විවිධ

Powered by Blogger.

Saturday, January 8, 2011

මගේ වාරය එන තූරා


උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින් 
දුවන යකඩ ගොඩට වඩා 
මගේ මල්ලියා 
කොච්චර බරද......

මහ පාරෙ මේකව 
වඩන් 
තැනින් තැනට 
අත පපා යන කොට 
"අනේ පව් අසරණී"
එකෙකුගෙ 
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල 
 ගැටගහගත්තට 
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ 
අරන් දෙන්න 
මට සල්ලි නෑ 
ඒ අසරණය ඒව දැකල 
නැති නිසා ඉල්ලලා 
වද දෙන්නෙත් නෑ 

යන්තම් මාසයක් දෙකක් 
අම්මගෙ දෙතනෙන් 
කිරි බීපු ඒකට 
අධිපෝසනේද 
මන්දපෝසනේද 
මම දන් නෑ 

මේ පීලි මත දුවන 
යකඩ ගොඩේ උදව්වෙන් 
පීලි මතම මියැදෙන 
දහසක් උන් අතර 
මමද මගේ වාරය 
එන තූරා 
බලා සිටින්නෙමි 
දෑස් අයා

ඒත් උඹවත් අරන් 
යන්නේ කෝම......?

3 comments:

charmi said...

නියමයි සහෝ....
ඒක හොඳට දැනෙනවා..

Anonymous said...

මරැ බං.

ayesha said...

අපූරැයි යාළු

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය