ලංකාවේ අපි ඈස්චර්යයන් විශ්වාස කිරීමේ කැමැත්තෝ වෙමු!
රැස් විහිදෙන බුදු පිළිම, බෝරුකෙන් මතුවෙන බුදු රූ, කෙම්මුර දිනයක ප්‍රාදූර්භූත වන කතරගම දෙවියෝ, කිරිබොන ගණදෙවි රූප ආදිය තැනින් තැන මතුවෙද්දි උපාසකම්මලා, උපාසක තාත්තලා වට්ටි පෙට්ටි කරේ තබාගෙන තම දුක කියාගෙන නොදන්නා ඈස්චර්යක් සොයා මේ ගස් ගල් සරණ යති.
අප නොදන්නා නොතේරෙන අත්භූත කුහුල දනවන දේ කරනා සහ කියන්නා වුන් අපේ විරුවන් වේ. උගතුන් බුද්ධිමතුන් විද්‍යාත්මකව කෙතරම් දේ කිවත්, සාක්ශි සහිතව ඔප්පු කර පෙන්නූවත් අපේ ජානගතව ඇති කුහුල අප මිථ්‍යාදෘශ්ටියේ ගිල්වයි. රාවණා, ෆෙන්ග්ශුයි, කේන්දර, නාත දෙවියෝ, දේවියන් සමඟ කතා කරන මිනිස්සු, අහසින් යන බබායිගා යකින්න අපි විශ්වාස කරන්නේ වන්දනා මාන කරන්නේ අති මහත් භක්තියෙනි. ඒ නිසාම අපි සුපිරි මිනිසුන්ගේ පස්සෙන් යාමට ඔවුන්ගේ අනුගාමිකයන් වීමට කැමැත්තෝ වෙමු [විජේවීර දෙවරක්, ප්‍රභාකරන් එක්වරක් මේ ගුණාංගය තම ප්‍රයෝජනයට ගත්හ. මහින්ද මාමි සියදහස් වාරයක් මේ උපක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කරමින් සිටියි].
ලාංකික ටෙලිවිශනය මංජුල පිරීස්, ආසිරි වනිගරත්න, චන්ද්‍රසිරි
බණ්ඩාර වැනි සමාන්‍ය මිනිසුන්ට නොතේරෙන අත්භූත දේ කරන "බොරුකාරයන්ගෙන්" පිරී ඇත්තේද අපේ මේ ජානගත දුර්වලතාවය නිසාය. ඔවුන් වන්දනා මාන කරනා ඔවුන් පසුපස යන පිරිස් බොහෝය. ස්වභාවයෙන්ම කම්මැලි
ජාතියක් වන අප වෙහෙස මහන්සි වී ජිවිතය දියුණු කරගන්නවාට වඩා සාර්තකත්වයට
ශෝර්ට් කට් සේවීම බොහෝ පහසු වීමද මෙයට එක හේතුවකි. කිසිදු ගහක් ගලක් නොවදිනා ලෝකයේ රටවල්
දියුණුවේ හිණිපෙත්තටම නැඟ ඇත්තේ උපරිම මහන්සියෙන් වැඩ කිරීමෙන් බව ලාංකිකයා
නොදනී [හෝ දන්නා වුවත් කම්මැලි කම නිසා නොදන්නා මෙන් හිදී].
අර වරක් කතන්දර සූරීන් කිවාක් මෙන් සිංහල බ්ලොග් අවකාශය යනුද අප ලාංකික සමාජයේ හරස් කඩකි [චාමි සෑමා වරක් කීවාක් මෙන් මෙය පෙර විකෘතිමය හරස් කඩක් වූවත් දැන් ඇත්තේ නියම හරස් කඩකි]. එසේනම් සිංහල බ්ලොග් අවකාශය තුළද රවටන්නෝ සහ රැවටෙන්නෝ බොහෝය.
න්‍යාෂ්ටික විද්‍යාඥඥයෙකුගේ චරිතය සිංහල බ්ලොග් අවකාශය තුළ රඟ දැක්වූ විදුර නම් "රස්තියාදුකාර දේශාඨකයා" වරක් චතූෂ තුෂර කුමාරයන්ට රාවණා ගුහාවක් ගැන කියා ලස්සන මල් මල් ගවුමක් අන්දවා ඔළුවේ මලක්ද ගැසීය. තව ඩිංගෙන් මාරතෙමේ රාවණා අදුන සොයා යනවා සත්තය. ටිකක් හිනාවෙන ගොඩක් අන්දන අභීත තෙමේ අප සිංහ ඉන්දික උපශාන්ත තෙමේ හට කොට කලිසමක් අන්දවා, පියරු දමා, මල් ලෙන්සුවක් ශර්ට් එකේ ගැසුවේය. මින් පෙර පිළිකාවක් වැළදී සිටි නංගිලා බලා ගත් දිල් අක්කලාත්, දෝරේ ගලනා ස්නේහයෙන් කවි ලියා නංගිලාට හෝටල් කාමරවල මල් පැලඳු අයියලාත් සිටියා මතකයේ තිබේ.
මේ හැමදෙයක් අවසානයේ අපට ඉතිරිවන්නේ මෙවන් පැනයකි.
"අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?"
එයට "විනිවිද" බ්ලොග් අඩවියේ කතුතුමා මෙසේ පිළිතුරු සොයන්නට උත්සාහ ගනි.
"විනිවිද" බ්ලොග් අඩවියෙන් උපුටා පළ කෙරේ.
"අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?"
මේක මට සහන් ගැන විතරක් එන ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් අන්දන්න පුලුවන්?
1. මගෙ හිතේ විචාර බුද්ධිය කියන එක බල්ලට ගිහින්.
උදාහරණයක් හැටියට සහන් කරපු බිල්ඩිං කොස්ට් එස්ටිමේෂන් එක අරන් බලමු.
සහන් මුලින් ම පටන් ගන්නෙ වර්ග අඩියක වියදම හොයන්නෙ වර්ග අඩියක් පොලවයි,
වටේ හතර පැත්තෙන් බිත්තියි කියලා.
ඊට පස්සෙ මහා ලොකු ගානක් වගේ හදල පෙන්නනව වර්ගඵලේ ලොකු වෙන්න ලොකු වෙන්න ඒකක වර්ග අඩියක කොස්ට් එක අඩු වෙනව කියලා.
මෙතන මහ ලොකු දෙයක් තියෙද? අර මුලින් ගත්ත A කියන එක වගේ හතර ගුනයක්
වියදම් වෙන්න නම් හැදෙන්න ඕන පහළ තියන B වගේ එකක් නෙවෙයි A වගේ හතරක් තියන C
වගේ එකක්, ඊට වඩා බිත්ති අඩු නිසා B හදන්න යන්න ඕන අඩු වියදමක් කියන්න මහා
මොළයක් ඕනෙ ද?
මේක පහේ පන්තියෙ පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් නෙ? මට හිතෙන්නෙ ඔය වගේ දෙවල් ශිෂ්‍යත්වෙටත් ආවා!
දැන් සහන් මේක ආලවට්ටම් දාල ගනන් හදල පෙන්නනව, A හදන්න ගියා වගේ හතර
ගුණයක් යන්නෙ නැහැ කියල B හදන්න. අපේ අයත් “සරලව කියා දුන්න, නියමෙට
තේරුණා” කියනව! සමහරු සහන් ෂර්ලොක් හෝම්ස් ටත් සමාන කරනව, මිනිසුන්ට
නොතේරෙන දෙයක් සරළව කියල දුන්නම මිනිස්සුම කියනව කියල “ඕක මහ ලොකු දෙයක්
නෙවෙයි නෙ” කියල!!!!
ඕයි ඕක මහ ලොකු දෙයක් නෙවෙයි තමයි කොහොමත්, තමුසෙලාට සහන් කියල දෙනකන් නොතේරුනාට. මම කියන එක සැක නම් ගිහින් මේසන් බාස් කෙනෙක් ගෙන් අහල බලනව,
A/B දෙක පෙන්නලා A වගෙ හතරක් යනවද B හදන්න කියලා, CEO ල ඕනෙ නෑ. හිනාවෙලා
කියල දේවි “මහත්තය එහෙම ගනන් හදන්න බෑනෙ, බිත්ති වල වියදම දෙගුණයයි පොලව
හතර ගුණයයි” කියල.
සහන් පෙන්නන්නෙ නම් මේව QS ල දන්නෙ නෑ, එයාලට B හදන්න කිව්වොත්
එයාල කරන්නෙ A අරන් හතරෙන් වැඩි කරන එක වගේ. ඒ මිනිස්සු සහන් විතර මෝඩ නෑ,
ඒක පරණ, තෙම්පරාදු උනු ෆීල්ඩ් එකක්. සහන් හිතන විදියට නෙවෙයි ඒ මිනිස්සු
බිල්ඩිං ගානක අත්දැකීම් වලින් එන සාමාන්‍ය අගයක් ගන්නෙ දළ ඇස්තමේන්තුවකදි.
පොඩි දෙයක් මොළේට කල්පනා වුනහම,
“අම්මට සිරි මේක මාර සිරා, මට කලින් මේක කාටවත් කල්පනා වෙලා නැතිව ඇති”
කියල හිතන්නෙ ලිඳේ ඉන්න ගෙම්බො වගේ මෝඩයො. එහෙම උන් තමයි ඔය අවුරුද්දකට
පාරක් විතර පත්තරේ යන්නෙ වතුරෙන් දුවන කාර්, ඉබේ දුවන මැෂින් හදන හැටි හොයා
ගත්ත කියල. සති දෙකෙන් කාර් එකත් මිසිං, මිනිහත් මිසිං.
විචාර බුද්ධියෙන් හිතන්න. අන්තිම සරළ දේවල් මහා ලොකු රහස් වගේ කෙනෙක් කියන කොට ඇත්තටම ඒව මහ ලොකු දේවල් කියල නොගෙන හිතන්න මේක
ඇත්තටම
මහ ලොකු දෙයක් ද එහෙම නැත්නම් නැති ආලවට්ටං දාල කියන කතන්දරයක් ද කියලා.
මිනිහෙක් “මේක තේරෙන්නෙ CEO ලට විතරයි” කියලා 2+2=4 කිව්වහම නිකන් මී හරක්
වගේ ඇඳ ගන්න එපා “අම්මට හුඩු හතරයි නේන්නම්, මේක සරළව කියල දුන්නට
ස්තුතියි” කියල. දෙකයි දෙකයි හතරයි කියන එක පොඩි උනුත් දන්නව ඇත්තටම ඔයාලත්
දන්නව අර “CEO” ගෙ ටෝක් එකට ඔයාල ඇඳ ගත්තට.
මේ කියවන කී දෙනෙක්ට පුලුවන් ද පූර්ණ
වර්ගයක් නොවෙන ධන පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලෙ දශමස්ථාන දෙකකට හොයන්න? මගෙ
හිතේ ගොඩක් දෙනෙක්ට බැරුව ඇති. (සමහරුන්ට මොකක්ද කිව්වෙ කියල වත් නොතේරෙන්න
ඇති.)
දැන් කෙනෙක් එනව අවුරුදු විස්සක විතර, හොයල පෙන්නනව. ඔයාල හිතන්නෙ “ශහ්! මෙයා නම් මාර ම මැත්ස් එක්ස්පර්ට් කෙනෙක්” කියලා.
එයා එහෙම එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ නෑ.
ඒ ට්‍රික් එක ගනන් වලට උගන්නන්නෙ ඕ ලෙවල් පන්තියෙදි. ඒ අවුරුදු විසි ගානෙ
පොර පෙන්නුවෙ අවුරුදු දාසයේ ලමයෙක් දැනගන්න ඕන කියල සම්මත දෙයක්.
ඔබට ඒක අමතක වූ පලියට ඒක මහා මැජික් එකක් වෙන්නෙ නෑ. ඒක ඕ ලෙවල් කතාවක්. නිකන් ඇඳ ගන්න එපා.
2. අනුකම්පාව
කොලඹ හිඟන්නො පාලනේ වෙන්නෙ සින්ඩිකේට් වලින්. “ඉන්කෝපරේටඩ්” නැති “ෆ්රී
ලාන්ස්” හිඟන්නො ඉන්නෙ බොහොම ටික දෙනයි. හිඟන්නෙක් බොහෝ විට මාසෙට සාමාන්‍ය
ලිපිකරුවෙක් ගේ පඩියට වැඩි ගානක් හොයන බවත් ප්‍රසිද්ධ රහසක්.
ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි?
බොරු බටයක් සරම අස්සෙ ගහන්, බෑග් එකක් එල්ල ගත්තු ගමන් අපිට උනු වෙන
නිසා, “මේ යකා හොරෙක් වෙන්න පුලුවන් ද” කියන එක ඕවර්රයිඩ් වෙලා, “පව් නෙ
වැරදිලාවත් ඇත්ත උනොත්”
කියන එක උඩට එන නිසා. එතනින් එහාට තනියම උනත් “දෙන්න නරකයි හොරෙක්” කියල
හිතන්න අපිට මහා වරදකාරී හැඟීමක් එන්නෙ. ඉතින් ඇත්ත ලෙඩ්ඩු 1% කුයි, හොරු
99% කුයි අපෙන් ලෝස් නැතුව ගරනව.
මේක ගැන මට මේ වෙලාවෙ කියන්න පුලුවන් මෙච්චරයි. විචාර බුද්ධියයි ගූග්ල්
පොඩ්ඩකුයි තියන අයට මතුපිටින් නොපෙනෙන කතා දැන ගන්න පුලුවන් වේවි.
3. ලොකු කම් වලට, පොර ටෝක් වලට, ජාන ගතව ඇති බය
අපේ මිනිස්සු ලොකු කම් වලට මාර ආසයි, ලොක්කොන්ට ඒ වගෙම බයයි. මම හෙන
පොරක්, අරහෙමයි මෙහෙමයි කිව්වොත් අනික් අයත් නිකන් ම හිතන්නෙ “අම්මට සිරි
මෙහෙම කෙනෙක් අපේ ලෙවල් එකට එන එක අපිටත් කොච්චර වාසනාවක් ද” කියල.
ඔය මහින්ද එක්ක එකට ෆොටෝ එකක් අරන් තියෙන එකෙක්ට ලංකාවෙ ගොඩක් උන්ට අර
දෙකට නවල කරන වැඩේ උනත් කරල, පොලු තියල යන්න පුලුවන් ඒකයි. “මම අහවලා ගෙ
සෙකට්‍රි” කියල අඩු ගානෙ අයිඩෙන්ටි එකක් වත් නැති උන් එක එකාගෙන් සල්ලි
අරන් මාරු වෙන ඒව පත්තර වල දවස ගානෙ යන්නෙ ඒකයි. “මේ අද උදෙත් මහින්ද
මහත්තය කෝල් කරා” වගෙ ටෝක් එකක් දෙකක් දුන්නම ඇති අපේ උන් හිතන්නෙ “හපෝ
අයිඩෙන්ටි ඉල්ලන්න ගිහින් මේ වටින මනුස්සය තරහ උනොත්” කියල!
මේකත් හිතන්න.
මේ සමහර හොරු ලොකු කරන්නෙ අපි මයි. ගොඩක් උන් බ්ලොග් පටන් ගන්නෙ බොහොම
දෙකට නැවිල සාමදාන ඩයල් වගේ. පොඩි කෑල්ලක් දෙකක් දාපු ගමන් “මාරයි නෙ
මල්ලි, ඔයා නම් පහල වෙලා තියෙන්නෙ ජාතියෙ පිනට” කියලා උඩ දාන්න ගත්තම මේ
කොහෙන් හරි ඉන්ෆොමේෂන් ටිකක් අරන් පොඩි ලිපියක් දාපු එකාටත් හිතෙනව යකෝ
ඇත්තටම මුන් අතරෙ මම මාර පොරක් නේද කියල. කපටියෙක් නම් “මුන්ව නියමෙට
අන්දන්න පුලුවන්” කියල හිතෙනව, මෝඩයෙක් නම් “ඇත්තටම මම සිරා පොරක්” කියල
හීන ලෝකෙකට යනව. කපටිකමයි මෝඩකමයි දෙකම තියෙන උන්ට ඔය ලක්ෂන දෙකම එනව.
අන්තිමට බලන කොට මේ වේලි වේලි හිටපු අහිංසක ඩයල් හිටි ගමන් සකලවිධ
විද්‍යා වල කෙළ පැමිණි පොරවල් වෙලා! නිකන්ම දන්නව විතරකුත් නෙවෙයි CEO ල
සැටලයිට් සයන්ටිස්ට් ල ගානට! එන්න එන්න රැස්පොට් වැඩි වෙලා, “මට කියල දෙන්න
එන්න එපා” ගානට එනව!
මින් පසුවවත් කටෙන්
ගිනි පිට කරන, වැලි මිරිකා වතුර ගන්න, බුදු රැස් විහිදෙන සුපිරි මිනිසුන්
විශ්වාස කරන්නට කලියෙන් තම විචාර බුද්ධියෙන්, එළඹි සිහියෙන් සිතා බලන්න.
ප.ලි: දැන් ඊළඟට එන ප්‍රශ්නයක් තමයි;
"ඇයි උඹ එහෙනම් විදුර වෙනුවෙන් පෙනී හිටියේ?" කියන එක. අපි ඒ සංවාදය දෙවැනි වටයට අරන් යමු.