විවිධ

Powered by Blogger.

Tuesday, February 14, 2012

අපි නොදන්න වැලන්ටයින්


වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව්  ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන  විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද නත. ඇයට ගබ්සාවක් කලේද නැත. නමුත් අද වනවිට සාලිය වෙස් ගත් අමනයන් ඕනෑ තරම් ඇත. බහුතරයක් අශෝකමාලාවන් බඩ වෙති. ඒ වනවිට අම්මා අප්පා කියපුවා ගඟට කැපූ ඉනි වී හමාරය. ඒ බඩට ආ දියසේනලා හොර පාරෙම පරලොව යවන්නට ඇති තරම් කලු සුද්දලාගේ ගුබ්බෑයම් පඳුරක් පඳුරක් ගානේ ඇත. අද වන විට සාලියට අශෝකමාලාට පෙම් කරන්නට තැනක් ඕනෙම නැත. රුපියල් සීයට ගුබ්බෑයම් සපයන්නට සැදී පැහැදී බලා සිටින අය ඔනෑ තරම්ය. 14 දාට ඔය ගුබ්බෑයම් පිරී ඉතිරී යනු නිසැකය. මන්ද මේ බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කාදීපය හෙයිනි. රජය ගබ්සාව නීති ගත කිරීමට යයි. ඇමතිලට ඇමති පුතාලට පට්ට ආතල් එතකොට ගත හැකිය.එවිට වරද බඩ වූ එකීගෙය. ගබ්සාව නීති ගත වුවහොත් අශෝකමාලලාට බඩුම තමාය. මෙය අහෝ ඛේදයකි, ඉරකි තිතකි.

4 comments:

Anonymous said...

තනිකඩ අම්මල දිහා අපුලෙන් බලන සමාජේ ..ඒ අම්මගේ දරුවා අවජාතකයෙක් කියල හංවඩු ගහන සමාජේ ගබ්සාව නීතිගත කලත් නොකලත් අශෝකමාලට දෙය්යන්ගේම පිහිටයි .

Anonymous said...

කාමය යනු ආදරයේ පැතිකඩක් නොව. ආදරයේ එකම පරමාර්ථයයි. ආදරය යනු කාමය සංස්කෘතික වී ඇති අයුරු මිස වෙනකක් නොවේ. මෙහිදී ආදරය වශයෙන් සලකා ඇත්තේ ලිංගිකත්වය අරමුණු වූ ආදරය මිස එසේ නොවන වෙනත් සම්බන්ධ අරභයා වන ආදරය නොවේ. ඒ අිදරය වැලන්ටයින්ට සම්බන්ධ නැත.

ගබිසාව නීතිගත වුවහොත් ඇමති පුතුන්ට පමණක් නොව එසේ නොවන සොඳුරු හෝ වියරු සියළු මිනිසුන්ට පට්ට ආතල් ගත හැකිය.

සිහින ලොවින් මිදෙන තෙක් එදත් අදත් අශෝකමාලලාට නම් පැකට් වූයෙ බඩුමය _ .

charmi said...

ගබ්සාව යම් සීමාවන්ට යටත්ව නීතිගත විය යුතුයි පොඩ්ඩො. ඒක අපේ සාරදර්ම වලට ගැලපුනත් නැතත් දැන් කරන්ඩ දෙයක් නෑ. ලංකාවෙ දවසකට නීතිවිරෝධී ගබ්සා කොච්චර වෙනවද කියල දන්නවද? මේවා කොච්චර අනතුරුදායකද? ගිය සතියෙත් මම ගියා එහෙම මියගිය සොයුරියකගෙ මළ ගෙදර. මිනිත්තු කිහිපයකට තුල ගත්තු අනුවන තීරණයක් නිසා නැතිවුන වටින ජීවිතයක්.

Buru Babe said...

මාත් ගබ්සාව නීතිගත කරනවට එකඟයි. ඔය ඇමතිගේ පුතාගේ පතත්වෙට වඩා බලවත් ප්‍රශ්න ඔය හා සම්බන්දව ලෝකේ හැමතැනම තියෙනවා.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය