්ධිමත්තුනම් දේශපාලකයන්ට කඩේ යන්නෙ නෑනෙ. විශේෂයෙන්ම අලුගෝසු දේශපාලකයන්ට. එහෙම වෙන්න හදවතක් නැති වෙන්නම ඕනි. හෘද සාක්ෂියක් නැති වෙන්නම ඕනි.
මාලන් ඇවිල්ල දැන් පිදුරු ගහෙත් එල්ලෙන මට්ටමකට වැටිල වගේ.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය